උපාධිය කන්නද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :baffled::baffled::baffled:

    University colleges hadala tyenne saha first batch dan training gihillath inne. lankawema centers hadenawa ADB/WB loan ekakin.

    STNDARDS maintain karanna puluwan kshestra hunga ewayin course tyenawa. UNIVOTEC eken Degree ganna puluwan anthimatama.

    SYSTEM ekak hadila tyenawa. nodanna nisa kiyanne details... mewata enroll karanna A/L pass or NVQ3 level aya.

    Campus ekakawath nea mewata labila tyena laboratory equipments/machines...
    Mechatronics moratuwa University ekata funding nodunnata GERMAN TECH ekata labila tyena machines balanna. Marketing hariyata karaganna baeruwa first batch eke lamai 100k awith tyenne. Second batch application 1000k UC ekakata. Dan expansion karanawa UCs. Hamotama watinne SAITM witarai. hetuwa MEDICINE nisa. Reputation/status wadi karaganna. Kauruwath bother wenne nea quality eka gana. SAKWITHI horakam karala passe BOC ekka ekatu wela finance companyak patan ganna kematy wage wadak SAITM prashne nam :baffled:

    https://www.facebook.com/ucapura/?fref=ts

    j768ujq

    ඔහොම හරි පටන් ගත්ත එක හොදයි. හැබැයි ඕක තව දියුණු වෙන්න ඔිනි. ඉන්ජිනේරැ උපාධියක් දෙන තැනට එනකන් දියුණූ වෙන්න ඕනි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    රජය බංකලොත් නම් ඇයි බං වැඩකට නැති බොරු වියදම් කරන්නෙ. ඔක්කොම කියවපන්, තව ඕනෙ නම් බැදුමකර වංචා වගේ දේවල් ගැන ඕනතරම් තියෙනව කියන්න. හැබැයි, අධ්‍යාපනය ගැන කතාකරද්දි නම් රජය බංකලොත්.

    ඉතින් ඒ නාස්තිකාර වියදම් අඩු කරගෙන රජයට රාජ්‍ය විශ්වවිද්‍යාල පුළුල් කරන්න බලකරපන්කෝ ඒකට අපේ කිසිම විරුද්දත්වයක් නැහැ :yes:

    ඇයි ඕකට පුද්ගලික අද්‍යාපනය වහලා දාන්න ඕනේ වෙන්නේ? මොකද විසඳුම් දෙකෙන් එකක් විතරක් ඕනේ කියල බිල්ලෝ මවන්නේ?

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන්, කත් අදිනවා කියන එකේ තේරුම දන්නවද? මම අදහස් කරන්නේ මිනිස්සු මේ වගේ දේවල් වෙනුවෙන් නොමිලේම දර දිය ඇදල සයිටම් මුදලාලිට අවශ්‍ය වෙන දේ කරලා දෙනවා. මම පුදුම වෙන්නේ තමන්ට යන්න පුළුවන් එක පහත් කරලා සලකන අතරේ (කැම්පස් යන්නේ කුහකයෝ, උන්අමුතු සත්තු, කැම්පස්උ ගිහින්න් කරන්නේ බදු මුදල් නාස්ති කරන එක, හිතන් ඉන්නේ අපි උන්ට යට වෙන්න ඕන කියල වගේ දේවල් කියන ගමන්) නොමිලේම දර දිය අදින්නේ ඇයි කියල. නැතුව ඒවාට විරුද්ද වෙන්න ඕන කියල නෙවෙයි.
    මෙතන සයිටම් එක වෙනුවෙන් නිදහස් අධ්‍යාපනේ රැක ගන්න කමෙන්ට් කල කි දෙනෙන් අර අලුතින් දාපු ඉංජිනේරු පිටයේ අඩු පාඩු ගැන කතා කළා ද? කි දෙනෙක් එක ගැන දන්නවද? රජරට වෙද්‍ය පිටයේ අඩුපාඩු ගැන කතා කළා ද? ඒවා ගැන දන්නවද?

    එතකොට දැන් මිනිස්සු පෙනී සිටින්න ඕනේ තමන්ට වාසියක් (යන්න පුළුවන්) තියන එකටයි......තමන්ට වාසියක් නැති (යන්න බැරි) එක හරියි කියන එක ඔයාට ප්‍රශ්නයක්?.....ඔහොම පටු විදිහට හිතන එක තමයි අර වචනෙන් කියන්නේ :yes:

    දැන් saitm වහන්න දඟලන කී දෙනෙක් "ප්‍රමිතියෙන් තොර රජරට වෛද්‍ය පීඨය වහා හකුලා ගනිව්" කියල පෙළපාලි ගියාද?:lol:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    විශ්ව විදයාල ගැන මම දන්න තරමින් තමා කිව්වෙ. වැරදි ඇති. මොකද ඒවාවල වෙන දේවල් ගැන සාමානය ජනතාවට හරිහමන් අවබෝධයක් නැහැනේ. කැට හොල්ලන්න කිව්වෙ එක විකල්පයක් විතරයි. තව විකල්ප ඕනි තරන් තියෙනවා.

