උඹල අපි දන්න - ජීවිත විනාශ වන- Toxic මිථ්‍යා මත

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    Follow your Passion

    ලොකුම මිත්‍යා මතයක්.

    තව Be yourself
    the office agree GIF by EditingAndLayout
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113
    ටෙක් කරපු පලවෙනි බැච් එක.

    ඒ කාලෙ ඇත්තටම එච්චර දුර හිතන්න තරම් දැනුමක් අවබෝධයක් තිබ්බෙ නෑ. තනි තීරණයක් ගන්නත් බැරි කාලෙ නෙ.

    වටපිටාව බලද්දි පේන්නෙ ඩිග්‍රි පස්සෙ නොයා එක්ස්පීරියන්ස් එක පස්සෙ ගියපු අය අද තැනක ඉන්නව කියල. එක එකාගෙ පුද්ගලික හැකියාව නොහැකියාවත් බලපානව ඔතනදි. දැන් රටේ තත්වෙ එක්ක වෙනසක් කරන්නත් බයයි අල්ලපු පයගහපු අතු දෙකම නැතිවෙයි කියලා. මට ජීවත්වෙන්න හොඳටම ඇති මේ ටික. හැබැයි හැමදාම මෙහෙම ඉන්න බෑනෙ, පිලිවෙලක් වෙන්න එපැයි.
    උබට මචන් ටෙක් වලින් ඩිග්‍රි එකක් කරලත් තැනක් හදාගන්න බෑ කියන්නෙ උබේ නොහැකියාව කියල තමයි මට කියන්න වෙන්නෙ. මොකද ලමයි ටෙක්නිකල් කොලේජ් වලට ගිහිනුත් ජොබ් වලට යනව. උබට ඩිග්‍රි එකක් තියෙනව. ඒකෙ යම් අඩු පාඩු තියෙනවනන් තව කෝස් මොනා හරි කරල හරි ජොබ් එකකට යන්න බැරි වෙන්න නන් බෑ. සයන්ස් කරල ගන්න ඩිග්‍රි තරන් ලේසියෙන් ජොබ් වලට යන්න බැරි බව ඇත්ත වෙන්න පුලුවන්. ඒත් කිසි ජොබ් එකක් නැතුව ඉන්න නන් වෙන්න බෑ,
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    බටහිර රටවල මේ ගැන දන්න විද්වත් අය කියනව ලගදිම මේ white collar job supremacy එක කඩන් වැටිල job market එක සම්පූර්ණයෙන් වෙනස් වෙයි කියල.

    AI දියුණු වෙලා Artificial General Intelligence එකක් ආපු කාලෙකනම් අනිවාර්යෙන් ඕක වේවි. මොලේ පාවිච්චි කරලා කරන වැඩ ඔක්කොම මිනිස්සුන්ට වඩා හොඳට AI වලින් කරයි. එතකොට ඉතුරු වෙන්නේ ඇඟ වෙහෙසලා කරන වැඩ තමයි.
     
    • Sad
    Reactions: Sasindu Nimsara

    Sasa Silva

    Junior member
  • Jan 29, 2023
    45
    51
    18
    23
    Panadura
    ආර්ට් කරලා ලක්ශ ගනන් පඩි ඕන කියන උනුත් ඉන්නවනේ මේකේ🤣.උන් හිතන් ඉන්නේ ආර්ට් කරන උන්ටත් අනිත් සබ්ජෙක්ට් කරන උන්ට වගේ ගෙවන්න ඕන කියලා.මුන් ඒකටත් කියන්නේ රටේ වැරද්දලු😆.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,223
    113
    AI දියුණු වෙලා Artificial General Intelligence එකක් ආපු කාලෙකනම් අනිවාර්යෙන් ඕක වේවි. මොලේ පාවිච්චි කරලා කරන වැඩ ඔක්කොම මිනිස්සුන්ට වඩා හොඳට AI වලින් කරයි. එතකොට ඉතුරු වෙන්නේ ඇඟ වෙහෙසලා කරන වැඩ තමයි.
    Never. AI හදන්නෙ කවුද. Bug fix කරන්නෙ කවුද. Maintenance කවුද. R&D ත් තියනව
     
    • Like
    Reactions: Sasindu Nimsara

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Never. AI හදන්නෙ කවුද. Bug fix කරන්නෙ කවුද. Maintenance කවුද. R&D ත් තියනව

    AGI වලට self improve වෙන්න පුලුවන් කියන හින්දා එහෙම හිතුනේ. AGI තාම concept එකක් විතරක් නිසා ඇත්තටම කොහොම වෙයිද දැන්නේ නෑ ඉතින්.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ටෙක් කරපු පලවෙනි බැච් එක.

