මමත් යාලුවෙක් එක්ක දවසක් ගියා, එත් අවාරේදී තමයි, වාරේ පටන් ගන්න සතියකට නැත්නම් දෙකකට විතර කලින්. එතකොට නම් පාරවල් ගොඩාක් සුද්ද කරලා තිබුනේ, අනිත් එක වැස්සේත් නැහැ. අපි උදේ පාන්දර 5.30 ට විතර පිටත් උනා සිරිපාගමින්, මගදී ඈත හිමේ ගල් ලෙනක බවුන් වඩන ස්වාමීන් වහන්සේ නමක් බැහැදකින්න ගියා, හරියටම ධර්මරාජ ගලත් පහුකරලා ටික දුරක් ඇවිත් පාරෙන් ඈතට ටිකදුරක් ගියාම තියෙනවා උන්වහන්සේ වැඩ වසන ලෙන, අපි එතනත් පැය දෙකක් විතර ඉඳල මළුවට ගියා, ස්වාමීන් වහන්සේ වැඩ වසන ලෙනට අපිත් එක්ක ආව ගමේ තව මිනිස්සු දෙන්නෙක් උන්වහන්සේට දානෙත් අරගෙන, එයාල ආපහු ගමට ගියා.
අපි දෙන්න තනියම තමයි උඩටම ගියේ, වාරේ පටන් ගන්න ඔන්න මෙන්න නිසා, කඩවල් හදන අය මගදී හම්බ උනා, තව වෝටර් බෝඩ් එකේ අය හිටිය වතුර සැපයුම දෙන්න, එතකොට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ අය හම්බ උනා, ඒ අය ලයින් එක චෙක් කරන්න ආපු අය. මගදී තැනින් තැන තියෙනවා යුධ හමුදා කඳවුරු කිහිපයක්ම, ලිහිනිහෙල, ගෙත්තම්පාන තව තැන් කිහිපයකම. කොහොමහරි මළුවට යනකොට හවස 3.30 යි. අපි එදා නවතින්න බලාගෙන හිටියත්. ඒ වෙද්දී මළුවට වතුර සැපයුම දීලා තිබුනේ නැහැ. එක නිසා රැයක් ගත කරන්න පුළුවන් තත්වයක් තිබුනේ නැහැ. ඉතින් අපි එදාම බහින්න පටන් ගත්ත හවස 4.00 විතර. අපි ඒ වෙද්දීත් සැහෙන්න ඇවිදලා තිබුන නිසා බහින එක ඒ තරම් ලේසි උනේ නැහැ. ධර්මරාජ ගල හරියට එද්දී මගේ එක කකුලක් රිදෙන්න පටන් ගත්ත, තව ටිකක් බහිද්දී අනිත් කකුලත් ඒ වගේම වේදනා දෙන්න පටන් ගත්ත, එත් අපි හිමිහිට හිමිහිට ආව. රැ 9.00 විතර ඇති ආපහු සිරිපාගමට එනකොට. එතකොට නම් අඩි දහයක් වත් යන්න බැරි ගානට ඇවිල්ල, බහිද්දී අතේ එළියක් වත් තිබුනේ නැහැ, ෆෝන් එකේ එළියෙන් තමයි ආවේ, කොහොමහරි අපි එදාම රැ එහෙන් පිටත් උනා, කොළඹට එද්දී පාන්දර. අර කකුල් අමාරුව නම් සති ගානක් යනකම් තිබුනා, එත් අදටත් මට ආපහු යන්න ආසයි. ආයෙත් මට ඒ ගමන මතක් උනා.
ගොඩක් ස්තුතියි විස්තරයට සහ චායාරූප වලට.