ඇමෙරිකන් ධනවාදය සහ අපි!!!!!!!!!!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඇමෙරිකන් ධනවාදය සහ අපි!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    සමාජවාදෙටද ධනවාදෙටද වඩා කැමති? හුගක් දෙනක් දෙන පිළිතුර තමයි සමාජවාදය හරි යන්නේ නැහැ අනේ (බලන්න ඉස්සර සමාජවාදී රටවල්වලට වෙච්ච දේ) ....ධනවාදේ නිසා තමයි ගොඩක් රටවල් දියුණු උනේ (චීනය පවා) ;නැතිනම් කියූබාවට වෙන දේ තමයි වෙන්නේ. මේ කතාවේ ඇත්තක් තියෙනවා. හැබැයි ඔකේ තව පැත්තක් තියෙනවා.

    නියම ධනවාදයට ආසන්න රටක් තියෙන්නේ ඇමෙරිකාව. ධනවාදය පදනම්වන්නේ survival of the fittest මුලදර්මය පදනම්ව.

    Cooperative-Capitalism.jpg

    (1) බඩු මිල - බඩු මිල තීරණය වන්නේ වෙලදපොලේ ඉල්ලුම සැපයුම අනුව. අපි හිතමු පරිප්පු කිලෝ 1 dollar 10,000 උන කියල. ඉතින් කොරන්න දෙයක් නැහැ. එක්කෝ පරිප්පු කෑම නවත්තල වෙන මගුලක් හොයාගන්න ඕන. නැතිනම් බඩගින්නේ ඉන්න ඕන. ආණ්ඩුවට බඩු මිල පාලනය කරන එක අයිති කාරණයක් නෙවි. දැන් ඉතින් දුප්පත් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියල ආණ්ඩුවට බනින එක තේරුමක් නැති දෙයක්. තමුන් දැනගන්න ඕන කොහොමහරි survive වෙන්න

    (2) රස්සාවල්- අපේ හුගක් දෙනෙක්ගේ පැතුම තමයි හොද රස්සාවක් හොයාගෙන දෙයියනේ කියල හොදින් ජීවත් වෙන්නේ. ඕනෑම රස්සාවක් ඉස්තිර නැහැ. ඕනෑම මොහොතක රස්සාවෙන් අයින් කරන්න පුළුවන්. සමහර company 10000 ,20000 එකපාරට අයින් කරනවා. හෙට උදේ වැඩට එනකොට ලියුමක් මේසේ උඩ තියෙන්නේ පුලුවන්. “Thank you for your service. Unfortunately we have decided to discontinue your job as result of restructuring in our company. Wish you great success in your future carrier” කියල. මේක බොහොම සාමාන්‍ය දෙයක්. ඒ නිසා තමුන් දැන ගන්න ඕන අඩ දොඩලා වැලපෙන්නේ නැතිව වෙන රස්සාවක් ඉක්මනට හොයාගන්න. මතකනේ “survival of the fittest” මුලදර්මය. තමුන් සමාජය සමග හැප්පිලා තමයි රස්සාවක් හොයාගන්න ඕන. රස්සාවල් දෙන එක ආණ්ඩුවට අදාල කාරණයක් නෙවි

    HR_Solutions_Layoff.jpg

    (3) Healthcare - ලංකාවේ වගේ ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට ගිහිල්ල බෙහෙත් ඉල්ලා ගන්න බැහැ. මිනිස්සුට Healthcare, බෙහෙත් දෙන එක ආණ්ඩුවේ වැඩක් නෙවි. තමුන්ට, තමුන්ගේ පවුලට දරුවන්ට හොද Healthcare insurance ලැබීම තමුන්ගේ වැඩක්. වියදම තමුන් දැරිය යුතුයි. එකට මහන්සිවෙලා හොද රස්සාවක් හොයාගෙන හොද Healthcare insurance ගන්න ඕන. In fact, good healthcare system is a multi billion dollar business in US. There is no way that the government can interfere (or give free healthcare). I am not sure about Obamacare, but it seems it is not free. Nothing is free

    (4) හිගන්නන් - මේ රටවල්වල හිගන්නන් ඕන තරම් ඉන්නවා. ඉතින් කට්ටිය කල්පනා කරන්න පුළුවන් යකෝ මෙච්චර දියුණු රටවල්වල හිගන්නෝ ඉන්නේ කොහොමද කියල. උත්තරය බොහොම පැහැදිලියි. If you can’t compete with the society, then you are a beggar as a principle. USA වල දියුණු වෙන්න ගොඩක් අවස්ථා තියෙනවා. ඒ අවස්ත ලබාගන්න බැරි නම් හිගන්නෙක් තමයි. ඕනනම් ආණ්ඩුවෙන් උදේට කැද කෝප්පයක් හම්බ වේවි.

