මම නම් අපේ ගෙට පිටිපස්සෙ හිටපු එවුන්ගෙ කටවල් වැහුව ලස්සනට. දැන් මාසෙකට වැඩී. දිනපතා සිංදු දාපු එකා මීක් නෑ.
දණ්ඩ නීති සංග්‍රහය - Section 261.
කිසි එකෙක්ට බෑ එහෙම මහා දාවාලෙ හෝ රෑ හෝ කිසිම වෙලාවක Residential Areas වල සිංදු දාන්න.
- Decibel Meter App එක දාගන්න Phone එකට. දවස් 3ක් Decibal Meter App Proof එක Screen Record කරන්න. ඒ එක්කම දින වෙලාව අහු වෙන්න උන්ගෙ බජව්වත් Record කරන්න video. දැන් ඔයා ගාව සාක්ෂි තියෙනව.
- දැන් 1 පාරක් හෙනම හොඳින් උන්ට කියන්න කොන්ද පන ඇතුව ගිහින්. සද්දෙ වැඩී. අඩු කරන්න කියල. ඒ සියල්ල හොරෙන් Record කරන්න. රණ්ඩුවට උන් ආවත් රණ්ඩුවට යන්න එපා.
- දැන් ඔයාගෙන් වෙන්න ඕන හැම දේම වෙලා ඉවරයි. දැන් ඉන්න ඊගාව දවසෙ සිංදු දානකන්.
- සිංදු ගමටම ඇහෙන්න දාපු ගමන්. 119 ගහන්න.
- විස්තරේ කියන්න. විනාඩි ගාණකින් (පොලිසියට තියෙන දුර අනුව වෙනස් වෙනව) පොලීසියෙන් එනව. මතක ඇතුව 119 Answer කරන කෙනාට ගෙදරට එන හරිම පාර හරියටම කියන්න.
- පොලීසියෙන් ආවොත් වැඩේ ඉවරයි.
දැන් කියන්නෙ පොලීසියෙන් ආවෙ නැත්නම් මොකද කරන්නෙ කියල. හැබැයි මේ පහල ටික කරන්න යන්න එපා කිසිම වෙලාවක පොලිසියෙන් ආවොත් උන්ට අවවාද කරන්න.
මේ ටික ඔන්න පොලිසියෙන් ආවෙ නැත්නම් කරන දේ.
IGP ට කෙලින්ම Email එකක් ගහන්න Proof එක්ක. මම ගහපු Email එකේ කොපිය මම දාන්නම්. ඒකම ලියන්න එපා. ටිකක් වෙනස් කරල ගැලපෙන්න හදන්න.
කෙලින්ම මේල් එක යවන්න IGP ට. මේක යවන්නෙ ඊගාව දවසෙ මුන් සිංදු දානකන් ඉඳල. ඒක යවන්න අදාල පොලීසියේ OIC ටයි. Divisional SSP ටයි CC කරල. Emails ටික police.lk එකෙන් ගන්න. යවපු ගමන් 119 ගන්න. ඒකෙ පොරට ආයෙ විස්තරේ කියන්න. ඒ එක්කම කියන්න IG මහත්තයට Email එකකුත් දැම්ම කියල. දැන් ඉන්න අදාල වෙලාව. ඒ කිව්වෙ පොලීසියෙන් එනකන් ඉන්න. අනිවාරෙන්ම එනව. ඒ ආවෙත් නැත්නම් ප්‍රාදේශීය පොලීසියට කෝල් එකක් අරන් කියන්න මෙහෙම මෙවුන් සිංදු දාල. (හරි විදියට පැහැදිලි සිංහලෙන්) මේක කරදරයක් IG මහත්තයටත් මම මේල් එකක් දැම්ම සාක්ෂි එක්ක. 119 ත් ගැහුව. තාම ආවෙ නෑ කියල. විනාඩි 10න් ඔතන පොලීසියෙන් ඊටපස්සෙ.
දැන් තමයි ගේම පටන් ගන්නෙ. දැන් දවස් 3ක් යද්දි කොළඹින් එනව Notice එක ප්‍රාදේශීය පොලීසියට. දැන් ගමේ පොලීසියට කිසිම දෙයක් කරන්න බෑ. අනිවාරෙන්ම Inquiry කරන්න වෙනව. ගෙදරටම ඇවිත් කටඋත්තරේ ගන්නව. දිගටම ඇදන් යන්න ඕන නම් එහෙමයි නැත්නම් එහෙමයි.
මෙතනින් පස්සෙ දේවල් වලට ඔයාට ගම්මුන්ට මුහුණ දෙන්න තරම් ශක්තියක් නැත්නම් ඔව්ව කරන්න යන්න එපා. මම නම් කරේ නම් ගම් ඇතුව. ගමටම පේන්න. මම අපේ ගමේ චණ්ඩි ඔක්කොම නමල තියෙන්නෙ දෙකට මැදින්. ආයෙ එකෙක් එන්නෙ නෑ. මට සද්දෙ දාන්න. මම ගමට අලුත් හැබැයි ගමේ ගෝතයො ඉන්න ඕන මට ඕන විදියට. එදාම කතා කරල ගේ වටේට Night Vision CCTV ප්‍රමාණෙ වැඩි කරා. ගේ ඇතුලෙ Motion Sensors and Human Detection Alerts System දැම්ම. දැන් මම පට්ට නිදහසේ ඉන්නව.
මේව ඔයාගෙ ප්‍රශ්නෙට විසඳුම් විදියට භාවිතා කරන්න.
ලංකාවෙ නීතියක් තියෙනව. ඒ නීතියට පිටින් යන්න දෙන්න බෑ කාටවත්. කිසි කෙනෙකුගෙ නිදහසට බාධාවක් කරන්න බෑ කිසි එකෙක්ට. ගන්න තියෙන ඉහලම Action එක ගන්න.
එකට එක කරන්න යන්න එපා. ඔයා නීති අතට ගන්න එපා. ඒ වැඩේ පොලීසියට භාර දෙන්න. එයාල ඒ වැඩේ කරයි. මෙතනදි ඔයාගෙ Personality එක බලපානව හැම දේටම. වාග් විලාශය කතාව, වෘත්තීමය භාවය මේ හැම එකකින්ම ඔයාට වැඩේ කර ගන්න පුළුවන් වෙන විදියට හැසිරෙන්න. හරියට personalty එකක් තියාගෙන හිටියොත් ආයෙ කිසි එකෙක් වචනයක් වත් කියන්න එන්නෙ නෑ. ඔය අරක්කු බීගෙන ගම් වල නටන ගෝතයො සුලඟිල්ලෙන් ගලවල දාන්න පුළුවන්.
ජය වේවා!