උඹේ පුද්ගලික කාරණා අපිට අදාල නැහැ. උඹට දැන් ඕන ඉඩමේ අයිතිය බලාගන්නනම් උඹ මුලින්ම පලයන් ඉඩම ලියාපදංචි කරලා තියෙන ඉඩම් කාර්යාලයට පරණ ඔප්පු කොපියකුත් අරන්. ඒක එතන කවුන්ටරේට දීලා අදාල ගාන ගෙවලා ඉල්ලපන් ඔප්පුවට අදාල පත් ඉරැ ටික. ඒකේ තියනවා ඉඩමේ මේ දක්වා අයිති බෙදීගිය ආකාරය සහ අවසාන අයිතිය. උඹට නම් අවාසන අයිතිය ඇත්තේ උඹේ නම ඇති අයිති ප්‍රමාණයත් එක්ක. එච්චරයි.
තවත් උඹට යම් බයක් තියෙනවනම් උඹ මෙහෙ නැති අතරේ තාත්තා හොරට ඔප්පුවක් හදයි කියලා හරි හෝ බද්දට කුලියට දෙයි කියලා ඊඩමට අවුරැදු 5ක් විතර කේවියට් එකක් ගහපන්. ඊටපස්සේ කාටවත් කිසිම පැවරීමක් කරන්න බැහැ. මේකට නම් නීතීඥ සහය අවශ්‍ය වෙනවා.