    සායනික පුහුණුව ගන්න ඕනි ලෙඩ්ඩු ඉන්න තැන් වලින් මිස ලෙඩ්ඩු නැති තැන් වලින් නෙමේ. රජයේ රෝහල් වල සායනික පුහුණුව ගන්න සයිටම් එකේ ළමයින්ට බැරි ඇයි? ඒ අයත් ලන්කාවේ පුරවැසියෝ. නෙවිල් ගේ ඉස්පිරිතාලේ නොමිලේ දෙන එකක් කරන්න කියල මොකටද මම කියන්නෙ? ඒක නෙවිල්ට ඕනි නන් කරයි. මොකද ඉස්පිරිතාලෙට සල්ලි වියදන් කලේ මම නෙවෙයිනේ.

    ඒලෙවල් කරලා පාස් වෙනවා කියන්නෙම විශ්ව විදයාලෙට යන්න සුදුසුකම සපුරනවා කියන එකයි. ඔබතුමා ඒකවත් දන්නෙ නෑ නේ. එහෙම පාස් වෙලත් විශ්ව විදයාලෙට යන්න බැරි නන් සල්ලි දීලා හරි ඒක කරගන්න එකේ වරද මොකක්ද? අන්තිමට ඒකෙන් සෙතක් වෙන්නෙ අපේ රටටම නෙමේද?

    දුප්පත්කමට ඉගෙනීම නතර උනත් ආපහු සල්ලි හොයාගෙන ඉගෙන ගන්න බෑ කියල නීති දාන්න බැහැනේ. අන්න ඒ වෙනුවෙන් පෙනී ඉදහන්.

    කුහකයා කවුද කියල මේක කියවන මිනිස්සු තේ්රැන් ගනී. අපි කලබල වෙන්න ඕනි නෑ.

    :rofl::rofl::rofl: මොනවා කියනවද මන්ද? දැන් විශ්වවිද්‍යාල වල වෙන කිසිම දෙයක් දන්නේ නෑ කියපු කෙනා දැන් කියනවා දන්නා තරමින් කියන්නේ කියල. හැබැයි එතුමාම කියනවා සයිටම් එක ගැන, සායනික පුහුණුව ගැන නියමෙටම.අනිත් පැත්තෙන් කියනවා රජයේ ඒවා ගැන කතිකාවත් ඇති කලොත් විතරයි දන්නේ කියල. හැබැයි සයිටම් එක ගැන අග සිට මුලටම දන්නවා. හැබැයි පෙනී සිටින්නේ අධ්‍යාපනේ හැමෝටම දෙන්න. රජය යටතේ තියන කැම්පස් එකක් දියුණු කරන්න රජයේ දායකත්වය දක්වන්න ඕන නෑ කියන ගමන් නෙවිල්ට හම්බු කරලා දෙන්න රජයේ දේපල භාවිතා කරන්න දෙන්නලු. මෙහෙම මිනිස්සු ඉන්න රටක් දියුණු වෙයිද? නෑ නෑ සයිටම් දාල දියුණු කරන්න පුළුවන්.

    නෙවිල් නොමිලේ තමන්ගේ රෝහලේ ප්‍රතිකාර කරන්න දුන්න නම් ලෙඩ්ඩු එන්නේ නැද්ද? නෙවිල් ඕව දන්නේ නැතුවද සයිටම් එක හැදුවේ? සායනික පුහුණුව උපාදියේම කොටසක්. ඒ කොටස නැතුව කොහොමද සල්ලි අරන් උපාදියක් දෙනවා කියන්නේ? ඒකට රජය මැදිහත් වෙන්න ඕන මොකටද? කාගේ වෙනුවෙන්ද? නිකම් බොළඳ කතා කියන්න එපා. රජයටත් ශික්ෂණ රෝහල් තියන්නේ අතලොස්සයි. ඒ වල ඉඩ තියනවා නම් තවත් රජයේ විශ්වවිද්‍යාල වලට ළමයි අරගන්න පුළුවන්. අන්න ඒක වෙනුවෙන් කෑ ගහන්න. නැතුව බිස්නස් එකක් කරගෙන යන්න රජයෙන් පහසුකම් දෙන්නේ නෑ කියල කෑ ගහන්න එපා.

    මට තේරෙන විදියට ඔයාගේ කවුරු හරි සයිටම් ඉන්නවා. පැත්තකට බර වෙච්ච, පාට කන්නාඩි දාපු කෙනෙක් එක්ක මට තර්ක කරන්න, සංවාද කරන්න බැහැ. ප්‍රතිපලයක් නැහැ. ඔබතුමා මේ දැන් කියන ඒවා පස්සේ පොඩ්ඩක් හරවල කියනවා නෑ මම දන්නා විදියට කිව්වේ කියල. ඉතින් එහෙම අය එක්ක මගේ කාලේ නාස්ති කරන්න මට අවශ්‍ය නැහැ. බොහොම ස්තුතියි.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    එතකොට දැන් මිනිස්සු පෙනී සිටින්න ඕනේ තමන්ට වාසියක් (යන්න පුළුවන්) තියන එකටයි......තමන්ට වාසියක් නැති (යන්න බැරි) එක හරියි කියන එක ඔයාට ප්‍රශ්නයක්?.....ඔහොම පටු විදිහට හිතන එක තමයි අර වචනෙන් කියන්නේ :yes:

