මම ගණිතයෙන් උසස් පෙළ කරපු එකෙක්. හැබැයි මන් ටයිම් පාස් කරන එක ක්‍රමයක් තමා ඕනෑම රටක ඉතිහාසය අධ්‍යනය කරන එක. මොකද ඉතිහාසය තමා වැදගත්ම විෂය අනෙක් සියල්ලටම වඩා මන් දකින විදියට. කවුරු හරි කියාවි නැහැ භාෂාව වැදගත්(ඉංග්‍රීසි හෝ සිංහල හො වෙනත් භාෂාවක් ). තව කවුරුහරි කියාවි නැහැ විද්‍යාව ගණිතය වැදගත්, තව කවුරු හරි කියාවි නැහැ ව්‍යාපාර එකවුන්ට්ස් වැදගත්,තව කවුරු හරි කියාවි කම්පියුටර් වැදගත් කියලා, තවත් කවුරුහරි කියාවි ඔය මොනවත් නෙමෙ දෙශපාලනය තමා වැදගත් කියලා. ඒත් හරියට බැළුවොහ් මෙ හැම විෂයකම විකාශනය සොයාගැනිම වෙනස් වීම ගැන ඉතිහාසයක් තියෙනවා. භාෂාවෙ විද්‍යාවෙ ගණිතයෙ දෙශපාලනයෙ මොකෙ උනට් ඉතිහාසය දැනගැනීම වැදගත්. ඔය කියන විෂයන් පවා වෙනස් වෙන්නෙ අළුත් වෙන්නෙ එකි විෂයන් වල ඉතිහාසය මත පදනම් වෙලා. අපි අද සිංහල ඉගෙන ගන්නෙ, ඉංග්‍රීසි ජොබ් එකට යන්න ඕන වෙන්නෙ, ගණිතය විද්‍යාව ඉගෙන ගන්නෙ සහ ඒක වැදගත් කරගෙන ඉන්නෙ මෙරට සහ ලොකයෙ ඉතිහාසෙ වෙච්ච දෙවල් වල යම් යම් සිදුවිම් විපර්යාසයන් නිසා. අන්න ඒ ගැන අවබෝධවෙන එක තමා වැදගත්ම දෙ. ඉතිහාසෙන් පස්සෙ වැදගත්ම විෂය සාහිත්‍ය.
එකටත් හෙතු තියෙනවා. එත් ඔය විෂයන් දෙකටම කුඩම්මාගෙ සැළකිලි තමා අපෙ පාසල් විෂය නිර්දෙශවලින් ලැබිලා තියෙන්නෙ සාහිත්‍ය කිව්ව සිංහල සාහිත්‍ය විතරක්ම නෙමෙ ඕනම රටක සාහිත්‍ය. මට සාහිත්‍ය ගැන දැනීඅ නම් අඩුයි එක නිසා මන් වැඩි දෙවල් කියන්න දන්නෙ නැහැ .එත් එකෙ වටිනා කම මන් දන්නවා. සාහිත්යෙ වටිනාකම්යි ඉතිහාසෙ වැදගත් කමයි නොදන්න නිසා තමා අපෙ වගෙ රටවල් ගොඩක් වෙන රටවල් වල ගැට වලට අහුවෙන්නෙ අහුවෙලා අනාථ වෙන්නෙ. අනික අපෙ උන් ඉතිහාසය කිව්වාහම එකපාරට ඔළුවට ගන්නෙ රජකාලෙ වෙහෙර විහාරයි ,මහාවංශයයි, හදපු වැව් ටිකයි ,එළාර දුටු ගැමුණු යුද්ධයයි අපෙ රට ගැන පම්පොරියයි විතරයි. ඒත් ඉතිහාසය කියන්නෙ ඊට පුළුල් විෂයක් ,
මන් දන්නෙ නැහැ කී දෙනෙක් එක අවබෝධ කරගෙන ඉන්නවද කියලා .