ඇල්ටෝ පදින අය පරිස්සමෙන්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇල්ටෝ පදින අය පරිස්සමෙන්

    tution2-300x266.jpg


    එකම පවුල් අයියා නගෝ දෙදෙනාට මරු කැඳවමින් පෙරේදා (08) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක අනතුරට හේතුව ඔවුන් පැමිණි අල්ටෝ මෝටර් රථයේ දෝශයක්ද යන්න පිළිබදව සැකයක් මතුව ඇතැයි වාර්තා වේ. එදින දහවල් 12.30 ට පමණ මාතර සිට කොළඹ බලා පැමිණි වාහනය වැලිපැන්න 51 කණුව ප‍්‍රදේශයේදී මාර්ගයේ අයිනේ ආරක්ෂක වැටේ වැදී මේ අනතුර සිදුව ඇත.

    ඒ වන විට එම වාහනය පැ.කි.මී 140 ක වේගයෙන් ධාවනය වෙමින් තිබී ඇති අතර පාරෙන් පිටට පැන යකඩ වැටේ වැදුණ වාහනය පෙරළී ගොස් කුඩුපට්ටම්වී ඇත. සුසුකි අල්ටෝ මෝටර් රථ පැයට කිලෝ මීටර් 120ක පමණ වේග සීමාව ආසන්නයට පැමිණි පසු එහි ඉදිරිපස රෝද යම් පාලනයකින් තොර වන බවක් සුක්කානමට දැනෙන බව මෝටර් රථ කාර්මිකයෝ පවසති. එබැවින් මේ අනතුරට එම කරුණ බල පෑවේද යන්න පිළිබදව මේ වන විට සැකයක් පහලවී තිබේ.

    එම අනතුරෙන් මියගියේ මාතර ප‍්‍රදේශයේ ජනප‍්‍රිය ජීව විද්‍යා ටියුෂන් ගුරුවරයෙකු වූ 36 හැවිරිදි දුලිප් ගුණසේකර සහ ඔහුගේ නැගණිය වූ 28 හැවිරිදි නදීකා නැමැති තරුණියයි. සිද්ධිය වන අවස්ථාවේ වාහනයේ දුලිප්ගේ පියාද නැගණියගේ සැමියාද සිට ඇති අතර ඇල්ටෝ වර්ගයේ වාහනය එළවාගොස් ඇත්තේ රියදුරෙකි. මියගිය දුලිප් ගුණසේකර නැමැත්තා අදාල මෝටර් රථය ගෙන තිබුණේ අලුතින්ම වන අතර මෝටර් රථය හුරුවනතුරු එය පදවනු ලබුවේ රියදුරෙකු විසින් බවද පැවසේ.එදින ඔවුන් කොළඹට පිටත්ව ඇත්තේ පියාගේ රොගී තත්වයක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු මුණගැසීමටය. අනතුරෙන් දුලිප්ගේ පියාටත් රියදුරුටත් මස්සිනාටත් තුවාල සිදුවූ අතර ඔවුන් රෝහල් ගත කර ඇත.

    මාතර සිට අධික වේගයෙන් පැමිණ ඇති මෝටර් රථය පාලනය කර ගත නොහැකිව අධිවේගී මාර්ගයේ වැටේ හැපී පෙරළී ගොස් ඇති අතර කුඩුපට්ටම්ව ගොස් තිබූ ඉදිරිපස කොටසින් මළ සිරුර එළියට ගෙන ඇත්තේද ඉතා අසීරුවෙනි.

    ලෝකයේ වැඩිම අලෙවියක් සහිත ඉන්දීය මෝටර් රථයක් වන සුසුකි අල්ටෝ කේ10 මෝටර් රථයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දකුණු ඇමරිකාවේ සිදු කරන ලද පරීක්ෂණයකදී එහි ආරක්ෂාව සම්බන්ධයෙන් සැක මතුව ඇත. එහිදී අදාල පර්යේෂකයන් එම මෝටර් රථය මිලදී ගැනීමට හැකි මුදලකට නිපවනවා සේම එහි ආරක්ෂාව ගැන අවම සීමා පැනවීමට ද ඉදිරියේදී සිදුවන ඇති බවට අනතුරු අගවා තිබුණ බවද වාර්තා වේ.

    tution4.jpg

    මටත් තියෙන්නේ ඇල්ටො එකක් 80 + යනකොටම මේක කන්ට්‍රෝල් නෑ කියලා මට දැනෙනවා.
     
