ඇඟ පෙන්වීමේ කලාව

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ඇඟ පෙන්වීමේ කලාව

    ඇඟ පෙන්වීමේ කලාව

    ඔව් ඔව් ඇඟ පෙන්වීමත් එක්තරා කලාවක් තමයි. හරියට වෙලාවට කලාවට ඕක පෙන්නුවොත් කවුද ඉතින් නොබලා ඉන්නේ. හැබැයි ඉතින් ඒකටත් විධියක් තියනවා. වැඩේ කියන්නේ අපේ අක්කලා තැනක් නොතැනක් වෙලාවක් කලාවක් බලන්නෙ නැතුව අනවශ්‍ය විධියට ඕක පෙන්නන්න ගිහින් නිකන් ඇදගෙන නාගන්න එකයි. පස්සෙ ඉතින් අරෙහෙම කලා මෙහෙම බැලුවා එහෙම කිව්වා කිය කිය නාහෙන් අඬනවා. ඒ කියන්නේ කොල්ලොන්ගේ වැරැද්දක් නැ කියලද? අපොයි නැ. යන කෙනා කොහොම ඇඳන් ගියත් බලන කෙනා සිහිබුධියෙන් බැලිය යුතුයි කියලයි පුරාණ පුස්කොල පොත් වල තියෙන්නෙ. කවුරු කොහොම පෙන්නගෙන ගියත් අනවශ්‍ය විධියට හැඟීම් අවුස්සගෙන වාත වෙන්නෙ නැතුව තමාගේ හිත සන්සුන් කරගන්න උසස් මනසක් හිමි මනුශ්‍යාට අනිවාර්‍යෙන්ම පුලුවන් වෙන්න ඕනි. තමන්ට ඒ දේ කරගන්න බැරි කම වහගන්න කාන්තාවගේ පිටටම වැරැද්ද දාලා මෙයාලා ඔක්කොම වහගෙන හිටියනම් හරිනෙ වගේ තර්ක නම් එච්චර තේරුමක් නැ. එතකොට මෙ කියන්නේ එහෙම අඳින අයගෙ වැරැද්දක් නැ කියලද? මොකෝ නැත්තෙ. තමන් අඳින දේ තනිකරම එයාලගේ තීරනයක් ඇන්ඩ් එයාලා දැනගන්න ඕනි තමන්ගෙ ගෞරවය රැකෙන විධියට ඇඳුම් අඳින්න. තමන්ගෙ සිරුරට තමන්ම ගෞරව කරන්නෙ නැතිව අනුන්ගෙන් ගෞරවයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක සිරාම මෝඩ ජෝක් එකක්.

    හරි දැන් මන් මෙතන මේ “වරද කාගේද” ෆිල්ම් එක ශූට් කරන්න හදනවා නෙමයි. මේන් පොයින්ට් එකට පූර්විකාවක්ද මොකක්ද එකක් තමයි ඒ දුන්නෙ. මන් කියන්න යන්නේ ඔය ඇඟ පෙන්නන අයගෙ වර්ග ගැන. ඉස්කෝලේ වර්ගීකරණය පාඩම ඉගෙන ගත්ත දවසේ ඉඳලා හැමදේම වර්ග කරන එක මට පුරුද්දකට ගිහිල්ලා. ඉතින් සමාජෙ ඉන්න අයයි එයාලා පෙන්නන ඇඟයි දිහා බලපුවාම මට එක්තරා පොදු ලක්‍ෂණ වගයක් පෙනී ගියා. ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් ඉන්නවා, ඇඟ පෙන්නන අය සහ ඇඟ නොපෙන්වන අය කියලා.
    ඒකෙනුත් ඇඟ පෙන්නන අය ආයෙත් කොටස් දෙකකට බෙදන්න පුලුවන් පෙන්වීමට සුදුසු ඇඟක් ඇති අය සහ එහෙම ඇඟක් නැති අය.
    එතකොට ඇඟ නොපෙන්වන අයත් ඒ වගේම කොටස් දෙකකට බෙදන්න පුලුවන්. අපි එකින් එක පොඩ්ඩක් ක්ලෝස්ලි විග්‍රහ කරල බලමු.

    පෙන්වීමට සුදුසු ඇඟ පෙන්වන අය

    මෙයාලා නම් ඉතින් ආයෙ මොකද ආයිෂ් අම්ම ගුන්ඩු තමයි. පෙන්නන තරමට ලෝකයාට වාසියි. එහෙම කරන ගොඩක් අය ඉතින් I’m sexy and I know it ටයිප් එකේ. හැමෝටම ඔහොම පෙන්නන්නත් බැ ඉතින්. ඒකට සෙට් වෙන ඇඟක් වගේම ඒක පෙන්නන්න කොන්ෆිඩන්ස් එකක් තියෙන්නත් ඕනි. ඒක නැති අය තමයි පෙන්නගෙන ගිහින් අන්තිමට නාහෙන් අඬන්නේ. අන්න එයාලා නම් කොන්ෆිඩන්ස් හැදෙන කන් පොඩ්ඩක් වහගෙන හිටියනම් තමයි හොඳ. මොකද මේක රහත් සමාජයක් නෙමෙයිනේ. හැමෝම දන්නවා පෙන්නගෙන ගියොත් බලනවා කියලා. බලනවට බය නම් මොකටද පෙන්නන්නේ. එහෙම බලනවට බය නැති අය ඕනි තරන් පෙන්නගෙන ගියාට අපේ නම් කිසිම අකමැත්තක් නැ ඕං

