අසුන් පැන්නූ අසුපිනි ඇල්ල.....
අසුන් පැන්නූ අසුපිනි ඇල්ල....
ආයුබෝවන් අපේ එළකිරි සංචාරකයන්ට.තවත් පොඩි සංචාරක නූලක් ලිව්වා.මේ අපේ තවත් එක නිදහස් දින චාරිකාවක්.
මමත් මගේ ගමේ මිත්‍රයොත් දැනට අවුරුදු කිහිපයක ඉඳලම නොවරදවාම නිදහස් දිනයට, ඒ කිව්වේ පෙබරවාරි මාසේ 04 වෙනිදට නිදහස් දින චාරිකාවක් යනවා.
අපි අසුපිනි ඇල්ල බලන්න ගියේ 2019 ඒ කිව්වේ ගිය අවුරුද්දේ නිදහස් දවසේ.
(මේ අවුරුද්දෙත් ඒ ගමන පුරුදු විදිහටම ගියා. හැබැයි මට නම් සහභාගී වෙන්න බැරි වුනා.
)
අසුපිනි ඇල්ල පිහිටලා තියෙන්නේ මාවනැල්ල අරණායක කියන ගම්මානයේ කෙලවර.මා ඔයේ නිර්මාණයක් වන මෙය දර්ශනීය, නමුත් අනතුරු බහුල සංචාරක ස්ථානයක්.
ඉතිං පුරුදු විදිහට අපි නිදහස් දවසේ චාරිකාව විදිහට අසුපිනි ඇල්ල ගමන යන්න සුදානම් කරගත්තා. මේ ගමන අපි ගියේ මොටෝසයිකල් වල.
අපේ ගමන් මාර්ගය වුනේ ගම්පහ හරහා නුවර පාර ඔස්සේ මාවනැල්ලට පැමිණ එතනින් අරනායක හරහා අසුපිනි ඇල්ලට විදිහට.
මෙදා අපේ ගමන් සගයා වුනේ බයිසිකලේ....
උදේ ගමන පටන් අරගෙන කෑගල්ලෙන් උදේට කාලා, මාවනැල්ලට එද්දී ලොකු වැස්සකට අහු වුනා.
වැස්ස පොඩ්ඩක් තුරල් වුනාට පස්සේ අපි අරනායක ට ආවා. එතන ඉඳල අසුපිනි ඇල්ලට පාර තියෙනවා උනත් ක්‍රමයෙන් උඩට යන්න යන්න මාර්ගය බොහොම දුෂ්කරයි. බයිසිකල් නිසා ලොකු අවුලක් නැතුව ඇල්ල මුදුනටම යන්න පුළුවන් වුනා.හැබැයි කාර් පොඩි වාහන වලට නම් යන්න අමාරුයි.
ඇත්තටම අසුපිනි ඇල්ල හරිම ලස්සනයි. ඒ වගේම බොහොම භයානක ස්වභාවයක් එතන තියෙනවා.සමහර තැන් හරිම පාලු අඳුරු, ගුප්ත බවක් තියෙනවා.
අවට කඳු යායන් ලස්සනට පේනවා...
ඇල්ල මුදුනට ආවා.
මෙයට බැඳුනු අතීත කතාවක් තියෙනවා. මේ මම අහල තියෙන කතාව.
බොහොම ඉස්සර ප්‍රාදේශීය කුමාරයෙක් තමුන්ගේ පෙම්වතිය දිනා ගැනීම උදෙසා ඇගේ කපටි පියාගේ ඉල්ලීම පරිදි මේ ඇල්ලෙන් එක් පසෙක සිට අසු පිට නැග මාරක පිම්මක් පනින ලදී.
නමුත් නැවත පිම්මේදී අසුගේ පය පැකිලී දෙදෙනාම ඇල්ලෙන් පහලට වැටි ජීවිතක්ෂයට පත්විය.අවසානයේ පෙම්වතියද ශෝකයෙන් ඇල්ලෙන් පහලට පැන දිවි නසා ගෙන ඇත.
මීට වෙනස් කතාත් තියෙනවා.
අපි ඇල්ලේ උඩ සෑහෙන වෙලාවක් ඉඳල, පල්ලෙහට බැස්සේ.
අපේ ඊළඟ නැවතුම වුනේ නාන්න සුදුසු තැනක් හොයාගෙන යන එක.
අපි පල්ලෙහා ගමට ඇවිත් ගමේ කෙලවරින් මා ඔයේ වැඩිය සෙනග ගැවසෙන්නේ නැති ස්ථානයක් බලලා හොඳ හැටි නා ගත්තා.
අසුපිනි ඇල්ලට එහා පැත්තේ තියෙන රහල කන්ද...මේක නගින්න ආසාවක් ආවා...
මේ තියෙන්නේ පහල ගම්මානයට අසුපිනි ඇල්ල පේන විදිහ.....
පල්ලෙහා ගමට ඇවිත් ගමේ කෙලවරින් මා ඔයේ වැඩිය සෙනග ගැවසෙන්නේ නැති ස්ථානයක් බලලා හොඳ හැටි නා ගත්තා.
