ඇත්තටම අමුතුම පාලු ගතියක් දැනුනා 😔

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉන්න තැන ඉඳලා හැරිලා බලද්දී මහ කාලකන්නි ජීවිතයක් කියල හිතෙන්නේ. ඔය ගෙදරම ඉඳලා මේ ඉන්න තැන බලද්දිත් මේ මූකලානේ මොන කාලකන්නි ජීවිතයක් ගෙවනවද කියල දැනෙයි😐

    ඔහොම දුර පලාතක ගෙදරක ඉඳලා රැකියාවක් කරන් ජීවත්වෙන්න අමාරුයි. වතුපිටි වලින් ආදායමක් එනවනං හොඳයි.
    kisima dekin sanaseemak labenne na ban.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,302
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    kisima dekin sanaseemak labenne na ban.
    මේ මොහොතේ ආතල් එකේ ඉන්න එක තමයි හොඳම. පොඩිකාළේ මතක්කරකර වැලපුනා කියලවත් ඉදිරිය ගැන කල්පණාකරා කියලවත් සැනසීමක් ලැබෙන්නේ නෑ.
    එහෙම බැලුවම අවමෙන් වැඩකරලා කවුන්සිල් හවුස්වල ජීවත්වෙලා ආන්ඩුවෙන් පඩියක් අරන් සුද්දෝ සැපේ ඉන්නවා. මොන පරිප්පුවක්ද අපි මේ කන්නේ😐
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,066
    113
    මම දැකලා තියනවා දැන සමහර ගෙවල් හදන්නේ දැන් පරණ විදියට . වලව් ටයිප් එකට ...
     
    • Wow
    Reactions: KalyanaMithra001

    AnuradhaRa

    Well-known member
  • මම දැකලා තියනවා දැන සමහර ගෙවල් හදන්නේ දැන් පරණ විදියට . වලව් ටයිප් එකට ...
    ඒක හරිම භයානක ප්‍රවණතාවයක්
    භූතාත්ම ආකර්ෂණය වෙනව
     
    • Haha
    Reactions: Honda.putha

    AnuradhaRa

    Well-known member
  • Photo ekak danna balanna.
    අවුරුදු 60 ක් පරණයි
    හුණු අලු බිත්ති
    වහලෙ පරාල ටිකනං ගින්දර
    උළු පරණ වෙලා. වහින වෙලාවට තැන් කීපයක් තෙමෙනව. අපි ඉතිං බේසං තියනව
     
    • Sad
    Reactions: gamaya80

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,534
    113
    ප*යාගල
    sorry.com
    Bump. මම දැනුත් ඉන්නෙ අපෙ මහ ගෙදර. ඔච්චර වලව් ටයිප් නෑ. අපිට තියෙන්නෙ මේ ගෙදර විතරයි.

    පහල ලිදක් තිබ්බා ඉස්සර මුලු ගමම වතුර ගන්නෙ ඒකෙන්.
     
    • Like
    Reactions: mag123 and itguy77

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    දැන් පාලුවට ගහින්.. :(

    tarKBEH.jpg
    dandubasnaamane shoot kare methanada yakooow

     
    • Haha
    Reactions: dilann

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    තව වමට ගියාම උඩටම පාරක් තියනව බන්.

