ඉස්හොරි වලට ජපන් විසඳුමක්

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    ඉස්හොරි වලට ජපන් විසඳුමක්

    මුලින්ම කියලා ඉන්නම් මේක කිසිම බිස්නස් වැඩක් නෙමෙයි. අපේ උන්දැ බියුටි කෝස් එකක් පටන් අරන් මගෙ ඉස් හොරි ප්‍රශ්නෙට හොයගෙන ආපු විසඳුම එලකිරි වාසී මහතුන්ගේ සුභසිද්ධිය තකා බෙදාගැනීමක් පමනයි. මම මෙතක් ඉස් හොරි ප්‍රශ්නය සඳහා භාවිතා කල සාර්තකම ප්‍රතිකර්මය මෙය වන බැවින් ඔබතුමන්ලාටත් මින් සෙතක් වේයැයි පතමි. Dreamron Anti-Dandruff Serum තමයි මේකෙ නම.

    මම කොච්චර Anti-Dandruff Shampoo භාවිත කලත් ඉස් හොරි ප්‍රශ්නෙට දිගුකාලීන විසඳුමක් ලැබුනෙ නෑ. සමහර දවස් තිබ්බා අද නාලා හෙට වෙද්දි අයෙමත් සුදු පාටට පොතු වගේ ගැලවි ගැලවි එනවා තට්ටෙන්. ආයුරිවේද තෙල් ගෑවා. හරිම කරදරයි. වාහනේ හෙඩ් රෙස්ට් එක විනාසයි. දවල් වෙද්දි මූන පුරා තෙල් ගතියක් දැනෙනවා.

    පස්සෙ මේ භාණ්ඩෙ ට්‍රයි කරල බැලුවෙ. නෑවට පස්සෙ කොන්ඩෙ වේලගෙන තෙල් ගානවා වගෙ තට්ටෙට ගාලා පොඩ්ඩක් උලන්න තියෙන්නෙ. කොන්ඩෙට හොඳ දිස්නෙකුත් එනවා. මුලින් සති දෙකක් දිනපතා පාවිච්චි කරලා පස්සෙ සතියකට දෙතුන් සැරයක් ගෑවම ඇති කියල තමා අපේ නෝන කිව්වෙ. මම ඉතින් ගාල බැලුවා. ඇත්තමයි ඉතා සාර්තක විසඳුමක්. මගෙ ඉස් හොරි තත්වෙ නිට්ටාවටම වගේ සුව උනා. මට කිව්ව විදියට මේක Japanese market එකට හදන එකක්. Limited stock එකක් තමයි ලන්කාවෙ මාකට් එකට දාන්නෙ. මමනම් මේක් ගන්නෙ මහරගම Dreamron College of Hair & Beauty එකෙන් නෝනට කියලා. හැබැයි ඔය බියුටි බඩු කඩවල් වලත් ඇති. රුපියල් හාරසිය ගානක් වෙන්නෙ එක ටියුබ් එකක් මට මතක විදියට.
    උදේට හෙයා ජෙල් වෙනුවට ගාත හැකි. තෙල් ගතිය නෑ කිසිම ගඳ සුවඳක් නෑ, හැබැයි ශයින් එක එනවා විතරයි කොන්ඩෙ ගල් වෙන්නෙ නෑ.

    දිගු කාලීන ඉස් හොරි ප්‍රශ්ණ තියන අය ට්‍රයි කරල බලන්න


    Online Order කරන්න පුලුවන් මම හිතන්නෙ http://dreamron.lk/product/anti-dandruff-treatment-serum-40ml/

    0ee36599c006a3fdacb29a63c1c6e14c_1.jpg
     
    Last edited:

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    බම්ප්ස් වලට ගොඩක් ස්තූතියි...

    Dreamron board එක ගහල තියන සැලොන් වල එහෙම තියනවලු. නැත්තම් බියුටි බඩු තියන ඔය ස්‍රීනා පැලස් වගේ කඩ වලත් ඇති.