ඇල්ටෝ පදින අය පරිස්සමෙන්
එකම පවුල් අයියා නගෝ දෙදෙනාට මරු කැඳවමින් පෙරේදා (08) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක අනතුරට හේතුව ඔවුන් පැමිණි අල්ටෝ මෝටර් රථයේ දෝශයක්ද යන්න පිළිබදව සැකයක් මතුව ඇතැයි වාර්තා වේ. එදින දහවල් 12.30 ට පමණ මාතර සිට කොළඹ බලා පැමිණි වාහනය වැලිපැන්න 51 කණුව ප්‍රදේශයේදී මාර්ගයේ අයිනේ ආරක්ෂක වැටේ වැදී මේ අනතුර සිදුව ඇත.
ඒ වන විට එම වාහනය පැ.කි.මී 140 ක වේගයෙන් ධාවනය වෙමින් තිබී ඇති අතර පාරෙන් පිටට පැන යකඩ වැටේ වැදුණ වාහනය පෙරළී ගොස් කුඩුපට්ටම්වී ඇත. සුසුකි අල්ටෝ මෝටර් රථ පැයට කිලෝ මීටර් 120ක පමණ වේග සීමාව ආසන්නයට පැමිණි පසු එහි ඉදිරිපස රෝද යම් පාලනයකින් තොර වන බවක් සුක්කානමට දැනෙන බව මෝටර් රථ කාර්මිකයෝ පවසති. එබැවින් මේ අනතුරට එම කරුණ බල පෑවේද යන්න පිළිබදව මේ වන විට සැකයක් පහලවී තිබේ.
එම අනතුරෙන් මියගියේ මාතර ප්‍රදේශයේ ජනප්‍රිය ජීව විද්‍යා ටියුෂන් ගුරුවරයෙකු වූ 36 හැවිරිදි දුලිප් ගුණසේකර සහ ඔහුගේ නැගණිය වූ 28 හැවිරිදි නදීකා නැමැති තරුණියයි. සිද්ධිය වන අවස්ථාවේ වාහනයේ දුලිප්ගේ පියාද නැගණියගේ සැමියාද සිට ඇති අතර ඇල්ටෝ වර්ගයේ වාහනය එළවාගොස් ඇත්තේ රියදුරෙකි. මියගිය දුලිප් ගුණසේකර නැමැත්තා අදාල මෝටර් රථය ගෙන තිබුණේ අලුතින්ම වන අතර මෝටර් රථය හුරුවනතුරු එය පදවනු ලබුවේ රියදුරෙකු විසින් බවද පැවසේ.එදින ඔවුන් කොළඹට පිටත්ව ඇත්තේ පියාගේ රොගී තත්වයක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු මුණගැසීමටය. අනතුරෙන් දුලිප්ගේ පියාටත් රියදුරුටත් මස්සිනාටත් තුවාල සිදුවූ අතර ඔවුන් රෝහල් ගත කර ඇත.
මාතර සිට අධික වේගයෙන් පැමිණ ඇති මෝටර් රථය පාලනය කර ගත නොහැකිව අධිවේගී මාර්ගයේ වැටේ හැපී පෙරළී ගොස් ඇති අතර කුඩුපට්ටම්ව ගොස් තිබූ ඉදිරිපස කොටසින් මළ සිරුර එළියට ගෙන ඇත්තේද ඉතා අසීරුවෙනි.
ලෝකයේ වැඩිම අලෙවියක් සහිත ඉන්දීය මෝටර් රථයක් වන සුසුකි අල්ටෝ කේ10 මෝටර් රථයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දකුණු ඇමරිකාවේ සිදු කරන ලද පරීක්ෂණයකදී එහි ආරක්ෂාව සම්බන්ධයෙන් සැක මතුව ඇත. එහිදී අදාල පර්යේෂකයන් එම මෝටර් රථය මිලදී ගැනීමට හැකි මුදලකට නිපවනවා සේම එහි ආරක්ෂාව ගැන අවම සීමා පැනවීමට ද ඉදිරියේදී සිදුවන ඇති බවට අනතුරු අගවා තිබුණ බවද වාර්තා වේ.
මටත් තියෙන්නේ ඇල්ටො එකක් 80 + යනකොටම මේක කන්ට්‍රෝල් නෑ කියලා මට දැනෙනවා.

.... 