ඉන්ධන මාෆියාව තවමත් ක්රියාත්මකයි නේද ? අහන අහන හැම තැනම හොරට ගහනවා. නිල ඇදුම බලය පෙන්නලා තව සෙට් එකක් ගහනවා. දින දීපුවා ගනන් ගන්නේ වත් නෑ. පෝලිමේ ඉන්න කොට තෙල් ටික ඉවරයි. තමන්ගේ දිනේ ආවම තෙල් ටික ඉවරයි. එක සෙඩ් එකක ගහලා අනිත් සෙඩ් එකටත් යනවා. ආපු තෙල් ටික සාධාරණව හරියට බෙදලා දෙන්න බැරි උනා මුන්ට. සෙනග අඩු සෙඩ් හොය හොයා එනවා ගොඩක් ඈත මිනිස්සුත්. අඩුම තරමේ ලීටරේ ගානේ හරි ගෙවල් වලට ගිහින් බෙදුවා නම් මීට වඩා සාධාරණව තෙල් ටික බෙදලා දෙන්න තිබුනා. දැන් පෝලිම් ඩබල් ත්රිබල් වෙලා තියෙන්නේ මෙතන තියෙන්නෙ නොහැකියාව මිසක් බෙදලා දෙන්න බැරි කම නෙවෙයි. කාට හරි උවමනාව තියෙනවා මේ වගේ අවුලෙන් මේ කාලය ඇදගෙන යන්න අපිට පේන්නේ එහෙමයි.
