උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

රෙප් කපති-කුනුහරුපෙන් බනිති-මිතුරෝ නිකරුනේ තරහ වෙති-චරිත ඝාතනය කරති.එපමනක්ද නැත.මිනීමරු කුලී මැරයන්ට අප ගැන දන්නා දේ කියා උසිගන්වති.කිමද මේ සා ම්ලේච්‍ජ මර්ධනයකට හේතුව? හෘදය ශාක්‍ෂියට අවංක වීමයි.එහෙය්යන් පිරුණු රටක උඩුගං බලා පිහිනීමේ පාපයයි.මුළු මහත් සමාජයම බිත්ති වලටත් කන් ඇතැයි සිතන තරමට භීතියෙන් වෙලී,ඇස් කන් මුව වසා සිටිනා නිවට යුගයක රෑ දවල් අවදියෙන් හිඳිමි.මක් නිසාද මට ‍වෙන රටක් නැත.දිවි පරදුවට තබා මේ වෑයම් කරනුයේ මට නැතත් මතු පරපුරකට හෝ වඩාත් නිවැරදි හෙටක් වෙනුවෙනි.
හෘද සාක්ෂිය උදෙසා ලිවීම හා කුලියට ලිවීම

ප්‍රතිවාදීන්ට එලව එලවා පහර ගහන, උන්ගේ අඩු කඩන, උන් පරලොව යවන පරිසරයක ආණ්ඩුවට එරෙහිව පෑන මෙහෙයවන්නේ එක්කෝ පිස්සෙකි. නැත්නම් මෝඩයෙකි. ඒ දෙකම නොවේ නම් විශාල ගතමනාවකට කුලියට කහින්නෙකි.
අපව මුල් දෙගනයට දාන්නට අකමැති අය දාන්නේ තුන්වෙනි වර්ගයට ය.
සහජයෙන්ම ස්වාර්ථකාමී මිනිසුන් එසේ නැතිව මොන එහෙකට ආණ්ඩුවට විරුද්ධව මේසා කාලය කැප කරන මේසා අවදානම් කටයුත්තක් කරන්නේ ද?
සාමාන්‍ය මොළයකට එසේ සිතන්නට සිදුවීම එක් අතකට අරුමයක් නොවේ.
අතිශයින් දරුණු වටපිටාවක අත පුච්චා ගැනීමේ අනතුර ද ඇතිව අප මෙසේ හැසිරෙන්නේ ඇයි?
රට මේ යන විදිහට ගියොත් අපේ දරුවන්ට ඇත්තේ විකල්ප දෙකකි. එකක් නැවත ආයුධ අතට ගැනීම ය. නැත්නම් දිවි එපා කියා වෙන රටකට සංක්‍රමණය වීමට ඔරුවකට හෝ කන්ටේනරයකට නැගීමට ය.
උන් එසේ කරනු ඇත්තේ අපට අවලාද නගමින් ය. අපට පලු යන්නට බණිමින් ය.
රට මේ තත්වයට පත්වන්නට ඉඩ දී උඹලා බම්බු ගැහැව්වා දැයි උන් අසනු නියත ය.
ඇත්තටම රටට මොකද‍ වෙලා තියෙන්නේ ඔය තරමටම උඹට ‍ඔහොම හිතෙන්න? මේ අප කියවන සමහරු අසන්නට ඉඩ ඇති ප්‍රශ්නයකි. එයටත් උත්තර මේ සටහන තුළ ම දුන්නහම අහවර ය.
රටේ ඉඩ ඇත්තේ බත් බැලයන්ට ය. රජුගේ අධෝවාතයත් සුවදැයි කියන්නන්ට ය. රජුට අන්ධ භක්තියෙන් කඹුරන්නන්ට ය.
උන් පුදනු ලබන්නේ ඇමති පදවි වලිනි. සභාපති පදවි වලිනි. අධ්‍යක්ෂ පදවිවලිනි.
කිසිදු නිර්මාණශීලී යමක් කිරීමට අසමත් මිනිසුන්ට නම් මේ බලුගැත්තර තැනට පත්වී ආණ්ඩුවේ රස්සාවක් තනතුරක් හෝ උපදේසක කමක් ලබා ගෙන මේ නාඩගමේ කොටස් කරුවන් විය හැකි ය. නිර්මාණශීලී මිනිසුන්ට වුව තම ආත්මය පාවා දී කියන පදයකට නටමින් තම නිර්මාණශීලිත්වය අකුලාගෙන සමහරවිට ජීවත් විය හැකි ය.
ටෙලි නාට්‍යයකින් ක්‍රිකට් කණ්ඩායමකින් ගුවන්විදුලි නාලිකාවකින් තමන් කැපෙන්නට තම නිර්මාණ කැපෙන්නට අකමැති මිනිසුන් මෙසේ පැටලි පැටලි සංවේදී නායකයාට චන්දය දෙන්නැයි කියන අනුකම්පා සහගත විලාශයෙන් මේ ජීවත්වීම දැක බලා ගත හැකි ය. එසේ නොකර තම හෘදසාක්ෂිය අවදිකරන්නන් ටෙලි නාට්‍යයවලින් කැපී හිරේ විලංගුවේ වැටී චෝදනාවලට යටත්ව දිවි ගෙවන ආකාරය ද ඊට සමාන්තරව දැකිය හැකි ය.
එහෙත් මුලින් කී යටත් ජීවිතයක් ජීවිතයක් ලෙස බාර ගන්නට හැමෝම කැමති නැත. අපේ දරුවන් මේ තත්වය දරා ගනු නැතැයි මට සිතේ.
ඒ නිසා මට යුතුකමක් ඇත.
ඒ රට තුළ සිදුවෙමින් තිබෙන නාඩගම- ප්‍රහසනය මේ යයි නොබියව දැක්වීමය. අඩුවශයෙන් මුකුත් නොවුන ද යුතුකම ඉටුකළ පැරණි පරම්පරාවේ කෙනෙකු හැටියට අපගේ නමවත් අප දරුවන් තුළ ඉතිරිවනු ඇත. උන් විසින් සාප කරනු ලබන වැඩිහිටියෙකු වීමේ අදහසක් මට නැත.
ඒ නිසාම මේවා ලියන්නේ කුලියක් නොලබා ය.
 
