ඉන්ශුවරන්ස් දාන එකෙන් වැඩක් තියෙනවද?

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    කෑප්ටන් Jack Sparrow;16976733 said:
    තව අවුරුදු 25 කින් 1297500 කියන්නේ දැන් රුපියල් 76,324 වගේ. මෙඩිකල් කවර් එකක් නිසා හොදයි, එත් අනේ මන්දා බන්.
    වාර්ෂික උද්දමනය 12% කියල හිතලයි ඔය ගාන කිව්වේ.

    උබේ කැමැත්තක් මචං.
    ජය වේවා !!

    Good calculation !
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔය සල්ලි ටික මාසයක් ගානේ බැංකුවේ දාලා ලෙඩක් උනාම ගනින්. ඔය ඉන්ශුවරන්ස් දාන උන් දහසක් කතා කියයි. ඒත් ඕවා එකක්වත් උබට ලාභ වෙන්න කරන වැඩ නෙමේ
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මචන්ලා මට අද ශ්‍රිලන්කන් ඉන්ශුවරන්ස් එකේ අක්ක කෙනෙක් හම්බුනා. පොඩි ඩීටේල්ස් වගයක් කිව්වා.

    මාසේට 2925 ගානේ අවුරුදු 25ක් දාලා අන්තිමට කල් පිරුනම 1297500ක් ගන්න පුලුවන් ප්ලෑන් එකක් තියෙනවලු. ඒකටම හොස්පිටල් කවර් එකකුත් දෙනවා. ගවර්මන්ට් හොස්පිටල් එකක හිටියත් දවසට 3000ක් දෙනවා. අවුරුද්දට දවස් 180ක් වෙනකන් ගන්න පුලුවන්. තව ප්‍රයිවට් ඉන්නවනන් 300000ක් වෙනකන් අවුරුද්දකට ගන්න පුලුවන්. හැබැයි අවුරුදු 25ටම තම 300000ක් දෙන්නේ.

    ප්ලෑන් එක ගන්න කියලා බැලුවේ. අදහස් මුකුත් තියෙනවද මේ ගැන? ශ්‍රිලන්කන් එකෙන් සල්ලි ගන්න ගියමනන් ටිකක් කරදරයි කියලා ආරන්චියක් තියෙනවා.

    Yes, by experience I know it is very difficult to get a claim from them. Another matter is very poor communication - didn't reply to my email or registered mail. But they have very handy talk to get money.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    මට නං ඉන්ශුවරන්ස් ටිකක් ශුවර් නෑ. අත්දැකීම් අනුව මට දෙන්න තියෙන ලොකුම උපදේසෙ තමයි ඒජන්ට්ගෙන් රක්ෂණ කොන්දේසි ටික හෙඳට කියවල තේරුම් ගන්න ඒ හා සමාන රක්ෂණ ඔප්පුවක් අරගෙන හරි. ඉන්ශුවරන්ස් එකක් ගන්න කොට තියෙන කරුණාව නෑ ක්ලේම් කරනකොට. රක්ෂණ ඔප්පුවේ මේකක් හරි පර්ච්ඡ්දයක් පෙන්නල ගාන ගෙවන්නෙ නැතුව ඉඳිවි නැත්තම් ගානක් අඩු කරල දේවි, උදාහරණයක් විදියට උන් කියාවි මේ ලෙඩේ ප්ලෑන් එකෙන් කවර් නෑ, නියමිත දිනට කලින් දැනුම් දුන්නෙ නෑ, අර වාරිකය පරක්කු වුනා නොයෙකුත් හේතු කියල ශේප් වෙි්වි.
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    කට්ටිය ඉන්ෂුවරන්ස් ගැන එක එක කතා කියනවනෙ..
    ඉන්ෂුවරන්ස් කියන්නෙ බොරුවක්..
    ඉන්ෂුවරන්ස් ක්ලේම්ස් ගෙවන්නෙ නැහැ.. බ්ලා.. බ්ලා.. බ්ලා..

    ඔය දේවල් වලට කලින් මුලින් බලමු ඉන්ෂුවරන්ස් එකක් කියන්නෙ මොකක්ද කියලා...

