උපාධිය කන්නද?

Jul 5, 2012
1,773
265
0
වුර්තීය කවුන්සිල් වලට කෙනෙකුගේ අධයාපනය තීරණය කරන්න තියෙන අයිතිය මොකක්ද? වුර්තීය කවුන්සිල් වල අය බලන්නේ වුර්තිය කරන අයගේ තත්වය රැකගන්න එක මිසක අහින්සක ළමයින්ගේ අධයාපනය ලබන්න තියෙන අයිතිය රකින එක නෙමේ. කාගේවත් අධයාපනය ලබන්න තියෙන අයිතියට විරැද්ධ වෙන්න වුර්තීය කවුන්සිල් වලට බෑ.

සයිටම් එකට විරැද්ධව වචනයක් වත් කියන්න වෛදය සභාවට අයිතියක් නෑ. සයිටම් එකේ කොලිටිය ගැන වචනයක් වත් කතා කරන්නත් වෛදය සභාවට අයිතියක් නෑ. වෛදය සභාවට කරන්න පුලුවන් එකම දේ ACT16 විභාගයට පෙනී ඉන්න සයිටම් එකේ ළමයින්ට ඉඩ දෙන එක. සායනික පුහුණුව ගන්න සයිටම් එකේ ළමයින්ට ඉඩ දෙන එක.

මචං ගුනේ අපි පොලිටික්ස් අතින් ප්‍රතිවිරුද්ධ ධ්‍රැව දෙකක හිටියත්, මේ කාරණයේදී උඹ ඉන්නේ අන්තිම ප්‍රගතිශීලි තැනක. දේශපාලන ප්‍රතිවාදියෙක් වුනත් මේ සම්බන්දයෙන් මෙහෙම ස්තාවරක ඉන්න එක ප්‍රසංශාවට ලැබිය යුතුමයි.
 
  • Like
Reactions: GuneBhai
Jul 5, 2012
1,773
265
0
ඔය ලස්සනට ලිස්සල ගියේ? හේ හේ. ඔය හෙනට ඔය සයිටම් අරව මේවා ගැන දන්නවා නේද? හැබැයි රජයේ විශ්ව විද්‍යාල ගැන නම් ගානක්වත් නෑ නේද? අනේ මහත්තයෝ. ඔයා හරි. අයිතියක් නැතිලු නීතියක් නැතිලු. ඔබතුමා මේ ගැන හොඳටම අධ්‍යනය කරලා කියල පේනවා. නමුත් ඔබ දන්නේ නෑ නේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල වෙන්නේ මොනවද කියල? හරිම පුදුමයි? ඔයා ලංකාවේද ඉන්නේ? දැනගන්න උවමනාවකුත් නෑ නේද? ඕකුන් කොහොම හරි කැට හොල්ලල ඕව හදාගන්නේ නැත. අපි යන්නේ සයිටම් නේ.? අහිංසක ළමයි තව කී දාහක් ඉන්නවද කියල දන්නවද කැම්පස් එකක් නැතුව? අහිංසක ළමයි කියන්නේ ලක්ෂ 120 ක උපාදියක් කරන්න වලි කන උන් නෙවෙයි. අර හද්දා පිටිසර ගම වල හරියට පොතක් පතක් නැතුව සපත්තු නැතුව අමාරුවෙන් ඉගෙන ගන්න වලිකන අසරණ ළමයින්ට. ඔය සල්ලි විසික්ක කරන මහත්තුරු දන්නවා උන්ටත් ඒ ළමයින්ටත් කැම්පස් යන්න තියන චාන්ස් එක එකයි කියල. අන්න ඒ කොල්ලෝ කෙල්ලොන්ට කැම්පස් යන්න පුළුවන් චාන්ස් එක නැති කරන්නේ නැතුව ඕන නාඩගමක් නැතුවට මට කමක් නැහැ. මොකද මම දන්නවා මම මේ තත්වේ ඉන්නේ නිදහස් අධ්‍යාපනේ නිසයි කියල. ඒකෙ වටිනාකම දන්නවා. පුළුවන් නම් ඔය සයිටම් වෙනුවෙන් කෙස් පැලෙන තර්ක නවත්තල උන් වෙනුවෙන් කතා කරන්න. කැම්පස් යන උන්ම විතරක් නෙවෙයි ඒක කරන්න ඕන, අපි උඹල වගේ අවුරුදු 13 ක් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු එව්වොත් ඒකට අදාලයි. කැට හොල්ලල කරගනිල්ල වගේ අදහස් උඹට කොහෙන් ආවද දන්නේ නෑ. උන් ඉගනගෙන ඉගනගෙන අන්තිමට කැට හොල්ලල කැම්පස් ඒකට දෙයක් ඉතුරු කරලා යන අතරේ සයිටම් යන එවුන් දෙමවුපියන්ගේ කැටේ කඩල වැඩේ කරගනියි.

