උතුරු කළුතර පිස්සු බල්ලා 11 දෙනකු සපා කාලා

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,441
    8,596
    113
    Dog2-860x511.jpg.webp



    ජලභීතිකා රෝගය වැළඳී ඇතැයි සැක කෙරෙන අයාලේ යන සුනඛයකු ඉකුත් සතියක පමණ කාලයක් තිස්සේ උතුරු කළුතර ප්‍රදේශයේ සැරිසරමින් ළමුන්, කාන්තාවන් ඇතුළු 11 දෙනකු සපා කා ඇතැයි කළුතර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයට පැමිණිලි ලැබී ඇත.

    උතුරු කළුතර, කැලිඩෝ පාරේ මහෙස්ත්‍රාත් නිල නිවස ආසන්නයේ ලඳු කැලෑවක රැඳී සිටින මෙම සුනඛයා මාර්ගයේ යන එන අය සපා කෑමට පටන් ගෙන ඇති අතර මේ වන විට ප්‍රදේශවාසීහු එම මාර්ගයේ ගමන් කිරීමට පවා බියක් දක්වති.

    මේ හේතුවෙන් එම ප්‍රදේශවාසීන්ගේ දෛනික රාජකාරි කටයුතුවලට ද බාධා එල්ලවී තිබේ.

    සුනඛයා සපා කෑමෙන් තුවාල ලැබූවන් කළුතර ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පැමිණිලි පිළිබඳව සොයා බැලූ කළුතර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක නිර්මල මහතා ජලභීතිකා රෝගය වැළඳී ඇතැයි සැක කෙරෙන මෙම සුනඛයා පිළිබඳව පොලිස් නිලධාරීන් යොදවා අවශ්‍ය කටයුතු කරන ලෙස උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගෙන් ඊයේ (22දා) ලිඛිත ඉල්ලීමක් කළේය
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ballata ibe hadenne na. wena pissu sathek oowa hapala thiyenawa!

    kotachchi wennaa barida?

    pahugiya tike ape maha gawal paththe ballo okkoma wage marila gihin thibba ledak hadila.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    අර ඉස්සර වගේ දඩාවතේ යන බල්ලන්ව මර්දනය කළ යුතුයි
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හපන්නේ නැතිව රෙබිස් වක්සින් ගන්න හොද නැද්ද ?