ඇහැලියගොඩ ශාපය 1965

Internet Explorer

Active member
  • Sep 22, 2013
    243
    49
    28

    (සත්‍ය කතාවකි. නම් මනස්කල්පිතයි)
    මේම සිදුවීම සිදුවන්නේ 1965 තරම් ඈත අතීතයේදීය. ඇහැලියගොඩ ටවුම පසුකොට රත්නපුර දෙසට යනවිට අදට ද මේ විශාල පාළු නිවස දැකිය හැකිය. එහි හිමිකරුගේ දරුවන් විදේශගතව ජීවත්වෙති.
    1965 වසර වනවිට ජේමිස් මහතා ඇහැලියගොඩ බදුවත්ත ප්‍රදේශයේ සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකු විය. ඔහු සතුව බෙන්ස් වර්ගයේ ලොරි රථ 12 ද බස් රථ 6 පමණ ද බලංගොඩ ප්‍රදේශයේ තේවත්තක්ද ඔහු සතුවිය. ඒ සියල්ලට අමතරව මිනිසුන් යොදවා මැණික් ව්‍යාපාරයද සරුවට කරගෙන යනලදී. මැදිවිය පසුකර ඇති ජේමිස් මහතා අඩි 6කට වඩා උස සරිලන මහතකින් යුත් ප්‍රබල චරිතයක් විය. ඔහුගේ එකම සහෝදරිය දෙනියාය ප්‍රදේශයේ ගුරුවරියකිි. වයස 38 සම්පුර්ණ කරන ලද ජේමිස් මහතා තනිකඩව පසුවිය. ඔහුගේ නැගනිය නිතර මගුල් යෝජනා ගෙන ආවද ජේමිස් මහතා කිසිවක් කෙරෙහි උනන්දුවක් දැක්වුයේ නැත.
    අවසානයේ ඔහු හිතුමතේට නිවසට මැගිනෝනා කැන්දාගෙන ආවේ සිය නැගනියගේ බලවත් විරෝධතාවය මතයි. මැගි නෝනා අතිශයෙන් රෑමත්ය. දකින කවුරුන්හෝ ඇය දෙස කිහිප වරක් හැරී බැලයි. ඇය වෘතියෙන් ඇඳුම් මහන්නෙකි. අසාර්ථක විවාහයකින් පසුව තනිව ජීවිතය ගෙනගිය කාන්තාවකි. ජේමිස් මහතාගේ නැගණිය නිතර පැවසුවේ ඉල්ලන මුදලක් දෙන්නම් තමාගේ සහෝදරයා අත අරින ලෙසටයි. නමුත් ජේමිස් මහතාගේ වත්කම් දෙස කෑදරවු මැගි නෝනා සිය සහෝදරිය සමඟ ජේමිස් මහතා විරසක කරේ ඇගේ කපටි උපායෙනි.
    කාලය කෙමින් ගෙවීයන අතර මැගි නෝනා දරුවන් දෙදෙනෙකුගේ මවක් විය. ඇය නිවසේ මෙහෙකාරියන් කිහිප දෙනෙකු සමඟ අති සුපෝගබෝගී ජීවිතයක් ගත කරන ලදී. ජේමිස් මහතා සිය ව්‍යාපාර කටයුතු සඳහා විවිධ අවස්ථාවලදී විවිධ ප්‍රදේශවලට යන අතර බොහෝ වෙලාවට මැගි අක්කා සිය මෙහෙකාරියන් සමඟ නිවසේ පසුවිය. ඇයට අවශ්‍ය ගමන් බිමන් යෑම සඳහා නිවස ඉදිරිපිට ඇති වාහන අංගනයේ සිටිනා ඔනේම රියදුරෙකු ඇය ලබා ගන්නා ලදී.