අනිත් දේ තමයි මම දාන කෑල්ලකට විතරක් තර්ක කරන්න එපා. ඔය කෑලි කෑලි හල හල බොරුවට ලිස්සල යනවා. දැන් මේ මෙඩිකල් කවුන්සිලයක නීති ගැන කියනවා. මචන් මම දොස්තර කෙනෙක්වත් දොස්තර කෙනෙක් වෙන්න ඉන්න එකෙක්වත් නෙවෙයි. මට ඒක අදාළ නැහැ. මගේ වුර්තියව ඕක ගෑවිලත් නැහැ. මම කතා කරන්නේ මේ වීඩියෝ එකේ තියන අන්තර්ගතය ගැන. එකෙන් පිට යන්න අවශ්‍ය නැහැ.

අනේ මහත්තයෝ කියන්නකෝ දැන් අයි ටී ඩිග්‍රී දෙන පුද්ගලික විශ්ව විද්‍යාල පටන් ඇරන් අවුරුදු 20ක් විතර වෙනවා. කෝ මේ විරෝධය එන්නේ වෛද්‍ය විද්‍යාලෙට විතරද? ඩිෆෙන්ස් ඇකඩමියෙන් දැනටමත් සල්ලි අරන් වෛද්‍ය උපාධිය දෙනවානේ .

"උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ධනපතියන්ගේ දූ දරුවන්ට විවෘත වූ අධ්‍යාපන ආයතනයක් බවත් එය නිදහස් අධ්‍යාපනය විනාශ කරන යක්ෂයෙකු බවත් ඒ දිනවල සමාජගත කර තිබූ අදහසයි. එහෙත් ඒ අදහස මිත්‍යාවකි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවයේ (ඒ වන විට එය රජයට පවරාගෙන තිබිණ) ප්‍රධාන දේශනය පැවැත්වූ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා ඒ බව තහවුරු කෙළේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුලත් කර ගැනීමේදී කිසිදු ජාති, ආගම්, හෝ ලිංග බේදයක් නොතිබූ අතර වසර 8 ක කාලය තුල ඇතුලත් කර ගත් සිසුන් 800 න් සියයට 60 කගේ දෙමාපියන් පාසැල් ගුරුවරුන් වූහ. තවත් සියයට 20 කගේ දෙමාපියන් වෘත්තීය වේදීන් වූ අතර ඉතිරි පිරිස සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළහ. විශේෂයෙන් ගුරුවරුන් තම ඉඩමක් විකුණා හෝ තම දූ දරුවන්ට දෑ වැද්ද ලබා දීමට ඉතිරි කළ මුදලක් හෝ නිවසක් තැනීමට ඉතිරි කළ මුදලක් හෝ දරුවන්ගේ අධ්‍යාපනයට ආයෝජනය කර තිබූ බව ආචාර්ය කල්පගේ හෙළි කෙළේය. සුපිරි ධනපති පංතියේ ළමුන් මෙම වෛද්‍ය විද්‍යාලයට එක් නොවූ බව හෙළි කළ ඔහු උදාහරණයකට පෙන්වා දුන්නේ එකදු මැණික් මුදලාලි කෙනෙකුගේ දරුවෙකු හෝ රාගමට නොපැමිණි බවයි. "
 
Last edited:

Elakiri Rocky

Member
Apr 23, 2016
318
11
0
ඔය ලස්සනට ලිස්සල ගියේ? හේ හේ. ඔය හෙනට ඔය සයිටම් අරව මේවා ගැන දන්නවා නේද? හැබැයි රජයේ විශ්ව විද්‍යාල ගැන නම් ගානක්වත් නෑ නේද? අනේ මහත්තයෝ. ඔයා හරි. අයිතියක් නැතිලු නීතියක් නැතිලු. ඔබතුමා මේ ගැන හොඳටම අධ්‍යනය කරලා කියල පේනවා. නමුත් ඔබ දන්නේ නෑ නේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල වෙන්නේ මොනවද කියල? හරිම පුදුමයි? ඔයා ලංකාවේද ඉන්නේ? දැනගන්න උවමනාවකුත් නෑ නේද? ඕකුන් කොහොම හරි කැට හොල්ලල ඕව හදාගන්නේ නැත. අපි යන්නේ සයිටම් නේ.? අහිංසක ළමයි තව කී දාහක් ඉන්නවද කියල දන්නවද කැම්පස් එකක් නැතුව? අහිංසක ළමයි කියන්නේ ලක්ෂ 120 ක උපාදියක් කරන්න වලි කන උන් නෙවෙයි. අර හද්දා පිටිසර ගම වල හරියට පොතක් පතක් නැතුව සපත්තු නැතුව අමාරුවෙන් ඉගෙන ගන්න වලිකන අසරණ ළමයින්ට. ඔය සල්ලි විසික්ක කරන මහත්තුරු දන්නවා උන්ටත් ඒ ළමයින්ටත් කැම්පස් යන්න තියන චාන්ස් එක එකයි කියල. අන්න ඒ කොල්ලෝ කෙල්ලොන්ට කැම්පස් යන්න පුළුවන් චාන්ස් එක නැති කරන්නේ නැතුව ඕන නාඩගමක් නැතුවට මට කමක් නැහැ. මොකද මම දන්නවා මම මේ තත්වේ ඉන්නේ නිදහස් අධ්‍යාපනේ නිසයි කියල. ඒකෙ වටිනාකම දන්නවා. පුළුවන් නම් ඔය සයිටම් වෙනුවෙන් කෙස් පැලෙන තර්ක නවත්තල උන් වෙනුවෙන් කතා කරන්න. කැම්පස් යන උන්ම විතරක් නෙවෙයි ඒක කරන්න ඕන, අපි උඹල වගේ අවුරුදු 13 ක් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු එව්වොත් ඒකට අදාලයි. කැට හොල්ලල කරගනිල්ල වගේ අදහස් උඹට කොහෙන් ආවද දන්නේ නෑ. උන් ඉගනගෙන ඉගනගෙන අන්තිමට කැට හොල්ලල කැම්පස් ඒකට දෙයක් ඉතුරු කරලා යන අතරේ සයිටම් යන එවුන් දෙමවුපියන්ගේ කැටේ කඩල වැඩේ කරගනියි.