reshadie

Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63

    wow...:yes::yes::yes::yes::yes::yes::yes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    රටේ ඉඩ ඇත්තේ බත් බැලයන්ට ය. රජුගේ අධෝවාතයත් සුවදැයි කියන්නන්ට ය. රජුට අන්ධ භක්තියෙන් කඹුරන්නන්ට ය.

    ඕක මේ රටේ හැටියක්නේ, අද ඔතන රනිල් හරි සරත් හරි හිටියනම් වෙන්නෙත් ඕකම තමයි,
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කතාවට එකඟයි ශම්මී... හැබැයි ඔය කොයි කවුරු ආවත් මේක තමයි අපේ රටට වෙන්නේ.... ඔයාට මතක ඇති චන්ද්‍රිකා කුමාරතුංග එනකොටත් මේ වගේම ලොකු හා හෝවක් තිබුනා.... චන්ද්‍රිකාගේ සාරී එක ගෑනු අයට වෙනම ස්ට්යිල් එකක් වුනා... ඒත් අද..??

    මට නම් මේ කිසිම කෙනෙක්ව විස්වාස නෑ... මේ රටේ පාර්ලිමේන්තුව ඉන්න ඔක්කොම උන් ටික විනාස කරලා දාල වෙනම සෙට් එකක් දැම්මොත් නම් ඔන්න බලපොරොත්තුවක් තියාගන්න පුලුවන්... කවුරු ආවත් ගහන්නේ පරන තැටියම තමයි...
     
    සහතික ඇත්ත කතාව, කවුරු දින්නත් එකම මූනු, දිනන කෙනාගෙ දෑත් ශක්තිමන් කරන්න කියල දිනන පැත්තට පනින එක විතරයි කරන්නේ, රනිල්ගේ ආන්ඩුවෙ ඉදල අද වෙනකම් බන්දුල ගුනවර්ධන දිනන පැත්තෙ, අනිත් එක අපේ රටේ වියවස්ථාවත් එක්ක පාර්ලිමේන්තුවේ බහුතරයක් ගන්න ඕන හොරෙක්ව ලංකරගන්න වෙනව, පවතින ආන්ඩුවේ හැමකෙනෙක්ම ඇමති, එහෙම නැත්තම් උන් අනිත් පැත්තට පනිනව, ඕක කවුරු ආවත් එකයි, අනිත් එක කිසිම කෙනෙකුට 2/3 බලයක් ගන්නත් බැහැ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එහෙම තමයි , ඒ ඒ ආණ්ඩුව කාලය තුල ඕව කොහොමත් වෙනව , ඔය කියන මාධ්‍ය මර්ධනයක් මට නම් පේන්නෑ , රජයට විරුද්ධව කොච්චර දේවල් සිදුවෙනවද? කොච්චර ලිපි පල වෙනවද? ඒ අයව හොය හොයා එල්ලනවද? ඒ විතරද මඩ ගහන තරමක් වෙනවද , මොකටද ආයුධ අතට ගන්නේ , මේ ළම්යිට නිදහස් අද්‍යාපනයක් දෙන්නේ හොදට ඉගෙන ගන්න ,
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0

