අල්ලපු වත්තෙ සද්දෙන් සිංදු දානවා. මේකට මොකක්ද කරන්න පුළුවන්?

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    මචන්ලා,
    අල්ලපු වත්තෙ කඩයක් දාල, දැන් මාස ගානක ඉදල සද්දෙන් සිංදු දානවා.

    අම්මයි තාත්තයි දෙපාරක් ගිහින් කියල අවා. කිව්ව දවස් දෙක තුනේ නවත්තල ආයි දැම්මා.
    පස්සෙ මම ගිහින් බැනල අවා. මාසයක් විතර නවත්තලා තිබ්බා. දැන් ආයි දානවා.

    මං ගෙදර ඉදන් වැඩ කරන්නෙ. මේ සද්දෙට මට ගෙදර ඉදන් වැඩ කරන්න මානසිකත්වයක් නැහැ.
    මල්ලි A/L වලට පාඩම් කරනවා. ඒයාට පාඩමක් කරගන්නත් බැහැ.
    කොටින්ම ගෙදර Phone එකක් ring වෙන එකක්, කතාකරන එකක් ඇහෙන්නෙත් නැහැ.

    මොකක්ද මේකට කරන්න පුළුවන්.
    ඔයාලා දන්න කරන්න පුළුවන් හැමදෙයක්ම කියන්න.
    දැන්නම් මේක ඉවසුවා ඇති.
     
    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    පොලීසියේ පරිසර ඒකකයේ පැමිණිල්ලක් දාන්න.

    එතකොට ඒක විභාග කරන්න රාලහාමිලා එනවා ඒ පැත්තට. අහල පහල ගෙවල් වලට ගිහින් අහලා බලනවා එහෙම පරිසර හානියක් තියෙනවද, සද්ද තියෙනවද කොහොමද කියලා.

    එතකොට වටේ ගෙවල් වල අය ඔව් එහෙම කරදරයි කියලා කිව්වොත් විරුද්ධව පියවර ගන්නවා. හැබැයි වටේ ගෙවල් වල අය එහෙම කරදරයක් නෑ කිව්වොත් මොකුත් විශේෂ පියවරක් ගන්නේ නැහැ.

    ඒ හින්දා පොලිසියේ පැමිණිල්ලක් දානවනං ඊට කලින් තව ගෙවල් තියෙනවා නම් ඒ අයත් එක්ක කතා කරලා බලන්න
     
    මේක කොහොමද මචං කරන්නෙ?

    අපි පැමිණිල්ල දාද්දි පරිසර එකකයෙන් දාන්න කියලා කියන්න ඕනෙද?
    ජීවිතේට පොලිසියකට ගිහින් නෑ

    පොලිසි ගිහින් එන්ට්‍රි එකක් දාපන්
    ඔව් අයියෙ. අද දානවා. එපාවෙලා තියෙන්නෙ.
    වෙන කරන්න පුළුවන් දේවල් තියනවද අයියේ තව.
    ------ Post added on Apr 18, 2023 at 8:56 AM
     
    • Like
    Reactions: KrishanL89

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    මේක කොහොමද මචං කරන්නෙ?

    අපි පැමිණිල්ල දාද්දි පරිසර එකකයෙන් දාන්න කියලා කියන්න ඕනෙද?
    ජීවිතේට පොලිසියකට ගිහින් නෑ

    ඔව් අයියෙ. අද දානවා. එපාවෙලා තියෙන්නෙ.
    වෙන කරන්න පුළුවන් දේවල් තියනවද අයියේ තව.
    ------ Post added on Apr 18, 2023 at 8:56 AM
    Purudu wennth ekka dapn
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,966
    113
    එකමත් එක රටක
    එක්කෝ උබ දාපං ඌ දාන සින්දු එක්ක එකට අහන්න බැරි සින්දු හරි මොනව හරි දෙයක්.

    අපේ එක තාප්පෙකට අහුවෙන්නේ ඉඩමකට වැටෙන පොඩි පාරක්. ඔකේ ඉස්සර සෙට් එකක් බොනවා සමහර දවස් වලට. බිලා හයියෙන් සින්දු කියනව. වදයක් උනාම මම එක්කෝ හෙන slow english සින්දු ටිකක් දානව උන්ගේ බජව්ව එක්ක සෙට් වෙන්නේ නැති. නැත්නම් හයියෙන් පිරිතක් දානව. 🤭
     
    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    මේක කොහොමද මචං කරන්නෙ?

