අය වැය Budget 2015

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    nb_lka erosan ගේ fake එක

    මේ මේ මගෙ ඇති ෆේක් එකක් නැ කියනව නම් කියන්නෙ මේකෙන් තමා, මේකෙ ඉන්න මොන බුරුවට බයේද මම ෆේක් බස්සන්නෙ ලොල් තමා.:P
     
    • Like
    Reactions: cybernalin

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    nb_lka erosan ගේ fake එක

    මේ මේ මගෙ ඇති ෆේක් එකක් නැ කියනව නම් කියන්නෙ මේකෙන් තමා, මේකෙ ඉන්න මොන බුරුවට බයේද මම ෆේක් බස්සන්නෙ ලොල් තමා.:P

    අය වැය පිලිබදව ඔබතුමාගේ අදහස් මොනවද?
    :confused: :confused:
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    වරායවල්, පාරවල් හද හද යටිතල පහසුකම් සංවර්දනය කරනව කියල කියන්නෙ චීනෙන් වෙන කිසිම දේකට ණය දෙන්නෙ නැති නිසා.මොකද උන් අපිට නිෂ්පාදන වලට ණය දුන්නොත් උන්ගෙ ආදායම් අඩු වෙනව.මේ ආණ්ඩුව ආරම්භ කරපු එක නිෂ්පාදන කර්මාන්තශාලාවක් කියහන් පුලුවන්නම්.අඩුමගානෙ ආයකටු ෆැක්ට්‍රියක්??? පොඩි එකෙක්ට සෙල්ලම් බඩුවක්වත් හදල තියනවද?.අනිත් එක ඔය වරායවල්, හයිවේ, airport වල opening ceremonies වලට වියදම් කරපු සල්ලි වලින් තව මොකක්හරි ඔයවගේ ලබ්බක් හදන්න තිබ්බ.මහින්දගෙ හොඳ තියනව තමයි හැබැයි කියන හැම එකටම උම්බෑ උම්බෑ ගාන තොපි වගේ එල හරක් හින්ද තමයි කවදහරි මහින්දටත් කෙල වෙන්නෙ..:dull:


    සොන්න බලකායේ එකෙකුත් ඇවිල්ල නෙහ්

    කම්පියුටර් එකේ ලෙඩක්ද මන්ද ඕයි , ක්වෝට් කරද්දි පෙන්නන්නෙ අමුතුම භාශාවක්.:rolleyes:


    මුන් එක්ක කතාකරල වැඩක් නෑ.
    එක්කො මුන් රෙද්ද උස්සල දෙන උන්, එක්කො උපන් ගෙයි ගොන් හරක්... ඔය දීල තියන උහ්තර බලහන්කො. ඇඩෙනව හුට්ටො... ඈස්චර්ය ඉතාම ලගයි වගේ . මෙ වගෙ දේශප්‍රේමී කුක්කු පැටවු තව කොච්චර ඇත්ද..

    ඔය පොරට කියල වැඩක් නැ මචංලා. මම මුලින් හිතුවේ මොලයක් තියන එකෙක් කියලා. ඒකයි කරුණු කියලා පැහැදිලි කරලා දෙන්න හැදුවේ. බලනකොට පොර මැනුවල් එකෙන් පිට මොකුත් හිතන්න, දකින්න කැමති නැති පොරක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අය වැය පිලිබදව ඔබතුමාගේ අදහස් මොනවද?
    :confused: :confused:
    අයවැයෙන් දුන්නෙ මොනවද කියලවත් මම තාම දන්නෙ නැ හොයල බලල කියන්නම් :yes:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කම්පියුටර් එකේ ලෙඩක්ද මන්ද ඕයි , ක්වෝට් කරද්දි පෙන්නන්නෙ අමුතුම භාශාවක්.:rolleyes:


    දිස් කමෙන්ට් මේඩ් මයි ඩෙ :lol::lol::lol:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවන බව මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයා කියයි.

    මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසුවේ මෙම අයවැය යෝජනාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවත් මේ නිසා අනිවාර්යෙන්ම මෝටර් රථවල හා වෑන් රථවල මිල අඩුවන බවයි.

