උඹ අලුතෙන් ලංකාවට ආපු එකෙක් වගේ පේන්නෙ..
මුලින්ම මේක හොඳට හිතට ගනිං.. විශ්වාස කරන්න පුළුවන් කිසිම කෙනෙක් නෑ.. කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා.. එපා කියන්නෙ විශ්වාස කරන්නම එපා..
Xfiles වල කියන්නෙත්
Game of Thrones වල කියන්නෙත්
උම්මග්ග ජාතකේ මහෞෂධ පඬිතුමා කිව්වෙත් ඕක..
ඊලඟ එක මිනිහ සමාජ ජීවියෙක් වුනාට රැළක් විදිහට නෙමේ ජීවත් වෙන්නෙ.. උඹට උදව් කරන්න උඹේ වරිගයාගෙන් එකෙක් එන්නෙ නෑ.. ඒ නිසා පුළුවන් තරම් ස්වාධීන ජීවියෙක් වෙන්න උත්සාහ කරපං.. එකෙක්ගෙන් රුපියල් දහයක්වත් ණයට නොඉල්ල, එකෙක්ටවත් පැන පැන උදව් කරන්න නොගිහිං අනික් උන් මලත් එකයි නැතත් එකයි මට මොකෝ ගානට ජීවත් වෙයං..
නැත්තං උඹ ඔය හිතන විදිහ නිසා උඹට අනාගතේ සෑහෙන ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්..