(සත්‍ය කතාවකි. නම් මනස්කල්පිතයි)
මේම සිදුවීම සිදුවන්නේ 1965 තරම් ඈත අතීතයේදීය. ඇහැලියගොඩ ටවුම පසුකොට රත්නපුර දෙසට යනවිට අදට ද මේ විශාල පාළු නිවස දැකිය හැකිය. එහි හිමිකරුගේ දරුවන් විදේශගතව ජීවත්වෙති.
1965 වසර වනවිට ජේමිස් මහතා ඇහැලියගොඩ බදුවත්ත ප්‍රදේශයේ සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකු විය. ඔහු සතුව බෙන්ස් වර්ගයේ ලොරි රථ 12 ද බස් රථ 6 පමණ ද බලංගොඩ ප්‍රදේශයේ තේවත්තක්ද ඔහු සතුවිය. ඒ සියල්ලට අමතරව මිනිසුන් යොදවා මැණික් ව්‍යාපාරයද සරුවට කරගෙන යනලදී. මැදිවිය පසුකර ඇති ජේමිස් මහතා අඩි 6කට වඩා උස සරිලන මහතකින් යුත් ප්‍රබල චරිතයක් විය. ඔහුගේ එකම සහෝදරිය දෙනියාය ප්‍රදේශයේ ගුරුවරියකිි. වයස 38 සම්පුර්ණ කරන ලද ජේමිස් මහතා තනිකඩව පසුවිය. ඔහුගේ නැගනිය නිතර මගුල් යෝජනා ගෙන ආවද ජේමිස් මහතා කිසිවක් කෙරෙහි උනන්දුවක් දැක්වුයේ නැත.
අවසානයේ ඔහු හිතුමතේට නිවසට මැගිනෝනා කැන්දාගෙන ආවේ සිය නැගනියගේ බලවත් විරෝධතාවය මතයි. මැගි නෝනා අතිශයෙන් රෑමත්ය. දකින කවුරුන්හෝ ඇය දෙස කිහිප වරක් හැරී බැලයි. ඇය වෘතියෙන් ඇඳුම් මහන්නෙකි. අසාර්ථක විවාහයකින් පසුව තනිව ජීවිතය ගෙනගිය කාන්තාවකි. ජේමිස් මහතාගේ නැගණිය නිතර පැවසුවේ ඉල්ලන මුදලක් දෙන්නම් තමාගේ සහෝදරයා අත අරින ලෙසටයි. නමුත් ජේමිස් මහතාගේ වත්කම් දෙස කෑදරවු මැගි නෝනා සිය සහෝදරිය සමඟ ජේමිස් මහතා විරසක කරේ ඇගේ කපටි උපායෙනි.
කාලය කෙමින් ගෙවීයන අතර මැගි නෝනා දරුවන් දෙදෙනෙකුගේ මවක් විය. ඇය නිවසේ මෙහෙකාරියන් කිහිප දෙනෙකු සමඟ අති සුපෝගබෝගී ජීවිතයක් ගත කරන ලදී. ජේමිස් මහතා සිය ව්‍යාපාර කටයුතු සඳහා විවිධ අවස්ථාවලදී විවිධ ප්‍රදේශවලට යන අතර බොහෝ වෙලාවට මැගි අක්කා සිය මෙහෙකාරියන් සමඟ නිවසේ පසුවිය. ඇයට අවශ්‍ය ගමන් බිමන් යෑම සඳහා නිවස ඉදිරිපිට ඇති වාහන අංගනයේ සිටිනා ඔනේම රියදුරෙකු ඇය ලබා ගන්නා ලදී.
බලපිටියේ සිරිල් ලොරියේ අත් උදව් කරුවෙකි. දිනක් මැගි නෝනා වෙත පැමිණි ඔහු පැවසුවේ මහත්තයාට කියා කෙසේහෝ රියදුරු බලපත්‍රයක් ලබාදෙන ලෙසයි. නමුත් මැගි අක්කා ගේ සිත සිරිල්වෙත ඇදී ගියේ සල්ලි මිල මුදල් කොපමණ තිබුණද ඇය වෙනුවෙන් ජේමිස් මහතාට කිසිදු කාලයක් නොමැති කම මතයි. සිරිල් රියදුරු බලපත්‍රය ලබාගත් පසු මැගි අක්කාගේ පුද්ගලික රියදුරු වශයෙන් ඔහු තවත් ලං කරගන්නා ලදී. බොහෝ අවස්ථාවල දෙදෙනා පෙම් සුව විදිමින් කාටත් රහසේ පසුවිය. සිරිල් හට සිටි එකම සතුරා වුයේ ලලිත් අය්යා වන අතර ඔහුගේ ලොරියේ අත් උදව් සැපයු සිරිල් අද ලොකු නෝනාගේ පුද්ගලික රියදුරු වී අනිකුත් සේවකයින්ට කරන තාඩන පීඩන නිසා නිසා ලලිත් අය්යා සිරිල් සමඟ වැඩි ඇයි හොඳයි කමක් නොවීය.