    “මෝටර් රථ හා වෑන් රථ ආනයනයේදී තිබූ බදු සියල්ල එකතු කර විශේෂ බද්දක් මෙවර අයවැය මගින් හඳුන්වා දී තිබෙනවා. මේ නිසා, මෙම වාහනවල මිල අනිවාර්යෙන්ම අඩුවෙනවා.“

    යනුවෙන් ආටිගල මහතා කීය.

    මෙම නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර තිබේ.

    මේ අනුව, කුඩා මෝටර් රථවල ආනයන බදු සියයට 29 කින් පමණ පහළ යනු ඇත.

    වෑන් රථ ගත්විට භාණ්ඩ ප්‍රවාහනය කරන වෑන් රථවල සියයට 175 කට තිබූ බද්ද සියයට 100 ක් දක්වාත් ආසන 13-20 ත් අතර තිබෙන වෑන් රථවල ආනයන බදු සියයට 126 ක සිට සියයට 100 ක් දක්වාත් අඩුකර ඇත.
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    විපක්ෂයේ ගොන් හැත්ත හිතනව ඇති මිනිස්සු හැමදාම ගොනාසේ උන් කියන ඒවා අහගෙන ඉන්නව කියලා හැමදාම චන්දෙදි කියනවා අපි මේ ආණ්ඩුව පෙරලන්න ඇරෙහේදී වෙඩි මුරය තියෙනවා මෙහෙ දිනනවා මේවා මිනිස්සු ඉස්සරහ පොයියවල් විතරයි මිනිස්සු තුක්නොදකින් කියලා විපක්ෂේ උන්ව පැත්තකට දාල තියෙනවා
    රට ගැන උන්ට කැක්කුමක් නෑ උන්ට ඕනා මැරෙන්න කලින් රටට කෙලවල හරි බලේ අරගෙන මඩිය තදකරගන්න

    හා හා මචං ඇයි මේ තරහ ගිහින්...උබ දෙන එකෙක්ට චන්දෙ දීපන්..අපි එපා කියන්නෙ නෑ..ඒ වගේ අනිත් එව්නුත් උන්ට කැමති අයට චන්දෙ දේවි..උබ කොච්චර කිව්වත් වැඩක් නෑ බං..මහින්දට එව්න් මහින්දට දේවි.අනිත් එව්න්ට දෙන්න කැමති උන් අනිත් එව්න්ට දේවි..හැබැයි එතකොට එහෙම එව්න්ට උබ කියන්න එපා කුමන්ත්‍රන කරනව කියලා..
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රට සංවර්ධනය කරන්න තමයි චීනෙන් විතරක් නෙවෙයි අනිත් රටවලිනුත් ණය ගන්නේ usa උන්ට වඩා චිනේ හොදයි නම් චීනෙන් ගන්නවා මොකද ලෝකේ බලවත්ම ආර්ථිකයක් තමයි චිනේ තියෙන්නේ අඩු පොලියට ණය සහනදායි විදියට ගෙවන්න ගන්න එක වැරදිද එවලින් කන එක නෙවෙයි කරන්නේ කන්න අවශ්‍ය දේවල් සදහා යටිතල පහසුකම් සංවර්ධනය කරනවා ඒ ඔස්සේ රටේ නිෂ්පාදන අංශ වැඩි දියුණු කරනවා දිවි නැගුම ගම නැගුම ඒවලට උදාහරණ

    ජනාධිපතිතුමා ගෙනියන වැඩ පිළිවෙල රටට හිතකර රටේ අනාගතයට සුබදායි ක්‍රියා පිළිවෙලක් නිසා තමයි සන්දෙනේ සියලු දෙනාම එකතුවෙලා මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න එතුමාව තවත් නායකත්වයට සුදුසුයි කියල ව්‍යවස්ථා සංශෝධනය කරලා එකට චන්දෙ දීලා සම්මත කරගත්තේ ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අධිකරණයට යන්න පුළුවන් අධිකරණෙ තීන්දුව අනුව අපි හැම විටම කටයුතු කරනවා

    ඔයා කියන බටහිර රටවල් වල තමයි කොටින්ට එදා ඉදලම උදව් කලේ විවෘතව වගේම රහසිනුත් එහෙවු අය එක්ක වගේම අනිත් අය එක්කත් කොහොමද සම්බන්ධතා තියාගන්න ඕන කියලා අපි දන්නවා

