ඉඩම් නඩුවක්.. උදවු බලාපොරොත්තු වෙමි...💣💣

Palihawadana1990

Well-known member
  • ඉඩම් නඩුවක්.. උදවු බලාපොරොත්තු වෙමි...💣💣

    මෙන්න මේකයි සීන් එක... මගේ මහ ගෙවල් ගාල්ලේ, හබරාදුව. අපිට ගෙයක් තියෙනවා.. ඒක තාත්තගේ මහ ගෙදර.. නමුත් ඒක කොටස් දෙකකට තියෙන්නෙ... පර්චස් 35 ක් තාත්තගේ නමට(හිස් ඉඩම), ගෙදර ඇතුලුව අනිත් පර්චස් 40 හ අම්මගේ නමට...

    මගේ අම්ම 2014 නොවැම්බර් වල නැති උනා.. ඒ වෙනකොට අම්මගෙ තිබුන ඉඩම් කෑල්ල ඒකියන්නේ ගෙදර කොටස අක්කගෙ නමටයි මගේ නමටයි ලිවුවා...

    ඊට පස්සෙ මාස 04කින් අක්ක නැති උනා... ඊට පස්සේ අක්කගෙ කොටස මහත්තයට නිසා මම ඒක එයාට කියල මගේ නමට ලියා ගත්ත... දැන් සම්පූර්ණයෙන්ම ගේ සහිත ඉඩම මගේ නමට තියෙන්නෙ... ඔප්පුවෙ හැටියට.. හැබැයි මම කච්චේරියට ගිහීල්ල චෙක් කරේ නම් නෑ..

    මට දැන් ගන්න ඕන...ඔප්පුව හරියට නිරවුල්ව මගේ නමට ලියල තියෙනවනම් කාටවත් ඒ ඉඩම අයිති කර ගන්න බැරිද... ඒ කියන්නේ ඔය ඉඩමට අපේ තාත්ත ඇහැ ගහගෙන ඉන්නේ. ඌ ලෝක අන්ඩය... මම එක්ක ඔරොප්පුයි... මාව මරල හරි ඒ ඉඩම ගන්න තමා බලාගෙන ඉන්නේ..

    මම කියල තියෙන්නෙ සද්දෙ දාගෙන ආවොත් මහ ගෙදර බිමට සමතලා කරනවා කියල...

    හැබැයි පොර ඉන්නේ ඒ ගෙදර... නැවතිලා.. ඒ මදිවට කාටද නවතින්නත් දීල පවුලකට... මම ඒවට මුකුත් කියන්න යන්නේ නැත්තේ ඒ ගෙදර වහල දානවට වඩා කවුරු හරි ඉන්න එක හොද නිසා....

    මට දැන ගන්න ඕන ගෙදර ඉන්න උනුත් ටිකක් අමුතු පවුලක්... මට නීතියෙන් කරන්න පුලුවන්දේවල් තියෙනවද??

    තාත්ත තමා ගෙදර ගෘහ මූලිකයට ඉන්නේ. චංදෙ තියෙන්නෙත් එහේට... මට චංදෙ නෑ එහෙට තියා කිහේටවත් නෑ... මාව කපල දාලා....

    මම අවුල් ගොඩක් ඉන්නේ... මට ඒ ගෙදර අතාරින්න බැරි හේතුවක් තියෙනවා... ඒ අම්මගෙයි අක්කගෙයි සොහොන් දෙක තියෙන නිසා.. නැත්තම් මම මෙලහකට ඇතෑරල දාල...

    මම ඉන්නේ රට... මැයි වල මම සතියකට ලංකාවට යනවා... එත්කොට මට මේ ඔක්කොම නිරවුල් කරගන්න ඕන...

    මට උබලගේ උදවු ඕන
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    gedara oppuwa ube namata thiyana nisa legally mukuth karanda ba.
    thaththage namatath idama thiyanawane.

    ubata dan mokakda prashne oke?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    ඒ කියන්නේ ඔය ඉඩමට අපේ තාත්ත ඇහැ ගහගෙන ඉන්නේ. ඌ ලෝක අන්ඩය... මම එක්ක ඔරොප්පුයි... මාව මරල හරි ඒ ඉඩම ගන්න තමා බලාගෙන ඉන්නේ..

    මම කියල තියෙන්නෙ සද්දෙ දාගෙන ආවොත් මහ ගෙදර බිමට සමතලා කරනවා කියල...
     

    ranga 84

    Banned
    Mar 11, 2017
    50
    6
    0
    ඒ කියන්නේ ඔය ඉඩමට අපේ තාත්ත ඇහැ ගහගෙන ඉන්නේ. ඌ ලෝක අන්ඩය... මම එක්ක ඔරොප්පුයි... මාව මරල හරි ඒ ඉඩම ගන්න තමා බලාගෙන ඉන්නේ..

    මම කියල තියෙන්නෙ සද්දෙ දාගෙන ආවොත් මහ ගෙදර බිමට සමතලා කරනවා කියල...

    මම වාග් විලාශය හා පේලි දෙක තුලින් මම මේ කතාව තුල ඔබ නොකියූ බොහෝ දේ තේරුම් ගතිමි :)
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මුළු ඉඩමම ඔයාට වෙන්නේ කොහොමද ? තාත්තගේ ටික ඔයා අරගෙන නැහැනේ ?
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    හප්පා..ලෝයර් කෙනෙක් ගෙන් අැහුවෙ නැද්ද?
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නවතින්න දීලා නම් නාමික කුළීයක් (මාසෙකට රුපියල් 100ක්) දෙන්න බදු ඔප්පුවක් ලියා ගනින්.