    Insurance is an arrangement by which a company or the state undertakes to provide a guarantee of compensation for specified loss, damage, illness, or death in return for payment of a specified premium.

    සරළව කිව්වොත්.. ඉන්ෂුවරන්ස් එකක් කියන්නෙ යම් පුද්ගලයෙක් හෝ ආයතනයක හඳුනාගත් හානියක්, පාඩුවක්, අසනීප තත්වයක් හෝ මරණයකදි එය සඳහා හානිපූරණයක් ගෙවීම. එම හානිපූරණය (රක්ෂිත මුදල) ගෙවන්න එම පුද්ගලයගෙන් හෝ ආයතනයෙන් යම් කාලසීමාවකට සහ යම් කොන්දේසි වලට යටත්ව යම් වාරික මුදලක් ලබා ගැනීම...

    අනිත් හැම කම්පනි එකක් වගේම මෙයාලත් බලන්නෙ තමන්ගේ ආයතනයේ ලාභය.. ඒක නිසා මෙයාලට හිමිකම් පෑමක් / Claim එකක් අවොත් මෙයලත් ඉතින් මෙයලගෙ terms & conditions ගැන ගොඩක් consider කරනවා. එතනදි රක්ෂිතයාගේ උපරිම සද්භාවය (Utmost Good faith) අනිවාර්යයෙන් බලනවා.
    උපරිම සද්භාවය කියන්නේ.. කවුරුහරි කෙනෙක් ඉන්ෂුවරන්ස් එකක් ගන්නකොට පුරවන ප්‍රොපොසල් ෆොර්ම් එකට අවන්කව ඇත්ත තොරතුරු දාන එක..මොකද ඒ තොරතුරු 100% ඇත්තද නැද්ද කියන එක දන්නෙ තමන් විතරනෙ..
    අනිත් කාරනාව.. අපි හිතන විදියට හැමෝටම ඉන්ෂුවරන්ස් ගන්න බැහැ.. එකටත් යම් සීමා මායිම් තියනවා..
    අවම වයස අවුරුදු 18 සහ උපරිම වයස අවුරුදු 65 (කම්පනිය අනුව වෙනස් වෙන්න පුලුවන් )
    තමාගේ ආදායම් මාර්ගයෙන් වාරික ගෙවන්න පුලුවන් වීම වගේ බ්ලා.. බ්ලා.. ටිකක් තියනවා..

    වැදගත්ම දේ.. ඉන්ෂුවරන්ස් ඒජන්ට්ලා කියන කිසිදෙයක් 100% විශ්වාස කරන්න එපා.. මොකද සමහරු පට්ට කෙබර අදිනව පොලිසි විකුනන්න..

    ඉන්ෂුවරන්ස් වර්ග ගොඩක් තියනවා..
    එන්ඩොව්මන්ට් - පරිත්‍යාග
    පෙන්ෂන් - විශ්‍රාම
    ඩිවිඩන්ට් - ලාභාංෂ
    ඉන්වෙස්ට්මන්ට් - ආයොජන etc…

    ඉන්ෂුවරන්ස් පොලිසි එකක් ගන්නකොට මූලිකවම අපි තීරනය කරන්න ඕනෙ මූලික රක්ෂිත මුදල (Basic Sum Assured).. එක ගොඩක් වෙලාවට තීරනය වෙන්නෙ තමන්ගේ මාසික වැටුප මත... මොකද.. වැටුප අඩුයිනම් ලොකු ගානක් ගෙවන්න බැහැනෙ..
    මේ මූලික රක්ෂිත මුදල තමා රක්ෂිතයාගේ මරණයකදි ගෙවන්නෙ..
    මීට අමතරව අපිට අතුරු ආවරණ (Rider Covers)ගන්න පුලුවනි..
    Accident Death - හදිසි අනතුරු ආවරනය
    Critical Illness – 29 - අවදානම් සහිත ලෙඩරෝග - 29
    Total Permanent Disability - පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාව
    Partial Permanent Disability - අර්ධ සදාකාලික අකර්මණ්‍යතාව
    Hospital Benefit - රෝහල්ගත වීමේ ප්‍රතිලාභය
    Additional Death Benefit - අතිරේක ජීවිත රක්ෂණ ප්‍රතිලාභය
    Family Income Benefit - පවුල් ආදයම් ප්‍රතිලාභය

    මේවට අපි වෙනම ගෙවන්න ඕනේ.. එක එක ප්‍රතිලාභයට එක එක ගනන්.. තමන්ගේ අවශයතාවයට අනුව රක්ෂණ උපදෙශකයෙක් එක්ක කතා කරලා කැමති විදියට ඉන්ෂුවරන්ස් පොලිසි එක හදාගන්න පුළුවනි..