    බලපිටියේ සිරිල් ලොරියේ අත් උදව් කරුවෙකි. දිනක් මැගි නෝනා වෙත පැමිණි ඔහු පැවසුවේ මහත්තයාට කියා කෙසේහෝ රියදුරු බලපත්‍රයක් ලබාදෙන ලෙසයි. නමුත් මැගි අක්කා ගේ සිත සිරිල්වෙත ඇදී ගියේ සල්ලි මිල මුදල් කොපමණ තිබුණද ඇය වෙනුවෙන් ජේමිස් මහතාට කිසිදු කාලයක් නොමැති කම මතයි. සිරිල් රියදුරු බලපත්‍රය ලබාගත් පසු මැගි අක්කාගේ පුද්ගලික රියදුරු වශයෙන් ඔහු තවත් ලං කරගන්නා ලදී. බොහෝ අවස්ථාවල දෙදෙනා පෙම් සුව විදිමින් කාටත් රහසේ පසුවිය. සිරිල් හට සිටි එකම සතුරා වුයේ ලලිත් අය්යා වන අතර ඔහුගේ ලොරියේ අත් උදව් සැපයු සිරිල් අද ලොකු නෝනාගේ පුද්ගලික රියදුරු වී අනිකුත් සේවකයින්ට කරන තාඩන පීඩන නිසා නිසා ලලිත් අය්යා සිරිල් සමඟ වැඩි ඇයි හොඳයි කමක් නොවීය.
    දිනක් සිරිල් බලංගොඩ සිට රත්නපුර දක්වා පැමිණෙන අතරතුර සිරිල් සහ සිය හාම්පුතාගේ බිරිඳ සමඟ පෙම්සුව විදිනා ආකාරය අතට අසුවිය. ඔහු දෙදෙනා ඉදිරියට විත් සිරිල්ට දොස් කිව්වේ ඔහුගේ ජාතකයද මතක්කර දෙමින්ය. එයට තදින් උරණවු සිරිල් ලලිත් අය්යාගෙන් පළිගැනීමට පොටක් බලමින් පසුවිය. මැගි නෝනා හැම අවස්ථාවකදීම සිහි නුවනින් කටයුතු කරන්නීය. ඇය පෞද්ගලිකව ලලිත් හමුවී මෙය වසන් කිරීමට කීයක් අවශ්‍ය දැයි ඇසුවේය. කිසිසේත් බලාපොරොත්තු නොවු මේ අවස්ථාවෙන් ලොකුම ප්‍රයෝජනයක් ගැනීමට හැකි ඇයි සිතු සිරිල් ඔහුට ලොරියක් සහ නිවස අලුත්වැඩියා කර ගැනීමට 35000 අවශ්‍ය බව පැවසුවේය. මැගි අක්කා පැවසුවේ 40000 මුසල් ලබා දිය හැකි බවත් නැවත සිය ස්වාමියා ලඟ වැඩ නොකරන ලෙසටයි. එයට එකඟවු ලලිත් අය්යා අදාල මුදල රැගෙන පැදුරටත් නොකියා පහුවදා සිය ගම්බිම් බලා පිටත්විය.
    නැවතත් සිරිල් සහ මැගි අක්කාගේ සුපුරුදු ජීවන රටව ගත කිරීමට ඔවුන්ට හැකි විය. වෙනදාට වඩා ගමන් බිමන් ගැන දෙදෙනා සැලකිලිමත් විය. නමුත් අනපේක්ෂිත අවස්ථාවක ලලිත් අය්යා පැමිණ සිරිල්ගෙන් තවත් 10000 මුදලක් ලබාදෙන ලෙස බලකරන ලදී. මෙයින් අධිකලෙස කෝපවු සිරිල් මැගි නෝනා හට පැවසුවේ ලලිත් ඉදිරියට ඔවුන්ගේ ගමනට විශාල බාධාවක් වන නිසා අද රෑ ඉවරයක් කරන බවයි. එයිිිින් තැතිගත් මැගි නෝනා පැවසුවේ. නැහැ අපි සල්ලි දීලා පිටත් කරමු ලෙසයි. ඒ වන විටද සරිල් ජේමිස් මහතාගේ සේවා කාමරයේ තිබු රිවෝල වරයෙන් ලලිත් අය්යාට වෙඩි තබා අවසන්ය. නිසල සිරුර oxford minor රථයට දමාගත් සිරිල් ලේ පැල්ලම් සියල්ල විනාඩියක් ඇතුලට පිරිසිදුකර ජේමිස් මහතාගේ නීත්‍යානුකුල රිවෝල් වරයද රැගෙන සුරිය කන්ද බලා පිටත්විය.
