අරියාදුවට හැදු කුළුහරකා Lamborghini

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    අරියාදුවට හැදු කුළුහරකා Lamborghini

    Lamborgini-10.jpg


    ලැම්බෝගිනි කියන්නේ ‍අපේ රටේ උණුසුම් මාතෘකාවක්. අපේ දේශපාලනය රත් කරපු වේදිකාවල පට්ට ගහපු වචනයක්. මේ වෙනකොට ලැම්බෝගිනි පැදලා නැති වුණාට දැකල තියෙන අය නම් ඕන තරම් ඉන්නවා. අපි අහල හෝ දැකල තියෙන්නේ ලැම්බෝගිනි කියන වචනය සහ ඒ කාර් එක විතරයි. ඒත් මේ කාර් එක මේ තරම් විශේෂ වෙන්නේ ඇයි කියලා කියන්න ගොඩාක් දෙනෙක් දන්නේ නෑ. මේ නිසා ලැම්බොගිනි ගැන ඇවිළුනු ගිනි නිවෙන්න කලින් අපි ඒ ගැන කථා කරමු.

    ලැම්බෝගිනි කාරය කියන්නේ ලෝකයේම ස්පොර්ට්ස් කාර් අතර ඉහළින්ම තිබෙන මාදිලි කිහිපයෙන් එක් මාදිලියක්. නියම ලැම්බෝගිනි හදන්නේ ඉතාලියේ ‛ඔටෝමොබිලි ලැම්බෝගිනි’ (Automobili Lamborghini) සමාගම . මේ ලැම්බෝගිනි කාර් නිර්මාණය කිරීම පිටිපස්සේ හරි ලස්සන කතාවක් තියෙනවා. ඇත්තටම ලැම්බෝගිනි කාර් හැදුවේ තරහට. ඉතාලි ජාතිකයෙක් වෙන ෆෙර්රුකිඕ ලැම්බෝගිනි (Ferruccio Lamborghini) තමයි ලැම්බෝගිනි මෝටර් රථයේ මුල්ම නිෂ්පාදකයා වෙන්නේ. ඔහු ඇත්තටම මුලින්ම හැදුවේ මෝටර් රථ නෙවෙයි Lamborghini ට්‍රැක්ටර්. මිදි ගොවි පවුලක උපන්න ෆෙර්රුකිඕ ලැම්බෝගිනිගේ කැමැත්ත තිබුනේ තාත්තා වගේ මිදි ගොවියෙක් වෙන්නනෙවෙයි. ඔහුගේ හිත තිබුනේ කර්මාන්ත ක්ෂේත්‍රයට, ඔහු තුරුණු වියට එළැඹෙත්ම දැඩි කැමැත්තක් දැක්වූයේ වාහන සහ ඒ ආශ්‍රීත යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාවට සහ ඒ පිළිබඳ අධ්‍යයනයට.


    Lamborgini-11.jpg

    Ferruccio Lamborghini​

    හතළිහේ දශකයේ මුල් භාගයේදී ඔහු නැඟෙනහිර ඉතාලියේ කුඩා ප්‍රමාණයේ ගරාජයක් පටන් ගත්තේ මෝටර් සයිකල් සහ වාහන අලුත්වැඩියාව සඳහා. ඔහු ඒ කාල සමයේදී ගත්ත ඉතා වැදගත් තීරණයක් වන්නේ දෙවැනි ලෝක යුද්ධ සමයේ අතහැර දමා ගිය රථවාහන කොටස් අඩු මිලකට එක් රැස් කිරීම. එසේ එක් රැස් කරගත් සුන්බුන් උපයෝගි කරගෙන ඔහු 1948 දී පමණ ලැම්බෝගිනි ට්‍රැක්ටර් හදන්න පටන් ගත්තා. ඔහුත් නොසිතූ විදියට ඔහුගේ ට්‍රැක්ටර් නිෂ්පාදන ව්‍යාපාරය නැඟලා ගියා.

    ෆෙරාරි ගෙන් බැනුම් අහපු හැටි

    කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ට්‍රැක්ටර් ව්‍යාපාරයෙන් යහමින් මුදල් හම්බ කරන්න ලැම්බෝගිනි සමත් වුණා. ලැම්බෝගිනි විනෝදාංශයක් විදියට මෝටර් රථ ධාවනයට පුදුමාකාර කැමැත්තක් දැක්වූවා. එම නිසා ඔහුට සුපිරි මෝටර් රථ කිහිපයක්ම තිබුණා. ඒ අතරින් ඔහු ෆෙරාරී 250 GT (Ferrari 250 GT) මෝටර් රථය තමයි ආශාවෙන් ධාවනය කළේ. දිනක් ඔහු ෆෙරාරී මෝටර් රථය ධාවනය කරද්දී ඔහුට එහි තිරිංග පද්ධතියේ යම් කිසි දෝෂයක් පවතින බව දැනුණා. ඔහු ඒ පිළිබඳ කියන්න ෆෙරාරි ව්‍යාපාරයේ හිමිකරු වන එන්සෝ ෆෙරාරි මුණගැසෙන්න ගියා. ෆෙරාරි තම සමාගම නිෂ්පාදනය කරන මෝටර් රථයේ කිසිදු වරදක් නැතැයි දැඩිව පැවැසුවා.

