ඇල්ල යන්න..

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ඔන්න ඉතින් පට්ට කාලයක් බලන් ඉඳලා බොහොම අමාරුවෙන් අපේ එවුන් තුන් දෙනෙකුත් සෙට් කරගෙන කිසිම අතුරු අන්තරාවක් නැතුව ඇල්ල ගිහින් ආවා.
    කිරියේ කොල්ලොන්ගෙන් ඇල්ල ගැන විස්තර අහලා මම දාපු thread එකට කට්ටිය එකතු කරපු අදහසුත් එක්ක තමයි ගමන යන්න plan එක ගහගෙන ගියේ.
    ගමන ගියේ කෝච්චියේ නෙවෙයි, අපේ එකෙක් ගේ වාහනේක. අයේ දවසක කෝච්චියේ යන්න බලාපොරොත්තුවක් තියෙනවා.

    ගමන ගිය විදියයි, අපි නැවතුන spot එකයි ගැන පොඩි විස්තරයක් දාන්න හිතුවා මේකේ ඉන්න උන්ට එකත් උදව්වක් වෙයි කියලා හිතලා....

    අපි සෙට් එක ගම්පහ, වැලිවේරියෙන් පාන්දර 3 ට පිටත් වුනා. අවිස්සාවේල්ල, රත්නපුර හපුතලේ හරහා ගිහින් ඇල්ල ටවුන් එකට යද්දී උදේ 9:30 යි. අපිට Nine Arches Bridge එකෙන් කෝච්චිය බලන එක මිස් වුනා. ඒ නිසා උදේ 11:55 කෝච්චිය එනකන් වටේ ඇවිද්දා.
    එතකන් වටේ photo කෙලියා දිගට හරහට.

    Nine Arches Bridge බලලා කෙලින්ම ගියා Little Adam's Peak සිංහලෙන් කිව්වොත් පුංචි සිරිපාදේ.,ඇල්ල ටවුන් එකට කලින් තියෙනවා Flower Garden කියල place එකක්. එතනින් වාහනේ දාලා පයින් යන්න තියෙන්නේ 1.5 km වගේ උඩට.

    ඊට පස්සේ ඇල්ල ටවුන් එකෙන් දවල්ට කාලා හවස 5:40 කෝච්චිය බලන්න දෙමෝදර railway station එකට ගියා.

    අපි නවතින්න තැනක් කලින්ම බුක් කරලා ගියේ. පහලින් දාන්නම් නැවතුන තැන ලින්ක් එක. ඇල්ල ටවුන් එකට කලින් කුඹල්වල කියන හන්දියේ තමයි මේක තියෙන්නේ. ඇල්ල ටවුන් එකේ ගණන් වැඩියි. මෙතන ගැනත් අඩුයි, තැන අලුත්, කෑම පට්ට. Place එක කරන අයියයි මල්ලියි දෙන්නා පට්ටම friendly. ආයේ යනවනම් මෙතනටම තමයි යන්නේ. අපිට fully satisfied.

    https://www.facebook.com/Ella-Rock-Lands-2124874207727704/

    එදා රාත්‍රිය එහෙම ගතවුණා හීනියට සිංදුවකුත් එක්ක.

    පහුවදා උදේ ඉදිආප්ප ටිකකුත් එතැනින්ම බඩට දාගෙන පිටත් වුනා රවණාගුහාව බලන්න. ඇල්ල ටවුන් එකෙන් වැල්ලවාය පැත්තට යද්දී තියෙනවා රවණා ගුහාව.
    වාහනේ ටිකක් උඩට ගිහින් පක් කරලා රුපියල් 50 ක ටිකට් එකක් අරගෙන යන්න ඕනේ 1km වගේ උඩට පඩිපෙලක් නැගලා.

    එකත් බලලා ගියා එහෙමම රවණා ඇල්ල බලන්න. එක බලලා බෙරගල පැත්තට යද්දී "ඇල්ලේ වල" කියල පට්ට දිය ඇල්ලක් වගේ එකක් හම්බෙනවා. ටිකක් අතුලකට ගිහින් එකත් පයින් යන්න ඕනේ ටික දුරක්. එතන ඉස්සර නාන්න පුළුවන්. මාරම ලස්සන තැනක්. ඒත් උමා ඔය project එක නිසා ඒ වතුරට ගල් කුඩු, සිමෙන්ති එකතු වෙලා කිරි පාට වතුරක් එන්නේ දැන්. නානවානම් නාන්න පුළුවන්. අපි නම් නාවේ නැ. බෙලිහුල් ඔයට ඇවිත් එතනින් නෑවා.