    සුරිය කන්දේ 5 වැනි වංගුවෙන් පහතට ලලිත් අය්යාගේ නිසල දේහව විසික්කළ සිරිල් ජේමිස් මහත්තයාගේ රිවෝල් වරයද කන්දෙන් පහතට දමා කිසිවක් නොවු ආකාරයට ඇහැලියගොඩ නිවසට පැමිණියේය. ඒ වනවිටත් ජේමිස් මහතා සිය කාර්යාල මේසයේ අනිකුත් සේවකයන්ගේ පඩි බේරමින් පසුවිය. කන්දෙන් පහළට දැමු ලලිත් අය්යාගේ මිනිය. රක්වාන උතුර රදලුව ගමේ හේනක් මතට වැටින. සිරුරේ කොටස් සතුන් කා තිබුණද හේනේ අයිති කාරයා විසින් රක්වාන පොලිසියෙන් කැදවා වහාම මිනීමැරුම සම්බන්ධව පරීක්ෂණ සිදුකරන ලදී. එහිදී ජේමිස් මහතාගේ නිත්‍යීානුකුුුල ගිණි අවිය හමුවන්නේ බෑවුමේ තිබු ලදු කැලෑවකිනි. සිය නීත්‍යිානුකුල ගිණි අවියෙන් මිනීමැරුවක් කොට ඇති බවට කිසිත් නොදන්නා ජේමිස් මහත්තයා පොලිසියෙන් පැමිණ තොරතුරු විමසන විට සිය ගිණි අවිය ලාච්චුවෙන් අතුරුදහන් වී ඇති බව වැටහින.
    ජේමිස් මහතා මිනීමැරුමකට සැක පිට රිමාන්ඩ් කරපු බව ගමේ ප්‍රචාරය වන්නට විය. මැගි නෝනා සහ සිරිල් මේවන විට එකි නොකා අතර ආදරයෙන් පසුවිය. ජේමිස් මහතා එල්ලුම් ගහට කෙසේහෝ යවා තමන්ට සියළු දේළුල ලබාගැනීමට සිරිල් මාන බලමින් පසුවිය. එයට හොඳම අවස්ථාව මෙයැයි සිතු සිරිල් උසාවියේදී ජේමිස් මහතා ලලිත් අය්යාට වෙඩි තිබු බවත් මිනිය කාර් එකේ රැගෙන සුරිය කන්දට ගියබව පැවසුවා. ආලයෙන් මත්වී සිටි මැගි නෝනාගේ සාක්ෂියද ජේමිස් මහතා මිනීමරුවෙකු බව ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් විය. කිසිවක් අවබෝධකර ගැනීමට නොහැකි වු ජේමිස් මහතා සිය සුපුරුදු නිශ්ශබ්ද තාවය දිගටම ආරක්ෂා කරන ලදී. ඔහුගේ සහෝදරිය සිය සොයුරා බේරාගැනීමට දක්ෂ නඩුකාරයන් ගෙනාවද අවසානයේදී ජේමිස් මහතාට මරණ දඩුවමට නියම කෙරෙනි.
