ආච්චි සහ දේශපාලනය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    ආච්චි සහ දේශපාලනය

    ආච්චි හිනා වේවි ඉන්නවා. යන්තම් 8 පන්තියෙන්, ඉගෙනීම නැවැත්තුව පවුලේ බර කරට ගන්න ඕන නිසා. ආච්චි ලේසි පහසු ගැහැනියක් නෙවි. සිරිමවොගේ කලේ පැය ගනම් පෝලිම්වල ඉදල කිරිපිටි අරගෙන ළමයි 7 දෙනෙක් හැදුව හැටි ආච්චිට අද වගේ මතකයි. 70 ගණවල ඉදල පොලට ගිහිල්ල හකුරු මිල අහල සල්ලි දීල ගන්නකොට, වියපු පොල් අතු විකුණලා, ලනු අබරලා විකුණලා සල්ලි හොයනකොට ආච්චි දේශපාලනේ ඉගනගෙන ඉවරයි. ඒ පොත පත බාවිතයෙන නෙවි, ජීවිතේ එදිනෙද අත්දැකීම් වලින්. සමාජය ආශ්‍රය කීරීමෙන්. 1971 කැරැල්ල, ගමේ කොල්ලො,.......... පොලිසිය.......... තවමත් හොදට මතකයි. 1977 පොලිසිවලට නිවාඩු දීල කරපු සෙල්ලම් අමතක වෙලා නැහැ. 77 ආර්ථික වෙනස්වීම්....... ගමේ මිනිස්සුන්ට බලපාපු හැටි අද වගේ මතකයි. අප්පචියේ.... චන්ද්‍රික කලේ 3.50 පන් දුන්නනේ. නෝනගේ කෙරුවාවල් ටිකත්, ප්‍රේමදාසගේ කලේ 88/89 මතකයි. පුතාල දෙන්න නැද ගෙන්දරක හංගල හිටපු හැටි අමතක වෙන දෙයක්ද? D.S. Senanayake කලේ ඉදන් ජීවිතේ අද්දැකීම් තුලින්, අද වෙනකම් ආච්චි නම් දේශපාලනේ තෙම්පරාදු වෙලා ඉන්නේ. එයට එයාගෙම මතවාදයක් තියෙනවා.

    p580084130-3.jpg

    හැබැයි ආච්චිගේ මුනපුරලා නම් ගොඩක් වෙනස්. හැමදාම ලෝකේ වෙනස් වෙනවා. එකේ වරදක් කියන්න බැහැ. උන්ටික අම්මගෙන තත්තාගෙන් කිසි මහන්සියක් නැතිව හම්බවෙන බත් පිගානක් කලා බීල, අන්තර්ජාලය ගිහිල්ල, අර මේ... මේ..... website වලට ගිහිල්ල දේශපාලනේ කපිත්තෝ වෙලා. හෝ හෝ ගල දේශපාලන කතා. සමහර වෙලාවට ආච්චිත් එක්ක වාදෙටත් යනවා. ආච්චි ඔයා දන්න රෙද්දක් නැහැ. ආච්චි ඉතින් ලංකාවේ ඉන්න නුගත් චන්දදයකයනේ. මේ සැරෙත් ගිහිල්ල අර මෝඩ පක්ෂෙයකට චන්දෙ දෙන්න ඇති. අඩුමගානේ මුණු පොතට තිය, gmail වත් යන්න දනනවද? HTML වලින් webpage එකක්වත් ලියාගන්න දන්නවද? බැහැනේ. ඒ මදිවට අපිත් එක්ක දේශපාලනේ කතාකරන්න එනවා, පරණ D.S. Senanayake කලේ ඒවත් මතක් කර කර. අපිනේ දේශපාලන පොරවල්. අයි මොනවද කතා.
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කොටින්ම කිව්වොත් ආච්චිගේ අතීතයට මුනුබුරාලගේ අනාගතය දන් දිය යුතුය.. එහෙම නේද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    කොටින්ම කිව්වොත් ආච්චිගේ අතීතයට මුනුබුරාලගේ අනාගතය දන් දිය යුතුය.. එහෙම නේද?

    එහෙම දෙයක් මේකේ අදහස් වෙලා නැහැ. ලංකාවේ වැඩිහිටියන් තමුන්ගේ ජීවිතේ අවුරුදු 20,30,40,60 අද්දැකීම් තුලින් මුවහත් වුනු/ගොඩනගාගත් දේශපාලනයෙන අදහස්, තීරණ හාස්‍යට ලක් කිරීම සුදුසු නැහැ කියන එක විතරයි අදහස් කරේ.
     
    • Like
    Reactions: GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම දෙයක් මේකේ අදහස් වෙලා නැහැ. ලංකාවේ වැඩිහිටියන් තමුන්ගේ ජීවිතේ අවුරුදු 20,30,40,60 අද්දැකීම් තුලින් මුවහත් වුනු/ගොඩනගාගත් දේශපාලනයෙන අදහස්, තීරණ හාස්‍යට ලක් කිරීම සුදුසු නැහැ කියන එක විතරයි අදහස් කරේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    hasyata lak nokarana eka witharak neme... wadi hitiyange deshapalana danumen apita hugak dewal igena ganna puluwan........

    me podi un hithanne internet eke okkoma thiyenawa kiyala............. :lol::lol::lol::lol::lol::lol:
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ඕක තමයි කතාවේ සාරාශoය.

    කොටින්ම කිව්වොත් ආච්චිගේ අතීතයට මුනුබුරාලගේ අනාගතය දන් දිය යුතුය.. එහෙම නේද?

    ඕක තමයි කතාවේ සාරාශoය.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    hasyata lak nokarana eka witharak neme... wadi hitiyange deshapalana danumen apita hugak dewal igena ganna puluwan........

    me podi un hithanne internet eke okkoma thiyenawa kiyala............. :lol::lol::lol::lol::lol::lol:

    අන්තිමට ඔය අන්තර්ජාලයේ සිහින ලෝකවල හදාගත්ත fantasy එක චන්දෙන් පස්සේ බිදවැටුනහම, ආච්චිලා තමයි බැනුම් අහන්නේ. :lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    පිස්සු පුසා;16460587 said:
    දැනට දේශපාලනය තුල අහලා තියෙන මූසලම වචනේ
    "කළගුණ සැලකීම"

    ආසම වචනේ ?

    Last edited: