7-182. අපගේ ආයාත්(වදන්) බොරු යැයි සළකන අය සම්බන්ධයෙන් ඔවුන් නොදන්නා මාර්ගයෙන් අපි අනුක‍්‍රමයෙන් ඔවුන් ඔවුන්ගේ (විනාශයට) ගෙන යන්නෙමු.
7-183. තවද (මේ සඳහා) මම ඔවුන් පමා කරවන්නෙමි. නියත වශයෙන්ම මාගේ උපාය ශක්තිමත්.
7-184. ඔවුන්ගේ සාහයකයා (නබි මුහම්මද්) කෙරෙහි උමතු බවක් නැති බව ඔවුහු කල්පනා නොකළෙහිදරෑ ඔහු පැහැදිලි අනතුරු අඟවන්නෙක් පමණකි.
7-186. අල්ලාහ් කවරකු නොමඟ යවන්නේද ඔහුට මඟපෙන්වන්නකු නැත. තවද ඔවුන්ගේ බලවත් අකීකරුකම නිසා ඔවුනට තමන්ගේ ගර්වයෙහි අන්ධ ලෙස සැරිසරන්නට ඔහු (අල්ලාහ්) ඔවුනට ඉඩ හරින්නේය.
7-187. (නබි මුහම්මද් ! මළවුන් කෙරෙන් නැගිටුවන) අන්තිම දිනය එළඹෙන්නේ කවදාදරෑ (ඒ ජනයා) නුඹෙන් අසති. ඒ පිළිබඳ දැනුම ඇත්තේ මාගේ රබ්(පරමාධිපති)ට පමණි. එය සිදුවන නිසි කාලය ඔහු හැර අන් කවරකුට හෝ හෙළිදරව් කි;මට නොහැකිය. එය (සිදුවන කාලය) අහස්වලට සහ මහපොළොවට ඉතා තදින් බලපායි. ක්ෂණිකයෙන් මිස එය නුඹලා වෙත නොපැමිණෙන්නේයැයි පවසනු. නුඹ ඒ ගැන ස්ථිරව දන්නකු මෙන් නුඹගෙන් ඔවුහු අසති. නියත වශයෙන්ම ඒ පිළිබඳ ඥානය අල්ලාහ් වෙතය. නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් එය නොදනිතියි (නබි මුහම්මද්) පවසනු.
7-197. නුඹලා ඔහු(අල්ලාහ්) හැර (කැඳවන) ප‍්‍රාර්:නා කරන අයට නුඹලාට උපකාර කි;මට නුපුළුවන. තවද ඔවුනට තමන්ටද කිසිදු උපකාරයක් කර ගත නොහැකිය.