    හැම විස්තරයම කොටන්න අමාරුයි.. මේ ටිකෙන් දැනුමක් ගන්න පුලුවන් කියලා හිතනවා... විස්තර ඕනෙනම් පී.එම්. කරන්න.. නැත්තම් මෙතනම අහන්න..

    මාත එකක් දාලා තියෙන්නෙ... කවුරුත් කියන පලියට මොන කම්පනි එකෙන්වත් ගන්න එපා.. එකම requirement එක කම්පනි පහකින්වත් ගන්න.. අරගෙන කම්පෙයාර් කරන්න.. උදවු ඔනෙනම් කියන්න... එහෙම නැතිව කවුරුත් කියන පලියට ගන්න එපා.. (උදව් ඕනේ නම් කියන්න.)
    මම වර්ක් කරන්නෙ කම්පනි ගෲප් එකක IT එකේ.. හැබැයි මම බලන්නේ ඉන්ෂුවරන්ස් සිස්ටම් එක (මම හිතන විදියට මේකෙ මාව දන්න අය නැහැ :rolleyes::rolleyes:.. මොකද මම ගොඩක් active member කෙනෙක් නෙවෙ..).. එකයි මාත් මේ ගැන ටිකක් දන්නෙ..;);)

    අන්තිමට මම ගත්තු ඉන්ෂුවරන්ස් පොලිසි එකේ විස්තර දාන්නම්... ඒකෙන් ඔයලාට තව පැහැදිලි වෙයි..

    මම ගත්තෙ ඔය කියන එක... එකෙදි බැන්ක් එකට සල්ලි දානව වගේ අපි මුලින් තිරනය කරන්න ඕනෙ අපේ එක්වුන්ට් එකට දාන ගාන..

    මම ඒ ගාන විදියට තිරනය කලේ 1,306/-
    Policy Term (කාලය) - 20 Years
    Basic Sum Assured (මූලික රක්ෂිත මුදල) - 1,000,000/-
    Accident Death (හදිසි අනතුරු ආවරනය) - 1,000,000/-
    Critical Illness – 29 (අවදානම් සහිත ලෙඩරෝග - 29) - 250,000/-
    Total Permanent Disability (පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාව) - 1,000,000/-
    Additional Death Benefit (අතිරේක ජීවිත රක්ෂණ ප්‍රතිලාභය) - 1,000,000/-
    Family Income Benefit (පවුල් ආදයම් ප්‍රතිලාභය) - 17,500/-

    මාසික වාරිකය 1854/-
    අතිරේක ආවරණ වලට ගෙවන්නෙ - 1854 – 1306 = 548/-

    අවුරුදු 20 ඇතුලත..
    ස්වභාවික මරනයකදි - 2,000,000/-
    හදිසි අනතුරු මරනයකදි - 3,000,000/-
    මීට අමතරව ඔය පවුල් ආදයම් ප්‍රතිලාභය නිසා අවුරුදු 20 පිරෙනකම් ඉන්ෂුවරන්ස් පොලිසි එකේ නාමිකයන්ට 17,500/- ගානේ මාසෙකට ලැබෙනවා...

    නොමැරී හිටියොත්, අවුරුදු 20ට ගෙවන මුලු මුදල -1854 * 20 * 12 = 444,960/-
    එක අවසානයේ ලැබෙන මුදල 450,000/-

    ඉන්ෂුවරන්ස් පොලිසි එක අවසානයේ ලොකු මුදලක් return benefit එක විදියට ගන්න ඕනෙ නම් කරන්න ඕනෙ මුලින් දාන වාරිකය වැඩි කරන එක.
    ඒ දාන ගනන අනුව return benefit එක තිරනය වෙනවා... හැබැයි මේ අගයන් සහතික නැහැ. වෙනස් වෙන්න පුලුවන්..