    ඒ කාලෙ ඇත්තටම එච්චර දුර හිතන්න තරම් දැනුමක් අවබෝධයක් තිබ්බෙ නෑ. තනි තීරණයක් ගන්නත් බැරි කාලෙ නෙ.

    වටපිටාව බලද්දි පේන්නෙ ඩිග්‍රි පස්සෙ නොයා එක්ස්පීරියන්ස් එක පස්සෙ ගියපු අය අද තැනක ඉන්නව කියල. එක එකාගෙ පුද්ගලික හැකියාව නොහැකියාවත් බලපානව ඔතනදි. දැන් රටේ තත්වෙ එක්ක වෙනසක් කරන්නත් බයයි අල්ලපු පයගහපු අතු දෙකම නැතිවෙයි කියලා. මට ජීවත්වෙන්න හොඳටම ඇති මේ ටික. හැබැයි හැමදාම මෙහෙම ඉන්න බෑනෙ, පිලිවෙලක් වෙන්න එපැයි.
    මාත් ටෙක් පළවෙනි බැච් එකේ. මං නම් සැහෙන ආසාවෙන් වැඩ කලේ. ඒක නිසාම ඩිග්‍රි එකේ අන්තිම සෙම් වෙනකොට මට ලංකාවේ ලොකු කම්පැනි එකක permanent position එකක් සෙට් වෙලා තිබ්බා.

    මට පේන්නේ උඹ ඕක කැමැත්තෙන් නොකරපු නිසා තමයි ඔතන කේස් එක වෙලා තියෙන්නේ. මං දන්න ටෙක් first batch campus යන්න බැරි උන එවුන්ටත් දැන් ජොබ් තියනවා.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,223
    113
    AGI වලට self improve වෙන්න පුලුවන් කියන හින්දා එහෙම හිතුනේ. AGI තාම එකක් concept විතරක් නිසා ඇත්තටම කොහොම වෙයිද දැන්නේ නෑ ඉතින්.
    5nm Limit එකටම Silicon chip එක ඇවිත් තියෙන්නෙ. AI තව දියුණු වෙන්න Quantum Computing දියුණු වෙන්න වෙයි. ලගදි වෙන පාටක් නෑ
     

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    හදහන් බැලීම

    රාහු කාලෙ බැලීම

    මිනිහෙක්/ගෑනියෙක් කසාද බඳින්න ඕනමයි කියන එක

    ජීවිත කාලයම ලිංගික කටයුතු සඳහා එක් අයෙක්ව පමණක් තෝරාගත යුතු බව

    බැන්දනම් ළමයි හදන්න ඕනමයි කියන එක

    ආගමික වීම

    නීතිය සැම විටම නිවැරදි බව සිතීම
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    සිංහල ජාතිය බේරගන්න සිංහල එවුන් ළමයි ගොඩක් හදන්න ඕන කියන එක.
    අනිවා. මොලේ නැති උන් 100ක් හැදුවත් සිංහල ජාතිය බේරගන්න බැහැ..මොලේ තියන උන් 1ක් හිටියා නම් ඇති.
    ඉස්සර කාලේ ළමයි 10-12 හදලා උන්ට උගන්වන්නේ නැතුව අතරල දාපු එකේ ප්‍රතිඵල තාමත් තියනවා

    මේ ලඟක් වෙනකන් හිතන් හිටියෙ සියදිවි හානි කරගැනීම ආනන්තරිය පාප කර්මයක් කියල. දැන් ඒ බය නෑ
    සියදිවි නසාගන්න කොට තමුන් මැරෙන්නේ තමුන් ගැන වෛරයකින් සහ දුකකින්. එක නිසා මිනිස් භවයක් ලබා ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්.