    දැන් saitm වහන්න දඟලන කී දෙනෙක් "ප්‍රමිතියෙන් තොර රජරට වෛද්‍ය පීඨය වහා හකුලා ගනිව්" කියල පෙළපාලි ගියාද?:lol:

    නෑ ඔබතුමා තවමත් ඉන්නේ පාට කන්නාඩි දාගෙන. අවසාන වතාවට කියන්නම්, මම කියන්නේ ඔබතුමන්ලා මේ කරන්නේ වාසියක් තියන යන්න පුළුවන් ඒකට ගල් ගහන ගමන් වාසියක් නැති දෙකට තර්ක කරන එක. වාසියක් නැති දේකට තර්ක කරන්න කලින් තමන්ට තියන දේ රක ගන්න ඕන කියලයි මම කියන්නේ. නැතුව අරක වහපන් මේක වහපන් අරු කුහකය, මු කුහකය කියන එක නෙවෙයි වෙන්න ඕන.

    හිතට එකඟව කියන්න ඇයි ඔය කුහකයෝ කියන්නේ කියල? ඇයි ඒ අය කුහකයෝ වෙන්න හේතුවත් අනිත් අය නොවෙන්න හේතුවත්? ඒ අයට විතරක් පිහිටන අමුතු ජානය හොයාගෙන එහෙම තියනවද? කොහොමද කුහකයෝද නැද්ද කියල හොයාගන්නේ?

    මට මේ වැඩ පාඩු කරගෙන මේකෙ කතන්දර ලියනවට මට සත පහක් ලැබෙන්නේ නෑ. මම මේ බලන්නේ අපිට මේ රටෙන් ලැබුන ලොකුම දායාදය මතු පරපුරටත් දෙන්න ඉතුරු කරන එක. නමුත් මේ වීඩියෝවේ වගේ පහත් තර්ක ගෙනල්ල සාමාන්‍ය මිනිස්සුන්ගේ හිතේ නිදහස් අධ්‍යාපනය ගැන වයිරයක් ඇති කරලා ඒකෙ මළගම ගේන්න ගන්න දඟලන එකෙක් හරි අනිත් පැත්තට හැරුනොත් මට ඒ හොඳටම ඇති.
     
    හරියටම හරි.....අපි කතා කරන්නේ වාසිය බලලා නෙවෙයි තමයි :yes: අපිට හරි දේට හරි කියන්න ඒකෙන් වාසියක් තියෙන්න ඕනේ නැහැ

    කුහකයෝ කියන්නේ මචං තමන්ගේ වාසිය ලාබෙ බලලා හරි වැරැද්ද තීරණය කරන මිනිස්සුන්ට....විශේෂයෙන් තමන්ට වාසියක් නැත්තන් අනුන්ටත් ඒක එපා කියල හිතන මිනිස්සුන්ට :yes:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    හරියටම හරි.....අපි කතා කරන්නේ වාසිය බලලා නෙවෙයි තමයි :yes: අපිට හරි දේට හරි කියන්න ඒකෙන් වාසියක් තියෙන්න ඕනේ නැහැ

    කුහකයෝ කියන්නේ මචං තමන්ගේ වාසිය ලාබෙ බලලා හරි වැරැද්ද තීරණය කරන මිනිස්සුන්ට....විශේෂයෙන් තමන්ට වාසියක් නැත්තන් අනුන්ටත් ඒක එපා කියල හිතන මිනිස්සුන්ට :yes:

    මචන්, මම අනුන්ට එපා කියල නැහැ කොහෙවත්. මම කියන්නේ තවත් පවුදග්ලික විශ්වවිද්‍යාල අවශ්‍යයි කියල. නමුත් මම විරුද්ද මේ වීඩියෝ එකේ තියන අන්තර්ගතයට. නිදහස් අධ්‍යාපනේ ට ගරහන එකට. කුහකයෝ කියන්නේ ඔය කියල තියන අර්ථයට කියල මම අද දන්නේ හැබැයි. බොහොම ස්තුතියි. තවදුරටත් කතා කරලා වැඩක් නැහැ.
     
    • Like
    Reactions: SLinKy

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ඔය දැක්කේ නෑ කියල රටේ සංවාදයක් නෑ කියන්නේ කොහොමද කියල මම දන්නේ නෑ. ටොක්කක් ඇනල පෙන්නන වෙනවා. මොකද රටේ වෙන කොටසක් දේවල් දකිනවා කොටසක් දකින්නේ නෑ.