    කිසිම රුකඩ අගමැති කෙනෙක් නැහැ ඔයාලගේ තමයි සුද්දන්ට ඕන විදියට රුකඩ අගමැතිලා හිටියේ තව ටික දවසක් හිටියනම් අපිත් කොටින්ගේ රූකඩයක් වෙනවා

    SB මර්වින් වගේම අනිත් ඇමැතිවරුත් මේ ආණ්ඩුවේ ඉන්නවා වැරදි කරලා හැදිච්ච අයත් ඉන්නවා මොකද එයාල දැන් ඒ වැරදි හදාගෙන රටට වැඩක් කරන්න මේක පක්ෂ ගණනාවක් පාර්ශව ගණනාවක් රටට ආදරේ කරන මිනිස්සු ගොඩක් එකතුවෙලා හදපු ආණ්ඩුවක් එහෙම එකක හැමෝම ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ

    හැමදාම ගොබිලයෝ වගේ නෙවෙයි අපේ රටේ විවිධ පලාත්වල විවිධ දක්ෂතා තියෙන අය ඉන්නවා අපි හැම වෙලේම මිනිස්සු ගැන හිතනවා බුද්ධාගම වෙනුවෙන් මේ තරම් කැපවීම් කරපු ආණ්ඩුවක් තවත් නැහැ විපක්ෂේ උන් කෑ ගහන හරියට බොදුබල සේනා වගේ ඒවත් ආණ්ඩුවේ ඒවානේ ජනාධිපතිතුමාගේ පුතා රේස් එකේ පැද්ද එක තමයි ලොකුම ප්‍රශ්නේ එතකොට දක්ෂකම් තියෙන අනිත් තරුණ දරුවෝ ඔය රේස් එක පැද්දේ නැද්ද අලුත් දේවල් රටට ගේනකොට බලන් ඉන්න බැරි තමුසෙලා මොනවද කරේ රට වෙනුවෙන් තරුණයො වෙනුවෙන් කාර් නෙවෙයි ටයර් වල දාල ගිනි තිබ්බා

    කොච්චර නිදන් හොරු අල්ලනවද එතකොට කුඩු අල්ලනවද කොච්චර දුෂණ අක්‍රමිකතා අල්ලනවද ඒවා ගැන ඇයි කතා කරන්නෙ නැත්තේ

    සල්ලිකාරයෝ දුප්පත් මිනිස්සු කියල කිසිම බේදයක් නැහැ ඔයා තොරතුරු හොයල බලන්න රටේ bike car van මිනිස්සු ඉස්සරටවදා කොච්චර ගත්තද ඒවාට හරියන විදියට පාරවල් අධිවේගී මාර්ග හැදුනද කියන එක ඉස්සරහට තව තවත් සහන හම්බෙනවා එකටත් චන්ද ගුණ්ඩු අරක මේක කියලා උඹල කෑ ගහනවා උඹලගේ කාලේ මොනවද කරේ

    රට ඇතුලේ ඉදන් සමහරු පිට ඉන්න කොටින්ට උදව් කරනවා මේ ලඟදි පත්තරවල දාල තිබ්බේ කවුද උදව් කරන්නේ කියලා රටට ප්‍රශ්නයක් උන හැම වෙලාවකම රට නියෝජනය කරා රටට චෝදනා කරනකොට අපි කිසි දෙයක් හංගල නැහැ අපි කිව්වේ එන්න රටට ඇවිල්ල හොයල බලන්න මොකද්ද ඇත්ත එන්න රටේ එදා අද තත්වය ගැන ඇවිල්ල බලන්න විවෘතව රාජ්‍යතාන්ත්‍රික වැඩ කටයුතු සිදුවෙනවා
    එක වෙනස් කරන්න බොරු ලෝකේ නැති දේවල් කිව්වා කියලා වෙනස් කරන්නවත් ඒ නිලධාරීන්වත් පහතට දාන්න හදන්න එපා ලජ්ජවෙන්න ඔහෙලා තානාපති අංශ ඉස්සරට වඩා වර්තමානේ ශක්තිමත් හැම දෙයක් ගැනම සොයල බලනවා විශේෂයෙන් මැදපෙරදිගදී ලංකාවේ අයට වෙන ප්‍රශ්න වලට මැදපෙරදිග තියෙන අපේ තානාපති අංශ ශක්තිමත්ව වෙන කිසිඳු ආණ්ඩුවක නැති විදියට කැපවීමෙන් කටයුතු කළා

