ඉඩමක් ගන්න නීතිමය උදව්

nimesha95

Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    මචන්ලා මම ඉඩමක් බලලා දැන් ඒක ගන්න ඉන්නේ.
    ගන්න ඉන්නේ නම් housing loan එකකින්.

    මෙන්න මේ ප්‍රශ්න ටික තමයි මට දැන් තියන්නේ .

    1. මම වෙනම පත්තිරු බලන්න ඕනෙද? මේක bank එකෙන් කරනවා කිව්ව නිසා ඕනේ වෙන් නැති වෙයි නේද ?

    2. owner advance එකක් ඉල්ලනවා. මේක කොහොමද කරන්න ඕනේ ? lawyer කෙනෙක් ගාවට ගිහින් ද?
    එහෙම කරලා හදිස්සියේ හරි documents අව්ල් තිබිල loan එක reject උනොත් අර advance එක refund කරනවා කියලා agreement එකක් ගහන්නත් ඕනෙද?

    පලවෙනි පාරට ඉඩමක් ගන්නේ ඒකයි පොඩ්ඩක් හොයල බලන්නේ :D
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    1.Legal පැත්ත bank එකෙන් බලනව ඒක හින්ද ඒක ඕනෙ වෙන්නෙ නෑ. හැබැයි උබ බලපන් වටේ උන් වැටවල් වලට හෙම වලි ද කියල.

    2. ඇඩ්වාන්ස් ලොකු ගානක් දෙන්ඩ එපා.ඔය lawyer කෙනෙක් ගාව අත්සන් කරත් ඕව ගන්ඩ ගියාම ගූ කේස්.අනික උබ total loan එක ගන්නෙ land purachasing වලට නම් බැන්කුවෙන් කෙලින්ම cheque එකක් දෙන්නෙ ඉඩම විකුනන එකාට. එතකොට උබට උගෙන් ආයෙ ඉල්ල ගන්ඩ වෙනව අර කලින් advance දුන්න ගාන.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මචන්ලා මම ඉඩමක් බලලා දැන් ඒක ගන්න ඉන්නේ.
    ගන්න ඉන්නේ නම් housing loan එකකින්.

    මෙන්න මේ ප්‍රශ්න ටික තමයි මට දැන් තියන්නේ .

    1. මම වෙනම පත්තිරු බලන්න ඕනෙද? මේක bank එකෙන් කරනවා කිව්ව නිසා ඕනේ වෙන් නැති වෙයි නේද ?

    2. owner advance එකක් ඉල්ලනවා. මේක කොහොමද කරන්න ඕනේ ? lawyer කෙනෙක් ගාවට ගිහින් ද?
    එහෙම කරලා හදිස්සියේ හරි documents අව්ල් තිබිල loan එක reject උනොත් අර advance එක refund කරනවා කියලා agreement එකක් ගහන්නත් ඕනෙද?

    පලවෙනි පාරට ඉඩමක් ගන්නේ ඒකයි පොඩ්ඩක් හොයල බලන්නේ :D
    මමත් මේ දවස්වල ඉඩමක් ගන්නවා ඒක නිසා දන්න දේ කියන්නම්.

    1. පත් ඉරු මමත් වෙනම චෙක් කරා. ඒකට මහ ලොකු ගානක් යන්නෙ නෑ. ඕනනම් ලෝයර් කෙනෙක් නැතුව අපිටම ගිහින් පත් ඉරු ගන්න පුලුවන්. කෝකටත් ලෝයර් කෙනෙක්ගෙන් චෙක් කරගන්න එක හොඳයි.

    2. අයිතිකාරයා කොහොමත් ඇඩ්වාන්ස් එකක් නොගෙන බලන් ඉන්නෙ නෑ. පත් ඉරු චෙක් කරන්න කලින් ඇඩ්වාන්ස් දෙනවා නම් ගියත් කමක් නෑ කියලා චූටි ගානක් දීපන්. එහෙම නැත්නම් කියපන් පත් ඉරු චෙක් කරලා ඇඩ්වාන්ස් දෙනවා කියලා. බැංකුවට දෙන්න ඕනෙ ඩොකියුමන්ට් ටිකත් එදාට ඉල්ලගනින්.

    මම නම් කරේ පත් ඉරු චෙක් කරලා බැංකුව එක්කත් කතා කරලා උන් ඇග්‍රී උනාට පස්සෙ තමයි ඇඩ්වාන්ස් කළේ.

    කොහොමත් ඇඩ්වාන්ස් කරද්දි දානවා යම් දවසකට කලින් ගණුදෙනුව පියවනවා. නැත්නම් ඇග්‍රීමන්ට් එක අවලංගුයි කියලා. ඉතින් බැංකුව ඊට කලින් වැඩේ නොකළොත් හරි බැංකුවෙන් වෙන කොක්කක් දැම්මොත් හරි ඇඩ්වාන්ස් එකට කෙළවෙනවා.

    ලෝයර් කෙනෙක් ගාවට ගිහින් ඇඩ්වාන්ස් කරලා Sale purchase agreement එකක් ගහපන්.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    1. බැංකුවෙන් ඔක්කොම චෙක් කරනවා. උබ ඊට කලින් බලලා ආයෙමත් බැංකුවෙන් බලද්දී අමතර වියදමක්.
    2. ලෝයර් කෙනෙක් ගාව agreement එකක් ගහලා හැමදේම කරන්න. කට වචනෙට කරන්න යන්න එපා. (අපිට ඒක පාරක් බලු වැඩක් උනා. ඔක්කොම කරලා ඉඩම මැනලා ලොන් එක ඈපෘ වෙන්න ඔන්න මෙන්න තියෙද්දී ගෙදර උන් ඉඩම දෙන්න බෑ කිව්ව. අපේ අච්චි ලාගේ කාලේ ඉඳන් අඩුරණ මිනිස්සු නිසා කටවචනේ විස්වස කරලා වැඩේ කරේ.)

    තව දෙයක් මායිම් ගැටළු තියෙනවද කියලා හොයලා බලන්න.
     
    TBI

    Active member
  • May 26, 2007
    157
    39
    28
    Kandy
    1. ඔව්, අනිවා බලන්න. ප්‍රශ්ණ තිබිබොත් බැංකුවට දාන්න කලින් විසද ගන්න පුලුවන්. බැංකුව කෝමත් ආයේ චෙක් කරනව.
    මතක ඇතුව ඉඩම මනින්න. මොකද දැන් මායිම් වෙනස් වෙලා වෙන්න පුලුවන්.

    2. ලෝයර් කෙනෙක්ට කියලා ගිවිසුමක් ගහල ඇඩ්වාන්ස් එක දෙන්න. කොන්දේසි වලට දාන්න, බැංකුව ණය දෙන එක බැහැ කිව්වොත් (ඉඩමේ ලිපි ලේඛණ ගැටලුවක් නිසා) ඇඩ්වාන්ස් එක රිටර්න් කරනව කියලා. තව ඔය වගේ කොන්දේසි ගොඩක් තියෙනව, ලෝයර්ස්ලා එව්ව දානව.

    අන්තිමට බැංකුවෙන් Pay Order එකක් තමය් ඔප්පුවේ හිමිකරුට දෙන්නෙ. එතකොට ඇඩ්වාන්ස් දුන්න ගාන අඩුකරල දෙන්නේ. ඒක නිසා ගැටලුවක් නැහැ.

    මම ලෝන් එක ගත්තෙත් මේ විදිහට තමයි. දැන් සති 2කට කලින්.
     
    ehema puluwan eth valuation hari salary prashna awith ba kiwwoth advance return wenne na.