    ඔන්න අධ්‍යාපනේ මුදලට සිමා කරන විදිය,
    සයිටම් එකෙන් අධ්‍යාපනේ ගන්න පුළුවන් රටේ ඉන්න ඉහල පැලැන්තියේ ඉතාම සුළු පිරිසකට විතරයි. නමුත් නිදහස් අධ්‍යාපනය මුදලට සිමා වෙලා නැහැ. එක වසරට ඇතුල් වෙන හැම දරුවාටම අවුරුදු 13 ක් අවසානයේ විශ්වවිද්‍යාල වරම් ලබන්න තියන්නේ එකම අයිතිය, හැකියාව. ඒ අයිතිය මුදලට සිමා වෙලා නැහැ. නමුත් සයිටම් යන්න යන්න එහෙම සීමාවක් තියනවා. ඒ තමයි තමන්ගේ දෙමවුපියන්ගේ වත්කම. අන්න එහෙමයි අධ්‍යාපනය සයිටම් එකෙන් කොටසකට සිමා කරන්නේ සහ නිදහස් අධ්‍යාපනයේ වෙනස. මම කියන්නේ සයිටම් වහන්න කියන එක නෙවෙයි. මේ වගේ දුර්මත වලට එරෙහිව ඉන්න ඕන කියන එකයි. මේ වගේ දුර්මත වලින් වෙන්නේ නිදහස් අධ්‍යාපනය තව තවත් වල පල්ලට යන එක.

    ආචාර්යවරුන්ට තුවක්කු පෙන්නන්න අවශ්‍ය නැහැ, අවශ්‍ය පහසුකම් දුන්නොත් ඒ අය නෑවිත් ඉන්නේ නැහැ. ඒවා රජයේ වගකීම්. රාජ්‍ය විශ්වවිද්‍යාල හැම විටම රජයට සම්බන්ධයි. යම් විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන එක, පවත්වාගෙන යන එක රජයට අයිති දෙයක්. ඒ අතරමැද තියන සියලු වගකීම් රජය මගින් දරනවා. සිලබස් හැදීම, අලුත් පාටමාලා ආරම්භ කරන එක රජය සතු වගකීමක්. ආචාර්යවරුන්ට අවශ්‍ය විදියට පාටමාලා වල අන්තර්ගතය වෙනස් කරන්න බැහැ. ඒ වගේ දේවල් කරන්න රජයේ ක්‍රියා පිළිවෙතක් තියනවා. නමුත් රජය ඒවා ක්‍රියත්මක නොකිරීම තමයි ගැටලුව.

    උඹ කියන කතාව තේරුම් ගන්න පාට කන්නාඩි දාගෙන බැහැ මචන්. අපේ ගොඩක් උන්ට මේක ලංකාව කියන එක අමතක වෙලා. රටේ අනාගතය තීරණය කරන්නේ සල්ලි කොළ වලට කොන්ද නමන දේශපාලකයින් කියන එක අමතක වෙලා.

    :sorry::sorry::sorry::sorry:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මචන්, මට දොස්තරලා කරන දේවල් වලට සහ අන්තරේ හෝ වෙනත් ශිෂ්‍ය කොට්ටාශ කියන දේවල් වලට කිසිම ආකාරයක වග කියන්න බැහැ. නමුත් මේ රටේ කොච්චර දේශපාලන රැලි තියනවද? කොච්චර විගඩම් කරනවද පාරවල් වහගෙන? ඒවාට මීක් කියන්නේ නැති අය තමයි ඔය ආවේස වෙලා වගේ කෑ ගහන්නේ. ඒ මිනිස්සු , ඒ ශිෂයෝ බලන්නේ යම් කිසි අරමුණක් දින ගන්න. ප්‍රයිවට් ඒවගේ ඔය වගේ අරමුණු දිනාගන්න කියල දෙයක් නැහැ. වැඩිපුර මුදල් ගෙවනවා නම් වැඩිපුර පහසුකම් ලැබෙනවා. නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාල වල එහෙම නැහැ. අඩුම තරමේ ටොයිලට් එකක් හදා ගන්නත් නොවන්දිනා වැඳුම් වඳින්න ඕන. දොස්තර වරු විතරක් නෙවෙයි මේ රටේ උද්ගෝෂණය කරන්නේ. පොලිසිය, හමුදාව හැර අනෙත් සියලුම අංශ, ආයතන අතීතයේ යම් වෙලාවක උද්ගෝෂණය කරලා ඇති. උදාහරණයක් විදියට මේ දවස් වල ඔය අනාරක්ෂිත දුම්රිය ගේට්ටු කරුවන් උද්ගෝෂණය කරනවා. ඇයි මිනිස්සු හැප්පිලා මැරෙන්න පුළුවන් නේ ඕන තරම්. ඇයි ඒ ගැන කතා කරන්නේ නැත්තේ? ඒ මිනිස්සුත්ම අඩුම තරමේ 8 පන්තියට වත්ම ඉගෙනගෙන ඇති නේ. ඒ මිනිස්සුන්ට අවුරුදු 8ක් වැය කල බදු ගැන කතා කරන්නේ නෑ නේ? අද වෙනකම් අහල නැහැ දොස්තරලා උද්ගොශනේ කල නිසා ලෙඩ්ඩු මරුන කියල. නමුත් මිනිස්සුනේ හිතේ යම් තරහක් ඇති කරලා තියනවා මෙන්න මේ වගේ වීඩියෝ, පත්තර, රුපවාහිනී, සමාජ වෙබ් අඩවි වලින් වැරදි මත උලුප්පන නිසා. අන්න ඒ වයිරය මතු වෙනවා මේ වගේ අවස්තා වලදී.