අනිත් දේ තමයි මම දාන කෑල්ලකට විතරක් තර්ක කරන්න එපා. ඔය කෑලි කෑලි හල හල බොරුවට ලිස්සල යනවා. දැන් මේ මෙඩිකල් කවුන්සිලයක නීති ගැන කියනවා. මචන් මම දොස්තර කෙනෙක්වත් දොස්තර කෙනෙක් වෙන්න ඉන්න එකෙක්වත් නෙවෙයි. මට ඒක අදාළ නැහැ. මගේ වුර්තියව ඕක ගෑවිලත් නැහැ. මම කතා කරන්නේ මේ වීඩියෝ එකේ තියන අන්තර්ගතය ගැන. එකෙන් පිට යන්න අවශ්‍ය නැහැ.

Ube kathawa aththa, ehema kiyala Private campus walata kagahana eka waradi. Mn Sliit eke. ape ammala loan gahala apita ugannanne machn. salli thiyenawata neme. campus yanna pass wenna bari wecha nisai ehema karanne. laksha ganan lamai innawa campus yanna baruwa, yanna asawe katta kala igana ganna. ehema un thama oya anthareth inne. ahinsaka ammala dahaduk widala ugannala, mun mehe awith strik karanawa. yako api private welath, apita dawasa gane lectures. mun ekekwath lectures wath yanawada bn.

mun kagahanne campus gana neme machn JOB eka gana kagahanne. dan godak office walin piliganimak thiyenawa private campus wala lamaita, ai e, un strike karanna, kalli gahila office wala aragala karanna hadanna. ohoma un innawa mn danna thanaka. un ekama kandayak. habai ekekkawath eka lokkek ganan ganna.

anagatha salli walata oya nahinne. kohen igana gathath anthimata office walata ganne wada karayawa, campus yana un hariyata igana gannawanam baya wenna onne.

Anika anduwenma 18year iganagena. campus gihin anduwata bana bana 5year igana gena, anduwenma job higa gana eka nabbuwak da bn. eka lajjawak. ita wada balapan, private igana ganna eka kagenwath higa kanne nathuwa thamange mahansiyenma job ekak hoyagena hoda padiyak aran jiwath wenawa.

Hama kenatama igana ganna aithiyak thiyenawa, Nikan hari salli walata hari.
anduwata onnam nidahas adyapane nawathanna aithiya thiyenawa. moko america we unta nidahas adyapane na kiyala un tax gewanne nathuwa inne nane. unge hama minihama tax gewana. ganna baduweth tax unata, e madiwata thawa ganakuth tax kiyala gewanawa.
 
  • Like
Reactions: fakerandi

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අධයනය කරන්න දෙයක් නෑ බන්. මාත් මේ රටේ ජීවත් වෙන මිනිහෙක් වෙන දේ මටත් තේරෙනවා. ඕක තේරැන් ගන්න මහා ලොකු දැනුමක් ඕනි නෑ.

    ඔවු මම රජයේ විශ්ව විදයාල වල වෙන්නෙ මොනවද කියල දන්නේ නෑ තමා. ඉදලා හිටලා ඉල්ලීම් ලබා දෙන්න කියල කරන උද්ඝෝශණයක් ඇරැනම වෙන විස්තරයක් දැන ගත්තෙ මේ එළකිරියට ආපු උන් දාපු කමෙන්ට් වලින් බ්ලෛාග් සයිට් වලිනුයි. කැම්පස් ගිය නොගිය කියපුවා අහලා කියවලා තියෙනවා. ඒ දැනුමනේ තමා කතා කරන්නෙ. උඹ නන් කතා කරන විදියට අනිවා කැම්පස් එකකින් ඩිග්රියක් අරන් වගේ. මම නන් කැම්පස් ගිහින් නෑ. සල්ලි ගෙවලා තමා උපාධියක් ගත්තෙ.