    මොනවා කලත් කර්මය වෙනස් කරන්න බැහැ කියන එක
    25% ක් විතර තමයි වෙනස් කරන්න පුළුවන්.
    දැන් ලෝකෙ බැලුවොත් blue collar jobs වල සැලරි වැඩියි white collar job වලට වඩා. බටහිර රටවල මේ ගැන දන්න විද්වත් අය කියනව ලගදිම මේ white collar job supremacy එක කඩන් වැටිල job market එක සම්පූර්ණයෙන් වෙනස් වෙයි කියල.
    ------ Post added on Feb 2, 2023 at 11:34 AM
    මේක වෙන්න තියන ඉඩකඩ අඩුයි නේද? Truck driver ගත්තොත් අනාගතයේ Ai trucks නිසා මුළු driving job ඔක්කෝටම කෙල වෙන්න පුළුවන්.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    5nm Limit එකටම Silicon chip එක ඇවිත් තියෙන්නෙ. AI තව දියුණු වෙන්න Quantum Computing දියුණු වෙන්න වෙයි. ලගදි වෙන පාටක් නෑ

    AI ඉගෙනගන්නත් ආසාවක් තියෙනවා මේ දවස්වල ASP.NET Core කරන ගමන් ඉන්නේ
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,780
    2,802
    113
    ජොබ් නැතිකම නෙමෙයි ප්‍රශ්නෙ, ඊට වියදම් කරපු කාලෙට හරියන්න වැඩක් වුනාද කියන එකයි.
    degree ekak kiyanne investment ekak. api time and effort eka invest karanawa for a later benefit. samahara minissu e time eke jobs walata gihin 25 years weddi stable wei. but degree karana kena life eka start karanne 25 di. but 30 or 35 weddi e ayata wada samaharawita oyata dewal achieve karagnna puluwan wei.
    medicine ehema karala Consultant wena kenek stable wenne aurudu 40 di withara. But eta passe eyalata rapidly dewal achieve karaganna puluwan.
    eka eka minissunge timelines wenas ithin. othana thiyenne thaman karana de asawen karanawada nedda kiyana eka thamai.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,370
    113
    මෙන්න මම ඉස්සර ඉදන් අහපු ටොක්සික් මිථ්‍යා මත . පුලුවන් තරම් අපේ වැඩිහි‌ටියෝ ඒ් කාලේ කිව්වේ
    පුලුවන් තරම් ඉගෙන ගෙන කැම්පස් ගීහන් ආණ්ඩුවේ ජොබ් ඒකක් අරගනින්

    මම ඒ් ලෙවල් ලොකුවට පාස් වුනේ නැහැ. ඉතින් රැල්ලට AAT ක්ලාස් ගියා. මට තේරුනා ඒ මගුල මට හරියන්නේ නැහැ කියලා
    ඒ්ත් ගෙදරින් බල කිරිල්ලට ගියා. . පස්සේ මම මට ඔන දේ හොයාගන ඉගෙනගත්තා . ඊට පස්සේ ආණ්ඩුවේ ජොබ් ඒකට සෙට් වුනා
    ඒ්ත් ගියාම තමයි තේරුනේ, ඒ් ගන්න පඩිය ලෙව කන්නවත් මදි කියලා. ඇතුලේ ඉන්න උන් ගේ මනස හැදිලා තිබ්බේ අමුතුම
    විදියට . උන් හැමෝම කිව්වේ .මචං අපි නිතරම ගන්න පඩියට අනුව ජීවත් වෙන්න ඔන කියලා, මනස හදාගත්තේ ඒහෙම
    ඒ්කියන්නේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඔන කියලා..අම්මෝ ! මගේ හිත ඇතුලේ ඉන්න යකා . කියනන ගත්තා උඹ නම් කවදාවත්
    ඒහෙම වෙන්න ඒපා කියලා.. ඉතින් මම අවුරුදු 4 ක් මගේ ජීවිතේ ආණ්ඩුවේ පැන්ෂන් හීණයට කැප කලා. රු 30.000 පඩිය
    හැබැයි ඒ් කාලේ මේ වගේ ඉන්ෆ්ලේෂන් නැහැ.. පවුල් පන්සල් වුන් නැති නිසා ගොඩක් ඉතුරැත් කලා .

