NPP ය IMF ගැන මොනව කරාවිද කියන කාරනෙ උඩ ජෙනරල් ජන්දෙකදි සපෝර්ට් කිරීම තීරණය කරනව. ආර්ථිකය සම්බන්ද කාරනාව ඇරුනම අනිත් පැති අතින් සෙට් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.
එයාල IMF ගැන වැදගත් දෙයක් තාම කියන්නෙ නෑ කිව්වත් ඒව පොලිටිකල් උත්තර, ටෙක්නිකල් උත්තර නෙමේ. හරි කෙලින් උත්තර නොදීම මට තෙරුම් ගන්න පුලුවන් හැමෝම ඒකනෙ කරන්නෙ.
ප්රවින්ෂල් චන්ද වල අවුට්කම් සාර්ව ආර්ථික සීන් වලට වැඩිය බලපාන්නෙ නැති නිසා මේක දැනට ගැටලුවක් නෑ.
කොහොමද SJB වගේ එකකට හිත හදන් චන්දෙ දෙන්නෙ. ඒකෙ හර්ෂ, කබීර් වගේ වගේ අය ඇරුනම වෙන හොඳ හේතුවක් නෑ. දින්නත් එයාල වගේ අයට ගැලපෙන දෙයක් ලැබෙන එකකුත් නෑ.
බහුතරේට අපීල් වීම වෙනුවෙන් මේකත් තවත් පොහොට්ටුවක් වෙනවනම් එතනින් එහාට බලාපොරොත්තුවක් නැතිවෙයි.