    ඔහොමයි වුනේ. දවස් දෙක නම් මදි මේ ගමනට. මහන්සිය පොඩ්ඩක් වැඩියි. දවස් 3,4 ක් තියෙනවා නම් පට්ට. ඇල්ල ටවුන් එක සුද්දොන්ගෙන් පිරිලා තියෙන්නේ කොයි වෙලෙත්. කොල්ලෝ එහෙම පරිස්සමින් ඉන්න ඕනේ එහෙ ගිහින්, HIV AIDS තියෙන අය වැඩි කතාවක් තමයි ආරංචි වුනේ.

    යන කට්ටිය ඉන්නවා නම් අර අපි නැවතුන තැන සෙට් කරගන්න උදව්වක් කරන්නත් පුළුවන්. එතනට කෝල් කරලා බලන්න, කිසිම කරදරයක් නැ එතන.

    එහෙනම් කට්ටියටම ජය වේවා. මේ මගේ කිරියේ දිගම පොස්ට් එක.. හික් හික්...!!
    :love:

    d8ZXmnC

    Last edited:
    • Like
    Reactions: Rummy678

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    ඇල්ලේ Nine Arches Bridge යන අයට මට නම් කියන තියෙන්නේ තමන්ගේ වාහනයෙන් ( car , van , etc ...) Bridge එක ළඟටම ( 300 m ) යන්න පුළුවන් , බොරුවට three wheeler වලට සල්ලි දෙන්න ඕන නෑ , ඇල්ල නගරයේ සිට බින්ගෙය පහුවෙනකොටම දකුණට හල්පේ පාර කියලා පාරක් තියෙනවා ඒකෙන් යන්න පුළුවන්

    හැබැයි මගදී three wheeler කාරයෝ නවත්වලා කියනවා වාහනේ යන්න බෑ , වාහනේ මග දාලා three එකේ යන්නකියලා , උන්ට රැවටෙන්න එපා
     
    Last edited:
    • Like
    Reactions: rayrox

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ඇල්ලේ Nine Arches Bridge යන අයට මට නම් කියන තියෙන්නේ තමන්ගේ වාහනයෙන් ( car , van , etc ...) Bridge එක ළඟටම ( 300 m ) යන්න පුළුවන් , බොරුවට three wheeler වලට සල්ලි දෙන්න ඕන නෑ , ඇල්ල නගරයේ සිට බින්ගෙය පහුවෙනකොටම හල්පේ පාර කියලා පාරක් තියෙනවා ඒකෙන් යන්න පුළුවන්

    හැබැයි මගදී three wheeler කාරයෝ නවත්වලා කියනවා වාහනේ යන්න බෑ , වාහනේ මග දාලා three එකේ යන්නකියලා , උන්ට රැවටෙන්න එපා

    ඔව් එක ඇත්ත. අර ත්‍රිවිල් පාර්ක් එක ලඟින් වමට තියෙන පාර නේද?

    අපි ගියේ ඇල්ල හන්දියෙන් වමට දාලා අර දේවාලේ ලඟ වාහනේ දාලා.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    patta machan giya mase apith giya. me mase yanawa aye anthima wage.

    එලකිරි මචන්. නවතින්න තැනක් බලනවා නම් අර මම කිව්වා spot එකත් බලපන්. නුවර ඉඳලා කෝච්චියේ ඇල්ල යන්න හිතන් ඉන්නවා අපිත් බන්. ඒ ගමන පට්ට ලස්සනයි ලු නේද.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ඇල්ලේ වල = වල්ලේ ඇල :P
    ඔව් බන්. අපරාදේ එක දැන් වල්ලේ ඇල වෙලා තමයි තියෙන්නේ අර ගල් කුඩුයි සිමෙන්තියි කලවම් වෙලා වතුරට.

    d8ZXmnC
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    ඔව් එක ඇත්ත. අර ත්‍රිවිල් පාර්ක් එක ලඟින් වමට තියෙන පාර නේද?

    අපි ගියේ ඇල්ල හන්දියෙන් වමට දාලා අර දේවාලේ ලඟ වාහනේ දාලා.