    ඒ අවස්ථාව වනවිට ජේමිස් මහතාට සියල්ල අවබෝධවී තිබුණි. අවසාන නඩු තීන්දුවෙන් දවස් 27 ගිය තැන ඔහු එල්ලුම් ගහට නියම කරන ලදී. ඒ අතරතුර කාලයේ ජේමිස් මහතාට අවශ්‍ය ඉල්ලීමක් තිබේ නම් පවසන ලෙස බන්ධනාගාරයෙන් පැවසීය. ඔහුගේ අවසාන ඉල්ලීම ඌයේ සිය දරුවන් දෙදෙනාට පමණක් කථා කිරීමට අවශ්‍ය බවයි. පැය 6 පුරාවට ඔහු වයස අවුරුදු 12 සහ 8 වියේ පසුවන දරුවන් දෙදෙනාට කුමක් පැවසුවේද යන්න අදටත් රහසකි. ඊට අමතරව ඔහුගේ කාර්යාල මේසයේ ඇති පොත් ටිකද අවසාන කාලයේ කියවීම සඳහා රැගෙන එන ලෙස ඔහු දන්වන ලදී. වෙන කාටවත් ඔහුව බැලීමට කිසිම අවසරයක් නොවීය.
    එල්ලුම් ගසට අවසාන දවස් කිහිපය වෙන විට ජේමිස් මහතා බිත්ති පුරා සහ කොළ වල සෑම තැනකම විවිධ අංක රටා ලියමින් කාලය ගත කරේය. ඔහුට කෑමට පවා කිසිදු කැමැත්තක් නොවන බවට ජේලර් මහතුන් හට අවබෝධවිය. කිසියම් මානසික ආබාදයකිිිින් ජේමිස් මහතා පෙළනවා දැයි සැක හැර දැන ගැනීමට බන්ධනාගාර සිරිමැදරි පරිපාලනයට අවශ්‍ය විය. එසේ මානසික ආබාද ඇති කිසිවකුටත් මරණ දඩුවම ලබාදීමට නොහැකිය. වෛද්‍ය වරුන් කිහිපයක්ගේ පරීක්ෂාවෙන් පසුව ජේමිස් මහතා හට කිසිදු මානසික රෝගියක් නොමැති බවට සනාත කරන ලදී, එසේ නම් ඔහු ලියන සංක්‍යා රටා කුමක්ද කියා අවබෝධ කර ගැනීමට අපරාධ අංශයේ සහ ලංකාවේ කිසිදු මනෝ වෛද්‍යවරයෙකුට න‌ොහැකි විය.එහි ඡායාරෑප ඉස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය වෙත භාර දුන්නද කිසිදු ආකාරයේ හෝඩුවාවක් ඒ අංක සමීකරණ සම්බන්ධව ලබාගැනීමට නොහැකි විය.
    අවසාන දින 5 වනවිට ජේමිස් මහතා ඉතාමත් සතුටින් පසුවන බවට බන්දනාගාර නිලධාරීන්ට අවබෝධ විය. එය අනිකුත් මරණ දඩුවම හිමි පුද්ගලයන් සමඟ සංසන්ධනය කළ විට අතිශයෙන් ආගන්තුකයි. අවසානයේ ජේමින් මහතා ගෙළ සිරකර මරා දමන්නේ ලලිත් සේවකයා මැරු වරදට දඩුවමක් වශයෙනි. ඔහුගේ ඉල්ලීම පරදි මෘත ශරීරය රජයේ අනුග්‍රහයෙන් කිසිවකුටත් නොපෙන්වා වල දැමීමට අවසාන කැමැත්තේ දක්වා ඇත.