    “වැරැද්ද තියෙන්නේ තිරිංගයේ නෙවෙයි කාර් එක එළවන එක්කෙනාගේ. ඒක නිසා තමුසෙ දන්නේ නැති කාර් ගැන හොයන්නේ නැතිව දන්න කියන ට්‍රැක්ටර් ගැන බලාගත්තොත් හොඳයි.” එන්සෝ ෆෙරාරි තවදුරටත් කෝපයෙන් පැවැසුවා. ෆෙරාරිගේ දෝෂාරෝපණයෙන් ලැම්බෝගිනි දැඩි කෝපයට පත්වුණත් ඔහු එම කෝපය එම අවස්ථාවේ පිට නොකරන්න තීරණය කළා.

    ඔහු ෆෙරාරිගේ දෝෂාරෝපණය තුළ නව ව්‍යාපාරික අවස්ථාවක් දැක්කා. තවදුරටත් ට්‍රැක්ටර් නිපදවනවා වෙනුවට සුපිරි මෝටර් රථ නිෂ්පාදනය පැත්තටත් අවධානය යොමු කරන්න හිතුවා. මන්දයත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය පුරා වූ ධනවතුන් ජීවන රටාවන් වෙනස් කළා. වේගයෙන් ධාවනය කළ හැකි සුඛෝපභෝගී මෝටර් රථ සඳහා වන ඉල්ලුම එන්න එන්නම වැඩි වුණා. එම නිසාම V12 එංජිම යොදාගෙන මෝටර් රථ නිෂ්පාදනය සඳහා ඉතා කුඩා කර්මාන්ත ශාලාවක් ලැම්බෝගිනි නිර්මාණය කළා. ඔහුගේ අරමුණ වුණේ සාමාන්‍ය මෝටර් රථයක් නිෂ්පාදනය කරන්න නෙවෙයි.ඔහුට අවශ්‍ය වුණා ෆෙරාරි මෝටර් රථයට තරගයක් දෙන සුඛෝපභෝගී සුපිරිම මෝටර් රථයක් නිෂ්පාදනය කරන්න. ඔහු මුලින්ම කළේ ඔහුගේ තරගකරු වන එන්සෝ ෆෙරාරිට අයිති ෆෙරාරි සමාගමේ වැඩකරන දක්ෂම සේවකයන් ඉහළ වැටුපකට තම සමාගමට ගෙන්වා ගැනීම.

    එම උපක්‍රමය මඟින් ෆෙරාරිගේ සියලුම තාක්ෂණික රහස් සහ විකුණුම් රහස් ලබාගන්න ඔහුට හැකියාව ලැබුණා. තමන් මුලින්ම කළේ ෆෙරාරි මෝටර් රථය කොපි කිරීම කියලා පසුකාලයකදී ප්‍රසිද්ධියේම කිව්වා. ලැම්බෝගිනිගේ අපරිමිත ධෛර්යයෙන් පැයට කිලෝමීටර් 150ක වේගයෙන් ධාවනය කළ හැකි 350GT මෝටර් රථය 1966දී නිෂ්පාදනය කළා.


    Lamborgini-12.jpg

    Lamborghini 350GT මුල්ම මෝටර් රිය​

    කුළු හරකා
    ඔහු ලැම්බෝගිනි සන්නම සඳහා ඉදිරියට වේගයෙන් දිව එන කුළු හරකාගේ රූපයක් යොදාගත් අතර ලැම්බෝගිනි ලෙස එහි සටහන් කළේ ඔහුගේ අස්සන ලියන ආකාරයට. ඔහුගේ ප්‍රතිවාදියා වන ෆෙරාරිගේ සන්නාම ලකුණ වුණේ කකුල් දෙකෙන් ඉස්සී ඉන්න අශ්වයා. නමුත් ලැම්බෝගිනිගේ සංකේතය වන කුළු හරකා එසේ නිසලව නොසිටි අතර ඉදිරියටම වේගයෙන් එන අයුරක් පෙනෙනවා. ක්‍රීඩාශීලී මෝටර් රථ සන්නමකට ඉදිරියට දිව එන කුළු හරකා ඉතාම උචිත බව සන්නාම විශ්ලේෂකයන් අදටත් පවසනවා.