දිනක් සිරිල් බලංගොඩ සිට රත්නපුර දක්වා පැමිණෙන අතරතුර සිරිල් සහ සිය හාම්පුතාගේ බිරිඳ සමඟ පෙම්සුව විදිනා ආකාරය අතට අසුවිය. ඔහු දෙදෙනා ඉදිරියට විත් සිරිල්ට දොස් කිව්වේ ඔහුගේ ජාතකයද මතක්කර දෙමින්ය. එයට තදින් උරණවු සිරිල් ලලිත් අය්යාගෙන් පළිගැනීමට පොටක් බලමින් පසුවිය. මැගි නෝනා හැම අවස්ථාවකදීම සිහි නුවනින් කටයුතු කරන්නීය. ඇය පෞද්ගලිකව ලලිත් හමුවී මෙය වසන් කිරීමට කීයක් අවශ්‍ය දැයි ඇසුවේය. කිසිසේත් බලාපොරොත්තු නොවු මේ අවස්ථාවෙන් ලොකුම ප්‍රයෝජනයක් ගැනීමට හැකි ඇයි සිතු සිරිල් ඔහුට ලොරියක් සහ නිවස අලුත්වැඩියා කර ගැනීමට 35000 අවශ්‍ය බව පැවසුවේය. මැගි අක්කා පැවසුවේ 40000 මුසල් ලබා දිය හැකි බවත් නැවත සිය ස්වාමියා ලඟ වැඩ නොකරන ලෙසටයි. එයට එකඟවු ලලිත් අය්යා අදාල මුදල රැගෙන පැදුරටත් නොකියා පහුවදා සිය ගම්බිම් බලා පිටත්විය.
නැවතත් සිරිල් සහ මැගි අක්කාගේ සුපුරුදු ජීවන රටව ගත කිරීමට ඔවුන්ට හැකි විය. වෙනදාට වඩා ගමන් බිමන් ගැන දෙදෙනා සැලකිලිමත් විය. නමුත් අනපේක්ෂිත අවස්ථාවක ලලිත් අය්යා පැමිණ සිරිල්ගෙන් තවත් 10000 මුදලක් ලබාදෙන ලෙස බලකරන ලදී. මෙයින් අධිකලෙස කෝපවු සිරිල් මැගි නෝනා හට පැවසුවේ ලලිත් ඉදිරියට ඔවුන්ගේ ගමනට විශාල බාධාවක් වන නිසා අද රෑ ඉවරයක් කරන බවයි. එයිිිින් තැතිගත් මැගි නෝනා පැවසුවේ. නැහැ අපි සල්ලි දීලා පිටත් කරමු ලෙසයි. ඒ වන විටද සරිල් ජේමිස් මහතාගේ සේවා කාමරයේ තිබු රිවෝල වරයෙන් ලලිත් අය්යාට වෙඩි තබා අවසන්ය. නිසල සිරුර oxford minor රථයට දමාගත් සිරිල් ලේ පැල්ලම් සියල්ල විනාඩියක් ඇතුලට පිරිසිදුකර ජේමිස් මහතාගේ නීත්‍යානුකුල රිවෝල් වරයද රැගෙන සුරිය කන්ද බලා පිටත්විය.
සුරිය කන්දේ 5 වැනි වංගුවෙන් පහතට ලලිත් අය්යාගේ නිසල දේහව විසික්කළ සිරිල් ජේමිස් මහත්තයාගේ රිවෝල් වරයද කන්දෙන් පහතට දමා කිසිවක් නොවු ආකාරයට ඇහැලියගොඩ නිවසට පැමිණියේය. ඒ වනවිටත් ජේමිස් මහතා සිය කාර්යාල මේසයේ අනිකුත් සේවකයන්ගේ පඩි බේරමින් පසුවිය. කන්දෙන් පහළට දැමු ලලිත් අය්යාගේ මිනිය. රක්වාන උතුර රදලුව ගමේ හේනක් මතට වැටින. සිරුරේ කොටස් සතුන් කා තිබුණද හේනේ අයිති කාරයා විසින් රක්වාන පොලිසියෙන් කැදවා වහාම මිනීමැරුම සම්බන්ධව පරීක්ෂණ සිදුකරන ලදී. එහිදී ජේමිස් මහතාගේ නිත්‍යීානුකුුුල ගිණි අවිය හමුවන්නේ බෑවුමේ තිබු ලදු කැලෑවකිනි. සිය නීත්‍යිානුකුල ගිණි අවියෙන් මිනීමැරුවක් කොට ඇති බවට කිසිත් නොදන්නා ජේමිස් මහත්තයා පොලිසියෙන් පැමිණ තොරතුරු විමසන විට සිය ගිණි අවිය ලාච්චුවෙන් අතුරුදහන් වී ඇති බව වැටහින.
ජේමිස් මහතා මිනීමැරුමකට සැක පිට රිමාන්ඩ් කරපු බව ගමේ ප්‍රචාරය වන්නට විය. මැගි නෝනා සහ සිරිල් මේවන විට එකි නොකා අතර ආදරයෙන් පසුවිය. ජේමිස් මහතා එල්ලුම් ගහට කෙසේහෝ යවා තමන්ට සියළු දේළුල ලබාගැනීමට සිරිල් මාන බලමින් පසුවිය. එයට හොඳම අවස්ථාව මෙයැයි සිතු සිරිල් උසාවියේදී ජේමිස් මහතා ලලිත් අය්යාට වෙඩි තිබු බවත් මිනිය කාර් එකේ රැගෙන සුරිය කන්දට ගියබව පැවසුවා. ආලයෙන් මත්වී සිටි මැගි නෝනාගේ සාක්ෂියද ජේමිස් මහතා මිනීමරුවෙකු බව ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් විය. කිසිවක් අවබෝධකර ගැනීමට නොහැකි වු ජේමිස් මහතා සිය සුපුරුදු නිශ්ශබ්ද තාවය දිගටම ආරක්ෂා කරන ලදී. ඔහුගේ සහෝදරිය සිය සොයුරා බේරාගැනීමට දක්ෂ නඩුකාරයන් ගෙනාවද අවසානයේදී ජේමිස් මහතාට මරණ දඩුවමට නියම කෙරෙනි.
ඒ අවස්ථාව වනවිට ජේමිස් මහතාට සියල්ල අවබෝධවී තිබුණි. අවසාන නඩු තීන්දුවෙන් දවස් 27 ගිය තැන ඔහු එල්ලුම් ගහට නියම කරන ලදී. ඒ අතරතුර කාලයේ ජේමිස් මහතාට අවශ්‍ය ඉල්ලීමක් තිබේ නම් පවසන ලෙස බන්ධනාගාරයෙන් පැවසීය. ඔහුගේ අවසාන ඉල්ලීම ඌයේ සිය දරුවන් දෙදෙනාට පමණක් කථා කිරීමට අවශ්‍ය බවයි. පැය 6 පුරාවට ඔහු වයස අවුරුදු 12 සහ 8 වියේ පසුවන දරුවන් දෙදෙනාට කුමක් පැවසුවේද යන්න අදටත් රහසකි. ඊට අමතරව ඔහුගේ කාර්යාල මේසයේ ඇති පොත් ටිකද අවසාන කාලයේ කියවීම සඳහා රැගෙන එන ලෙස ඔහු දන්වන ලදී. වෙන කාටවත් ඔහුව බැලීමට කිසිම අවසරයක් නොවීය.
එල්ලුම් ගසට අවසාන දවස් කිහිපය වෙන විට ජේමිස් මහතා බිත්ති පුරා සහ කොළ වල සෑම තැනකම විවිධ අංක රටා ලියමින් කාලය ගත කරේය. ඔහුට කෑමට පවා කිසිදු කැමැත්තක් නොවන බවට ජේලර් මහතුන් හට අවබෝධවිය. කිසියම් මානසික ආබාදයකිිිින් ජේමිස් මහතා පෙළනවා දැයි සැක හැර දැන ගැනීමට බන්ධනාගාර සිරිමැදරි පරිපාලනයට අවශ්‍ය විය. එසේ මානසික ආබාද ඇති කිසිවකුටත් මරණ දඩුවම ලබාදීමට නොහැකිය. වෛද්‍ය වරුන් කිහිපයක්ගේ පරීක්ෂාවෙන් පසුව ජේමිස් මහතා හට කිසිදු මානසික රෝගියක් නොමැති බවට සනාත කරන ලදී, එසේ නම් ඔහු ලියන සංක්‍යා රටා කුමක්ද කියා අවබෝධ කර ගැනීමට අපරාධ අංශයේ සහ ලංකාවේ කිසිදු මනෝ වෛද්‍යවරයෙකුට නොහැකි විය.එහි ඡායාරෑප ඉස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය වෙත භාර දුන්නද කිසිදු ආකාරයේ හෝඩුවාවක් ඒ අංක සමීකරණ සම්බන්ධව ලබාගැනීමට නොහැකි විය.
අවසාන දින 5 වනවිට ජේමිස් මහතා ඉතාමත් සතුටින් පසුවන බවට බන්දනාගාර නිලධාරීන්ට අවබෝධ විය. එය අනිකුත් මරණ දඩුවම හිමි පුද්ගලයන් සමඟ සංසන්ධනය කළ විට අතිශයෙන් ආගන්තුකයි. අවසානයේ ජේමින් මහතා ගෙළ සිරකර මරා දමන්නේ ලලිත් සේවකයා මැරු වරදට දඩුවමක් වශයෙනි. ඔහුගේ ඉල්ලීම පරදි මෘත ශරීරය රජයේ අනුග්‍රහයෙන් කිසිවකුටත් නොපෙන්වා වල දැමීමට අවසාන කැමැත්තේ දක්වා ඇත.