    Nul0lXi.jpg



    ඔව් බන්. ඔය පඩි පේලිය ලස්සනට තිබ්බ කැඩිලා නැතුව. දෙපැත්තේ පස් බැමි කොළ පාට වෙන්නම වැහිලා තිබ්බේ උදුපියලිය තව පොඩි කටු ගස් වලින්. පඩි පේලිය වැටෙන්නේ උපරිම කාර් එකක පළල ගුරු පාරකට කවුද උට්ටෙක් එකට තාර දාල දැන්. . ඊට ඉස්සරහින් කුබුරු. ඒවා ඉවර වෙන්නේ කුරුදු /තේ ඉඩම් වලින්. ඔය පඩි ප්ලියේ දකුණට වෙන්න උසට තියන ගහ ලොකු දිවුල් ගහක්. පඩි පේළියට වෙලා ආතල් එකේ ඉදගෙන කුබුරු දිහා බලන් ඉන්න ආස උනාට කොයි වෙලේ හරි දිවුල් ඔළුවට වැටෙයි කියලා බයියි:dull:. වත්තේ සෑහෙන තිබ්බේ කොස් ගස් . වරක සුවදයි හැමතැනම. තව කිතුල් ගස් ගොඩක් තිබ්බ. ඒවා වල මල් කපල මුට්ටි එල්ලලා තිබ්බේ. ගෙදර කොයි වෙලෙත් සුපිරි කිතුල් පැණි, දිවුල් කිරි, හාල්/වී ගෝනි , කොස් තම්බපු ව තිබ්බ. ඔය ගෙට පිටි පස්සෙන් කන්දක් තියෙන්නේ . ඒක තනිකර කැලයක් . තනියම යන්න බයයි ඕකට . හොරෙන් ගිහින් ආයිත් දුවගෙන ඇවිත් තියනව . :lol: . මොකද ඒකේ පට්ට උස ගස් තියෙන්නේ . තව තැනින් තැන ලොකු කළු ගල්. ගස් වල වදුරෝ ඉන්නව. උන් ඒ පැත්තට වෙන්න බය නෑ . උන් ගස් උඩ ඉදන් කෑගහද්දී බයයි. කොටියෙක් වත් ආවොත් කියලා දුවගෙන එනව. ඇති කොටියෙක් නෑ ඕව වල. නරි නම් හූ කියනව ඇහෙනවා රෑට, හැබැයි මම දැකල නෑ . නයි පොළොංගු ඕන තරම් ඇති .. පඩිපෙළ වම පැත්තට වෙන්න බොලොක්ක ලිදකුයි, ඊට ගල් පඩි තුනක් විතර බැස්සම අර කෝපිකඩේ වගේ නාන ලිදකුයි තිබ්බ. දැන් ඒවා වල් වැදිලා. පාවිච්චියක් නෑ . ඔතන තව සුපිරි ලාවලු ගහක් තිබ්බ. ඒක පෙන්න නෑ . ගෙදර හිටපු සීයල ආච්චිලා ගුරු , විදුහල්පති, ගුරුකම්/ තෙල් මතුරන වගේ වැඩත් දන්නා(දේවාල නෙවෙයි, අර පලිගු මැණිකේ එකේ ගුරුනාන්සේ ඉන්නේ. ඒ ටයිප්) , කුබුරු කරගෙන හිටපු සෙට් එකක්.. ඉතින් ගෙදර පරණ ලස්සන පොත්, කතපොත් පුස්කොලපොත් , ලනු ඇදක් පුරවල ලියුම් (මුද්දර ජාති තිබ්බ ලස්සන) වගේ ඒවා තිබ්බ සොල්දරේ උඩ කාමරේ. මම ඕකට නගිනවා ශේප් එකේ . මරු දේවල් එකතු කරන් එනව යන හැම පාරම පොඩි කාලේ. තව ටීක් බෝල තිබ්බ කබඩ් ඇතුලේ :rofl: . ඉස්තෝප්පුවේ කෙලවරේ ලනු ඇදක් තිබ්බ තඩි කොටයක් තිබ්බ ස්ටුල් එකක් වගේ පාවිච්චි කරපු . තව සීයාගේ හාන්සි පුටුවක් තිබ්බ ලොකු කනප්පුවක් එක්ක. ඔතන රෑට කට්ටිය කාඩ් ගහනව.. ඉස්කෝලේ නිවාඩු කාලෙට තාත්ත අපිව ගිහින් දානවා සති දෙකකට විතර. ඔතන ඔය ගෙදරයි තව ටිකක් ඇවිදන් ගියාම තව ගෙයක් තියනව ආච්චිලා ,පුංචිලා ඉන්න. මම ඉතින් මාරුවෙන් මාරුවට ඔය ගෙවල් වලට යනවා , කුබුරේ යනවා, ගප්පි අල්ලනවා, වදුරෝ එනකොට බලනව, සොල්දරේ උඩට ගිහින් පොත් , ලියුම් තව එකතු කරගන්න තියන පරණ දේවල් බලනව, දිවුල්/ගොරකා/පුවක් අහිදින්ව , ලාවලු/ උගුරැස්ස කඩනවා , පරණ බුට් දෙකක් දාගෙන කැලේ යනවා කියලා යනවා උඩට :rofl: ... පට්ට adventure ට්‍රිප් එක හැම නිවාඩු කාලෙම. දැන් ඔය ගෙදර කවුරුත් නෑ එක සීයා කෙනෙක් ඇරෙන්න. වටේ පිටේ ඉන්නව කට්ටිය අලුත් ගෙවල් එහම හදල. ඔය vibe එක නම් නෑ හැබයි. දැන් මිනිස්සු කිසි තේරුමක් නැතුව බිසී වෙලා , ඒ ලියිෆ් එක පට්ට බන්.
    ------ Post added on Mar 20, 2024 at 12:32 AM
    දැන් මිනිස්සු කිසි තේරුමක් නැතුව බිසී වෙලා :(
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    gen z උන් මේ ත්‍රෙඩ් බලලා පුකෙන් හිනාවෙනවා ඇති අපිට 😂 උන්ට අපිට තරං අතීත කාමයක් නැතුව ඇති
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ඉන්න තැන ඉඳලා හැරිලා බලද්දී මහ කාලකන්නි ජීවිතයක් කියල හිතෙන්නේ. ඔය ගෙදරම ඉඳලා මේ ඉන්න තැන බලද්දිත් මේ මූකලානේ මොන කාලකන්නි ජීවිතයක් ගෙවනවද කියල දැනෙයි😐

    ඔහොම දුර පලාතක ගෙදරක ඉඳලා රැකියාවක් කරන් ජීවත්වෙන්න අමාරුයි. වතුපිටි වලින් ආදායමක් එනවනං හොඳයි.

    හොඳම දේ ඉන්න තැන සතුටින් ඉන්න එක. කොහොමත් දවසක තනිවෙලා මැරිලා යන්න වෙනවා.
    කොහොමත් දවසක තනිවෙලා මැරිලා යන්න වෙනවා.
    Reality of life
     
    • Like
    Reactions: LINDA_ADERSON_22