මේවා පෙනී පෙනී අර අනුර කුමාරයා කියනවා බෙදුම්වාදයක් නෑලු ඔක්කොම වෙන්නේ සිංහල ජාතිවාදය හින්දලු. දැන් කොටින්ට කඩේ යන්නේ කවුද කියල පේනවනේ.
මේ යකා කියනවා දෙමල මිනිස්සුන්ටහරි අසාධාරනයිලු. එත් දෙමල අයට දෙමල වීම නිසාම වෙලා තියෙන අසාධාරණය මොකද්ද කියල ඇහුවම එකෙක්ටවත් කට උත්තර නෑ.
දුප්පත්කම වගේ දෙගොල්ලන්ටම පොදු ප්‍රශ්න තිබුනට දෙමල අයට දෙමල වීම නිසාම මූණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? අද 1 වසරේ ඉඳන් PhD එකට එනකන්ම දෙමලෙන්ම ඉගෙනගන්න ඉඩ දීල තියෙන එකම රට ලංකාව. කොළඹ තොග ව්‍යාපාර ඔක්කොම කරන්නේ දෙමල මුදලාලිලා. දෙමල මිනිස්සුන්ට දෙමල වීම තමන්ගේ වැඩ කරගෙන ජීවත් වෙන්න, ඉඩම් ගන්න, ඉගෙනගන්න, ව්‍යාපාර කරන්න බාධාවක් වෙලා තියෙනවද?
ලංකාවේ දෙමල අයට මොකද්ද ඉන්දියාවේ හරි කැනඩාවේ හරි ඉන්න දෙමල අයට වඩා වෙලා තියෙන අසාධාරණය?
එහෙම අසාධාරණයක් වෙලා නෑ. එක නිසා අනුර කුමාරයා කරන්න හදන විදියට විදියට සිංහල සංස්කෘතිය ගැන කතා කරන එකත් ජාතිවාදී ලේබල් අලවල තහනම් කරන එකෙන්වත් රනිල කියන විදියට "උපරිම" බලය බෙදලවත් මේක විසඳන බෑ. අද තියෙන්නේ දෙමල ජාතිවාදයක්. දෙමල බෙදුම්වාදයක්. එකට උදව් කරන්නේ සුද්දොයි ඉන්දියාවයි, සිංහල සංස්කෘතිය නැති කිරීමේ අරමුණින්. මේ බලපෑම් වලට නවෙන්නේ නැති නායකයෙක් තමයි අපට ඕනේ.