    එහෙම නැති උනොත් අවුරුදු 10ක් පදිංචි වෙලා හිටියහම උන්ට අයිතිවාසිකම් කියන්න පුලුවන්. උඹ වි‍යංගයෙන් අනුමැතිය දුන්න (ප්‍රතිබන්ධනයෙන්) හා සමානයි (By the rule of estoppel)

    ඉංග්‍රීසි නීතය යටතේ අවුරුදු 10යි. ඉස්සර තිබ්බ උඩරට නීතියේ තිබ්බේ අවුරුදු 33යි;)
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    nrm_1420910082-a99abdac727ddfc3646fe9b55d8b0f10c943f8e813bd1d84b9102d0c48c09519.jpg
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මම වාග් විලාශය හා පේලි දෙක තුලින් මම මේ කතාව තුල ඔබ නොකියූ බොහෝ දේ තේරුම් ගතිමි :)

    :yes:
    thaththa gena ohoma hithanawanam,salakanawanam kawara kathada
     

    Palihawadana1990

    Well-known member
  • gedara oppuwa ube namata thiyana nisa legally mukuth karanda ba.
    thaththage namatath idama thiyanawane.

    ubata dan mokakda prashne oke?

    මගෙන් ඒ ඉඩම ගන්න ඕන ගේමක් ගහනවා.... ඒකයි මට බය.... මොකද මම ඉන්නෙත් රට... මම දන්නෙ නා ලංකාවෙ මොකද වෙන්නෙ කියල... මොකද අපි ගමෙන් ආවෙ මීට අවුරුදු 15කට කලින්.... ඒක නිසා ගමෙන් තොරතුරු ගන්න කෙනෙකුත් නෑ.....
     

    Palihawadana1990

    Well-known member
  • මම වාග් විලාශය හා පේලි දෙක තුලින් මම මේ කතාව තුල ඔබ නොකියූ බොහෝ දේ තේරුම් ගතිමි :)

    ඔවු... මට මෙතන කියන්න බැරි ගොඩාක් දේවල් තියෙනවා.... කියන්න පුලුවන් උපරිම තමා කිවුවේ..... සමාවෙන්න.....
     

    Palihawadana1990

    Well-known member
  • මුළු ඉඩමම ඔයාට වෙන්නේ කොහොමද ? තාත්තගේ ටික ඔයා අරගෙන නැහැනේ ?

    ඔවු... මම එතනදි අදහස් කරේ අම්මගෙ නමට තිබුනු ගේ ඇතුළු මුලු කෑල්ලම දැන් මගේ කියල..... මොකද අක්කගෙ සැමියගෙ නමට තිබුණු කෑල්ලත් මගේ නමට ලියා ගත්තා...
     

    Palihawadana1990

    Well-known member
  • නවතින්න දීලා නම් නාමික කුළීයක් (මාසෙකට රුපියල් 100ක්) දෙන්න බදු ඔප්පුවක් ලියා ගනින්.

    එහෙම නැති උනොත් අවුරුදු 10ක් පදිංචි වෙලා හිටියහම උන්ට අයිතිවාසිකම් කියන්න පුලුවන්. උඹ වි‍යංගයෙන් අනුමැතිය දුන්න (ප්‍රතිබන්ධනයෙන්) හා සමානයි (By the rule of estoppel)

    ඉංග්‍රීසි නීතය යටතේ අවුරුදු 10යි. ඉස්සර තිබ්බ උඩරට නීතියේ තිබ්බේ අවුරුදු 33යි;)

    තෑන්ක්ස් සහෝ.... හැබැයි දැන් ගෙදර ඉන්න උන් ඉන්නෙ අවුරුදු 02කක ඉදල.... මම මේ මැයි වල ලංකාවට ගියහම බදු ඔප්පුවක් ලියන්න ඕන.....
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තාත්තට වස දීපං එකෙන්ම වැඩේ ඉවරයි... හැබැයි වෙන ක්‍රමේකට මරාගන්න පුළුවන් නං උබට වාසී වකුගඩු දෙක එහෙම සෑහෙන්න ගානකට විකුනගන්න පුළුවන් .. වහ බීපු උන්ගේ වකුගඩු ගන්නේ නැති සීන් එකක් තියෙනවා ... හරියට වැඩේ ප්ලෑන් කරගත්තොත් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි... අදකාලේ වකුගඩුවක් කීයක් වෙනවද..
     

    Palihawadana1990

    Well-known member
  • thaththa hadapu ge ganna lajja nadda ban..iwasan idapn sakkili wada nokara

    සමාවෙන්න සහෝ.... ඔයාලගෙන් මම ඉල්ලුවෙ උදවුවක්.... මගේ පෞද්ගලික දේවල් තියෙනවා..... ඔවු.. මම තාත්ත කියන චරිතෙට ගොඩාක් වයිර කරනවා.. ඒ මගේ පුත්ගලික හේතුවක්... ඒක මෙතනට අදාල නෑ.... මම ඒ ගැන අහුවෙත් නෑ.... අනික මම හොරෙන් කාගෙවත් ඉඩම් ලියාගත්තෙත් නෑ....

    ඒ කොටස අම්ම්ගෙ... අම්ම මට ලිවුවා... ඒක දැන් එයා ගන්න හදනවනම් ඒක හරිද?? මට කොහොමත් ඔය ඉඩම් වැඩක් නෑ.... මට ඕන අම්මගෙයි අක්කගෙයි සොහොන් දෙක විතරයි.....