     

    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    243
    49
    28
    ජේමිස් මහතාගේ නික්ම යෑමෙන් පසුව දෙනියායේ ඇගේ සොයුරිය විසින් ළමයි දෙදෙනා රැගෙන යන ලදී. ඔහුගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් ජේමිස් මහතා ඔවුන් වෙනුවෙන් ආයෝජනය කර ඇත. පසුව මැගි නෝනා සහ සිරිල් විසින් ජේමිස් මහතාගේ ව්‍යාපාර සියල්ල පාලනය කරන ලදී. පැරණි සේවකයින් ඉවත් කර ඔවුන්ගෙ මිතුරන් සහ නෑදෑයින් අදාල තනතුරු සඳහා යොදවාන ලදී. එහිදී බලංගොඩ වත්තේ කළමාණාකාරතුමා ලෙස සිරිල්ගේ අය්යා කෙනෙකු පත්කරන ලදී. මැණික් ව්‍යාපාරය සිරිල් විසින්ද ප්‍රවාහන ව්‍යාපාරය මැගි නෝනාගේ නෑදෑයෙකු විසින් පාලනය කරන ලදී. සිරිල් හැකි සෑම අවස්ථාවකදීම ජේමිස් මහතා මිනීවරුවෙකු බව ලොවට ප්‍රචාරය කරමින් පසුවිය.
    දිනක් සිරිල් සහ ඔහුගේ සොයුරා වන බලංගොඩ වත්තේ කළමානාකාරතුමා ඇහැලියගොඩ නිවසට ගෙන්වන්නේ ඔවුන්ගේ අලුත් ව්‍යාපාර සම්බන්ධව ගැටළු නිරාකරණය කරගැනීමටයි. සිරිල්ගේ සොයුරා හට ඉඩම් ඔප්පු සහ ව්‍යාපාරික ගිණුම් සම්බන්ධයෙන් විශාල අවබෝධයක් ඇත. රාත්‍රි කාලය පුරාවට ඔහු ජේමිස් මහතාගේ කාර්යාල කාමරයේ සිට සියල්ල පරීක්ෂාකර බලමින් පසුවිය. මැගිනෝනා සහ සිරිල් සුපුරුදු පරදි නින්දට ගියෝය. අලුයම අවදිවන්නේ සේවකයෙකු විසින් තබන ලද මර ලතෝනියකිනි. එනම් සිරිල් ගේ සොයුරා කාර්යාල කාබරය තුල කෘර අන්දමින් මරා දමා ඇති ආකාරයයි. ඔහු කාර්යාල පුටුවේ පෑනත් අතින් රැ‌ගෙන සිටින අතර ඔහුගේ හිසෙන් භාගයක් පමණ දක්නට නැත. එය කියතක් වැනි මොට ආයුධයකින් කපන ලද බවට අවට ප්‍රදේශයේ හිස් කබලේ කුඩු රැදී ඇති ආකාරයෙන් පැහැදිලි වෙයි. හිසේ කපපු කොටසින් වැගිරුන ලේ ඔහුගේ කණ තෙක් මිදී තිබු අතර එය අතිශයෙන් බිය උපදවන දසුනකි. මෙතරම් කෘර ලෙස මිනීමැරුම සිදුකර ද ඔහුගේ පෑන ඒ ආකාරයෙන්ම අතේ රැදී තිබීම පොලිසිය පවා පුදුම කරන ලදී. ඇහැලියගොඩ පොලිසිය විවිද කාරණා ඔස්සේ පරීක්ෂණ කරත් අවසාන ප්‍රතිඵලයක් නොමැතිිිව පරීක්ෂණ සියල්ල මග නැවතින. මිනීමැරුමට සැක කිරීමට කවුරුත් නොමැති අතර බලංගොඩ වත්තේ සේවකයෙකු සිරිල්ගේ සොයුරා සමඟ වු බහින් බස්වීමක් ඔස්සේ තොරතුරු රැස්කරද එයත් මෙම මිනීමැරුමට සම්බන්ධතාවක් නොමැති බවට අවබෝධ විය.