    Lamborgini-9.jpg
    Lamborgini-8.jpg


    “ලැම්බෝගිනි හදන්නේ යන්ත්‍රවලින් නෙවෙයි. ලැම්බෝගිනිය පොඩි පොඩි කොටස් අතින්ම සකසලා තමයි ලැම්බෝගිනිය හැදෙන්නේ. ඒකත් එක්ක මේ වාහනයට තියෙන වටිනාකම වැඩියි. ඒ නිසා ලැම්බෝගිනිය හොඳ තත්ත්වයකින් නිමවෙනවා. උසස් ගණයේ නිමාව ලැම්බෝගිනියේ වටිනාකම වැඩි වෙන්න බලපා තියෙනවා. “

    ලැම්බෝගිනියේ එන්ජින් ධාරිතාවත් මෙහි විශේෂත්වයට එක හේතුවක්. මෙහි එන්ජින් ධාරිතාවය 5,200 සිට 6,500 දක්වා තිබෙනවා. ලැම්බෝගිනියේ මාදිලිය අනුව වේගයේ ප්‍රමාණය වෙනස් වෙනවා. horse power (අශ්වබල) 550 මාදිලියේ 0km සිට 100km දක්වා වේගය තත්පර 4.20ක් වෙනවා.

    ලැම්බෝගිනි කාරයේ ඇතුළත නිර්මාණය පාරිභෝගිකයාට අවශ්‍ය ලෙස සකස් කර ගැනීමටත් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම පාරිභෝගිකයාට අවශ්‍ය වර්ණ සංයෝජනයන්ගෙන් ලැම්බෝගිනි කාරයෙහි ඇතුළත අලංකරණය කර ගැනීමට හැකියාව පවතිනවා.

    ලැම්බෝගිනි බංකොලොත් වෙයි

    කෙමෙන් දියුණුවෙන් ඉදිරියටම ඇදුන ද 1973 වසරේ සිදුවූ තෙල් අර්බුදය හමුවේ ලැම්බෝගිනි පහුබහින තත්වයක් තියෙනවා. මේ නිසාම 1973 න් පසුව මෙහි හිමිකාරිත්ව තෙවරක්ම වෙනස් වූ අතර 1978 දී මෙම සමාගම බංකොලොත් තත්වයට පත්විය. පසුව ඇමරිකානු , මැලේසියානු , ඉනිදුනීසියානු සමාගම් වලට අයත්ව තිබු ලැම්බෝගිනි හි වත්මන් හිමිකරුවන් වන්නේ වොක්ස්වැගන් සමාගමේ ඕඩි සන්නාම අංශයයි.

    ලැම්බෝගිනි සමාගමේ මුල්ම නිෂ්පාදනය වූයේ 350 ජීටී මාදිලිය එවකට ක්‍රීඩා මෝටර් රථ ක්ෂේත්‍රයේ නමක් දිනා සිටි ෆෙරාරි සමාගම සමග තරග කරන්නට අවශ්‍ය තරම් උසස් මට්ටමක පැවතිණි. මෙහි යාන්ත්‍රණය වර්තමාන දෙමුහුන් (Hybrid) තාක්ෂණයට සමාන වූ බැව් පෙනේ. එනම් මෙය නිර්මාණය කොට තිබුණේ මුළින්ම විද්‍යුත් බලයෙන් ධාවනය වී පසුව වේගය වැඩිකරන විට ඉන්ධන බලයට මාරුවිය හැකි ආකාරයටය. එයට පැයට කිලෝ මීටර 254ක වේගයකින් ධාවනය කිරීමේ හැකියාව තිබිණි. ලැම්බෝගිනි සමාගම මෙම මාදිලියෙන් මෝටර් රථ 135ක් නිෂ්පාදනය කළේය.

    මේ ආකාරයට ලැම්බෝගිනි සමාගම මගින් 400ජීටී 2X2, මියුරා, එස්පාඩා, ඉස්ලෙරෝ, ජරාමා, උරාකෝ, කවුන්ටෑක්, සිලුවෙට්, ජල්පා, එල්එම්002, ඩියාබ්ලෝ, මර්සිලාගෝ, ගැලෑඩෝ, රෙවෙන්ටන්, ඇවෙන්ටඩෝර්, සෙන්ටනරියෝ, වෙනෙනෝ, එගොයිස්ටා සහ හුරාකන් යන ප්‍රධාන මෝටර් රථ මාදිලි නිපදවා තිබේ. මීට අමතරව වෙනත් අනු මාදිලි ඇති අතර ඒවා මෙම ලැයිස්තුවේ ඇතුළත් නොවේ. ලැම්බෝගිනි මෝටර් රථ බොහොමයකට නම් තබා ඇත්තේ ස්පාඤ්ඤය වැනි රටවල දක්නට ඇති ගොන් පොර තරගවලදී සටන් වැදුණු සටන්කාමී ගොනුන්ගේ නම්වලින් වීම ද විශේෂත්වයකි. මේ අතුරින් වැඩිම ප්‍රමාණයක් නිපදවන ලද මාදිලිය වන්නේ 2003 – 2013 අතර සමයේ නිෂ්පාදනය වූ ‛ගැලෑඩෝ’ වන අතර එය 14,022 කි