    ඇල්ල town සිට Ella Railway Station එකට හැරෙන පාර පහුවෙනකොට බින්ගෙය පහුවෙනකොටම දකුණට තියෙනවා හල්පේ පාර කියලා පාරක් ඒකෙන් අපි ගියේ Bridge එක ළඟ තියෙනවා car park එකක් ප්‍රාදේශීය සභාවෙන් කරන එතන වාහනේ දැම්මේ ,

    උඹලාට කෑම කන්න town එකෙන් හොඳ තැනක් සෙට් උනාද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,524
    22,190
    113
    Gotland

    oya pare prius ekak wage yanna puluwanda ?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    oya pare prius ekak wage yanna puluwanda ?

    මම යනකොට මගේ පස්සෙන් nissan fb15 , mazda bongo , toyota 121 අවා , prius එකේ උස ගැන නම් මට අවබෝධයක් නෑ මචන් , පාරේ තැනින් තැන ගල් පැදුනු තැන නම් තියෙනවා එත් ප්‍රශ්නයක් නැතිව යන්න පුළුවන්
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔව් එක ඇත්ත. අර ත්‍රිවිල් පාර්ක් එක ලඟින් වමට තියෙන පාර නේද?

    අපි ගියේ ඇල්ල හන්දියෙන් වමට දාලා අර දේවාලේ ලඟ වාහනේ දාලා.

    ඇල්ලෙ ඉන්න ත්‍රීවීලර් එව්න් චාටර් .... සුද්දියෝ කී දෙනෙක් රේප් කරලා මාට්ටුද .....
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    එලකිරි මචන්. නවතින්න තැනක් බලනවා නම් අර මම කිව්වා spot එකත් බලපන්. නුවර ඉඳලා කෝච්චියේ ඇල්ල යන්න හිතන් ඉන්නවා අපිත් බන්. ඒ ගමන පට්ට ලස්සනයි ලු නේද.
    එල මචං මම බලන්නම්. ඔව් බං පට්ට කොච්චියේ යද්දි. කොහොමද බං එතන ගනන් එහෙම? අපි නම් හිටියේ අඳුරන තැනක බං.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113

    man alto 2017 eken giye. digatama yanakota thiyanawa place ekak car park karanna. ethana idan kale madin yanna ona podi adi parakin. magak durakata yaddi podi kollek set wela ahuwa ekka yannada kiyala.
    :P:P

    car park එක ළඟ ඉඳන් concrete පාර දිගේ 150m යනකොට තියෙනවා දකුණු පැත්තේ පෙට්ටි කඩයක් , එතනින් දකුණට හැරිලා පෙට්ටි කඩය ඉස්සරහින් 100m යනකොට රේල් පාර හමුවෙනවා බින්ගෙයක් එක්ක බින්ගෙය ඇතුලෙන් එහාපැත්තට ගියාම Bridge එක

    ඕන නම් පෙට්ටි කඩයෙන් අහන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,524
    22,190
    113
    Gotland

    මම යනකොට මගේ පස්සෙන් nissan fb15 , mazda bongo , toyota 121 අවා , prius එකේ උස ගැන නම් මට අවබෝධයක් නෑ මචන් , පාරේ තැනින් තැන ගල් පැදුනු තැන නම් තියෙනවා එත් ප්‍රශ්නයක් නැතිව යන්න පුළුවන්

    mama kalin giye passara pare gihin ethanina harila. ethana short cut ekak thinawa kanda bahala yanna
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ඇල්ල town සිට Ella Railway Station එකට හැරෙන පාර පහුවෙනකොට බින්ගෙය පහුවෙනකොටම දකුණට තියෙනවා හල්පේ පාර කියලා පාරක් ඒකෙන් අපි ගියේ Bridge එක ළඟ තියෙනවා car park එකක් ප්‍රාදේශීය සභාවෙන් කරන එතන වාහනේ දැම්මේ ,

    උඹලාට කෑම කන්න town එකෙන් හොඳ තැනක් සෙට් උනාද ?

    Chill එක කියල පබ් එකක් තිබුනා, එකට එහා පැත්තේ තිබුන restaurant එකක්. ගණන් තිබුනේ chicken friedrice 400, kottu 250 onwards. එතනින් දවල් ට කැවා. රැටයි උදෙටයි අපි නැවතුන ප්ලේස් එකෙන් කැවා