    machan mata uba kiyana eka therenawa. habai uni yanne lankawe ma inna hodatama igenna gatthu/ganna mola karuowo tika ne. ehema molakaroyo tikath nikann ara bothal baagetai bath packat ekatai kaa gahana ayage thathweta watunama eka hari naa ne..politician la kiyyyanne kawda kiyala molayak thiyana ona ekek dannawa ne. habai ubalath ohoma karanakota ithn rate anagatyak koheda bung. hamadaama parawal wahe gena guti kaala wathura naala kadulu gas naala. kujeethai ne. anith kattiya picketing karanawa kiyala ubala karana eka sadaranaya karanna ba. ubala hodata deyak therena molayak thiyanna kattiya ne. nikan 2.50 politikko newei ne. meeta wada logical wenna ona. minissu support nathi, minussunta karadarayak wena aragalayakin wadak na ne bung
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඔය දැක්කේ නෑ කියල රටේ සංවාදයක් නෑ කියන්නේ කොහොමද කියල මම දන්නේ නෑ. ටොක්කක් ඇනල පෙන්නන වෙනවා. මොකද රටේ වෙන කොටසක් දේවල් දකිනවා කොටසක් දකින්නේ නෑ.

    ඔන්න අධ්‍යාපනේ මුදලට සිමා කරන විදිය,
    සයිටම් එකෙන් අධ්‍යාපනේ ගන්න පුළුවන් රටේ ඉන්න ඉහල පැලැන්තියේ ඉතාම සුළු පිරිසකට විතරයි. නමුත් නිදහස් අධ්‍යාපනය මුදලට සිමා වෙලා නැහැ. එක වසරට ඇතුල් වෙන හැම දරුවාටම අවුරුදු 13 ක් අවසානයේ විශ්වවිද්‍යාල වරම් ලබන්න තියන්නේ එකම අයිතිය, හැකියාව. ඒ අයිතිය මුදලට සිමා වෙලා නැහැ. නමුත් සයිටම් යන්න යන්න එහෙම සීමාවක් තියනවා. ඒ තමයි තමන්ගේ දෙමවුපියන්ගේ වත්කම. අන්න එහෙමයි අධ්‍යාපනය සයිටම් එකෙන් කොටසකට සිමා කරන්නේ සහ නිදහස් අධ්‍යාපනයේ වෙනස. මම කියන්නේ සයිටම් වහන්න කියන එක නෙවෙයි. මේ වගේ දුර්මත වලට එරෙහිව ඉන්න ඕන කියන එකයි. මේ වගේ දුර්මත වලින් වෙන්නේ නිදහස් අධ්‍යාපනය තව තවත් වල පල්ලට යන එක.

    ආචාර්යවරුන්ට තුවක්කු පෙන්නන්න අවශ්‍ය නැහැ, අවශ්‍ය පහසුකම් දුන්නොත් ඒ අය නෑවිත් ඉන්නේ නැහැ. ඒවා රජයේ වගකීම්. රාජ්‍ය විශ්වවිද්‍යාල හැම විටම රජයට සම්බන්ධයි. යම් විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන එක, පවත්වාගෙන යන එක රජයට අයිති දෙයක්. ඒ අතරමැද තියන සියලු වගකීම් රජය මගින් දරනවා. සිලබස් හැදීම, අලුත් පාටමාලා ආරම්භ කරන එක රජය සතු වගකීමක්. ආචාර්යවරුන්ට අවශ්‍ය විදියට පාටමාලා වල අන්තර්ගතය වෙනස් කරන්න බැහැ. ඒ වගේ දේවල් කරන්න රජයේ ක්‍රියා පිළිවෙතක් තියනවා. නමුත් රජය ඒවා ක්‍රියත්මක නොකිරීම තමයි ගැටලුව.

    මචන්, මම අනුන්ට එපා කියල නැහැ කොහෙවත්. මම කියන්නේ තවත් පවුදග්ලික විශ්වවිද්‍යාල අවශ්‍යයි කියල. නමුත් මම විරුද්ද මේ වීඩියෝ එකේ තියන අන්තර්ගතයට. නිදහස් අධ්‍යාපනේ ට ගරහන එකට. කුහකයෝ කියන්නේ ඔය කියල තියන අර්ථයට කියල මම අද දන්නේ හැබැයි. බොහොම ස්තුතියි. තවදුරටත් කතා කරලා වැඩක් නැහැ.

    uba dan first post eke kiyanwa SAITM eken igena ganna puluwawn ihala palanthiye kotasakata witaharai saha eka mudalata seema wela kiyala. uba aimath kiyanawa private unis ona kiyala. ithn bung private unis wala salli aragena thamai teach karanne. hama welema salli thiyana ekek ta thamai private uni yanna puluwuan. ithn dan salli nathi ewunta private uni yanna ba kiyala salli thiyana ewun pali da ekata? dan salli thiyana ewunta umba kiyanne gedarata wela inna kiyalada govt uni yanna bari wunoth? anith eka mama me salli thiyanawa kiyanne koti pathiyo newei. thamange muli jeewith kaalema hamba karapu de wiyadam karala,idam kadam wikunala thamai bahutharayak demawpiyo lamai private uni yawanne. SAITM eketh ehema thamai.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    machan mata uba kiyana eka therenawa. habai uni yanne lankawe ma inna hodatama igenna gatthu/ganna mola karuowo tika ne. ehema molakaroyo tikath nikann ara bothal baagetai bath packat ekatai kaa gahana ayage thathweta watunama eka hari naa ne..politician la kiyyyanne kawda kiyala molayak thiyana ona ekek dannawa ne. habai ubalath ohoma karanakota ithn rate anagatyak koheda bung. hamadaama parawal wahe gena guti kaala wathura naala kadulu gas naala. kujeethai ne. anith kattiya picketing karanawa kiyala ubala karana eka sadaranaya karanna ba. ubala hodata deyak therena molayak thiyanna kattiya ne. nikan 2.50 politikko newei ne. meeta wada logical wenna ona. minissu support nathi, minussunta karadarayak wena aragalayakin wadak na ne bung