    රජයේ කැම්පස් වල වෙන දේවල් දැනගන්න කැමතියි. කොහොමද හරියටම ඇතුලේ වෙන දේවල් දැනගන්නේ දන්වානන් කියපන්කෝ් මගේ පහසුවටත් එක්ක.

    අනේ පුටේ ඔය අහින්සක දුප්පත් අසරණ ළමයිනගේ පොයින්ට් එක තව දාන්න ලැජ්ජ නැද්ද බන්. උඹ හිතන්නේ ඔය කතාවට තාමත් මිනිස්සු අනුකම්පා කරනව කියලද? අද කාලේ කැම්පස් යන්න ටියුශන් පන්ති යන්නැතුව බෑ. හද්දා පිටිසර ගම වල හරියට පොතක් පතක් නැතුව සපත්තු නැතුව අමාරුවෙන් ඉගෙන ගන්න වලිකන අසරණ ළමයින් කොහොමද ටියුශන් ගිහින් කැම්පස් එකකට යන්නෙ? උඹල ඒවා ගැන කතා කරන්නේ කවද්ද? ටියුශන් වල අධයාලනේ සිල්ලරට විකුණන එක හොදයිද? සයිටම් එකට විරැද්ධ වෙනව වගේ ටියුශන් වල අධයාපනය විකුණන එකට විරැද්ධ වෙන්නෙ කවද්ද උඹල?

    උඹ නිදහස් අධයාපනෙන් තත්වෙකට ආවට මට කමක් නෑ. හැබැයි එහෙම කියල රටේ ඉන්න බහුතරයක් ළමයින්ට අධයාපනය ලබන්න තියෙන අයිතිය අහුරන්න එපා. උඹට එහෙම කරන්න කිසිම අයිතියක් නෑ.

    මම කතා කරන්නෙ මේ වීඩීයෝ කෑල්ල ගැන නෙමේ. ඒකෙන් මට වැඩක් නෑ. මම කතා කරන්නෙ රටේ මේ වෙලාවේ තියෙන අධයාපන අර්බුදේ ගැන. උඹට ඒ ගැන වාද කරන්න ඕනි නන් මාත් ලෑස්තියි. වාදෙන් පැනලා යන්න උවමනාවක් නෑ මට. උඹේ කලින් කොමේනට් වලට උත්තර දුන් නැත්තේ එක දිගට දිග හෑලි ලියන්න අමාරැ නිසා. නැත්තන් ඒවටත් උත්තර දීල මෙලහකට. උඹට ඕනි නන් සංවාදෙ තව ඉස්සරහට අරන් යන්න පුලුවන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජිංතක ජිල්ලබකිට;20518581 said:
    මචං ගුනේ අපි පොලිටික්ස් අතින් ප්‍රතිවිරුද්ධ ධ්‍රැව දෙකක හිටියත්, මේ කාරණයේදී උඹ ඉන්නේ අන්තිම ප්‍රගතිශීලි තැනක. දේශපාලන ප්‍රතිවාදියෙක් වුනත් මේ සම්බන්දයෙන් මෙහෙම ස්තාවරක ඉන්න එක ප්‍රසංශාවට ලැබිය යුතුමයි.

    තෑන්ක්ස් මචන්... මම මෙච්චර මේකට කෑ ගහන්නෙ ඉස්කෝලෙ කාලෙ අපි විදපු අත්දැකීම් නිසා. අපිට වෙච්ච දේවල් පොඩි උන්ට වෙන්න දෙන්න බෑ...
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Ube kathawa aththa, .

    මොකද්ද ඇත්ත? ඇත්ත තමයි මූත් අපි වගේ රොටරි බඩගාලා, එහෙම් නැත්තන් ගෲප් ක්ලාස් ගිහින් A\L ගොඩ දාලා, ප්‍රයිවට් ටියුෂන් වලින් විභාගේ ගොඩදාලා, කිසිම පිලිගත හැකි සාධකයකින් තොරව බොරුවට කෑගහනව "නිදහස් අධ්‍යාපනේ නැති කරනෝ" කියලා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජිංතක ජිල්ලබකිට;20518581 said:
    මචං ගුනේ අපි පොලිටික්ස් අතින් ප්‍රතිවිරුද්ධ ධ්‍රැව දෙකක හිටියත්, මේ කාරණයේදී උඹ ඉන්නේ අන්තිම ප්‍රගතිශීලි තැනක. දේශපාලන ප්‍රතිවාදියෙක් වුනත් මේ සම්බන්දයෙන් මෙහෙම ස්තාවරක ඉන්න එක ප්‍රසංශාවට ලැබිය යුතුමයි.

