තව වමට ගියාම උඩටම පාරක් තියනව බන්.
ඔව් බන්. ඔය පඩි පේලිය ලස්සනට තිබ්බ කැඩිලා නැතුව. දෙපැත්තේ පස් බැමි කොළ පාට වෙන්නම වැහිලා තිබ්බේ උදුපියලිය තව පොඩි කටු ගස් වලින්. පඩි පේලිය වැටෙන්නේ උපරිම කාර් එකක පළල ගුරු පාරකට
කවුද උට්ටෙක් එකට තාර දාල දැන්. . ඊට ඉස්සරහින් කුබුරු. ඒවා ඉවර වෙන්නේ කුරුදු /තේ ඉඩම් වලින්. ඔය පඩි ප්ලියේ දකුණට වෙන්න උසට තියන ගහ ලොකු දිවුල් ගහක්. පඩි පේළියට වෙලා ආතල් එකේ ඉදගෙන කුබුරු දිහා බලන් ඉන්න ආස උනාට කොයි වෙලේ හරි දිවුල් ඔළුවට වැටෙයි කියලා බයියි

. වත්තේ සෑහෙන තිබ්බේ කොස් ගස් . වරක සුවදයි හැමතැනම. තව කිතුල් ගස් ගොඩක් තිබ්බ. ඒවා වල මල් කපල මුට්ටි එල්ලලා තිබ්බේ. ගෙදර කොයි වෙලෙත් සුපිරි කිතුල් පැණි, දිවුල් කිරි, හාල්/වී ගෝනි , කොස් තම්බපු ව තිබ්බ. ඔය ගෙට පිටි පස්සෙන් කන්දක් තියෙන්නේ . ඒක තනිකර කැලයක් . තනියම යන්න බයයි ඕකට . හොරෙන් ගිහින් ආයිත් දුවගෙන ඇවිත් තියනව .

. මොකද ඒකේ පට්ට උස ගස් තියෙන්නේ . තව තැනින් තැන ලොකු කළු ගල්. ගස් වල වදුරෝ ඉන්නව. උන් ඒ පැත්තට වෙන්න බය නෑ . උන් ගස් උඩ ඉදන් කෑගහද්දී බයයි. කොටියෙක් වත් ආවොත් කියලා දුවගෙන එනව. ඇති කොටියෙක් නෑ ඕව වල. නරි නම් හූ කියනව ඇහෙනවා රෑට, හැබැයි මම දැකල නෑ . නයි පොළොංගු ඕන තරම් ඇති .. පඩිපෙළ වම පැත්තට වෙන්න බොලොක්ක ලිදකුයි, ඊට ගල් පඩි තුනක් විතර බැස්සම අර කෝපිකඩේ වගේ නාන ලිදකුයි තිබ්බ. දැන් ඒවා වල් වැදිලා. පාවිච්චියක් නෑ . ඔතන තව සුපිරි ලාවලු ගහක් තිබ්බ. ඒක පෙන්න නෑ . ගෙදර හිටපු සීයල ආච්චිලා ගුරු , විදුහල්පති, ගුරුකම්/ තෙල් මතුරන වගේ වැඩත් දන්නා(දේවාල නෙවෙයි, අර පලිගු මැණිකේ එකේ ගුරුනාන්සේ ඉන්නේ. ඒ ටයිප්) , කුබුරු කරගෙන හිටපු සෙට් එකක්.. ඉතින් ගෙදර පරණ ලස්සන පොත්, කතපොත් පුස්කොලපොත් , ලනු ඇදක් පුරවල ලියුම් (මුද්දර ජාති තිබ්බ ලස්සන) වගේ ඒවා තිබ්බ සොල්දරේ උඩ කාමරේ. මම ඕකට නගිනවා ශේප් එකේ . මරු දේවල් එකතු කරන් එනව යන හැම පාරම පොඩි කාලේ. තව ටීක් බෝල තිබ්බ කබඩ් ඇතුලේ

. ඉස්තෝප්පුවේ කෙලවරේ ලනු ඇදක් තිබ්බ තඩි කොටයක් තිබ්බ ස්ටුල් එකක් වගේ පාවිච්චි කරපු . තව සීයාගේ හාන්සි පුටුවක් තිබ්බ ලොකු කනප්පුවක් එක්ක. ඔතන රෑට කට්ටිය කාඩ් ගහනව.. ඉස්කෝලේ නිවාඩු කාලෙට තාත්ත අපිව ගිහින් දානවා සති දෙකකට විතර. ඔතන ඔය ගෙදරයි තව ටිකක් ඇවිදන් ගියාම තව ගෙයක් තියනව ආච්චිලා ,පුංචිලා ඉන්න. මම ඉතින් මාරුවෙන් මාරුවට ඔය ගෙවල් වලට යනවා , කුබුරේ යනවා, ගප්පි අල්ලනවා, වදුරෝ එනකොට බලනව, සොල්දරේ උඩට ගිහින් පොත් , ලියුම් තව එකතු කරගන්න තියන පරණ දේවල් බලනව, දිවුල්/ගොරකා/පුවක් අහිදින්ව , ලාවලු/ උගුරැස්ස කඩනවා , පරණ බුට් දෙකක් දාගෙන කැලේ යනවා කියලා යනවා උඩට

... පට්ට adventure ට්‍රිප් එක හැම නිවාඩු කාලෙම. දැන් ඔය ගෙදර කවුරුත් නෑ එක සීයා කෙනෙක් ඇරෙන්න. වටේ පිටේ ඉන්නව කට්ටිය අලුත් ගෙවල් එහම හදල. ඔය vibe එක නම් නෑ හැබයි. දැන් මිනිස්සු කිසි තේරුමක් නැතුව බිසී වෙලා , ඒ ලියිෆ් එක පට්ට බන්.
------
Post added on Mar 20, 2024 at 12:32 AM