    ඔය උඹල උඹල කියල හඳුන්වන්නේ මොන කොට්ටශයක්ද? මම නම් එහෙම කොටසකට අයිති නැහැ. මම මේ රටේ තව පුද්ගලයෙක් විතරයි. තෙරෙනේවනේද කවුද මේ කොටස වෙන් කරලා කුහකයෝ කරලා පෙන්නනේ කියල? මම දන්නේ නෑ ඇයි මේ වෙනම කොටසක් නිර්මාණය කරගෙන තියන්නේ කියල. මචන්, බෝතලෙටයි බත් පැකට් එකටයි පාර වැහුවත් මොන දේට පාර වැහුවත් මිනිස්සුන්ට වෙන්නේ එකම කරදරේ. අන්තරේ වැඩ මම අනුමත කරන්නේ නැහැ. නමුත් මම හිතන්නේ නැහැ මුලික සගච්චවක් වත් නැතුව කෙලින්ම පාරට බහිනවා කියල අයිතීන් වෙනුවෙන්. ඒ අය බැරිම තැන තමයි මම දන්නා විදියට ඔය වැඩේ කරන්නේ. මම ඒ කරන වැඩ සාධාරණිකරණය කරන්නේ නැහැ. ඔබලාගේ වෙනස තියන්නේ අර පොලිටික්කෝ ඒ වගේ පාර වැහුවම දෙපැත්තට බෙදිලා හුරේ දාන ගමන් මේ ළමයි ටිකක් මොකක් හරි ප්‍රශ්නයක් විසඳගන්න පාරට බැස්සම කුහක ලේබලේ ගහනවා. ඊට පස්සේ කියනවා පොලිටික්කෝ කරන්නේ බෝතලෙටයි බත්පැකට් එකටයි නේ, ඒ නිසා අවුලක් නෑ, එක මේකට සමාන කරන්න බෑ කියල. රට හදන්න නම් මුලින් තමන්ගෙන් පටන්ගන්න. කැම්පස් උන් කුහකයෝ කියන්න කෙස් පැලෙන තර්ක ගෙනත් වැඩක් නැහැ. කැම්පස් යන්නේ උඹල අපි වගේම සාමාන්‍ය කොල්ලෝ කෙල්ලෝ. උන් කැම්පස් ගිය ගමන් උඹල අපි කියක කොටස් දෙකකට කැඩිලා උන්ට කුහකයෝ කිය කිය යනවා නම් බොහොම දුකයි.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    uba dan first post eke kiyanwa SAITM eken igena ganna puluwawn ihala palanthiye kotasakata witaharai saha eka mudalata seema wela kiyala. uba aimath kiyanawa private unis ona kiyala. ithn bung private unis wala salli aragena thamai teach karanne. hama welema salli thiyana ekek ta thamai private uni yanna puluwuan. ithn dan salli nathi ewunta private uni yanna ba kiyala salli thiyana ewun pali da ekata? dan salli thiyana ewunta umba kiyanne gedarata wela inna kiyalada govt uni yanna bari wunoth? anith eka mama me salli thiyanawa kiyanne koti pathiyo newei. thamange muli jeewith kaalema hamba karapu de wiyadam karala,idam kadam wikunala thamai bahutharayak demawpiyo lamai private uni yawanne. SAITM eketh ehema thamai.

    මචන්, කරුණාකරලා මුල ඉඳන් කියවන්න. මම එකටත් මගේ පවුද්ගලික යෝජනාවක් තියනවා. රජයෙන් නය පහසුකම් ලබා දෙන්න පුළුවන් උපාදිය ඉවර කරලා පස්සේ රස්සාවක් කරනකොට ගෙවන්න(මම දන්නා විදියට පිට රටවල මේ දේවල් වෙනවා). එතකොට දෙමවුපියන්ට බරක් නැතුව ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්. අනිත් දේ තමයි පුද්ගලික විශ්වවිද්‍යාල හතු පිපෙන්න වගේ නොදා රජය විසින් ඒවා ක්‍රමානුකුලව අධික්ෂය කරන්න ඕන සහ අදාළ වුර්තිමය කවුන්සල මගින් ඒවායේ තත්වය නිර්ණය කරලා අවසර දෙන්න ඕන.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :rofl:
    තමන් කියපු කතාව ආයෙ කල්පනා කරල බලපන්.

    1. කැම්පස් නොගිය 90% කැම්පස් ගිය උන්ට උගන්නන්න වියදම් කරනවා කියල පිලිගන්න කැමතියි.