    15380beggar.jpg

    මේ ගැන මොකද හිතන්නේ?. office වෙලාවේ ආමාරුවෙන් ලිව්වේ. bump එකක් වත් දාල යන්න.

    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    දැන් සමාජ වාදෙ හෝ ධනවාදෙ ලෝකෙට ගලපෙන්නෙ නෑ එව්ව යල් පැනල.දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ඔය දෙකේ මික්ස් එකක් හැටියට රටක් පාලනය කරන එක.හොඳම උදාහරන තමයි චීනය සහ රුසියාව.චීනෙ ධන වාදී ආර්තියකයක ලක්ශන තිබ්බට තාම පාලනය වෙන්නෙ මද්‍යම කොමිසමක් හරහා.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Un mahansi wela wada karanne ekayi!

    එක ඇත්ත. ice ගහන්න අමාරුයි. මහන්සි උනොත් හොදට හම්බකරන්න පුළුවන්. නිකම් හිටියොත් මුකුත් නැහැ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    අපේ මිනිස්සුන්ට හැමදේම නිකන් ඕනේ. ඒ විදිහට හිතුවොත් නම් ධනවාදය හරියන්නේ නැහැ තමයි . එත් ටිකක් මහන්සි වෙන මිනිස්සුන්ට නම් ධනවාදය ප්‍රශ්නයක් නෙමෙයි . රජයේ රස්සා හොයන්නේ නැතුව තමන්ගේ මහන්සියෙන් නැගිටින්න පුළුවන් ධනවාදයෙන් විතරයි.
    ඇමරිකාව , එංගලන්තය ඇතුළු රටවල් වල මිනිස්සු බලන්න. ඔවුන්ගේ ජිවන රටාව , සැහැල්ලු බව. free health care වෙනුවට හැමෝටම insurance තියන එක හොඳයි.

    යාචකයෝ ලෝකේ හැම රටකම ඉන්නවා. එක ධනවාදයේ දුර්වලකමක් හැටියට ගන්න බැහැ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    දැන් සමාජ වාදෙ හෝ ධනවාදෙ ලෝකෙට ගලපෙන්නෙ නෑ එව්ව යල් පැනල.දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ඔය දෙකේ මික්ස් එකක් හැටියට රටක් පාලනය කරන එක.හොඳම උදාහරන තමයි චීනය සහ රුසියාව.චීනෙ ධන වාදී ආර්තියකයක ලක්ශන තිබ්බට තාම පාලනය වෙන්නෙ මද්‍යම කොමිසමක් හරහා.

    මට හිතෙන්නේ කොහොමත් mix එකක් තමයි ලෝකේ හැම රටවල් වල තියෙන්නේ. ඇමෙරිකාවේ උනත් 100% ධනවදී නැහැ. කැනඩාව, australia, european countries වල ටිකක් මැද පිළිවෙතක ඉන්නේ.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අපේ මිනිස්සුන්ට හැමදේම නිකන් ඕනේ. ඒ විදිහට හිතුවොත් නම් ධනවාදය හරියන්නේ නැහැ තමයි . එත් ටිකක් මහන්සි වෙන මිනිස්සුන්ට නම් ධනවාදය ප්‍රශ්නයක් නෙමෙයි . රජයේ රස්සා හොයන්නේ නැතුව තමන්ගේ මහන්සියෙන් නැගිටින්න පුළුවන් ධනවාදයෙන් විතරයි.
    ඇමරිකාව , එංගලන්තය ඇතුළු රටවල් වල මිනිස්සු බලන්න. ඔවුන්ගේ ජිවන රටාව , සැහැල්ලු බව. free health care වෙනුවට හැමෝටම insurance තියන එක හොඳයි.

    යාචකයෝ ලෝකේ හැම රටකම ඉන්නවා. එක ධනවාදයේ දුර්වලකමක් හැටියට ගන්න බැහැ.

    බොහෝ දුරට එකගයි. එත් health care insurance ගැන නම් වෙනම නුලක් දාන්න කරුණු තියෙනවා. බලන්න obamacare ගෙන්න හේතුව.

    private companies want to maximize their profit. In health care insurance, there are so many conditions. The cost of good healthcare is very very very expensive . Bills can be 10,000$ 200,000$ (life time payment if you don't have heathcare insurance). What happened if it is not according to insurance policy? Simply insurance will not pay (වෙස්සන්තරලා business වල නැහැ). Government need to interfere and regulate.
     
    Last edited:
    • Like
    Reactions: tharakato

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    පේනවනේ insurance companies වල දස්කම්. ආණ්ඩුවේ මැදිහත්වීමක් ඕන කරනවා

    What is ObamaCare? ObamaCare's goal is to give more Americans access to affordable, quality health insurance, and to reduce the growth in health care spending in the U.S.

    ObamaCare offers a number of new benefits, rights and protections including provisions that let young adults stay on their plan until 26, stop insurance companies from dropping you when you are sick or if you make an honest mistake on your application, prevent against gender discrimination, stop insurance companies from making unjustified rate hikes, do away with life-time and annual limits, give you the right to a rapid appeal of insurance company decisions, expand coverage to tens of millions, subsidize health insurance costs, require all insurers to cover people with pre-existing conditions, among other things.

    Free preventive services including yearly check-ups, immunizations, counseling, and screenings must be included on all non-grandfathered plans at no out-of-pocket costs.

    Over 100 million Americans have already benefited from the new health care law. This includes more than 105 million people who accessed critical preventive services for free that had previously been subject to out-of-pocket costs, billions of dollars saved for seniors from the gradual closing of the Medicare Part D "Donut Hole", billions saved from new accountability measures for insurance companies, and much more.

    http://obamacarefacts.com/obamacare-facts.php

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මම දැක්ක එක දේශපාලකයෙක් කිව්වා ලෝක වෙළද පොලේ තෙල් මිල වැඩිවුණාම ලංකාවේ තෙල්මිල වැඩි වෙනවනම් ආණ්ඩුවක් තියෙන්නේ මොකටද කියල? ඒ ගොල්ලෝ හිතන් ඉන්නේ රටක ආණ්ඩුවක් තියෙන්නේ බඩු මිල අඩු කරලා දෙන්න කියල.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ලංකාවේ මට හිතෙන විදියට 90% කට වඩා තියෙන්නේ සම්ප්‍රදායික ගතානුගතික සිතුවිලි. අපි උනත් එහෙමයි. ආණ්ඩුවෙන් හැම දේම කරන්න ඕන. මේක දෙමව්පියන්ගෙන්, සමාජයෙන් ලැබෙන දෙයක්. දෙමව්පියෝ උනත් හිතන්නේ දැන් බඩු මිල මෙච්චරයි; ආණ්ඩුවෙන් කිසිම බඩු මිලක් අඩු කරන්නේ නැහැ කියල. ආණ්ඩුවේ රස්සාවක් නම් මල් හතයි. අඩුම ගානේ පැන්සෝන් එක හරි ලැබෙනවනේ.

    එත් දැන් ටික ටික තරුණ පරපුර අතර මේ අදහස් වෙනස් වෙලා. ඒ ගොල්ලෝ පුද්ගලික අංශයේ රස්සාවල් දිහා සුබවාදීව බලනවා.

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    :yes::yes::yes:

    මටනම් මචෝ ඇමරිකාවේ homeless වෙලා උන්නත් සැපයි මේ කාලකන්නි රටට වෙලා ඉන්නේ නැතුව , ඒ තරමට තිත්ත වෙලා :eek:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රස්සාවල්- අපේ හුගක් දෙනෙක්ගේ පැතුම තමයි හොද රස්සාවක් හොයාගෙන දෙයියනේ කියල හොදින් ජීවත් වෙන්නේ. ඕනෑම රස්සාවක් ඉස්තිර නැහැ. ඕනෑම මොහොතක රස්සාවෙන් අයින් කරන්න පුළුවන්. සමහර company 10000 ,20000 එකපාරට අයින් කරනවා. හෙට උදේ වැඩට එනකොට ලියුමක් මේසේ උඩ තියෙන්නේ පුලුවන්. “Thank you for your service. Unfortunately we have decided to discontinue your job as result of restructuring in our company. Wish you great success in your future carrier” කියල. මේක බොහොම සාමාන්‍ය දෙයක්. ඒ නිසා තමුන් දැන ගන්න ඕන අඩ දොඩලා වැලපෙන්නේ නැතිව වෙන රස්සාවක් ඉක්මනට හොයාගන්න. මතකනේ “survival of the fittest” මුලදර්මය. තමුන් සමාජය සමග හැප්පිලා තමයි රස්සාවක් හොයාගන්න ඕන. රස්සාවල් දෙන එක ආණ්ඩුවට අදාල කාරණයක් නෙවි

    :yes: මගේ යාලුවෙක් (american, born & raised), මිනිහවත් ඔහොම එකපාර අස් කරා. අවුරුදු 2ක් කොහොම හරි ඇදගත්ත, එත් මොන ආකාරෙකින්වත් රස්සාවක් හම්බුනේ නෑ. hummer 2ක් තිබ්බ, දෙකම වික්ක, ගෙදර ගියා බැංකුවට. අද ඌ depressed + homeless :( උට survival of the fittest හරියන්නේ නෑ මොකද රස්සාව නැතිවුණ දවසේ ඉදන් වැඩියෙන්ම කරේ නිදාගත්තු එක :dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ජොනී බට්ට;16800626 said:
    :yes: මගේ යාලුවෙක් (american, born & raised), මිනිහවත් ඔහොම එකපාර අස් කරා. අවුරුදු 2ක් කොහොම හරි ඇදගත්ත, එත් මොන ආකාරෙකින්වත් රස්සාවක් හම්බුනේ නෑ. hummer 2ක් තිබ්බ, දෙකම වික්ක, ගෙදර ගියා බැංකුවට. අද ඌ depressed + homeless :( උට survival of the fittest හරියන්නේ නෑ මොකද රස්සාව නැතිවුණ දවසේ ඉදන් වැඩියෙන්ම කරේ නිදාගත්තු එක :dull:

    බුදු අම්මෝ. පිස්සු හැදෙන කතාවක්නේ. එත් මචන් unemployment insurance තියෙනවනම් අවුරුද්දක් ඇද ගන්න පුළුවන්; ඊට වඩා නම් අමාරුයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    ජොනී බට්ට;16800622 said:
    :yes::yes::yes:

    මටනම් මචෝ ඇමරිකාවේ homeless වෙලා උන්නත් සැපයි මේ කාලකන්නි රටට වෙලා ඉන්නේ නැතුව , ඒ තරමට තිත්ත වෙලා :eek:

    ඇමරිකාවේ තමන්ටම ගෙයක් තියෙනවා කියන්නේ හෙන පොරක් බං
    ගොඩක් උන් රෙන්ට් එකට වගේ නේ ඉන්නේ
    ඇමරිකාවේ ගමෙහ් නම් ඉඩම් ගණන් අඩුයි ලු සමහර ටව්න් වල මිනිස්සු පොඩි ගානක් ලු ඉන්නේ
    එත් ඉතිං ඒවගේ ජොබ් නෑ නේ සල්ලි හොඳට තියෙන එකෙක් තමයි ඒවගේ ගෙයක් අරං ආතල් එකේ ඉන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    බුදු අම්මෝ. පිස්සු හැදෙන කතාවක්නේ. එත් මචන් unemployment insurance තියෙනවනම් අවුරුද්දක් ඇද ගන්න පුළුවන්; ඊට වඩා නම් අමාරුයි.

    කැනඩා වල ආණ්ඩුවෙන් ගානක් ගෙවන සින් එකක් තියේද ?
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බුදු අම්මෝ. පිස්සු හැදෙන කතාවක්නේ. එත් මචන් unemployment insurance තියෙනවනම් අවුරුද්දක් ඇද ගන්න පුළුවන්; ඊට වඩා නම් අමාරුයි.