    ඔයාලට හිතෙන්න පුලුවන් මැරුනට පස්සෙ සල්ලි ලැබිලා වැඩක් තියෙනවද කියලා... මම නම් මේක ගත්තෙ මම මැරුන දවසට මගේ ගෙදර අයට කාටවත් අතපාන තත්වයක් ඇති නොවෙන්න.. :yes::yes:
    හිතලා බලන්න....:yes::yes:
     
    දැන් ඔයා අවුරුදු 20 ඇතුලත රෝහල් ගත උනොත් (පෞද්ගලික) ඔයාට ඒ රෝහල් ගත උනාම රෝහල් බිල ගෙවන්නේ කොහොමද?

    මේක දාපු කෙනාට අවුරුදු 25ටම ගෙවන්නේ ලක්ෂ 3ලු. දැන් තියෙන උද්දමනෙත් එක්ක තව අවුරුදු 20කින් ඩොකෙක් චැනල් කරන්නත් මදි වෙනවා, අනික මුලින් මොකක් හරි වෙලා ලක්ෂ 3 ගත්තොත් පස්සේ මොකුත් නැහැ. අනික දැන් මු කොල්ල වෙන්න ඇති, එත් තව අවුරුදු 20කින් තමයි ලොවෙත් නැති ලෙඩ හැදෙන්න ගන්නේ. (40 පැන්නම)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මටත් වුණා ඔහොම සීන් එකක් , මන් commercial bank එකට ගිය වෙලාවක එකෙක් ඇවිල්ල ඇහුව ටිකක් කතා කරන්න පුලුවන්ද කියල මාත් ඉතින් කරන්න වැඩක් තිබ්බෙත් නැති නිසා හා කියල හිටිය, ඊට පස්සේ මට ඉදගන්න එහෙම කියල මිනිහා Ipad එකකුත් අරගෙන මොකද්ද සෙල්ලමක් දාල එක unlock කරලා:rofl: මට විස්ටරයක් කිව්වා ඒක මේ උබ දාල තියන එකට ගොඩක් සමානයි .. හැබැයි එක කරන්නේ AIA කියන INSURENCE company එකයි commercial bank එකයි එකතුවෙලා ලු .. plane 1 අවරුදු 20i මාසෙට 2000 ගානේ දෙන්න ඕන අවරුදු 20 අන්තිමට ඒක කල් පිරුණම ලක්ෂ 20ක් දෙනවලු bank එකේ account එකෙන් auto ගාණ කැපෙන්න හදන්න විතරලු තියෙන්නේ . මගෙන් ඇහුව කැමතිද කියල මන් කිව්වා බලල කියන්නම් කියල :P
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    කෑප්ටන් Jack Sparrow;16983045 said:

    නැහැ මචන්. මම ගත්තු එකේ හැටියට මේකෙන් මගේ බිල ගෙවන්නෙ නැහැ... ඔයාට ඔනේ ඒ වගේ එකක් නම් ඔයා ගන්න ඕනෙ මෙඩිකල් ඉන්ෂුවරන්ස් එකක්.. ඔය ත්‍රෙඩ් එක දාපු කෙනා දාලා තියෙන්නේ එක කම්පනි එකක එක ඉන්ෂුවරන්ස් වර්ගයක් විතරයි.. මට පේන විදියට එයා ඔය දේ වැරදියට තේරුම් අරගෙන වගෙ..
    මෙඩිකල් ඉන්ෂුවරන්ස් වල අවුරුදු 25ටම නෙවේ මෙඩිකල් කවර් එක දෙන්නෙ.. අවුරුද්දට...
    අපිට ඕනෙ නම් අවුරුද්දට 300,000/-, 200,00/- .. වගෙ ගන්න පුලුවනි..
    උදදමනය කාටවත් පාලනය කරන්න බැහැනෙ... ඔයාට ඕනෙ අවසානයේ ලොකු ඉන්කම් එකක්නම් ඔයා ගන්න ඕනෙ පෙන්ෂන් හරි ඉන්වෙස්ට්මන්ට් වගේ ඉන්ෂුවරන්ස් එකක්... එවයේ inflation Guard. කියල තියනව උද්දමනය අනුව premium එක වැඩි වෙල අවසාන ප්‍රතිලාභය වැඩි වෙන්න..
     