    පෙන්වීමට නුසුදුසු ඇඟ පෙන්වන අය

    මෙහෙම අය ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැ. දැක්කම අනේ අනිඡ්චං සංසාරේ කියලා හිතෙනවා. මෙයාලට සෙට් වෙන ඇඟක් නැති උනාට කොන්ෆිඩන්ස් නම් තියනවා පැලෙන්න. Who cares what Lokaya says කියලා කවුරු මොනා කිව්වත් එයාලා පෙන්නන එක නම් නවත්තන්නෙ නැ. කොච්චර පෙන්නුවත් ඉතින් අවුලකුත් නැ මොකද කවුරුත් කිසි කරදරයක් කරන්නෙත් නැනේ.නිකන් සමාජයේ විහිලුවක් බවට පත් වෙන එක විතරයි වෙන්නේ. හැබැයි ඉතින් කවදාහරි දවසක සෙල්ෆ් රෙක්ග්නිශන් ඥානයක් පහල වෙලා එයාලම සිද්දිය තේරුම් අරන් ඕක නැවැත්තුවොත් අපිටත් හොඳයි එයාලටත් හොඳයි.

    පෙන්වීමට සුදුසු ඇඟ නොපෙන්වන අය

    හ්ම්.... සමහර අයටනම් හිතෙයි අනේ අපරාදෙ කියලා. එත් ඒක ඒ අයගෙ කැමැත්ත. පෙන්නන්න තරම් ලස්සන ඇඟක් තියාගෙන ඒක නොපෙන්වා ඉන්නත් හේතු කීපයක් තියනවා.සමහරු නම් ජෙනුයින්ම ඇඟ පෙන්නන්න කැමති නැ කොච්චර ලස්සන උනත්. ඒකට එයාලගෙ ආගම, සංස්කෘතිය,පවුල් පසුබිම,හැදිච්චකම වගේ දේවල් බලපාන්න පුලුවන්.මේ වගේ ෆැශනබල් සමාජයක එහෙම විනීතව හැදෙන එකත් සැහෙන්න අමාරු වැඩක්. ඒකෙන් කියවෙන්නේ නැ ඇඟ වහගෙන ඉන්න ඔක්කොමලා හැදිච්ච විනීත කෙල්ලො කියලා. ඔලුවෙ ඉඳන් වහගෙන ඔක්කොම ජරා වැඩ කරන අය ඉන්නවා.එයලා ජෙනුයින් ඇඟ වහන්න කැමැති අය නෙමෙයි. එයලා ඇඟ නොපෙන්වා ඉන්නෙ එයාලාට එහෙම කරන්න බාහිර බලපැමක් තියන නිසා. ආගම, සංස්කෘතිය, ගෙදර නීති රීති වගේ දේවල් නිසා ඇඟ පෙන්න ගන්න තියන ආසාව යටපත් කරගෙන ඉන්න මෙයාලා අවස්තාවක් ආව ගමන් ඕක පෙන්න ගන්න පසුබට වෙන්නෙ නැ. එයාලා safe mode ප්ලේ කරන අය. මොකද හැමදාමත් බැනුම් අහන්නේ පළවෙනි, දෙවෙනි වර්ගයේ අය විතරක් නිසා.

    පෙන්වීමට නුසුදුසු ඇඟ නොපෙන්වන අය

    මෙයාලා නම් කරන්නෙ ඉතිං හරිම හොඳ දෙයක්. තමන්ගෙ මට්ටම් තම්මැටටන් කියලා ඇඟේ හැටි දැනගෙන ජීවත් වෙන එක හොඳ වැඩක් කියලා තමයි විජයකලා තුමිය දෙමලෙනුත් කියල තියෙන්නෙ. ඒකෙන් තමාගේ අවලස්සන නිරාවරනය වෙන්නෙත් නැ. ලෝකයාගෙ අගෞරවයට පාත්‍ර වෙන්නෙත් නැ.

    So guys, මීට පස්සෙ කවුරු හරි පෙන්නගෙන යනකොට ඒක දිහා විතරක් කට ඇරගෙන බලාගෙන ඉන්නෙ නැතිව එයාලා මොන වර්ගයට අයත් අයද කියලා හිතන්න උත්සහ කරන්න.

    අන්තිමට කියන්න තියෙන්නෙ ඔහොම පෙන්නගෙන යන එක හරිද වැරදිද කියන්න තරම් මං මෝරලා නැ. මට මගේ මතයක් ඉදිරිපත් කරන්න පුලුවන් උනත් ඒක පිලිගන්න තරම් මං ෆේමසුත් නැ. අනුන් කියන කරන දේවල් වෙනස් කරන්න මට පවර්සුත් නැ. තැනේ හැටියට ඇනේ ගහගන්න පුලුවන්නම් කොහොම ගියත් එකයි!!!
    අහලා තියන පොඩි නිසදැසකින් වැඩේ ඉවර කරන්නම්. අසා සිටි ඔබ සැමට වැඩි වැඩියෙන් මාමයිට් ලැබේවා.

    ලස්සන ගැහැනුන් ආඩම්බර වූ විට
    වඩාත් ලස්සනය...
    අවලස්සන ගැහැනුන් තමන් ලස්සන යයි සිතා
    ආඩම්බර වූ විට
    ලොව ඇති අවලස්සනම දසුන එයය....
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    Kawru hari sehenna saren kiyala ewala thiyanawa photo daapan ponnayo kiyala. I’m so sorry dude! man gawa ponnayange photo ne. hambunoth Oyata ewannam ok