    ඔයාල වගේ ආර්ක්තිකේ මොලයක් නැති විදියට නෙවෙයි අපි කටයුතු කරන්නේ අපි නිසි වෙලාවේ නිසි විදියට රාජ්‍ය pvt අයගේ පඩි වැඩි කරනවා එදා වගේම අදත් හෙට ගැන හිතලා විශේෂයෙන් රාජ්‍ය අංශය ශක්තිමත් කරන්න රාජ්‍ය සේවකයා ආරක්ෂා කරන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කටයුතු කරා unp කාරයෝ විකුණලා නැති කරලා දාපු රාජ්‍ය ආයතන ටික නැවත ආණ්ඩුවට අරගෙන එවල වැඩ කරන රාජ්‍ය සේවකයාගේ රැකියාව ආරක්ෂා කළා දිරි දීමනා වගේම උපාධිදාරින්ට තව තවත් රාජ්‍ය සේවයට අන්තර්ගත වෙන්න රැකියා බිහිකරා ලබා දුන්නා අනිත් උන් වගේ රැකියා හංගපු උපාධිධාරීන් බල්ලට දාපු වැඩ මේ ආණ්ඩුවේ නෑ ආර්ථිකේ ගැන හොද දැනීමක් තියෙන අය විදියට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මිනිස්සුන්ට සහන දුන්නා
    මම හිතන විදියට තව තවත් ඉදිරියේදී සහන හම්බෙවී මොකද රටේ නිෂ්පාදන අංශය දැන් ශක්තිමත් වෙනවා සංචාරක අංශය ඉදිරියට යනවා එවලින් එන සම්පත් මිනිස්සුන්ට වාසි වෙන විදියට බෙදිලා යන ආර්ථික වැඩ පිළිවෙලක් තමයි මහින්ද චින්තනේ තියෙන්නේ අද මිනිස්සු කන්නෙ බොන්නේ නැද්ද unp කාරයෝ කැමති ඇති මිනිස්සු කන්නේ බොන්නේ නැත්නම් පෙන්නලා හිනා වෙන්න එහෙම හිතන ජාතියක් නෙවෙයි අපි මිනිස්සුන්ගෙන් අහන්න ජිවත් වෙන හැටි එලියට බැහැලා සිරිකොතෙන්

    රාජපක්ෂ ආණ්ඩුවෙන් තරම් පතාලලෝකයට වැට බැදපු පාතාල ලෝකය නැති කරපු
    ආණ්ඩුවක් තියෙනවද මොකද සමහර ආණ්ඩුවල ලොක්කෝ පාතාල නායකයෝ හුරතල් කළා එකට ඉගෙන පින්තුර ගත්තා ඒවා ගැන අද කතා කරන්නේ මොකද
    අද පොලිසිය කොච්චර ශක්තිමත්ද කිසිඳු අපරාධකාරයෙක් බේරිලා ඉදල තියෙනවද මාධ්‍ය වලින් බලන්න රටේ වෙන දේවල් ගොබිලයෝ වගේ ඉන්න එපා

    නය ගන්න එක නෙවෙයි ප්‍රශ්නේ තාම අය වැය පරතරය කොච්චර වැඩිද එහෙම වෙලත් මෙහෙම ගත්තම ගෙවන්නේ උඹේ මහින්දද නැත්නං අපිද

    මෙච්චර කාලයක් නැති නීති දැන් තියෙන්නේ කොහොමද බං ගොන් කතා කියන්න එපා නීතියේ කොහේ හරි හිලක් හොයාගෙන තව දුරටත් බලයේ ඉන්නනෙ ඔය දඟලන්නේ

    රටවල් එක්ක සම්බන්දතා තියාගන්න දන්නා බව පේනවා අපේ passport එක ලෝකේ නරකම passport 10න් එකක් උනා

