ඕක ජන ප්‍රවාදයක් ඇසුරෙන් දාපු නමක්.හෙරලි... කියන්නෙ කොස්වලටද ? හ්ම්..අදයි දැන ගත්තෙ ඇත්තටම...
ඒකතරා කාලයක මහා දුර්භික්ෂයක් ඇතිවලා තියෙනවා ලංකාවේ කොහෝදෝ මන්දා පැත්තක. ඉතින් මේක නිස මිනිසුන් අධික කුසගින්නේ ඉදලා තිබෙනවා. එම කාලයේදී ඔය කොස් කියන ජාතිය මිනිසුන් කාලා නෑ. විසයි කියලා හිතලා. ප්‍රදේශයේ කොස් හරියට තිබිලත් ඇයි මේ මිනිසුන් සාගින්නේ ඉන්නේ යැයි කල්පනා කල සක්‍රයා හිගන මනුෂ්‍යය වේශයෙන් පොළවට බැහලා.
එක ගෙදරකට ගිහිල්ලා තියෙනවා කෑම ඉල්ලගෙන. ඒ ගෙදර ඉදලා තියෙනවා වයසක් ගෑණු කෙනෙක්. පස්සේ මේ ගැණු කෙනා කියලා තියෙනවා අපිටවත් කන්න නැති එකේ අපිට ඔහේට කොහොමද කෑම දෙන්නේ කියලා. ඒ පාර මේ වෙස්ගත්ත සක්‍රයා ඈත තියෙන කොස් ගසක් පෙන්වලා අහලා තියෙනවා මට අරවයින් එක්ක හදලා දෙන්න පුලුවන්ද කියලා. ඉතින් මිනිසුන්ගේ තිබ්බ විශ්වාසයන්ට අනුව කොස් කියන්නේ විෂ වර්ගයක් කියලා මම කලින් කිව්වනේ. ඒ මතයම දරපු මේ වයසක මනුෂ්‍යයා ගත් කටටම කියලා තියෙනවා. අපෝ ඕවා දීලා මට ඕහේව මරන්න ඕනේ නෑ කියලා. ඒත් බලවත් පෙරෙත්තය හමුවේ අන්තීමේදි කොස් ගෙඩියක් මෙම වයසක මනුෂ්‍යයාට උයන්න වෙලාතියෙනවා . ටික වෙලාවක් යද්දී දැනුනු සුවද නිසාත්. සාගින්නේ හිටපු නිසාත් මෙයාට හිතිලා තියෙනවා පලුවක් කලා බලන්න. ඕක දැකපු සක්‍රයා හෙර මගේ අහාරය අනුභව කරන්නේ ඇයි කියා අතුරුදහන් වෙලා තියෙනව.කාන්තාවට සිංහලෙන් කියන්නේ ලිය කියලා. පස්සේ මෙම හෙර සහ ලිය එකට එකතු වෙලා හෙරලි වචනය හැදිලා තියෙනවා.
මාර සසයි නේද 