    • Like
    Reactions: RuZZa and IPman

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mala jarawa otchara salli dila mokata gannawada manda...dekka gaman penawa 100 wada giyoth wisiwena size ekak...
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    lankawe alto thanam keloth moko?:confused::confused:

    ලංකාවේ වාහනයක් ගන්න ඕන හැම කෙනෙක්ටම 30+ වියදම් කරන්න බෑ නේ .... ඉතින් ඒ වගේ කෙනෙක්ට යන්න වෙන්නෙ alto,panda,elite වගේ එකකට(කොටින්ම කිව්වොත් බාල ඉන්දියන් හෝ චීන ජරාවකට ) .....

    තහනම් කරන එක නෙවෙයි පදින අයගෙ ආකල්ප වෙනස් කරන්නයි ඕන :yes:....
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අඩේ ඕය සිද්දිය වුනේ අපේ පැත්තේ බන් ! බලන්න ගිය අය කියපු විදිහටනම් බයෝ සර් ගේ ඔලුවට සැහෙන්න damage වෙලා තිබුනලු !
    2.gif
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මොන වාහනයේ ගියත් වේගයෙන් යද්දී හොඳ රියදුරෙක්ට දැනෙනවා ඕනම වාහනේක තමන්ට පාලනය කරගන්න බැරි/වාහනයට ඔරොත්තු නොදෙන අවස්තාව. මොඩයෝ වගේ ස්පීඩ් කරන්න ගියාමයි ඔහොම වෙන්නෙ. අනිත් එක අපේ අධිවේගී මාර්ගය පළලින් අඩුයි. ඒක අධිවේගී මාර්ගයේ වාහනයක් ගෙනියපු ඕන මිනිහෙකුට තේරෙනවා. පොඩ්ඩක් හරි වාහන පාලනයෙන් ගිලිහුනොත් සොරිම තමයි. කොහොම කරත් දෙපැත්තෙන් කොයි පැත්තක හරි වදිනවමයි. ඒ හින්ද ස්පීඩ් කරන්න යනවනම් තමන් යන වාහනේ මොකද්ද? වාහනේ තත්වේ කොයි වගේද සහ තමන්ගේ පාලනයෙන් ගිලිහෙනවද කියන දේ ගැන නිතර අවධානයෙන් ඉන්න ඕන. ඔය කිසි මගුලක් ඕන නෑ ෂුවර් නැති වාහන වල 100 ට ගියානම් ඉවරයි
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    para tibuna kiyala itin 140 yanna kiyala ne neda. merenna asawe tama ehema yane. dawasak mama yanakota prius ekak giya 180 wage mama hitanne.
    me dekka me ne ......
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ගංජා ගහලා වෙන්නැති එලවන්න ඇත්තේ...... 800 සි සි වාහන හදලා තියෙන්නේ , රේස් පදින්න නෙවෙයි යකෝ ඔකේ 140 ට ගියානම් ඒ ඇත්තටම පිස්සෙක් උපරිම ඔකේ 110 ක් තමා, අල්ටෝවේ නෙවෙයි ඔය මොක වැදුනත් 140 දී ඔහොම තමා
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    90 ta yanna hadapu pare 140 gihilla tiyenne...

    anika oya budget vahana wala ferrari weda danna hoda ne.. owa hadala tiyenne adu wiyadamin town use karanna. alloy wheel dala scoop ekak gahala spoiler ekak demmama ape un hitanne high end sports car kiyala, ape porawal hitan inne un Alonso\Vettel la kiyala ne

    highway kiwwata tiyenne eka pettata lane dekai. error ekak wunama correct karanna idak nehe adila yanawa guard rail eka kadagena. itin denaganna ona podi wahana wala yaddi ganakata yanna.

    kela wunata passe wahaneta benala wedak ne..