අයියේ, උඹලා දෙන්න පට්ට

EVALUTION

Active member
  • Oct 11, 2014
    245
    82
    28
    Colombo, Sri Lanka
    අයියේ, උඹලා දෙන්න පට්ට

    32263327_10209366240428117_1653427439612723200_o.jpg


    මාර්ග අංක 34
    කුරුණෑගල - මීගමුව
    නගරාන්තර සීඝ්‍රගාමී සුඛෝපභෝගී අංක 63-1841 බස් රථයට මං නැග්ගේ ඉක්මනින් එන්න බස් එක සිංගක්කුලියේ නතර කරලා බස් එකේ රියදුරු මහතා කියනවා " ඔය අම්මාව න්ගග ගන්න කියලා" පාර අයිනේ පට්ට අව්වෙ ඉහින් කණින් දාඩිය දාගෙන ඉන්න මේ අම්මව නග්ගා ගත්තා,ඇතුලේ සීතල වුනාට එලියේ පට්ට රස්නෙයි. සිංගක්කුලියයි දංකොටුවයි කියන්නේ හොල්ට් තුනක විතර දුර මං හිතුවේ ඒ අම්මා මීගමුවට යයි කියලා,ඒ අම්මා දංකොටුවෙන් බැස්සා . ඉහින් කනින් දාඩිය දාගෙන හිටපු ඒ අම්මා සල්ල දෙන්න කලින් කොන්දොස්තර මහතා සල්ලි එපා කිව්වා.ඒ අම්මත් බලනවා මොකද මේ කියලා.කොන්දොස්තර මහතා "කමක් නෑ අම්මා තියා ගන්න " කිව්වා..
    රුපියලට දෙකට මරාගන්න කාලේ
    අයියේ උඹලා දෙන්න පට්ට.

    ඒ අම්මව බැස්සුවෙත් හොල්ට් එකක නෙමෙයි.

    ඒ අම්ම කියනවා ඇහුනා බහින ගමන්
    අනේ පිං පුතේ කියලා.....

    .......!!!!!

    #63-1841
    #කුරුණෑගල - #මීගමුව #A/C