    ඌ මොකක්දෝ මන්ද ජිල් මාට් එකක් දදා උන්නේ අස් කරන්න ඉස්සර ඉදන්ම. නයක් ගන්නවා ඒක ගෙවන්න තව නයක් ගන්නවා, ඔහොම වැලට. වැඩේ ලාබයිලු අනේ මන්ද.

    උගේ අම්මට condo 4ර 5කම තියෙනවා. හැබැයි පුතා homeless උනත් ඒ ගෑනි නෙවෙයි ඉන්න තැනක් දෙන්නේ. ඔන්න ඇමෙරිකන් අම්මල :eek:

    ඇමරිකාවේ තමන්ටම ගෙයක් තියෙනවා කියන්නේ හෙන පොරක් බං
    ගොඩක් උන් රෙන්ට් එකට වගේ නේ ඉන්නේ
    ඇමරිකාවේ ගමෙහ් නම් ඉඩම් ගණන් අඩුයි ලු සමහර ටව්න් වල මිනිස්සු පොඩි ගානක් ලු ඉන්නේ
    එත් ඉතිං ඒවගේ ජොබ් නෑ නේ සල්ලි හොඳට තියෙන එකෙක් තමයි ඒවගේ ගෙයක් අරං ආතල් එකේ ඉන්නේ.

    :yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ ලංකාවේ මිනිස්සු වැඩි හරියක් උත්සහ කරන්නේ නිකම් ඉඳල සල්ලි හොයන්න. එහෙම බහුතරයක් දෙනා ඉන්න රටක් කවදාවත් දියුණු වෙන්න විදිහක් නැහැ. ඇමෙරිකාවේ වතුර බින්දුවක්වත් නිකම් නැහැ. හැමදේම සල්ලි. හැබැයි ආදායමට සාපේක්ෂව ජීවන වියදම අඩුයි. ඉන්දන මිල අදායමට සාපේක්ෂව අඩුයි. අද තෙල් ගැලුම ඩොලර් 3.59 ට තියෙනවා එත් හෙට වෙද්දී 3.79 වෙන්න පුළුවන්. එකම පාරේ එකම හන්දියේ පාර දෙපැත්තේ තියන ඉන්දන පිරවුම් හල් දෙකේ ඉන්දන මිල පැහැදිලි වෙනසක් තියනවා. එත් එකක මිල අඩු උනා කියල මිල වැඩි එකෙන් තෙල් නොගහ ඉන්නේ නැහැ. දෙකටම එක වගේ බිස්නස් තියනවා. ප්‍රධානම කාරනාව මිනිස්සු කම්මැලි නැතුව වැඩ කරනවා. මම ලංකාවේ ඉද්දිත් රස්සාවට අමතරව තව ව්‍යාපාර කීපයක නියත වෙලා මාසෙට හොඳ ගානක් හෙව්වා. ඒ හින්ද හොඳ ජීවන තත්වයක් පවත්වාගෙන ගියා. දැන් ඇමෙරිකාවේ හොඳට මහන්සි වෙලා වැඩ කරනවා.
    අපේ රටවල් වල මිනිස්සු හිතන් ඉන්නේ හැමදේම රජයෙන් ලැබෙන්න ඕන කියල . විශ්වවිද්‍යාල සිසුන් හිතන් ඉන්නේ රස්සාව ආණ්ඩුවෙන් දෙන්න ඕන කියල. මේ මෝඩ මානසිකත්වයෙන් මිදුන එවුන් රස්සාවල් කීපයක් කරලා හරි මාසෙට ලක්ෂයක් දෙකක් හම්බු කරලා යහමින් වියදම් කරලා ලස්සනට ජීවත් වෙනවා. එත් අතපය 4යි ඔළුවයි වෙහෙසන්න කම්මැලි උන් අප‍ රටේ යහමින් සල්ලි හොයන එකාට ඉරිසියාවයි.

    අපේ රටේ තවත් ගොන් සිතුවිල්ලක් තමයි වයස 55 න පස්සේ විශ්‍රාම වැටුප ගන්න අවුරුදු 25ක් 30ක් අඩු පඩියට ආණ්ඩුවේ රස්සවක එල්ලිලා දුක් විඳින එක. අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොකර කවදාවත් අපේ රටවල් ගොඩ දාන්න බැහැ .