    2. කැම්පස් නොගිය 90% රටේ පාලකයො තෝරනව කියල පිලිගන්න අකමැතියි.

    කන්න ඕනෙ උනාම කබරගොයත් තලගොයා වෙනවා කියල සිස්සත්තෙ පාස් ලම‍යිනුත් දන්නව.

    :rofl: ayi campus yana un chande denne nadda?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන්, මම අනුන්ට එපා කියල නැහැ කොහෙවත්. මම කියන්නේ තවත් පවුදග්ලික විශ්වවිද්‍යාල අවශ්‍යයි කියල. නමුත් මම විරුද්ද මේ වීඩියෝ එකේ තියන අන්තර්ගතයට. නිදහස් අධ්‍යාපනේ ට ගරහන එකට. කුහකයෝ කියන්නේ ඔය කියල තියන අර්ථයට කියල මම අද දන්නේ හැබැයි. බොහොම ස්තුතියි. තවදුරටත් කතා කරලා වැඩක් නැහැ.

    සහතික ඇත්ත :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්, කරුණාකරලා මුල ඉඳන් කියවන්න. මම එකටත් මගේ පවුද්ගලික යෝජනාවක් තියනවා. රජයෙන් නය පහසුකම් ලබා දෙන්න පුළුවන් උපාදිය ඉවර කරලා පස්සේ රස්සාවක් කරනකොට ගෙවන්න(මම දන්නා විදියට පිට රටවල මේ දේවල් වෙනවා). එතකොට දෙමවුපියන්ට බරක් නැතුව ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්. අනිත් දේ තමයි පුද්ගලික විශ්වවිද්‍යාල හතු පිපෙන්න වගේ නොදා රජය විසින් ඒවා ක්‍රමානුකුලව අධික්ෂය කරන්න ඕන සහ අදාළ වුර්තිමය කවුන්සල මගින් ඒවායේ තත්වය නිර්ණය කරලා අවසර දෙන්න ඕන.

    වුර්තීය කවුන්සිල් වලට කෙනෙකුගේ අධයාපනය තීරණය කරන්න තියෙන අයිතිය මොකක්ද? වුර්තීය කවුන්සිල් වල අය බලන්නේ වුර්තිය කරන අයගේ තත්වය රැකගන්න එක මිසක අහින්සක ළමයින්ගේ අධයාපනය ලබන්න තියෙන අයිතිය රකින එක නෙමේ. කාගේවත් අධයාපනය ලබන්න තියෙන අයිතියට විරැද්ධ වෙන්න වුර්තීය කවුන්සිල් වලට බෑ.

    සයිටම් එකට විරැද්ධව වචනයක් වත් කියන්න වෛදය සභාවට අයිතියක් නෑ. සයිටම් එකේ කොලිටිය ගැන වචනයක් වත් කතා කරන්නත් වෛදය සභාවට අයිතියක් නෑ. වෛදය සභාවට කරන්න පුලුවන් එකම දේ ACT16 විභාගයට පෙනී ඉන්න සයිටම් එකේ ළමයින්ට ඉඩ දෙන එක. සායනික පුහුණුව ගන්න සයිටම් එකේ ළමයින්ට ඉඩ දෙන එක.
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    SITAM gana witharai mn me kiyanne. Ochara oya Anathare un kiyawa kiyawa inna wele Rajayen Illapanko SITAM ekata University eke dena Exam ekama denna kiyala. okkotama ekama thana dala liywanna kiyapanko. Mokkada dan kattiya kagahanne hora docotors la enawa kiyalane mukuth dannathi. oya wibagen pass wenne sitam da campus da na hama ekatama Training eka denawa. Iwarai ne. Pass wenne Igana gaththa un ne.

    Oka kiyanne nathe ai, Oya anthara pakayanta one Doctor kenek wela Vahana permit aragena padi madi arawa madi kiya kiya strik kara kara Private hospital walin hamba kara kara inna. Okata kiyapan kuhaka Anthare kiyala. Boru Sobana wada. hati balapan ara kettu huthage, okata kiyan mulin doctor kenek gawata gihin mahath wenna pethak illagana kiyala. nathan oka kalanthe dala watenawa manusayekke aga kapanakotama. oya kettu huthtawa thiyapan SITAM eke bestma lamayath ekka vibageta. oka best ma eka wenathine campus eke ochara duke kiyawanne. okata Pandol pethen mokaddaa kiyalawath danathuwa athi mata sure.
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    ආංඩුවේ පිං විශ්ව විද්‍යාල වලින් විතරයි ඩිග්‍රි දෙන්නෙ ඕනේ කියල හිතන අය, වෛද්‍ය උපාදියට විතරක් අමුතු දේවත්වයක් තියෙනවා කියලා හිතං ඉන්න අය, කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමියෙං දැනටමත් සල්ලි අරං වෛද්‍ය උපාදිය දෙනවා කියල නොදන්න අය මේක කියවන්න. කියවලා 19 වනි ශතවර්ශය අතඇරල වර්තමානයට එන්න.