    මේ අතර මැගිනෝනා සහ සිරිල් පොලිසියෙන් සහය පතුවේ තමන්ට සතුරෝ සිටින බවත් පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙසයි. මෙයට ජේමිස් මහතාගේ සොයුරියගේද සම්බන්ධයක් ඇති බවට සිරිල් පොලිසිය වෙත පවසන ලදී. පොලිසිය සිරිල් හට ගිණි අවියක් ලබාදෙන්නේ එය භාවිතා කිරීමට මැගි නොනා සහ සිරිල් හට පුර්ණ අවබෝධයක් ලබා දෙමින්ය. නමුත් ඔවුන් කුරුදු වත්තෙන් නිවසක් මිලදී ගැනීමට තීරණය කරන්නේ මැරුණ ජේමිස්ගේ අවතාරය ඔවුන් ගෙන් පළිගන්නවා යැයි යටි සිතේ ඇති බිය නිසාය. විශාල තොයිලයකින් පසු මැගි නෝනා සහ සිරිල් කුරුඳු වත්තේ නිවසට පදිංචියට යන්නේ සියල්ල අමතක කර අලුත් ජීවිතයක් ගත කිරීමටයි. ඉන් දින කිහිපයකට පසු ජේමිස් මහතාගේ නඩුවට පෙනී සිට් නඩුකාරයා කෘරලෙස නාන කාමරයේදී මරා දමන්නේ පොලිසියටද විශාල ගැටළුවක් ඉතිරි කරමින්ය.
    පොලිසිය විසින් CID ඔත්තු කරුවන් ජේමිස් මහතාගේ ව්‍යාපාරවල සේවකයින් ලෙස සේවයට යොදවන්නේ මේ දාම මිනීමැරුම් සම්බන්ධව මැගිනෝනාගේ පවුලේ සම්බන්ධයක් ඇති බවට ඇති සැකය මතයි. ඔවුන් විවිද හෝඩුවාවන් ඔස්සේ පරීක්ෂණ කරද කිසිම ආකාරයක හෝඩුවාවක් ලබාගැනීමට නොහැකි වන්නේ මේම දාම මිනීමැරුම් අතර ඇති පරස්පර විර‌ෝදී තාවය මතයි.
    සිරිල් සහ මැගිනෝනා ඇහැලියගොඩ නිවසට පැමිණීම ප්‍රතික්ශේප කරන ලදී. කරුඳු වත්තේ නිවසේ උඩු මහලේ ඇති කාමරය ආසන්නයේ ගිණි අවිය රදවා තබා සෑම තප්පරයම බියෙන් කාලය ගත කරයි. මාතර කට්ටඩියෙකුට නිතර පනිවිඩ යවා සිය නිවසට ගෙන්වා දවස් ගනන් යාතිකා කරමින් මොවුන් කාලය ගත කරන ලදී. එක් දිනක් මැගි නෝනා අවදිවී බලන විට එකවරව කෑගැසෙන්නේ කාමරයේ දොර ඉදිරියෙන් ජේමිස් මහතා ඇය දෙස බලාසිටින ආකාරයයි. ඔහුගේ දිලිසෙන ඇස්දෙක ගින්දර වැනිය. ඔහු ටිකෙන් ටික මැගි නෝනා දෙසට කිට්ටු විය. එයින් බියට පත් මැගිනෝනා ඇඳ ආසන්නයේ ඇති තුවක්කුව රැගෙන ජේමිස් මහතාට වෙඩි තබන්නේ මට සමාවෙන්න මහත්තයෝ යැයි කෑගසමින්ය.
    ඇයට පියවිසිහිය එනවිට සිටින්නේ මහ රෝහලේ ඇඳක් උඩයි. "කෝ මගෙ මහත්තයා සිරිල් කථා කරන්න එයාට අරූූ අපිව මරන්න එනවා." එවිට පොලිසිය අසන්නයේ සිටිනු දැකීමෙන් මැගිනෝනා පැවසුවේ "අපි කලින්ම ආරක්ෂාව ඉල්ලුවා තමුසෙලා ආවේ නැහැ.. දැන් මැරෙනවා බලන්ඩද ආවේ" ඇයට ප්‍රකෘර්ති සිහිය පැමිණෙන විට සිරිල් අවසන් ගමන් ගොසින්ය. එනම් එදා ඇය වෙඩ් තබා ඇත්තේ ජේම්ස් මහතා කියා සිරිල්ටයි. ඔහුගේ රුධිරය වෑහුන කුරුදු වත්තේ නිවස පොලිස් පරීක්ෂණ සඳහා සීල් තබා ඇත.