    ගුනයා එහෙම තමයි...දේශපාලනේ උනත් ගුනේ ඇත්තටම විශ්වාස කරන මතවාදය (ඒකට අපි එකඟ නොවෙන්න පුළුවන්) වෙනුවෙන් පෙනී සිටිනවා මිසක් සමහරු වගේ බොරුවට වාසියට කපටිකමට කතා කරන මිනිහෙක් නෙවෙයි ඌ :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුනයා එහෙම තමයි...දේශපාලනේ උනත් ගුනේ ඇත්තටම විශ්වාස කරන මතවාදය (ඒකට අපි එකඟ නොවෙන්න පුළුවන්) වෙනුවෙන් පෙනී සිටිනවා මිසක් සමහරු වගේ බොරුවට වාසියට කපටිකමට කතා කරන මිනිහෙක් නෙවෙයි ඌ :yes:

    :P:P:P:P
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,865
    6,498
    113
    ගග අද්දර
    ඒ දවස් වල තියරි ක්ලාස් එකට 750යි. රිවිෂන් 1000යි
    බස් එකේ ක්ලාස් යන්න බස් එකට දවසට 100කට වඩා යනවා.
    කන්න තවත් වියදම්...
    ගෘප් ක්ලාස් යන්න සල්ලි නෑ...
    සමහරක් දවසට ක්ලාස් එකට ගන්නේ කුණු බැනුම් බැනල ෆීස් ගෙවල නෑ කියල...
    ඉස්කෝලේ උගන්වන දේවල් වලින් විතරක් ඉගෙනගෙන, ක්ලාස් නොයා කැම්පස් ගිය එකෙක් නැති තරම්.
    කෝ බන් නිදහස් අධ්‍යාපනේ?
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    අධයනය කරන්න දෙයක් නෑ බන්. මාත් මේ රටේ ජීවත් වෙන මිනිහෙක් වෙන දේ මටත් තේරෙනවා. ඕක තේරැන් ගන්න මහා ලොකු දැනුමක් ඕනි නෑ.

    ඔවු මම රජයේ විශ්ව විදයාල වල වෙන්නෙ මොනවද කියල දන්නේ නෑ තමා. ඉදලා හිටලා ඉල්ලීම් ලබා දෙන්න කියල කරන උද්ඝෝශණයක් ඇරැනම වෙන විස්තරයක් දැන ගත්තෙ මේ එළකිරියට ආපු උන් දාපු කමෙන්ට් වලින් බ්ලෛාග් සයිට් වලිනුයි. කැම්පස් ගිය නොගිය කියපුවා අහලා කියවලා තියෙනවා. ඒ දැනුමනේ තමා කතා කරන්නෙ. උඹ නන් කතා කරන විදියට අනිවා කැම්පස් එකකින් ඩිග්රියක් අරන් වගේ. මම නන් කැම්පස් ගිහින් නෑ. සල්ලි ගෙවලා තමා උපාධියක් ගත්තෙ.

    රජයේ කැම්පස් වල වෙන දේවල් දැනගන්න කැමතියි. කොහොමද හරියටම ඇතුලේ වෙන දේවල් දැනගන්නේ දන්වානන් කියපන්කෝ් මගේ පහසුවටත් එක්ක.

    අනේ පුටේ ඔය අහින්සක දුප්පත් අසරණ ළමයිනගේ පොයින්ට් එක තව දාන්න ලැජ්ජ නැද්ද බන්. උඹ හිතන්නේ ඔය කතාවට තාමත් මිනිස්සු අනුකම්පා කරනව කියලද? අද කාලේ කැම්පස් යන්න ටියුශන් පන්ති යන්නැතුව බෑ. හද්දා පිටිසර ගම වල හරියට පොතක් පතක් නැතුව සපත්තු නැතුව අමාරුවෙන් ඉගෙන ගන්න වලිකන අසරණ ළමයින් කොහොමද ටියුශන් ගිහින් කැම්පස් එකකට යන්නෙ? උඹල ඒවා ගැන කතා කරන්නේ කවද්ද? ටියුශන් වල අධයාලනේ සිල්ලරට විකුණන එක හොදයිද? සයිටම් එකට විරැද්ධ වෙනව වගේ ටියුශන් වල අධයාපනය විකුණන එකට විරැද්ධ වෙන්නෙ කවද්ද උඹල?

    උඹ නිදහස් අධයාපනෙන් තත්වෙකට ආවට මට කමක් නෑ. හැබැයි එහෙම කියල රටේ ඉන්න බහුතරයක් ළමයින්ට අධයාපනය ලබන්න තියෙන අයිතිය අහුරන්න එපා. උඹට එහෙම කරන්න කිසිම අයිතියක් නෑ.