    මාරපුත්‍රයන් සහ අපතයන් සමග ඔබ වේද අප විද්‍යා..? රාගම වෛද්‍ය විද්‍යාලයේ සිට මාලබේ දක්වා තනි ඇහැට ඇඬෙන ඇත්ත කතාව

    Link
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    වුර්තීය කවුන්සිල් වලට කෙනෙකුගේ අධයාපනය තීරණය කරන්න තියෙන අයිතිය මොකක්ද? වුර්තීය කවුන්සිල් වල අය බලන්නේ වුර්තිය කරන අයගේ තත්වය රැකගන්න එක මිසක අහින්සක ළමයින්ගේ අධයාපනය ලබන්න තියෙන අයිතිය රකින එක නෙමේ. කාගේවත් අධයාපනය ලබන්න තියෙන අයිතියට විරැද්ධ වෙන්න වුර්තීය කවුන්සිල් වලට බෑ.

    සයිටම් එකට විරැද්ධව වචනයක් වත් කියන්න වෛදය සභාවට අයිතියක් නෑ. සයිටම් එකේ කොලිටිය ගැන වචනයක් වත් කතා කරන්නත් වෛදය සභාවට අයිතියක් නෑ. වෛදය සභාවට කරන්න පුලුවන් එකම දේ ACT16 විභාගයට පෙනී ඉන්න සයිටම් එකේ ළමයින්ට ඉඩ දෙන එක. සායනික පුහුණුව ගන්න සයිටම් එකේ ළමයින්ට ඉඩ දෙන එක.

    ඔය ලස්සනට ලිස්සල ගියේ? හේ හේ. ඔය හෙනට ඔය සයිටම් අරව මේවා ගැන දන්නවා නේද? හැබැයි රජයේ විශ්ව විද්‍යාල ගැන නම් ගානක්වත් නෑ නේද? අනේ මහත්තයෝ. ඔයා හරි. අයිතියක් නැතිලු නීතියක් නැතිලු. ඔබතුමා මේ ගැන හොඳටම අධ්‍යනය කරලා කියල පේනවා. නමුත් ඔබ දන්නේ නෑ නේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල වෙන්නේ මොනවද කියල? හරිම පුදුමයි? ඔයා ලංකාවේද ඉන්නේ? දැනගන්න උවමනාවකුත් නෑ නේද? ඕකුන් කොහොම හරි කැට හොල්ලල ඕව හදාගන්නේ නැත. අපි යන්නේ සයිටම් නේ.? අහිංසක ළමයි තව කී දාහක් ඉන්නවද කියල දන්නවද කැම්පස් එකක් නැතුව? අහිංසක ළමයි කියන්නේ ලක්ෂ 120 ක උපාදියක් කරන්න වලි කන උන් නෙවෙයි. අර හද්දා පිටිසර ගම වල හරියට පොතක් පතක් නැතුව සපත්තු නැතුව අමාරුවෙන් ඉගෙන ගන්න වලිකන අසරණ ළමයින්ට. ඔය සල්ලි විසික්ක කරන මහත්තුරු දන්නවා උන්ටත් ඒ ළමයින්ටත් කැම්පස් යන්න තියන චාන්ස් එක එකයි කියල. අන්න ඒ කොල්ලෝ කෙල්ලොන්ට කැම්පස් යන්න පුළුවන් චාන්ස් එක නැති කරන්නේ නැතුව ඕන නාඩගමක් නැතුවට මට කමක් නැහැ. මොකද මම දන්නවා මම මේ තත්වේ ඉන්නේ නිදහස් අධ්‍යාපනේ නිසයි කියල. ඒකෙ වටිනාකම දන්නවා. පුළුවන් නම් ඔය සයිටම් වෙනුවෙන් කෙස් පැලෙන තර්ක නවත්තල උන් වෙනුවෙන් කතා කරන්න. කැම්පස් යන උන්ම විතරක් නෙවෙයි ඒක කරන්න ඕන, අපි උඹල වගේ අවුරුදු 13 ක් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු එව්වොත් ඒකට අදාලයි. කැට හොල්ලල කරගනිල්ල වගේ අදහස් උඹට කොහෙන් ආවද දන්නේ නෑ. උන් ඉගනගෙන ඉගනගෙන අන්තිමට කැට හොල්ලල කැම්පස් ඒකට දෙයක් ඉතුරු කරලා යන අතරේ සයිටම් යන එවුන් දෙමවුපියන්ගේ කැටේ කඩල වැඩේ කරගනියි.

    අනිත් දේ තමයි මම දාන කෑල්ලකට විතරක් තර්ක කරන්න එපා. ඔය කෑලි කෑලි හල හල බොරුවට ලිස්සල යනවා. දැන් මේ මෙඩිකල් කවුන්සිලයක නීති ගැන කියනවා. මචන් මම දොස්තර කෙනෙක්වත් දොස්තර කෙනෙක් වෙන්න ඉන්න එකෙක්වත් නෙවෙයි. මට ඒක අදාළ නැහැ. මගේ වුර්තියව ඕක ගෑවිලත් නැහැ. මම කතා කරන්නේ මේ වීඩියෝ එකේ තියන අන්තර්ගතය ගැන. එකෙන් පිට යන්න අවශ්‍ය නැහැ.