    රූකඩ අගමතිලා නෑ තමයි රූකඩ කුඩු ගෙන්නන්නේ නෑනේ බං. උඹේ අගමැතිට වැරද්දක් උනානම් සමාව ඉල්ලන්න හරි කොන්දක් තිබුනද බං. වෙන රටක නං ඉල්ලා අස්වෙනවා. මුට උන වැරැද්දට සමව ඉල්ලන බෑ. පොර ටෝල්ක් දෙනවා එකටත්

    මර්වින් ල අරුන් මුන් ඉන්නවා තමයි කියල වැඩක් නෑ. ඕක දැන් රටට ආදරේ කරන උන් එකතුවෙලා හදාගත්තු එකක් නෙවෙයි බලයට කෑදර පක්ෂ 12ක් ද කොහෙද එකතුවෙලා හදාගත්තු එකක්. නැත්නං තමන්ගේ පක්ෂේ ප්‍රතිපත්ති පැත්තක තියල මෙච්චර කල් ඕකට වෙලා ඉන්නවද

    යකො බුඋරුවෝ උඹ ඉන්නේ ලංකාවේද කවුද යකොඕ ලංකාවේ දක්ෂ උන් race පැද්දේ.ඔකේ race යන්න කියක් වියදම් වෙනවද කියල තෝ දන්නවද. උඹ ඉන්නේ ලංකාවේද ඉහල මද්යාම පන්තියේ එකෙක්ටවත් ඔකේ race යන්න බෑ. උඹ එක්ක නං කතා කරලා වැඩක් නෑ කියල මේකෙන්ම පේනවා

    කුඩු ගෙන උන් අල්ලනවනන් යමන් දැන් බොරැල්ලට කුඩු පෙන්නන්න තොට මැගසින් පාරට පලයන් උඹලගේ එවුන්ට කුඩු ගෙන්න තහනමකුත් නෑ උන්ව අල්ලනෙත් නෑ බොල

    highway එක හොඳයි තමයි ඒ උනාට ඊට වඩා කරන්න ඕන වැඩ ඕන තරම් තියෙනවා බං.
    අනිත් එක ඔකේ හැම එකාටම යන්න වත්කමක් තියෙනවා කියල උඹ හිතනවනන් එකත් උඹේ ITN මොලේම තමයි

    රට ඇතුලේ ඉඳන් කොටින්ට උදව් කරන්නේ කවුද කියල කියපන්කො රනිල් rata ගියත් ඇති උඹලට කතා හදන්න පොරට කොටි තහනම ඉවත් කරන්න සතියක් රට ගිහින් පුළුවන් නං උඋට කරන්න බටි දෙයක් නෑනේ බං උඹ නං නියම ITN ගොබිලෙක්

    UNP එක විකිණුව කියන ඒවා ඒ විදියට කරන්න දුන්න නං අද ඒවගේ ප්‍රතිපල බලාගන්න තිබ්බ.උඹල රටට පච කියලවල ආණ්ඩුව මාරු කරගත්තනෙ.

    Telecom එක අද තියෙන තත්වේ කොහොමද මචං ආණ්ඩුවේ තිබ්බ කාලේ වගේද අද හැම netwotk එකකටම තරඟයක් දෙන්න පුළුවන් තත්වෙක තියෙනවා

    උපාදිදරින්ට පත්වීම් දෙන හැටි අපි දන්නවනේ මචං එක රටට හොඳක් වෙන විදියට නෙව්යි දෙන්නේ එක වැඩේට හතර පස් දෙනා ඉන්නවා නිකන් පඩි ගන්නවා කිසිම පරිපාලනායක් නෑ

    මිනිස්සු කන බොන හැටි දැනගන්න ඕනේ නම් මිනිස්සු එක්ක කතා බහ කරලා බලපන් ITN news අහනවා වගේම

    පාතාලයෝ හුරතල් කරන්නේ කවුද කියල කවුරුත් දන්නවනේ මචං උඹ මොනවද මේ කතා කරන්නේ තාම දුමින්ද එළියේ භාරත මරුන. තාම මරපු එකාටවත් දඬුවමක් තියේද ඌ වැඩියෙනුත් සැප විඳිනවා දැන්. ඕකයි උඹලගේ පාතාලේ මර්දනේ කරන හැටි.

