මචන් දියවැඩීයාව තියන අයට ඇස් පේන්නෙ නැතුව යනවද? මෙයා අවුරුදු 40ක විතර පිරිමි කෙනෙක්. එයාට දියවැඩීයාව තියනවා අවුරුදු 10ක විතර ඉදන්. කොහොම හරි සීනි 400-500ට එහෙමත් ගිහින් තිබිලා. දැන් මෙයාට කිසි දෙයක්පේන්නෙ නැහැ. ඇස් ඇරියම අලු පාටටලු පෙන්නෙ. මෙහෙම වෙන්නෙ ඇයි ? මේකට චැනල් කරලා බෙහෙත් ගන්න හොද ඩෝක්ට කෙනෙක් ගැන විස්තර කියපන්. හැබැයි මූ පොඩ්ඩක් බේබදු ඩයල් එකක්. හැමදාම බොන්නෙ නැහැ. පඩි දවසට නැතිවෙන්න බොනවා. මේවත් සමහර විට හේතුවක් වෙන්නත් ඇති. මේ ගැන දන්න එකෙක් විස්තර කියපන්. දැන් මෙයාට ජොබ් එකටවත් යන්න විදියක් නැ. ඇස් දෙකම එක සැරේ පෙන්නෙ නැතුව අලු පාටට වෙලා.උදව් කරන උන්ට ගොඩක් පින්. මේවගේ දෙයක් මම ඇහුවමයි බන්. බයෙත් බැහැ