    මම කතා කරන්නෙ මේ වීඩීයෝ කෑල්ල ගැන නෙමේ. ඒකෙන් මට වැඩක් නෑ. මම කතා කරන්නෙ රටේ මේ වෙලාවේ තියෙන අධයාපන අර්බුදේ ගැන. උඹට ඒ ගැන වාද කරන්න ඕනි නන් මාත් ලෑස්තියි. වාදෙන් පැනලා යන්න උවමනාවක් නෑ මට. උඹේ කලින් කොමේනට් වලට උත්තර දුන් නැත්තේ එක දිගට දිග හෑලි ලියන්න අමාරැ නිසා. නැත්තන් ඒවටත් උත්තර දීල මෙලහකට. උඹට ඕනි නන් සංවාදෙ තව ඉස්සරහට අරන් යන්න පුලුවන්.
    මචන්, මම අවේ මේ වීඩියෝ එක ගැන කතා කරන්න. ඔවු. ඔබ ඇවිල්ල තියන්නේ ඒකට නෙවෙයි කියල තේරෙනවා. මට මොකටද බං කාගෙවත් අනුකම්පාවක්? :rofl: :rofl::rofl: ඇයි ඉතිං රජයේ කැම්පස් ගැන දැනගන්න ඕන නැත්නම් සයිටම් ගැන දැනගන්න වලි කන්නේ?
    අපහු අදාල ගත්ත බහුතරෙකට කැම්පස් කතාවක්. ඇයි බං දැන් මම ගණන් එක්ක පෙන්නුවේ උඹ ඔය කියන බහුතරේ? අනික මම කොතනද කියල තියන්නේ සයිටම් වහන්න ඕන කියල? මෙතන තර්ක කරනවා නම් මේ වීඩියෝ එක ගැන කතා කරන්න එන්න. නැතුව මේ ඔයාගේ හිතේ තියන මගුල් ගැන කතා කරන්න එනවා නම් ඒවා මට වැඩක් නැහැ. හෑලි ලියන්න බෑ කියන්නේ? එහෙනම් මොන ඉලව්වකටද මගෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ? ටිකකට කලින් බහුතරයක් ගැන කියල මම උත්තර දුන්නම එක මග ඇරලා ඇවිත් දැන් අපහු බහුතරයක් ගැන කතා කරනවා. මොකක්ද බං ඔය කියන විහිලු කතාව? බහුතරෙකට කැම්පස් දෙන්න ඕනනම් වරෙන් පාරට බැහැල රජයෙන් ඉල්ලන්න අලුත් කැම්පස්. නැතුව සල්ලි ගෙවල යන ඒවා ඉල්ලුවට බහුතරෙකට යන්න බැහැ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔහොම හරි පටන් ගත්ත එක හොදයි. හැබැයි ඕක තව දියුණු වෙන්න ඔිනි. ඉන්ජිනේරැ උපාධියක් දෙන තැනට එනකන් දියුණූ වෙන්න ඕනි.

    UNIVOTEC eken degree denawa.. Wadu bas kenekuta mason bas kenekuta unath Degreeyak ganna dorak arala tyenne.... Chances neathi eka newei SAITM kathawa nam. Eeka rate neethiya ballata daala chandi kamin patan gatta minissu rawatapu ayathanayak. neethiyanukulawa patan gannawa nam, rajaya niyamanaya karapu sudusukam walin paribahairawa enroll karanawanam, PVT UNI hadunaden. PVT nam habai full package PVT wenna oone. mokada enrol karanne neane salli netnm qualification thibbath... Oya mathaya bahutara SAITM wirodee adahas tyena ayage tyenne.

    Salli walin pirunu aya KUHAKAKAMAta SAITM horata karapu bawa piliganna kemathi nea..
    Aanthika desapalaneta namburu SHISHNA kandayam adyapana kuhakakame randila PVT UNI epa kiyanawa....Habayi bahutara campus lamai uni admission wadi karanna illanne adyapana kuhakakamak neathi nisa...

    Anthayata wirudda wiya yutui.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්, මම අවේ මේ වීඩියෝ එක ගැන කතා කරන්න. ඔවු. ඔබ ඇවිල්ල තියන්නේ ඒකට නෙවෙයි කියල තේරෙනවා. මට මොකටද බං කාගෙවත් අනුකම්පාවක්? :rofl: :rofl::rofl: ඇයි ඉතිං රජයේ කැම්පස් ගැන දැනගන්න ඕන නැත්නම් සයිටම් ගැන දැනගන්න වලි කන්නේ?
    අපහු අදාල ගත්ත බහුතරෙකට කැම්පස් කතාවක්. ඇයි බං දැන් මම ගණන් එක්ක පෙන්නුවේ උඹ ඔය කියන බහුතරේ? අනික මම කොතනද කියල තියන්නේ සයිටම් වහන්න ඕන කියල? මෙතන තර්ක කරනවා නම් මේ වීඩියෝ එක ගැන කතා කරන්න එන්න. නැතුව මේ ඔයාගේ හිතේ තියන මගුල් ගැන කතා කරන්න එනවා නම් ඒවා මට වැඩක් නැහැ. හෑලි ලියන්න බෑ කියන්නේ? එහෙනම් මොන ඉලව්වකටද මගෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ? ටිකකට කලින් බහුතරයක් ගැන කියල මම උත්තර දුන්නම එක මග ඇරලා ඇවිත් දැන් අපහු බහුතරයක් ගැන කතා කරනවා. මොකක්ද බං ඔය කියන විහිලු කතාව? බහුතරෙකට කැම්පස් දෙන්න ඕනනම් වරෙන් පාරට බැහැල රජයෙන් ඉල්ලන්න අලුත් කැම්පස්. නැතුව සල්ලි ගෙවල යන ඒවා ඉල්ලුවට බහුතරෙකට යන්න බැහැ.