    උඹල කරන්නේ උම්බලට විරුද්ද පාතාලේ මර්දනේ කරන එකනේ

    පාතාලයෝ එක්ක එකතු ඉඳගෙන ගත්තු photos fb එකේ තියෙනවා හොඳට බලපන්

    උඹේ ගොටබය පාතාලයෝ එක්ක එක ජීප් එකේ ගියා කොළොන්නාවේ චන්දෙ වෙලාවේ උඹ ඉන්නේ මේ ලංකාවේද බං

    ඔව් පොලිසියයි හමුදාවයි දෙකම පට්ට ශක්තිමත් මචං
    ශක්තිය පෙන්නන්න දැන් කොටි නැති නිසා සාමාන්‍ය මිනිස්සු මරල තමයි එක පෙන්නනේ

    උඹ වරෙන් ගොන් තර්ක නැතුව ලිඳ ළඟ සංගමේට හොඳයි උඹ වගේ එවුන්

    කොන්දක් හදාගනින්,ජනදිපතිට ආදරේ කරන්න ඕනේ නෑ යකෝ ඒ ජනතා නියෝජිතයෙක්
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවන බව මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයා කියයි.

    මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසුවේ මෙම අයවැය යෝජනාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවත් මේ නිසා අනිවාර්යෙන්ම මෝටර් රථවල හා වෑන් රථවල මිල අඩුවන බවයි.

    “මෝටර් රථ හා වෑන් රථ ආනයනයේදී තිබූ බදු සියල්ල එකතු කර විශේෂ බද්දක් මෙවර අයවැය මගින් හඳුන්වා දී තිබෙනවා. මේ නිසා, මෙම වාහනවල මිල අනිවාර්යෙන්ම අඩුවෙනවා.“

    යනුවෙන් ආටිගල මහතා කීය.

    මෙම නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර තිබේ.

    මේ අනුව, කුඩා මෝටර් රථවල ආනයන බදු සියයට 29 කින් පමණ පහළ යනු ඇත.

    වෑන් රථ ගත්විට භාණ්ඩ ප්‍රවාහනය කරන වෑන් රථවල සියයට 175 කට තිබූ බද්ද සියයට 100 ක් දක්වාත් ආසන 13-20 ත් අතර තිබෙන වෑන් රථවල ආනයන බදු සියයට 126 ක සිට සියයට 100 ක් දක්වාත් අඩුකර ඇත.

    Menna meka nam wadagath wage :P
    E unata mehema adu karama gov income eka enne kohomada? Vat adu karala, Import duty adu karala daranna bari tharam sahana denawa. Mehema giyoth china walatama rata sinna wenawa. :oo:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Menna meka nam wadagath wage :P
    E unata mehema adu karama gov income eka enne kohomada? Vat adu karala, Import duty adu karala daranna bari tharam sahana denawa. Mehema giyoth china walatama rata sinna wenawa. :oo:

    පඩි වැඩි කරන ඒක හොදයි ඒත් කො සල්ලි????
    no_money1_thumb_222x303_thumb_250x341.jpg
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    කිව්වා වගේම කිව්වටත් වඩා සහන වගේම රටට වැදගත් අංශ වලට සහන දීපු අයවැයක්
    unp කාරයොත් සමහර ඒවාට අප්පුඩි ගහනවා ලැජ්ජයි ලැජ්ජයි රනිල් කෙල වෙලා අඩන්න ඔන්න මෙන්න
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    තව පොඩ්ඩක් මුලුමනින්ම වර්තාව කියවලාම අය වැය ගැන අදහස් පලකරන්නම්.