අපි නාපු තැනට උඩින් විදුලි බලාගාරයක් තිබ්බා.එතන එහා පැත්තේ රබර් වත්තේ ගස් වල කොළ වේලිලා රතු පාටින් දිස් වුනා.අමුතුම ලස්සනක් තිබුනා.
එදා අපේ දවල් කෑම අපේ මිත්‍ර ඩිල්ශාන් ගේ මාමා ගේ නිවසෙන්.ඒ වෙනුවෙන් අපි හත්ගම්පල නගරයට ගියා.මාමාගේ ගෙදරට.ඒ නිවැසියෝ අපිට බොහොම හොඳින් ආගන්තුක සත්කාර කළා.
එතනින් දවල්ටත් කාලා, හවස් වෙලා කෝපි එකකුත් බීලා තමයි අපි නැවත පිටත් වුනේ.
පල්ලහ ගම්මානයේ වෙල් යායවල් සහ කඳු පංති මාර ලස්සනයි.ඈතින් අසුපිනි ඇල්ල හරි ලස්සනට දර්ශනය වුනා.
අපේ ඊළඟ ගමනාන්තය වුනේ ඉර බහින යාමයේ දෙවනගල රජමහා විහාරයට යන එක.
දෙවනගල රජමහා විහාරය පිහිටලා තියෙන්නේ මාවනැල්ල - හත්ගම්පල පාරේ මාවනැල්ලට කිට්ටු වෙන්න.විශාල ගල්තලාවක මුදුනේ පිහිටලා තියෙන තවත් ලස්සන ස්ථානයක්.
දෙවනගල රජමහා විහාරය ගැන කෙටියෙන් සඳහනක් කියන්න කැමතියි.
පොළොන්නරු යුගයේ මහා පරාක්‍රම බාහු රජතුමාගේ (1153-1186) අනුග්‍රහයෙන් මේ විහාරස්ථානය කරවන ලද බව පැවසේ.
ඉතිහාසයට අනුව බුරුම රටේ කුසුම් නුවර යුද්ධය ජයග්‍රහණය කල කිත් නුවරගල් නම් සෙනෙවියා විසින් මෙය කරවූ බව සඳහන්ය.
එමෙන්ම මහනුවර යුගයේදී විමලධර්මසුරිය රජු විසින් විහාරය ප්‍රති සංස්කරණය කරවූ බවද සඳහන් වේ.
ඉතිහාසයේදී මෙය එක් අවස්තාවක දළදා වහන්සේ තැන්පත් කොට තිබු බවද සැලකේ.
එමෙන්ම අන්තවාදී ඉස්ලාම් කල්ලි විසින් මේ ස්ථානයේ සෙල්ලිපි සහ බුද්ධ පාද ලාංඡනය විනාශ කිරීමට ද කටයුතු කර ඇත.

ඊළඟ ගමනාන්තය '' දෙවනගල බලා ''...
ඈතින් වලාකුල් කැටේට වැහිලා තියෙන්නේ අලගල්ල කඳු පර්වතය.
මෙතනින් තමා ගල උඩ පන්සලට යන්නේ.....කොහොමද ගලේ පඩි කොටලා තියෙන අපූරුව..
ඔය පේන්නේ උතුවන් කන්ද.
ඈතින් තවත් පන්සලක් පේනවා...
ගම්පොල - අම්බුළුවාව....
ඔය ඈතින් කොටුවට පේන්නේ බතලේගල....
ස්ථූපය
අතීතයේ දළදා වහන්සේ තැන්පත් කොට තිබුවා යැයි සැලකෙන කොටසේ අවශේෂ නටඹුන්.
අපේ කාණ්ඩය...සමූහ ඡායාරුපය..
අවසානයේ අපි මාවනැල්ල හරහා නුවර පාරේ ඇවිත් රෑ වෙද්දී කරදරයක් නැතුව ගෙවල් වලට ආවා.
එහෙමනම් එළකිරියේ අපේ සංචාරකයන්ට ජය වේවා.තවත් සංචාරක නූලකින් හම්බවෙමු...

ආයුබෝවන් අපේ එළකිරි සංචාරකයන්ට.තවත් පොඩි සංචාරක නූලක් ලිව්වා.මේ අපේ තවත් එක නිදහස් දින චාරිකාවක්.
මමත් මගේ ගමේ මිත්‍රයොත් දැනට අවුරුදු කිහිපයක ඉඳලම නොවරදවාම නිදහස් දිනයට, ඒ කිව්වේ පෙබරවාරි මාසේ 04 වෙනිදට නිදහස් දින චාරිකාවක් යනවා.
අපි අසුපිනි ඇල්ල බලන්න ගියේ 2019 ඒ කිව්වේ ගිය අවුරුද්දේ නිදහස් දවසේ.
(මේ අවුරුද්දෙත් ඒ ගමන පුරුදු විදිහටම ගියා. හැබැයි මට නම් සහභාගී වෙන්න බැරි වුනා.
)අසුපිනි ඇල්ල පිහිටලා තියෙන්නේ මාවනැල්ල අරණායක කියන ගම්මානයේ කෙලවර.මා ඔයේ නිර්මාණයක් වන මෙය දර්ශනීය, නමුත් අනතුරු බහුල සංචාරක ස්ථානයක්.