    ඇයි රජයෙන් කැම්පස් ඉල්ලෙන්නේ? ආන්ඩුවද දැන් මිනිස්සුන්ට උගන්නන්ත් ඕනි? එහෙනන් මේක උතුරැ කොරියාව වෙලා නතර වෙයි.

    සල්ලි ගෙවලා බහුතරයකට කැම්පස් යන්න බැහැ කියන්නෙ කොහොමද උඹ? මොකක්ද ඒකෙ පදනම? කොහේද එහෙම වර්තාවක් වත් තියෙන්නෙ?

    උඹ ඔච්චර හෑලිි ලියන්න ඕනි නෑ. මගේ තර්ක වලට උඹට දෙන්න උත්තර නෑ කිව්ව නන් ඉවරයි. කෝ අර ටියූශන් කතාවටත් තාම නෑ උත්තර.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    UNIVOTEC eken degree denawa.. Wadu bas kenekuta mason bas kenekuta unath Degreeyak ganna dorak arala tyenne.... Chances neathi eka newei SAITM kathawa nam. Eeka rate neethiya ballata daala chandi kamin patan gatta minissu rawatapu ayathanayak. neethiyanukulawa patan gannawa nam, rajaya niyamanaya karapu sudusukam walin paribahairawa enroll karanawanam, PVT UNI hadunaden. PVT nam habai full package PVT wenna oone. mokada enrol karanne neane salli netnm qualification thibbath... Oya mathaya bahutara SAITM wirodee adahas tyena ayage tyenne.

    Salli walin pirunu aya KUHAKAKAMAta SAITM horata karapu bawa piliganna kemathi nea..
    Aanthika desapalaneta namburu SHISHNA kandayam adyapana kuhakakame randila PVT UNI epa kiyanawa....Habayi bahutara campus lamai uni admission wadi karanna illanne adyapana kuhakakamak neathi nisa...

    Anthayata wirudda wiya yutui.

    ඩිග්රි දෙන එක හොදයි මචන් මම කියන්නෙ ඉන්ජිනේරැ උපාධිය දෙන තැන වෙනකන් ඕක වර්ධනය කරන්න ඕනි කියල. ඉන්ජිනේරැ උපාධි දෙන්න ඕනි ඔය තැන් වලින් නැතුව ලොකු කැම්පස් වලින් නෙමේ. අපිට වැරදිලා තියෙන්නේ එ් නිසා.

    සයිටම් එකට හුනු ගාන්න මට ඕනි නෑ බන්. ඒකෙ වැරැදි තියනවානන් හදන්න ඕනි. ඒකෙ ඉන්න ළමයින්ටත් සාධාරණයක් වෙන්න ඕනි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තෑන්ක්ස් මචන්... මම මෙච්චර මේකට කෑ ගහන්නෙ ඉස්කෝලෙ කාලෙ අපි විදපු අත්දැකීම් නිසා. අපිට වෙච්ච දේවල් පොඩි උන්ට වෙන්න දෙන්න බෑ...

    SAITM wage hora boru nodaa neethiyata anuwa patan ganna kenekuta rate hamoma keamati wei. Kon Kon wala kunu tyena nisa aluthin invest karanakotath waparahin balanawa SAITM karaya karapu alugutteru political gemata... SB la Rajithala gana aaye kiyanna deyak ituruwela nea
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුන්ගේ හොඳක් කියන්නත් බෑ දිව දානවා :P

    උඔත් එක්ක ඉවර නැති වලියක් තියෙනවා තාම.... යහපාලනය එලවකන් ඒක නතර වෙන්නෑ.. :P

    අවුලක් නෑ නේ.... ආතල් එකේ ගහ මරාගෙන ඉම්මු...
    :yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඩිග්රි දෙන එක හොදයි මචන් මම කියන්නෙ ඉන්ජිනේරැ උපාධිය දෙන තැන වෙනකන් ඕක වර්ධනය කරන්න ඕනි කියල. ඉන්ජිනේරැ උපාධි දෙන්න ඕනි ඔය තැන් වලින් නැතුව ලොකු කැම්පස් වලින් නෙමේ. අපිට වැරදිලා තියෙන්නේ එ් නිසා.

    සයිටම් එකට හුනු ගාන්න මට ඕනි නෑ බන්. ඒකෙ වැරැදි තියනවානන් හදන්න ඕනි. ඒකෙ ඉන්න ළමයින්ටත් සාධාරණයක් වෙන්න ඕනි.

