ඇම්ඩාගේ ගාණ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    542334_238680706231439_156006677832176_363180_416062389_n.jpg


    ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවා. එනකොට තාත්තා සාලෙ වාඩිවෙලා පත්තරයක් බල බල හිටියා. ඇම්ඩාගෙ මූණ ඒතරම් හොදනැති නිසා තාත්තා ඇම්ඩාගෙන් මෙහෙම ඇහුවා.

    තාත්තා - මොකද උඹ අදත් ලෙඩක් දාගත්තද?
    ඇම්ඩා - ටීචර් කිව්වා හෙට තාත්තව ඉස්කෝලෙට එක්කන් එන්න කියලා
    තාත්තා - මම කිව්වේ.. මොකද්ද උඹ කරපු දහදුරා වැඩේ?
    ඇම්ඩා - මගේ නෙමෙයි තාත්තේ වැරැද්ද... ටීචගෙ තමයි වැරැද්ද..
    තාත්තා - ඔය ඔය.. ටීචලට පිස්සුද නිකං තාත්තලව ඉස්කොලෙට ගෙන්නන්න? මොකද්ද උඹ කලේ කියපන්..
    ඇම්ඩා - ටීච මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, මම උත්තර දුන්නා.. එච්චරයි..
    තාත්තා - උඹ දුන්න උත්තරේ වැරදියි?
    ඇම්ඩා - නැහැ.. හරි..
    තාත්තා - බොරු කියන්නෙපා, එහෙමත් ටීචලා හරි උත්තර කිව්වම දඩුවම් දෙනවද? හරි මොකද්ද අහපු ප්‍රශ්නෙ?
    ඇම්ඩා - දෙකට තුනක් එකතු කලාම කීයද කියලා ඇහුවා
    තාත්තා - හරි, උඹ මොකද්ද කිව්වේ?
    ඇම්ඩා - පහයි කිව්වා.
    තාත්තා - හරිනෙ, ඉතිං මොකද්ද ප්‍රශ්නෙ?
    ඇම්ඩා - ටීච තව ප්‍රශ්නයක් ඇහුවා.
    තාත්තා - ඒ මොකද්ද? උඹ ඒක වරද්දන්න ඇති.. කියපන් ඒක
    ඇම්ඩා - තුනට දෙකක් එකතු කලාම කීයද ඇහුවා
    තාත්තා - කලින් ඇහුවෙත් ඕකෙම අනිත් පැත්ත නේද බං? මොන **** ප්‍රශ්නයක්ද ඒක?
    ඇම්ඩා - මමත් ටීචර්ගෙන් ඇහුවෙ ඕකම තමයි තාත්තේ, එතකොට තමයි තාත්තව එක්කගෙන එන්න කිව්වෙ.
    by: ෆේස්බුක් කපුවා