    මගේ නෑදෑ අයිය කනෙක් කැම්පස් ගියා. මිනිහා කැම්පස් ගිහින් අවුරුදු ගාණක් ඉගෙන ගන අවුට් වෙලා ..දැන් ඒකවුන්ටන්ට් කෙනෙක් විදියිට
    වැඩ .

    මමත් දැන් ආණ්ඩුවේ ජොබ් ඒකට පයින් ගහලා.. ජීවිතේ වෙනස් කරලා .. දැන් අයිටී ජොබක් කරනවා..වැඩ වැඩි..ඒ්ත් මම
    සැටිස්. මගේ ජීවිත ගමනෙදී

    ටෙක්සික් දේවල් මිථ්‍යා මත සෑහෙන විශ්වාස කරන්න ඒපා..

    උඹලා අහපු ටොාක්සික් මිථ්‍යා මත දැන් අවදි කරන්න...



    (ටොක්සික් කියන්නේ මනස අවුල් කරන යන තේරැම)

    Real Deyyoh! :love2: :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113
    මේක වෙන්න තියන ඉඩකඩ අඩුයි නේද? Truck driver ගත්තොත් අනාගතයේ Ai trucks නිසා මුළු driving job ඔක්කෝටම කෙල වෙන්න පුළුවන්.
    ‍මුලින්ම නැති වෙන්නෙ ඔෆිස් ජොබ් බන්. ඒවා තමා ලේසියෙන්ම AI එකකට කරන්න පුලුවන්. Truck එකක් එහෙම drive කරන එක කාර් එකක් වගේ නෙමේ. තව AI එකකට තනිකර වෙල්ඩින් කිරිල්ලක් එහෙම කරන්න අමාරුයි. කොච්චර automated factory එකක උනත් ඒ වගේ වැඩ මිනිස්සුම කරන්නෙ ඒකයි. ඔෆිස් ජොබ් නැති වෙලා අන්තිමට තමා මහන්සි වෙලා කරන ජොබ් නැති වෙන්නෙ.

    AI දියුණු වෙලා Artificial General Intelligence එකක් ආපු කාලෙකනම් අනිවාර්යෙන් ඕක වේවි. මොලේ පාවිච්චි කරලා කරන වැඩ ඔක්කොම මිනිස්සුන්ට වඩා හොඳට AI වලින් කරයි. එතකොට ඉතුරු වෙන්නේ ඇඟ වෙහෙසලා කරන වැඩ තමයි.
    Yes
    AI ආවෙ නැතත් දැනටම බන් සැලරි වැඩියි blue collar job වල හොයල බලපන්කො. ඔය දැන් ලංකාවෙන් underwater welders ලා එහෙම ජපානෙට ගන්නව ලේසියෙන්ම. සෑහෙන ලොකු සැලරි හම්බෙනව.

    ------ Post added on Feb 2, 2023 at 10:30 PM
     
    • Like
    Reactions: scorpion MW

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    තව තියන ටොක්සික් මතයක් තමා රට විකුනනෝ කියල කෑගහන සීන් එක. අද රට හිගන තැනට එන්න ලොකු හේතුවක් ඒක.

    වෙනත් රටවල් බැලුවොත් පේනව විදේශ සමාගම් ඇවිත් ආයෝජනය කරල තියනව ඒවගෙ දියුණුවට කෙලින්ම බලපාන්න. එහෙම වෙන්නම ඔනෙ. හොදම උදාහරණය බංගලියො. උන් සෑහෙන්න ලංකාවට එන්න තිබුන ප්‍රොජෙක්ට් අල්ලගත්ත. අද උන් ලංකාවටත් ණය දෙනව. අනික තමා චීනෙ. උන්ගෙ රටේ ඇපල් පැපොල් හැම එකාම ආයෝජනය කරල තියෙන්නෙ. අම්මෝ මෙන්න විකුනනෝ කියල කෑගැහුව නම් තාම ඔය රටවල් මඩගොඩවල්.