    මැගිනෝනා මිනී මරුවෙකු ලෙස ඔප්පු උවද ඔහුගේ මානසික තත්වය මත අවසිහියෙන් සිදුකරන ලද්දක් නිසා වසර 10කට හිරගෙට නියම විය. ඇය බෙහෙත් මගින් පුර්ණ සුවය ලැබුවද සිය සැමියා එල්ලුම් ගස් යැවීමේ සිදුවීම නිසා ඇයට සෑම තප්පරයක්ම සැනසීමක් නැති විය. වසර 10 ක‌ට පසු නිදහස්වී පැමිණි ඇය ඇහැලියගොඩ නිවසට පදිංචියට යෑමට කිසිදු ආශාවක් නොවීය. ඇගේ ව්‍යාපාරද ඒ වනවිට නැතිවී ගොස් තිබු අතර ඇයට යහමින් මිල මුදල් තිබිනේය. රත්නපුරයෙන් නිවසක් මිලදී ගත් ඇය. ඇගේ අක්කා සහ ඇයගේ දුව සමඟ කලක් ජීවත්විය. අධික රුදිර පීඩනයෙන් සහ දියවැඩියාව නිසා ඇය නිතර කොළබට බෙහෙත් ගැනීමට යන්නීය. ඊට අමතරව පුගොඩ වතුරුගම පාරේ සිංහල බෙහෙත් සාප්පුවකටද මසකට වරක් යෑම සිරිතක් වශයෙන් පැවතින. ඒ සඳහා පෞද්ගලික රියඳුරු මහතෙකු ඇය යටතේ සේවය සපයන ලදී.
    1986 මාර්තු මස මැගිනෝනා මිය යන්නේ අමානුෂික ලෙස ඇගේ සාරිය බෙල්ලෙහි ඔතා එවකට පාළු පාරක් වු වතුරුගම - කිරිඳිවැල පාරේ ඇගේ වාහනයෙන් ඇදගෙන ගොසින්ය. හිසට සිදුවු හානිය හේතුවෙන් මුහුණද සම්පුර්ණයෙන් විකෘර්තිවී ගොසින්ය. පොලිසියේ උකුසු ඇස යොමු වුයේ ඇගේ පෞද්ගලික රියදුරු වු ජයලත් වෙතයි. නමුත් ඔහු ඇයත් සමඟ එදා වතුරුගම ගමනට සහබාගී නොවුන බවට ප්‍රබල ශාක්ෂි මැගිනෝනාගේ අක්කා සහ ඇගේ දරුවාගේ ප්‍රකාශ වලින්ද රියදුරු මහතිගේ බිරිදගේ දරු ප්‍රසුතිය අවස්ථාවේ සේවය කළ දොස්තර වරුන්ද සාක්ෂි සපයන ලදී.