    Ayi ලොකු කැම්පස් වලින් නෙමේ kiyanne :shocked::shocked::shocked:

    Moratu ruhunu pera honda nedda?:confused:

    Apita waradilada ewagen degree dunnama :rolleyes:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Ube kathawa aththa, ehema kiyala Private campus walata kagahana eka waradi. Mn Sliit eke. ape ammala loan gahala apita ugannanne machn. salli thiyenawata neme. campus yanna pass wenna bari wecha nisai ehema karanne. laksha ganan lamai innawa campus yanna baruwa, yanna asawe katta kala igana ganna. ehema un thama oya anthareth inne. ahinsaka ammala dahaduk widala ugannala, mun mehe awith strik karanawa. yako api private welath, apita dawasa gane lectures. mun ekekwath lectures wath yanawada bn.

    mun kagahanne campus gana neme machn JOB eka gana kagahanne. dan godak office walin piliganimak thiyenawa private campus wala lamaita, ai e, un strike karanna, kalli gahila office wala aragala karanna hadanna. ohoma un innawa mn danna thanaka. un ekama kandayak. habai ekekkawath eka lokkek ganan ganna.

    anagatha salli walata oya nahinne. kohen igana gathath anthimata office walata ganne wada karayawa, campus yana un hariyata igana gannawanam baya wenna onne.

    Anika anduwenma 18year iganagena. campus gihin anduwata bana bana 5year igana gena, anduwenma job higa gana eka nabbuwak da bn. eka lajjawak. ita wada balapan, private igana ganna eka kagenwath higa kanne nathuwa thamange mahansiyenma job ekak hoyagena hoda padiyak aran jiwath wenawa.

    Hama kenatama igana ganna aithiyak thiyenawa, Nikan hari salli walata hari.
    anduwata onnam nidahas adyapane nawathanna aithiya thiyenawa. moko america we unta nidahas adyapane na kiyala un tax gewanne nathuwa inne nane. unge hama minihama tax gewana. ganna baduweth tax unata, e madiwata thawa ganakuth tax kiyala gewanawa.

    මචන්, රට හදන්න මහලොකුවට කතා කරන්න කලින් අපි හැදිලා ඉන්න ඕන. ජොබ් එකකට පිළිගන්නේ රජයේ එකක්ද නැද්ද කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ මචන්. එහෙම ප්‍රශ්න තියන අයත් ඇති. මට අවශ්‍ය නිදහස් අධ්‍යාපනය රැකගැනීම විතරයි. ඔය උක්ත වීඩියෝවේ කරන්නේ තනිකරම නිදහස් අද්‍යාපනය හෑල්ලුවට ලක් කිරීමක්. ඒවා සාමාන්‍ය මිනිස්සුන්ගේ මොළ වලට ගියාම අන්තිමට ඒවා පැලපදියම් වෙලා අනාගත පරපුරට ඉගෙන ගන්න තියන ඉඩ අහුරෙනවා. ප්‍රයිවට් කැම්පස් ඇති කරන්න ඕන කියල මම පුන පුනා මේකෙ කියල ඇති. ඒවා කියවනවා නම් හොඳයි. මැදින් පැනල තර්ක කරන්න ගත්තම මට වෙන්නේ අර කලින් කියපු ඔක්කොම ඔයාටත් කියන්න.
    ඇමරිකාව ගැන කියපු නිසා දාන්නම්, මේ තමයි දැන් ඇමරිකාවේ දේශපාලන පොරොන්දු.
    https://berniesanders.com/issues/its-time-to-make-college-tuition-free-and-debt-free/
    මම හැමවෙලේම කියන්නේ පවුද්ගලික විශ්වවිද්‍යාල අත්‍යවශ්‍යයි කියල. ඒ වගේම රජයෙන් නය පහසුකම් දිය යුතුයි ඒවාට යන අයට. එහෙම කරන්න ඕන රාජ්‍ය විශ්වවිද්‍යාල පාගාගෙන නෙවෙයි. ඒවාට ඇතුලත් කරගන්න ප්‍රමාණයත් වැඩි කරන්න ඕන. අන්න එතකොට විතරයි නිදහස් අධ්‍යාපනය කියන එක රැකෙන්නේ. නැතුව රජයේ ඒවාට බැන බැන, රටේ තියන තර්ක ඉදිරිපත් කරලා ඒවා පහත් කරලා, ප්‍රයිවට් එව්වට තමයි තැන කියල ඒවත් ප්‍රමෝට් කරලා තව තව අඩුපාඩු උලුප්පල දාන එකෙන් වෙන්නේ රජයත් පෙළඹෙනවා ඕව නවත්තල දාන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    SAITM wage hora boru nodaa neethiyata anuwa patan ganna kenekuta rate hamoma keamati wei. Kon Kon wala kunu tyena nisa aluthin invest karanakotath waparahin balanawa SAITM karaya karapu alugutteru political gemata... SB la Rajithala gana aaye kiyanna deyak ituruwela nea

    සයිටම් එක වහන්න දෙන්න බෑ බන්. මොකද රාගම එක වහලා ලොකු පාඩුවක් කරගත්තෙ. මේකත් වහලා දැම්මොත් ආයේ කාලෙකට පුද්ගලික උපාධි ගන්න බැරි වෙන තැනට වැඩ වෙනවා. අද මේකට විරැද්ධ වෙන උන් හෙට ස්ලිට් එකට නැත්තන් වෙන ප්රයිවට් කැම්පස් එකකට විරැද්ධ වෙයි. ඒකයි අවුල.

    සයිටම් එකේ වැරදි හදාගෙන ඉසස්රහට යන්න දෙන එකයි කරන්න තියෙන්නෙ.