    දැනට කියන්න තියෙන්නේ මේ අයවැය අණ්ඩුවට වාසියක් වෙවි නැවතත් බලය රදවා ගන්න. මම හිතන්නේ හරිනම් ඉදිරි වර්ශය සදහා අයවැය ගෙන්න කලින් විවාදයක් තියන්න ඔනැ කොතරම් දුරකට පසුගිය වසරේ ඉලක්ක සපුරා ගෙන තියෙනවාද කියලා ජනතාවට දැන ගන්න නිසි විගනන වර්තාවන්ද සමග විපක්ශයට හැකි වනවා එවා ප්‍රශ්න කරන්න. ;)

    මොකද නිකන් අරවා දෙනවා මෙවා දෙනවා කියලා පොරොන්දු/ප්‍රතිපාදන දිලා හරියන්නෙ නැති නිසා අය වැයක් කියන්නේ අණ්ඩුවේ ඉදිරි මුද්ල් වෙන් කිරිමට බලාපොරොතු ආකරයත් එම වියදම් සදහා ආදයමසොයාගන්නා අකාරය දැක්වෙන සැලැස්මක් පමණක් වන හෙයින්.

    අපිත් මිලග පඩියෙන් අරක ගන්නවා මෙක්ක ගන්නව කියලා කොතරම්නම් හින මවනවාද නමුත් ඇත්තටම ඒ මාසය ඉවරවෙන කොට කරලා තියෙන්නෙ වෙන එකක් එහෙම නැතිනම් හිතපු දෙවල් කරන්න සල්ලී මද්වෙලා ඉතින් Planing නෙමෙයි Controlling තියෙන්නත් ඔනැ feedback එකකුත් එක්ක එය ඉදිරියට තම ඇයවැය ඉලක්කයන් සපුරාගන්න මහත් රුකුලක් වනු ඇත.

    :yes:
     
    • Like
    Reactions: HallowMan

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:


    උඹලත් එක්ක කතා කරලා වැඩක් නෑ බං.
    • චීනෙන් සීමාවක් නැතුව නය ගන්න එක හරිද?
    • කමන්ට ඕනෙ විදිහට දෙපාරකට වැඩි වාර ගණනක් ඉල්ලන්න පුලුවන් වෙන්න ව්‍යවස්තාව වෙනස් කරපු එක හරිද?
    • බටහිර රටවල් එක්ක තියා ඉන්දියාව එක්කවත් තියන විදේශ සබදතා ගැන සෑහීමකට පත් වෙන්න පුලුවන්ද?
    • රූකඩ අගමැති ඒ තනතුරට සුදුසුද?
    • එස්බී, මර්වින්ලා වගේ මිනිස්සූ උඩිංන්ම තියාගන ඉන්න එක හරිද?
    • නුවර නයිට්රේස් එක තියන්න එපා කියලා මහානාහිමි වරු කරපු ඉල්ලීමට ලැබුන ප්‍රතිචාරය ගැන මොකද හිතන්නේ.
    • රටේ නිධන් කොල්ලය නවත්තන්න ආන්ඩුව මොනවද කලේ.
    • ජිවන වියදම වැඩිවීම පාළනය කලාද?
    • මිනිස්සුන්ගේ පඩි වැඩි වීමක් වුනාද?
    • සල්ලිකාරයන්ට වාහන ගෙන්නන් බදු සහන තියනවා. දුප්පත් මිනිහට බයික් එකක් ගන්නවත් සහනයක් තියනවද?
    • රටින් පිට එල්ටීටීඑක ගෙනියන ව්‍යාපාර නවත්තන්න රාජ්‍යතාන්ත්‍රක මට්ටමෙන් මැදිහත්විම ප්‍රමාණවත්ද?
    • වෙන රටවලට දාලා තියන තානාපති වරුන්ගේ සේවය හරියකට ලබාගන්න පුලුවන්ද?
    • රටේ තැන තැන මිනිස්සු මරලා දාන ඒවා නවත්තන්න තාම මේ ආන්ඩුවට බැරි වුනා. ඒක හරිද?

    රට ගැන තේරුම් ගන්න සාමාන්‍ය මිනිස්සුත් එක්ක ජිවත් වෙන්න ඕනේ. පාට කණ්නාඩි ගලවලා හැබැහින් බලන්න ඕනේ. මම මේ කිසිම පක්ෂෙකට කඩේ යන එකෙක් නෙවෙයි. ඒක මේ කිරියේ ඉන්න පරණ හැම එකෙක්ම වගේ දන්නවා.
     

    Bakamuna

    Member
    Mar 21, 2007
    19
    0
    0
    ජනාධිපතිතුමාට කවදාවත් චන්ද වලට බය උන කෙනෙක් නෙවෙයි
    ප්‍රජාත්‍රන්තවාදී රටක චන්දය කියන්නේ මුලික අයිතියක් එතුමා හැම වෙලේම චන්ද තියල මිනිස්සුන්ගෙන් එතුමාගේ පාලනේ ගැන ඇහුවා මිනිස්සු තව තවත් එතුමාව දහිරියවන්ත කරා විපක්ෂයේ බොරු දේශපාලන ප්‍රෝඩාවන් පැත්තකට විසි කරලා අද හෙට නෙවෙයි අනාගතය ගැන හිතල තමයි ජනාධිපතිතුමා හැම වෙලේම කටයුතු කරන්නේ අනාගත පරම්පරාව වෙනුවෙන් තමයි ගොඩක් දේවල් වෙන්නේ එයාලගේ කාලේ වෙනකොට අද කරන දේවල් වලින් ගොඩක් ප්‍රොයෝජන ගනීවි එතුමාගේ වැඩ පිළිවෙල එහෙමයි මහින්ද චින්තන වැඩ පිළිවෙල එදා මෙදා ලංකාවේ බිහිවෙච්ච හොදම ප්‍රතිපත්ති මාලාව
    අවුරුදු 30ක යුද්ධේ ඉවර කරල තමයි එතුමා සංවර්ධනය එක්ක රට ආසියාවේ ආශ්චර්යට අරගෙන යන්න කටයුතු කරන්නේ එක බලන් ඉන්න බැරි හැමදාම පරදිනවා කියල දන්නා විපක්ෂ හොරු ටික චන්ද අයවැයක් ගුණ්ඩු කියලා කියන්න හැදුවත් මිනිස්සු රට ගැන කැක්කුමක් තියෙන නායකයෙක් නිසා පොඩි මිනිස්සුන්ට වාසි වෙන්න රටේ අනාගතය වෙනුවෙන් තමයි මහින්ද මහත්තය ආර්ථිකය මෙහෙයවන්නේ නැතුව එක එකාට ඕන විදියට ලංකාව කරන්න එතුමාට අවශ්‍ය නැහැ අදත් බලාගන්න පුළුවන් මේක චන්ද ගුණ්ඩු අයවැයක්ද නැත්නම් ලංකාවේ අනාගතය වෙනුවෙන් එන අයවැයක්ද කියලා


    2015 අයවැය ඉදිරිපත් කරන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට රටේ ජනතාවගේ ප්‍රණාමය ජයෙන් ජයම වේවා


    for sure you are a Chinese who has learnt to speak and write Sinhalese....in sri lanka only the Chinese has benefited from the present government...
     

    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    අයවැය සම්මත වෙන්න ඕනේ නැදද ක්‍රියාත්මක ක&#3515

    2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවන බව මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයා කියයි.

    මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසුවේ මෙම අයවැය යෝජනාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවත්මේ නිසා අනිවාර්යෙන්ම මෝටර් රථවල හා වෑන් රථවල මිල අඩුවන බවයි.

    “මෝටර් රථ හා වෑන් රථ ආනයනයේදී තිබූ බදු සියල්ල එකතු කර විශේෂ බද්දක් මෙවර අයවැය මගින් හඳුන්වා දී තිබෙනවා. මේ නිසා, මෙම වාහනවල මිල අනිවාර්යෙන්ම අඩුවෙනවා.“

    යනුවෙන් ආටිගල මහතා කීය.

    මෙම නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර තිබේ.

    මේ අනුව, කුඩා මෝටර් රථවල ආනයන බදු සියයට 29 කින් පමණ පහළ යනු ඇත.

    වෑන් රථ ගත්විට භාණ්ඩ ප්‍රවාහනය කරන වෑන් රථවල සියයට 175 කට තිබූ බද්ද සියයට 100 ක් දක්වාත් ආසන 13-20 ත් අතර තිබෙන වෑන් රථවල ආනයන බදු සියයට 126 ක සිට සියයට 100 ක් දක්වාත් අඩුකර ඇත.

    අයවැය සම්මත වෙන්න ඕනේ නැදද ක්‍රියාත්මක කරන්න.