    අපි පැමිණිල්ල දාද්දි පරිසර එකකයෙන් දාන්න කියලා කියන්න ඕනෙද?
    ජීවිතේට පොලිසියකට ගිහින් නෑ
    සුළු පැමිණිලි අංශයට යන්න. එතනින් කියයි. එකේ OIC හම්බෙලා විස්තරේ කියන්න. එයා කියයි එතකොට.

    නැත්තං 119 කියන්නත් පුළුවන්.

    කොහොමත් පොලිසියේ ඒ ඒ පැතිවල පැමිණිලි විබාග කරන්න යන්න වෙන් උන නිලධාරීන් ඉන්නවා. එයා තමයි ඒ අදාල පැත්තේ පැමිණිලි වලට එන්නේ.

    මේක පරිසර හානියක් නිසා පරිසර ඒකකයෙන් එයි.

    එතකොට අහල පහල ගෙවල් වලට ගිහිං ඔය කරදරේ ගැන අහනවා.

    හැමෝම කරදරයි කියලා කියන්න ඕනි.
    නැත්තං බොරු පැමිණිලි කියලා කියයි.

    ඊට පස්සේ කඩේ කෙනා පොලිසියට ගෙන්නලා අවවාද කරලා පොතේ ලියල එවයි.

    කඩේ කෙනාගේ නම ලිපිනය දෙන්න. ෆෝන් නම්බර් දන්නේ නැහැ කියන්න
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ට්‍රාන්ස්මීටර් එකක් සෙට් කරගෙන ඔකා fm චැනල් එකක් දාන වෙලවක් බලලා වැලක් ප්ලේ කරපන්.ආයෙ මලාට දාන්නෙ නෑ.😏
    වැලක් ඔනේත් නෑ ජෑම් කරානම් හරි, ටිකක් පව්ර්පුල් ට්‍රාන්සිස්ටර් එකක් තියන එකක් ගහලා.
    මම ඔක කලා ඉස්සර අරුගේ ස්පීකර් එලියට පනින්න කීං ගාන්නෙ :sorry::P:D
    වැඩේ කියන්නෙ පෙන් එකක් ගහල ඇත්තෙ දැන්නම් :sorry:
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    වැලක් ඔනේත් නෑ ජෑම් කරානම් හරි, ටිකක් පව්ර්පුල් ට්‍රාන්සිස්ටර් එකක් තියන එකක් ගහලා.
    මම ඔක කලා ඉස්සර අරුගේ ස්පීකර් එලියට පනින්න කීං ගාන්නෙ :sorry::P:D
    වැඩේ කියන්නෙ පෙන් එකක් ගහල ඇත්තෙ දැන්නම් :sorry:
    පෙන් එක උස්සලා වැල සවුන්ඩ් ටිකක් දාලා ආයෙ පෙන් එක ගෙනිහින් තියපන් 🤣 වැඩේ ක්ලෝස්නෙ බන්
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    මේක කොහොමද මචං කරන්නෙ?

    අපි පැමිණිල්ල දාද්දි පරිසර එකකයෙන් දාන්න කියලා කියන්න ඕනෙද?
    ජීවිතේට පොලිසියකට ගිහින් නෑ

    ඔව් අයියෙ. අද දානවා. එපාවෙලා තියෙන්නෙ.
    වෙන කරන්න පුළුවන් දේවල් තියනවද අයියේ තව.
    ------ Post added on Apr 18, 2023 at 8:56 AM
    දැන් ඉතින් හොදින් කියල නේ තියෙන්නෙ .. අයිත් වෙන කරන්න දෙයක් නෑ
    පොලිසියට ගියාම ඇති සුළු පැමිනිලි අංශය කියලා. ඒකට යන්න පරිසර අංශයෙන් එවයි එයාල ඔනේ නම්.
    විස්තර ඇතුව දාන්න...

    පාඩම් කරනවා ලමයි
    ගෙදර ඉදන් තියෙන දුර
    සින්දු දාන වෙලාව,
    ඔෆ් කරන වෙලාව
    මීට කලි ඔයාල 2පාරක් ඉල්ලා සිටිය කියලා ශබ්දෙ අඩු කරන්න