    ...මිනීමරු කුලී මැරයන්ට අප ගැන දන්නා දේ කියා උසිගන්වති
    .......දිවි පරදුවට තබා මේ වෑයම් කරනුයේ මට නැතත් මතු පරපුරකට හෝ වඩාත් නිවැරදි හෙටක් වෙනුවෙනි.
    ......අතිශයින් දරුණු වටපිටාවක අත පුච්චා ගැනීමේ අනතුර ද ඇතිව අප මෙසේ හැසිරෙන්නේ ඇයි?

    දැන් ඔයා මේ එළකිරි එකේ දාපු පෝස්ට් වලින් ඔච්චර මැර තර්ජන, ජීවිත තර්ජන ඇවිත් තියෙනවද?
    මෙතන දේශපාලන පෝස්ට් දාන එක ජීවිතය ගැන නොතකා කරන මහා ලොකු වීරකමක් නෙවෙයි නංගී. ඇයි ඔයා නැති දෙයක් මෙහෙම මවා පාන්නේ? ඔයත් අර සුනන්ද දේශ-අප්‍රිය වගේ වෙලානේ..
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    සහතික ඇත්ත කතාව, කවුරු දින්නත් එකම මූනු, දිනන කෙනාගෙ දෑත් ශක්තිමන් කරන්න කියල දිනන පැත්තට පනින එක විතරයි කරන්නේ, රනිල්ගේ ආන්ඩුවෙ ඉදල අද වෙනකම් බන්දුල ගුනවර්ධන දිනන පැත්තෙ, අනිත් එක අපේ රටේ වියවස්ථාවත් එක්ක පාර්ලිමේන්තුවේ බහුතරයක් ගන්න ඕන හොරෙක්ව ලංකරගන්න වෙනව, පවතින ආන්ඩුවේ හැමකෙනෙක්ම ඇමති, එහෙම නැත්තම් උන් අනිත් පැත්තට පනිනව, ඕක කවුරු ආවත් එකයි, අනිත් එක කිසිම කෙනෙකුට 2/3 බලයක් ගන්නත් බැහැ

    2/3 ක බලය නැත්තම් විදායක බලය අහෝසි කරන්න බෑ... එතකොට සරත් ෆොන්සේකා ජනාධිපති උන ගමන්ම විදායක බලය අහෝසි කරනව කියන්නේ.....

    සමහරවිට මහින්දගෙ පැත්තේ ඉන්න මෙයාල කියන විදිහට " රජුගේ අදෝවාතය සුවඳයි කියන හොරුන්" ටිකක් එයාගේ සහයට එකතු කර ගන්නවා කියන එකද? :)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    දැන් ඔයා මේ එළකිරි එකේ දාපු පෝස්ට් වලින් ඔච්චර මැර තර්ජන, ජීවිත තර්ජන ඇවිත් තියෙනවද?
    මෙතන දේශපාලන පෝස්ට් දාන එක ජීවිතය ගැන නොතකා කරන මහා ලොකු වීරකමක් නෙවෙයි නංගී. ඇයි ඔයා නැති දෙයක් මෙහෙම මවා පාන්නේ? ඔයත් අර සුනන්ද දේශ-අප්‍රිය වගේ වෙලානේ..

    තව එකක්, එලකිරි එකේ හුගක්ම දේශපාලන ත්‍රෙඩ් වල ඇක්ටිව් අයට චන්දෙ නැහැ, අර LKDOOD වගේ ඉස්සර සරත්ට පලු පැලෙන්න බැන්පු සිංහල වචන තුනට කඩල ටයිප් කර කර දැන් ෆොන්සේකාට කඩේ යන එකා ලංකාවෙ නෙවෙයි, අතුල සිරිවර්දනට චන්ද පලට යන්න දෙපය වාරු නැතුව ඇති, මොකද ඒක 60 පෙන්න හද්ද නාකියෙක්, ඉතින් එලකිරි එකේ අපි කොච්චර දේශපාලන පක්ශයකට කඩේ ගියත් ඒකෙන් පලක් වෙන්නෙ නැහැ, ඒත් ශම්මිගෙ රෙප් කපන එක නම් මහා තුච්ච අමන වැඩක්