    Lamborgini-1.jpg

    Lamborghini Gallardo

    අඩුම ප්‍රමාණයක් නිෂ්පාදන කොට ඇත්තේ 2013 වසරේ නිෂ්පාදනය කරන ලද ‛එගොයිස්ටා’ය. එය මෙම සමාගමේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද්දක් වූ අතර නව සංකල්පයේ මෝටර් රථයක් ලෙස ඉදිරිපත් කෙරුණු අතර වාණිජමය වශයෙන් ඉදිරියට ගෙන යාමට සමාගමට අවශ්‍යතාවයක් නොතිබුණු බවක් පෙනුණි. පැයට කිලෝමීටර් 325ක වේගයක් සහිත වූ මෙය සම්පූර්ණයෙන්ම සැළසුම්කොට තිබුණේ ප්‍රහාරක ගුවන් යානා තාක්ෂණයට අනුවය. එක් ආසානයක් පමණක් තිබූ මෙහි දොර ඉහළට එසැවිය හැකි සේ තනා තිබුණි. මෝටර් රථයේ වාඩිවිය යුත්තේ සුක්කානම ගැළවීමෙන් පසුව වූ අතර වාඩි වූ පසු සුක්කානම සවිකරගත යුතු විය. වායුගතික තාක්ෂණික ක්‍රමයට අනුකූලව මෝටර් රථයේ දේහය සකස්කොට තිබූ අතර ඒ සඳහා යොදාගෙන තිබූ ද්‍රව්‍යය රේඩාර්වලට හසුනොවන ලෝහ වර්ගයක් විය. මෙය දැනට ලැම්බෝගිනි කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ.

    2013-lamborghini-egoista-concept.jpg

    Lamborghini Egoista

    ඔවුන් 2014 වසරේ නිෂ්පාදනය කළ මාදිලිය වූයේ ‛හුරාකන්’ (Huracán) ය. මෙය ‛චණ්ඩමාරුතය’ ඉංගිරිසි බසින් හඳුන්වනු ලබන hurricane යන්නෙහි ස්පාඤ්ඤ යෙදුමයි. බොහෝ ලැම්බෝගිනි මාදිලි සඳහා සේම මෙයට ද නම තබා ඇත්තේ සටන්කාමී ගොනෙකුගේ නමිනි. එමෙන්ම මායාවරුන් අතර සුළඟ, කුණාටුව සහ ගින්දර සඳහා අධිගෘහිත දෙවියා වන්නේ ද හුරාකන් ය. ඇමරිකානු ඩොලර් 320,000ක් (රුපියල් 42,201,600) ක් පමණ වන මෙය කාබන් ෆයිබර් යොදා නිමවා ඇති බව පැවසේ. තත්පර 3.2 ක් තරම් කාලයක් තුළ මෙයට පැයට කිලෝමීටර් 100 දක්වා වේගයකට ද, තත්පර 9.9කදී පැයට කිලෝමීටර් 200ක් දක්වා වේගයකට ද ළඟාවීමේ හැකියාවක් ඇත. ඉතාලි පොලීසිය සඳහා වූ නිල වාහනය ද මේ මාදිලියටම අයත් වන අතර එය ‛හුරාකන් එල්පී 610-4 පොලිසියා’ (Huracán LP 610-4 Polizia) නමින් හඳුන්වනු ලබයි.

    Lamborgini-6.jpg

    මීට අමතරව ලැම්බෝගිනි සමාගම ‍අධිවේගී මෝටර් සයිකල්, බෝට්ටු සහ ට්‍රැක්ටර් ද නිපදවනු ලබයි.


    Lamborgini-3.jpg
    Lamborgini-13.jpg

    Source : awidimu.com
     
    Last edited:

    bath kana mee haraka

    Junior member
  • Oct 29, 2016
    96
    16
    8
    gallardo දෙකක් තියනව නේද ලංකාවෙ?
    එකක් අැවෙන්රා හොටෙල් අයිතිකාරයට
    අනික දිලන්ත මාලගමුව ලග තියනවා
    මයික්‍රෝ ෂෝරූම් එකේ තියනවා gallardo දෙකකුයි aventador එකයි
    හැබැයි මේ ෂෝරූම් එකේ තියන එ්ව එකතැන පල් වෙනව:angry::angry::angry:

    imgl1380533202.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලැම්බෝගිනි ලෝගෝ එකට කුළුහරකෙක් දැම්මේ මිනිහගේ ලග්නේ වෘෂභ නිසයි.
    ( Taurus - වෘෂභ )