ඉන්දියාවේ දින 15 ක් !!!

Travz

Member
Aug 22, 2018
256
187
0
බුදු සරණයි මචං..
වටිනකම කියන්න බැහැ, හරිම ලස්සනට විස්තර කරලා තියෙනවා පිංතූරත් එක්කම,
මේ තරම් විස්තරාත්මක ට්‍රැවල් ත්‍රෙඩ් එකක් මම දැකලම නැහැ එලකිරියේ,
උඹට පිං මේ දේවල් වලට..
මට දැනගන්න දේවල් ටිකක් තියෙනවා මචං.. තරහ නැතුව උත්තර දීපන් ෆ්රී වෙලාවක,
මේ විදියට දෙන්නෙකුට උනත් යන්න පුළුවන්ද? රට ඇතුලෙ ඇවිදින එක ඒජන්ට් ද සෙට් කරලා දුන්නේ?
ඒජන්ට්ට කිව්වම අපිට ඔක්කොම සෙට් කරගන්න පුළුවන්ද? ඌ අපිව එයාපෝට් එකෙන් පික් කරලා ආපහු යනකම්ම සේරමදෙවල් බලාගන්නවද? කෝච්චි ටිඅක්ට්, බස් ටිකට් බුක් කරලා දෙනවද?
උඹට භාෂාව ප්‍රශ්නයක් උනේ නැද්ද? උන්ට ඉන්ග්ලිශ් පුළුවන්ද?
ප්‍රශ්නයක් නැත්නම් ඒ ඒජන්ට් ගැන විස්තර දාපන්,
මම ගෙදර උන්දැ එක්ක යන්න ඉන්නේ, ලොකු ගෲප් එක්ක යන්න ආස නැහැ ඒකයි
බුදුසරණයි මචං ආයෙත්,

දෙන්නෙක්ට යන්න පුළුවන්. හැබැයි වියදම ටිකක් වැඩි වෙයි. සාමානයෙන් ඉන්දියාවේ වන්දනාවේ යන ලංකික කට්ටිය යන්නේ 50-60 ක වත් කණ්ඩායමක් විදියට. එහෙම ගියාම ලංකා රුපියල් 80,000 කින් වගේ ගමන ගිහිල්ලා ආවහැකි. හැබැයි එහෙම යන වන්දනා ගමන් වලට මම ගිය සියලුම සංචාරය ආවරණය වෙන්නේ නැහැ. අජන්තා, එල්ලෝරා වගේ ස්ථාන වලට යන්නේ නැහැ. ඉන්දියාව තුල ගුවන්ගමන් නැහැ. දුම්රියේ ඒසී නැති සාමාන්‍ය මැදිරි බුක් කරන්නේ. කෑම බිම එච්චර හොද නැහැ. ඉදුම් හිටුම් හොද මදි. ඒත් මිනිස්සු එහෙම යන්නේ බුදුරජාණන් වහන්සේගේ (සිදුහත් කුමරුගේ) උප්පත්තිය, ,දුෂ්කරක්‍රියා කල ස්ථානය,බුදුබව ලබා ගැනීම, ප්‍රථම ධර්මදේශනාව කෙරී ස්ථානය, පිරිණිවන් මංචකය වගේ බුදුහිමි සහ බැදුණු ස්ථාන ස්ථාන ඒ ගමනින් ආවරණය වන නිසා.

මෙහෙම ලොකු කට්ටියක් එක්ක ගියාම ගමන් පරක්කු වීම වැඩියි. රෑ දෙකට වගේ නැගිටලා ගමන් ආරම්භ කරන්නත් වෙනවා.

අපේ පිරිස අඩු නිසා වියදම තුන් ගුණයක් වගේ වැඩි උනත් ගමන පහසුයි. අතිරේක ස්ථාන බලාගන්නත් පුළුවන් උනා.

ඉතිං අපි 10 දෙනෙක් ගිය ගමනට එක් අයෙක්ට ලක්ෂ දෙක හමාරක් වගේ ගියා කියන්නේ, දෙදෙනෙක් විතරක් මේ ගමන ගියොත් ලක්ෂ 5 ක් වත් යයි එක් අයෙක්ට මේ සංචාරය මෙහෙම යන්න.

අපි ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් හරහා ගියාම අපිට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්, ඉන්දියාවේ සියලුම ස්ථාන වලට අවශ්‍ය ටිකට්, කෑම බිම සහ ගයිඩ් කෙනෙක් ඔවුන් ලබා දෙනවා. මේ ගයිඩ් අපිත් එක්ක දින 15 ම ඉන්නවා. සිංහල බශාව දන්නා, එහෙ ඇති මහාබෝධියේ ඉගෙන ගත්තු ඉන්දියන් කෙනෙක් අපි ගයිඩ් විදියට තෝරා ගත්තේ.

ඉන්දියාවේ එයාර්පෝට්, රේල්වේ එකේ නිලධාරීන් ඉංග්‍රීසි කතා කරනවා. සාමාන්‍ය ජනයාත් ඉංග්‍රීසි කතා කරනවා. දිළිඳුම අයට නං බැහැ.


 

Travz

Member
Aug 22, 2018
256
187
0

මුලු ගමනෙම විස්තරේ මෙහෙම මහන්සි වෙලා දාපු නූලක් දැක්කමයි..ගොඩක් අය කොටස් වශයෙන්නෙ දාන්නේ...හරිම වටිනා ත්‍රෙඩ් එකක්...බොහොමත්ම ස්තුති...

Boj=homa pin sahodaraya...... api giya wagema denuna......:):):):)

ස්තුතියි යාලුවා
 
  • Like
Reactions: lakshitha2011

Travz

Member
Aug 22, 2018
256
187
0

මහන්සි වෙලා දාපු වටිනා විස්තරයක් :):)

ඒ මිනිස්සුන්ගේ කුල බේදේ තාමත් දරුණුවටම තියනවා නේද ? බුදුන්ගේ කාලේ කොහොමට තියෙන්න ඇතිද :baffled::baffled:

ලංකාවේ අයට බ්‍රාහ්මණ අය නාන තැනට යන්න පුළුවන් වෙන්නේ අපි ගැන උන්ගේ පිළිගැනීමක් තියන නිසා නේද ඒකට හේතුව මොකක් වෙන්න පුළුවන් ද ? රාවණා නිසා ද ?

බුදුසරණයි :):)


+43

අපිට එතනට යන්න පුළුවන් අපි විදේශිකයන් නිසා වෙන්නට ඕනා. හැබැයි ලංකාවේ කිව්වම උතුරු ඉන්දියාවේ නං පිළිගැනීමක් තියෙනවා. අපි කෝච්චියේ ගමන් කරද්දීත් (අපි කෝච්චියේ පළමු පන්ති ටිකට් බුක් කරලා තිබ්බේ) හම්බුන මගින්, ඉන්දීය රජයේ උසස් නිලධාරීන් සුහදව කතා කරා.


 

Travz

Member
Aug 22, 2018
256
187
0

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඔන්න ඉන්දියාවෙත් ගියා එහෙනම්...පට්ට :D
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Watinakama kiyala wedak nehe machan. Piliwelata Wisthara tika mathak karagaththe kohomada Guide book ekak gaththada ? Indian wala godak dewal denagaththa. Gamanata ekkenekta kochchara cost ekak All giyada kiyana ekath daanna puluwannam. Godak pin.