    යුහුසුලුව ක්‍රියාත්මක වු පොලිසිය විසින් ඇගේ Oxford minor රථය පරීක්ෂාකර බලා තිබු බෙහෙත් සාප්පුවේ තුන්ඩු සහ සිල්ලර කඩයකින් බඩු ලබා ගත් බිල ඔස්සේ පරික්ෂණ මෙහෙයවිය. ප්‍රතමයෙන් බෙහෙත් සාප්පුවේ වෙඳමහතාගෙන් කබාගත් කට උත්තරය වන්නේ ඇය බෙහෙත් සාප්පුවට පැමිණි අවස්ථාවේ රුධිර පීඩනය අධික ලෙස ඉහළ ගොස් තිබු අතර තම රෝගියා ගේ ජීවිතය කෙරෙහි වෙඳ මහතාට බියක් ඇතිබු බවයි. ඉන්පසු හැකි ඉක්මනින් රජයේ ඉස්පිටිතාලෙට යන ලෙස අණ කරන ලදී. වාහනය පැදවු රියඳුරු මහතා ගේ හැඩරුව පිළිබඳ ඔහුට හෝඩුවාවක් නොතිබුන අතර බොහෙත් සාප්පුවේ සේවකයෙකු පැවසු ආකාරයට ඔහු උස මහත පුද්ගලයෙකු බවයි. ඇගේ පුද්ගලික රියඳුරු පෙන්වා ඒ මොහුදැයි ප්‍රශ්නකරද ඔහුට සම්පුර්ණ වෙනස් පුද්ගලයෙකු බව පවසුවේය. අවුරුදු 55ක තරව් වයස උස මහත්මයෙකු බව නැවත නැවත සේවකයා පවසන ලදී.
    එවිට පොලිස් පරීක්ෂක ලාල් රත්නායක මහතා ජේමිස් මහතාගේ ෆොටෝ එකක් පෙන්වා ඇසුවේ මේ ඔහු දැයි? සේවකයා "අන්න හරි මෙහු තමයි යනුවෙන් රියඳුරු හදුනා ගත්තේය"
    ඉන් පසු සියල්ල පුදුමට පත් කරමින් සිල්ලර කඩේ මුදලාලි විසින් ලබාදුන් සාක්ෂියටද අනුව ජේමිස් මහතා එදා මැගිනෝනා සමඟ වාහනය පදවාගෙන බෙහෙත් සාප්පුවට පැමිණි බවට තහවුරු විය. දොඩම් ගෙඩි කිහිපයක් සහ කෙසල් ඇවරියක් ලබාගත් ජේමින් මහතා එය පසුපස ආසනයෙන් තබාන විට තව නෝනා කෙනෙකු නිදාගෙන සිටි බවට සිල්ලර කඩේ මුදදාලී දැක ඇත. නැවත කඩයට පැමිණි ජේමිස් මහතා ලොකු කේක් ගෙඩියකුත් රැගෙන ඉතුරු සල්ලි එපා යැයි පවසමින් නික්ම ගිය බවට මුදලාලි සාක්ෂි ලබාදෙන ලදී.

    පොලිසය විසින් ජේමිස් මුදලාලිගේ ලිපිගොනුව නොවිසඳුන අභිරහස් ගණයට දව අද වනවිටද කිසිදු ආකාරයකින් නිඟමනයට පැමිණීමට නොහැකිව ඒ සඳහා නිශ්ශබ්ද ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    4,422
    904
    113
    ලස්සනට කතාව ලියල තියෙනවා
    මනක්කල්පිතයි කියල යටින් දාන්න
    නැත්නම් චතුර කබ්බා මේකත් දෙරණේ පෙන්නලා විජ්ජුම්බරයක් නටයි
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    6,640
    1
    3,788
    113
    චූවගෙ රෑෂ් එකේ
    ජේමිස්ට ඉඳල තියෙනවා පෞද්ගලික මිනීමැරුම් කරන කොන්ත්‍රාත්කරුවෙක්(private assassin). බිත්ති වල එක එක බොරු නම්බර ලියල ඒත් ඒ අතර ඇත්ත නම්බර් එකත් ලියලා. ඒක දුරකථන අංකයක්. (area code එක නැතුව තමයි ලියල තියෙන්නෙ.) ජේමිස්ගෙ ළමයි දෙන්නා ජේමිස්ව බලන්න ආවම අර බිත්තියෙ ලියල තියෙන ඇත්ත නම්බර් එක පාඩම් කරවලා. ඒරියා කෝඩ් එකත් පාඩම් කරවලා. ළමයි දෙන්නා අරූට කතා කරල තමයි මරවලා තියෙන්නෙ. දැන් රට පැනලා හැංගිල ඉන්නෙ සැක නොහිතන්න. 8-)