    මෙතනදි ඔයා 480,000/- අවුරුදු 20ටම ගෙවලා අවසානයේ ඔයාට 2,000,000/- ලැබෙනවා... හැබැයි ඒ ගාන වැඩි වෙන්නත් පුලුවන් අඩු වෙන්නත් පුලුවන්.. ඇත්තම කතාව ඉන්ෂුවරන්ස් එකක අවශ්‍යතාවය නැතිව ගන්න යන්න එපා.. මොකද අවුරුදු ගානක් ගෙවන එක ලේසි නැහැ.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෙතනදි ඔයා 480,000/- අවුරුදු 20ටම ගෙවලා අවසානයේ ඔයාට 2,000,000/- ලැබෙනවා... හැබැයි ඒ ගාන වැඩි වෙන්නත් පුලුවන් අඩු වෙන්නත් පුලුවන්.. ඇත්තම කතාව ඉන්ෂුවරන්ස් එකක අවශ්‍යතාවය නැතිව ගන්න යන්න එපා.. මොකද අවුරුදු ගානක් ගෙවන එක ලේසි නැහැ.
    ඔව් මචං අවරුදු 19ක් හරියට ගෙවල අන්තිම ටික මොනාහරි වෙලා ගෙව්වේ නැත්තම් ලැබෙන්නේ හෙන පොඩි ගානක්
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    ඔව් මචං අවරුදු 19ක් හරියට ගෙවල අන්තිම ටික මොනාහරි වෙලා ගෙව්වේ නැත්තම් ලැබෙන්නේ හෙන පොඩි ගානක්

    ehema wenne nehe machan.. aurudu 3k gewala iwara unata passe apita idiriyata gewagena yanna amarunam apita policy eka surrender karanna puluwani.. aurudu 19k gewala surrender karanakota loku ganak ganna puluwan..
     
    නැහැ මචන්. මම ගත්තු එකේ හැටියට මේකෙන් මගේ බිල ගෙවන්නෙ නැහැ... ඔයාට ඔනේ ඒ වගේ එකක් නම් ඔයා ගන්න ඕනෙ මෙඩිකල් ඉන්ෂුවරන්ස් එකක්.. ඔය ත්‍රෙඩ් එක දාපු කෙනා දාලා තියෙන්නේ එක කම්පනි එකක එක ඉන්ෂුවරන්ස් වර්ගයක් විතරයි.. මට පේන විදියට එයා ඔය දේ වැරදියට තේරුම් අරගෙන වගෙ..
    මෙඩිකල් ඉන්ෂුවරන්ස් වල අවුරුදු 25ටම නෙවේ මෙඩිකල් කවර් එක දෙන්නෙ.. අවුරුද්දට...
    අපිට ඕනෙ නම් අවුරුද්දට 300,000/-, 200,00/- .. වගෙ ගන්න පුලුවනි..
    උදදමනය කාටවත් පාලනය කරන්න බැහැනෙ... ඔයාට ඕනෙ අවසානයේ ලොකු ඉන්කම් එකක්නම් ඔයා ගන්න ඕනෙ පෙන්ෂන් හරි ඉන්වෙස්ට්මන්ට් වගේ ඉන්ෂුවරන්ස් එකක්... එවයේ inflation Guard. කියල තියනව උද්දමනය අනුව premium එක වැඩි වෙල අවසාන ප්‍රතිලාභය වැඩි වෙන්න..

    Thankz machn wisthareta :)
    rep++
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    කෑප්ටන් Jack Sparrow;16983255 said:
    Thankz machn wisthareta :)
    rep++

    ela machan. udauwak one nam kiyanna.. hemotama nethi unath samahara ayata insurance policy ekak thiyana eka watinawa.. ekama de thamange need eka dena ganna one.. mama demme Life Cover ekak.. mama eken return ekak balanne nehe unless mama merunothin arenna.. :yes::yes: