එක් ආත්මයක අගුටු මිටි පුද්ගලයෙකුව ඉපදී සිටි අපේ බෝසතුන් |

dilann

Well-known member
  • Jul 6, 2018
    53,586
    136,702
    113
    එකමත් එක රටක
    ඒ ඇහැරෙනකොටනෙ එහෙමත් නැතිනම් ප්‍රතික්‍රියා දක්වන විටකදිනෙ. මම කිව්වෙ ඒක නෙමෙයිනෙ. මම කිව්වෙ නින්ද ගැන.

    ආන්න ඒ නින්දෙදි ශරීරය කරන ක්‍රියා (අතපය සෙලවීම්/වෙනත් කායික කොටස් සෙලවීම්) පිලිබදව ඩිලාන් දැනුවත්ද? ඩිලාන්ට අවශ්‍ය විදිහට හිතලා ද ඒවා සකස් කරන්නෙ ? නින්ද ගිය කාලය තුල සිදුවුන සියලුම කායික ක්‍රියා පිළිබඳව ඩිලාන් දැනුවත්ද?
    අවශ්‍ය විදියට හිතල සකස් කරගන්න පුලුවන් සමහර දේවල්..
    නින්දෙන් හීනෙ ඇතුලේ හීනෙන් එලියට යන්න ට්‍රයි කරනවා ඕන තරම්...අවශ්‍ය විදියට හිතිලා සකස් වෙන්ව.
    මම ඕක මේකේ කියලා තියනව අමුතු දෙයක්ද බලන්න. එතකොට ඒ වගේවුන උන් මේකෙත් හිටිය. search කරල බලපුවම එහෙම හීන තියනව.
    හිනේදී අපි මේක හීනයක් කොහොමද මේකෙන් දැන් එලියට එන්නේ කියලා තීරණ ගන්නවා. ඔයාට වෙලා තියනව ද දන්නේ නෑ .. සමහර වෙලාවට එහෙම නැගිටලා ආයිත් හිරවෙන්නේ තව හිනයක .

    නින්දෙන් නගින්නේ නැද්ද ?? ආශාව කියලා දෙයක් තියනව නිදාගත්තත්. .
    පින පව කියලා අපි ඔලුවෙන් හදාගත්ත සංකල්ප ටිකත් තියනව. හීනයකදී අපි හිතුන හිතුන දේ කරන්නේ නෑ නේ. දකින දකින එක්ව මරන්නේ නෑ . ඒ අපි ඔලුවෙන් හදාගත්ත දේවල් වැඩ මොකද්ද වැරදි මොකද්ද හරි කියනදේවල්.

    නින්දේ ඉන්න එකෙක්ට අපි කතා කරාම ඇහැරෙන්නේ ශබ්දය දැනෙන නිසා. ඇහැරුනාම නෙවෙයි සංවේදන දනේනෙන් .
    නිදාගත්තම ඇස් නම් වැහිලා නිසා අපි ඉස්සරහින් මොකක් තිබ්බත් පෙන්නේ නෑ . අනිත් ඉන්ද්‍රිය ටික නම් යම් ප්‍රමාණයකට වැඩ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,238
    3,753

    මේ එකක්වත් නින්ද නෙමෙයිනෙ. මේ තියෙන්නෙ හීන පෙනෙන අවස්ථාව, නින්දෙන් ඇහැරෙන අවස්ථාව කියන දෙකනෙ. මම කතාකලේ නින්ද කියන කේවල අවස්ථාව ගැනනෙ.
     
    • Like
    Reactions: Samaposha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    53,586
    136,702
    113
    එකමත් එක රටක
    මේ එකක්වත් නින්ද නෙමෙයිනෙ. මේ තියෙන්නෙ හීන පෙනෙන අවස්ථාව, නින්දෙන් ඇහැරෙන අවස්ථාව කියන දෙකනෙ. මම කතාකලේ නින්ද කියන කේවල අවස්ථාව ගැනනෙ.
    නිදාගෙන ඉන්න එකෙක්ට කතාකරාම ඇහෙන්නේ හීනෙන් නෙවෙයි. නින්දේ ඉද්දි තමයි ඇහෙන්නේ. ඇහැරෙන්නේ ශබ්දය ඇහුන නිසා මිසක් ඇහැරුනා නිසා ශබ්දය ඇහුන නෙවෙයි. නින්දෙන් ඉද්දි ඉන්ද්‍රිය ටික යම්තාක් දුරකට වැඩ අස් දෙකට ඉස්සරහින් තියන රූප පෙනුනේ නැති උනාට.
    නිදාගෙන ඉන්න එකෙක්ට අතගාද්දී නිකන් ඉදල කඩියෙක් කද්දී අත අහකට ගන්නේ නැගිටලා නෙවෙයි, හීනෙනුත් නෙවෙයි.. නින්දෙන්ම තමයි .
     
    • Like
    Reactions: dayt0na

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,335
    1,431
    113
    එකඟයි. මම දැනට කියවලා තියන විදිහට මෙන්න මේ කාරණයෙදි මහායාන ශූන්‍යතාවයයි ථේරවාද ශූන්‍යතාවයයි වෙනස් වෙනව. මහායානයෙදි, විශේෂයෙන්ම "සාම්ප්‍රදායික" තාර්කික ශූන්‍යතාවය, අත්‍යන්ත ශුන්‍යතාවයක්. නමුත් ථේරවාදයේදී ඒක අත්‍යන්ත ශූන්‍යතාවයක් නෙමෙයි. එහිදී කය සහ ජීවිතය පැවැත්ම නිසා හටගන්න දරතය ඉතිරිවෙන බව සඳහන් කරනවා.

    නමුත් "මම වෙමි" හෝ "වෙමි" කියන සංකල්ප දෙකම ශූන්‍ය නිසා දුක හේතුකොටගෙන "පෙලෙන්නෙක්, දුකට පත්වන්නෙක්" ගැන අදහසක් ඒ අයට ඇතිවන්නෙ නැහැ. උදාහරණයක් කීවොත් වාහනයක චෙක් එන්ජින් ලයිට් පත්තු උනාට වාහනයට "අනේ මම දුකට පත්වෙලා" කියලා හැඟීමක් නැහැ. එයින් වාහනය යහපත්ව ක්‍රියාකාරී වෙන්නට අපහසු, මිකැනිකල් හෝ ඉලෙක්ට්‍රිකල් දෝෂයක් ඇතිවී ඇතිබව පමණක් ප්‍රකාශ වෙනවා. චෙක් එන්ජින් ලයිට් එක තැඹිලි පාටින් රතුපාටට හැරීම ඉමිනන්ට් සිස්ටම් ෆේලියර් එකක් අඟවනවා. එවිට වාහනය නවතා එහි භෞතික දෝෂ නිරාකරණය කල යුතුයි.

    දුක් විඳින කෙනෙක් ගැන හැඟීමක් නැවත ඇති නොවන ලෙස නැතිවෙලා නම්, දුකින් පෙලෙන්නෙක් කෙසේ පනවන්න ද ?

    මේක තමයි පොයින්ට් එක...

    "අත්‍යන්ත ශුන්‍යතාවයක්" කියන්නෙ මොකක්ද?

    හරි බන් . හිත හදාගන්න පුලුවන්. අපි ඉවසනවා කියලා කරන්නෙත් එක් නේ. එකට රහත් වෙන්නම ඕන නෑ .
    අපිට කොන්දේ අමාරුවක් ආවම , මහන්සියක් ආවම එක්කෝ ඉවසගෙන වැඩ කරනවා. නැත්නම් මහන්සිය , රිදිල්ල යනකන් ඉන්නව.

    ඔය වේදනාව මනසින් ගලවන්න බෑ . ස්පර්ශය වේදනාවක් වෙන්නෙම අපි ඒක මනසින් අල්ලගන්න විදියට.
    සප්ර්ශය සැපක් වෙන්නේ අපි මනසින් අල්ලගන්න විදියට.
    කොන්දේ අමාරුවට විවේක ගන්නේ, ගමන් මහන්සියට ගිමන් අරින්නේ ශරීරයට දැනෙන දේ අපහසු දෙයක් විදියට මනසින් අල්ලගත්ත නිසා තමයි . එක නැති වෙන්නේ නෑ .
    ඉවසන්න , උපේක්ෂාවෙන් ඒක දිහා බලන්න පුලුවන්. හැබැයි ඒ දැනීම එහෙමමයි.

    මානසික දුක, ඇවිල්ල ඒක ඉවසන එක එකක්...මානසික දුක එන්නෙ නැති එක තව එකක්...මම කියන්නෙ ඊට අදාලව ශාරිරික දුක නෙවේ..

    ඈ.. වර්ථමානයේ මෙහෙම අය ජීවත් වෙනවද ?

    එක නම් දන්නෙ නැ. හැබයි සමාපත්ත්ය නැති උනත්, මම අහල තියෙනව, මනසින් ශරිර වේදනාවේ දැනීම නැති කරන්න පුලුවන් අය ඉන්නව කියල...අපිට උනත් බලපන්කො, කකුල රිදෙනවනම්, පොඩ්ඩක් වෙන දෙයක් ගැන ෆෝකස් එකෙන් හිටියොත්, අර වේදනවේ දැනිම අඩු වෙනවනෙ...ඉතින් හිතපන්, කෙනෙකුට මයින්ඩ් එක හොදට කොන්ට්‍රොල් කරන්න පුලුවන් නම්, බැරි වෙන්න විදිහක් නැ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,238
    3,753
    113
    නිදාගෙන ඉන්න එකෙක්ට කතාකරාම ඇහෙන්නේ හීනෙන් නෙවෙයි. නින්දේ ඉද්දි තමයි ඇහෙන්නේ. ඇහැරෙන්නේ ශබ්දය ඇහුන නිසා මිසක් ඇහැරුනා නිසා ශබ්දය ඇහුන නෙවෙයි. නින්දෙන් ඉද්දි ඉන්ද්‍රිය ටික යම්තාක් දුරකට වැඩ අස් දෙකට ඉස්සරහින් තියන රූප පෙනුනේ නැති උනාට.
    නිදාගෙන ඉන්න එකෙක්ට අතගාද්දී නිකන් ඉදල කඩියෙක් කද්දී අත අහකට ගන්නේ නැගිටලා නෙවෙයි, හීනෙනුත් නෙවෙයි.. නින්දෙන්ම තමයි .

    ඉතින් ඔය එකක්වත් නින්ද නෙමෙයිනෙ. මම කැන්ඩිඩ්බීට කිව්වෙ නින්ද ගැනනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    53,586
    136,702
    113
    එකමත් එක රටක
    ඉතින් ඔය එකක්වත් නින්ද නෙමෙයිනෙ. මම කැන්ඩිඩ්බීට කිව්වෙ නින්ද ගැනනෙ.
    ඔය මොකද නින්ද නොවෙන්නේ ??
    නිදාගෙන ඉන්න එකෙක්ට අපි කතාකරාම ශබ්දයට සංවේදී වෙලා නැගිටින්නේ , කන කියන ඉන්ද්‍රිය නිදාගෙන ඉද්දි වැඩ කරන නිසා නෙවෙයි ද ?

    @Candid-B කියපු විදියේ කන වැඩ කරන්නේ නැති එකෙක් නිදාගෙන ඉද්දි අපි කතා කරා කියලා ඌ ඇහැරෙන්නේ නෑ .
    කන නැති එකයි (ඉන්ද්‍රිය නැති) , නින්දයි කියන්නේ එක වගේ අවස්ථා දෙකක් නෙවෙයි. නිදාගෙන ඉද්දිත් ශබ්ද කියන ඒවා ශබ්ද විදියට අපි ගන්නවා.

    නින්දෙදි "ඔයාට" ලෝකයක් නැහැ, පින පව නැහැ, ශබ්ධ නැහැ,

    නින්දේදී ශබ්ද තියනව.
    හැබැයි කනක් නැති එකෙක්ට ශබ්ද නෑ . ඔය දෙක සමාන නෑ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    53,586
    136,702
    113
    එකමත් එක රටක
    මානසික දුක, ඇවිල්ල ඒක ඉවසන එක එකක්...මානසික දුක එන්නෙ නැති එක තව එකක්...මම කියන්නෙ ඊට අදාලව ශාරිරික දුක නෙවේ..
    ඉතින් බන් ඔතන බුදුහාමුදුරුවෝ කොන්දේ අමාරුව කියන ශරිරියට දැනෙන දේ, අපහසුවක් විදියට ගත්තේ මනස ඒක අල්ලගත්ත විදියට තමයි.. ඒක ඉවසන්නත් බැරි නිසා තමයි විවේක ගන්නේ..දුක දැනෙනවා. ඔය අමාරුවට නේ ඉතින් අපි ලෙඩවීම දුකක් කියන්නේ.

    ඉපදීම , ලෙඩවීම, මහලු වීම , මරණය කියන ඒවා දුකක් නම්,
    දුක නැති කරා කියන කෙනාටත් , මහලු වීම , ලෙඩවීම , මරණය කියන දේවල් අනිත් අයට වගේම සිද්ද උනා නම් ,
    ඉපදීම විතරක් සිද්ද උනේ නෑ කියන්නේ කොහොමද ?
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,238
    3,753
    113
    "අත්‍යන්ත ශුන්‍යතාවයක්" කියන්නෙ මොකක්ද

    පරම, පාරිශුද්ධ, කේවල ශූන්‍යතාවය. ඒ කිව්වෙ නිරපේක්ෂ තත්වයක් වගේ දෙයක්. අද්වෛතයක්.

    ථේරවාදය ද්වෛතය පිලිගන්නවා. නිරීක්ෂණයක් සමග නිරීක්ෂකයෙකු හටගන්නවා කියන එක තමා ඕකෙ මූලිකම අවස්ථාව. එතන ද්වයතාවයක් තියනවා. සමහර ආගම් සහ දර්ශන මේ ද්වයතාවය ගැටලුවක් විදිහට දැකලා ද්වයතාවයෙන් මිදීම කියන තැනට යන්න හැදුවා. ඒ එකක් තමා අද්වෛත වෙදාන්ත. සමහරු කියනවා මේක ඉන්දියානු මාධ්‍යමක සම්ප්‍රදායෙන් ඉන්ෆ්ලුවන්ස් වෙලා වේදාන්ත වල තියන සංකල්ප රීඉන්ටර්ප්‍රිට් වීමක් හෝ වේදාන්ත වල යටගොස් තිබූ කරුණු නැවත මතුකිරීමත් කියලා. අද්වෛතය කියනවා යම් මොහොතක නිරීක්ෂණය සහ නිරීක්ෂකයා අතුරුදහන්වී කේවල පාරිශුද්ධ ඒකීය තත්වයකට පත්වෙනවාද ඒකමයි නිවන කියලා. එහෙමත් නැතිනම් ඒකමයි බ්‍රාහ්මණ් කියලා. ඒ කියන්නෙ මේ ලෝකයේ පවතින එකම පරම යථාර්තය (එකම දෙය) බ්‍රාහ්මණ් (බ්‍රහ්මාත්මය, පරම ආත්මය). ඔබත් මමත්, භෞතික සියල්ලත් මානසික සියල්ලත් බ්‍රාහමණ්ගේම පිලිඹිබුවක්. මායාවෙන් මේක වැහිලා තියෙන්නෙ. ඒ මායාව අතික්‍රමණය කළවිට තමා බ්‍රාහ්මණ් කියන තත්වය අවබෝධ වීම සිදුවෙන්නෙ. ඒ කියන්නෙ නිරීක්ෂණයත් නිරීක්ෂකයාත් දෙකම එකක් බව ප්‍රත්‍යක්ෂව අත්විඳීම. මේකම සමහර මහායාන සම්ප්‍රදාය අර්ථදැක්වීම් තියනවා කියනවා. නමුත් මට ඒ ගැන ලොකු කියවීමක් නැහැ තවම. (ඉහත කොටස මං සතු සීමිත දැනුමෙන් ලියපු එකක්, ඉන්ටර්ප්‍රිටේශන් වල බහුලත්වය නිසා මත වෙනස්කම් තිබිය හැකියි)

    බුදුදහම ඔතනදි වෙනුවට ඉදිරපත් කරලා තියෙන්නෙ වෙනමම ජාතියෙ විසඳුමක්. ඒක ද්වෛතය තුල හිඳිමින්ම කරන්නක්.

    නිරීක්ෂණ (දේවල්) සහ නිරීක්ෂකයා (සත්ව/පුද්ගල/ආත්ම)

    වෙනුවට

    නිරීක්ෂණ (දේවල්) සහ නිරීක්ෂණය වීමක්( හුදු ක්‍රියාකාරීත්වයක්)

    කියන තැනට අරන් ගිහින් තමා සංසාර ගැටලුව විසඳන්නෙ. ඒ කියන්නෙ බුදුහමෙ පරම ශූන්‍යතාවයකට යන්නෙ නැහැ. ඒ වෙනුවට අත්විඳින්නා අහෝසි කරනවා. අත්විඳින්නෙක් අහෝසි වු තැනකද, එතනින් එහාට දුක අත්විඳින කෙනෙක් කෙසේ පනවන්න ද....

    ඔය මොකද නින්ද නොවෙන්නේ ??
    නිදාගෙන ඉන්න එකෙක්ට අපි කතාකරාම ශබ්දයට සංවේදී වෙලා නැගිටින්නේ , කන කියන ඉන්ද්‍රිය නිදාගෙන ඉද්දි වැඩ කරන නිසා නෙවෙයි ද ?

    @Candid-B කියපු විදියේ කන වැඩ කරන්නේ නැති එකෙක් නිදාගෙන ඉද්දි අපි කතා කරා කියලා ඌ ඇහැරෙන්නේ නෑ .
    කන නැති එකයි (ඉන්ද්‍රිය නැති) , නින්දයි කියන්නේ එක වගේ අවස්ථා දෙකක් නෙවෙයි. නිදාගෙන ඉද්දිත් ශබ්ද කියන ඒවා ශබ්ද විදියට අපි ගන්නවා.

    නින්දේදී ශබ්ද තියනව.
    හැබැයි කනක් නැති එකෙක්ට ශබ්ද නෑ . ඔය දෙක සමාන නෑ .

    නින්ද නොවන්නෙ ඇහෙරන අවස්ථාව සිහින දකින අවස්ථාව වගේ ඒවා. ඉන්ද්‍රිය වැඩකිරීම්ක හෝ නොකිරීමක් ගැන මම සඳහන් කලේ නැහැනෙ.

    මම කිව්වෙ නින්ද ගැන. නින්දෙදි කැන්ඩිඩ්බීට වෙන්නෙ මොකද්ද කියන එකනෙ.

    මුලු නින්ද පුරාම "මම කැන්ඩිඩ්බී වෙමියි" කියන දැනුමෙන් යුතුව හිටියාද...

    නින්දත් සමග කැන්ඩිඩ්බී මැරිලා ඇහැරීමත් සමග ඉපදුනාද...

    නින්දෙදි ලස්සනට වැතිරිලා ඉන්නෙ කැන්ඩිඩ්බී ඒ මොහොතෙදි පරම ශාන්ත පාරිශුද්ධ වූ බ්‍රහ්මාත්මය හා සමවුනාද...

    නින්දෙදි කැන්ඩිඩ්බී නිවනට වැටිලා අවදිවීමෙදි කැන්ඩිඩ්බී නිවනෙන් ඉවත් වුනාද...
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    24,553
    1
    41,812
    113
    චූවගෙ රෑෂ් එකේ
    asliyanage >>
    abf22e7451bb56a073d3fb874a79ff07--jackie-chan-funny-memes.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    53,586
    136,702
    113
    එකමත් එක රටක
    මුලු නින්ද පුරාම "මම කැන්ඩිඩ්බී වෙමියි" කියන දැනුමෙන් යුතුව හිටියාද...
    ඔව්. මම කවුද කියන දැනීම විතරක් නෙවෙයි, මේ නිදාගෙන ඉන්නේ කියන දැනීම තියනව සමහර වෙලාවට.. මට නම් ඇවිත් තියනව.

    නින්දත් සමග කැන්ඩිඩ්බී මැරිලා ඇහැරීමත් සමග ඉපදුනාද...
    නෑ කවුද එහෙම කිව්වේ.

    ඔයා කිව්වා නේ නින්දේදී ශබ්දය නෑ කියලා .
    එහෙම එකක් නෑ . නින්දේදී ශබ්දය තියනවා ඉන්ද්‍රිය වැඩ නම්..
    @Candid-B කිව්වේ ඉන්ද්‍රිය ඉවත් කරපු එකෙක්ව. ඔය කිව්වා ඒ පුද්ගලයා නිදාගෙන ඉන්න කෙනෙක්ට සමානයි කියලා.
    එහම නෑ .
    කනක් නැති එකෙකුයි, කනක් තියන එකෙකුයි දෙන්නක් නිදාගෙන ඉද්දි කනක් තියන් එකා විතරක් අපි කතා කරාම ඇහැරෙන්නේ නිදාගෙන ඉද්දි ශබ්දය තියන නිසා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,238
    3,753
    113
    ඔව්. මම කවුද කියන දැනීම විතරක් නෙවෙයි, මේ නිදාගෙන ඉන්නේ කියන දැනීම තියනව සමහර වෙලාවට.. මට නම් ඇවිත් තියනව.

    මේ කියන්නෙත් නින්ද නෙමෙයි.

    නෑ කවුද එහෙම කිව්වේ.

    ඒවා ප්‍රශ්න නෙමෙයි. හුදු ප්‍රකාශ රාශියක් විතරයි.

    ඔයා කිව්වා නේ නින්දේදී ශබ්දය නෑ කියලා .
    එහෙම එකක් නෑ . නින්දේදී ශබ්දය තියනවා ඉන්ද්‍රිය වැඩ නම්.. @Candid-B කිව්වේ ඉන්ද්‍රිය ඉවත් කරපු එකෙක්ව. ඔය කිව්වා ඒ පුද්ගලයා නිදාගෙන ඉන්න කෙනෙක්ට සමානයි කියලා.
    එහම නෑ . කනක් නැති එකෙකුයි, කනක් තියන එකෙකුයි දෙන්නක් නිදාගෙන ඉද්දි කනක් තියන් එකා විතරක් අපි කතා කරාම ඇහැරෙන්නේ නිදාගෙන ඉද්දි ශබ්දය තියන නිසා.

    මේ කතාකරන්නෙත් ඇහැරීම ගැනනෙ. නින්ද ගැන නෙමෙයි නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    53,586
    136,702
    113
    එකමත් එක රටක
    මේ කතාකරන්නෙත් ඇහැරීම ගැනනෙ. නින්ද ගැන නෙමෙයි නෙ.
    හරි නිදාගෙන ඉන්න බීරෙක්ට යි, සාමාන්‍ය කන වැඩ කරන කෙනෙක්ටයි එකපාර කතා කරාම නින්දේදී ප්‍රතිචාර දක්වන්නේ කවුද ?
    ඒකට හේතුව මොකද්ද ?
     
    • Like
    Reactions: Candid-B

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,238
    3,753
    113
    හරි නිදාගෙන ඉන්න බීරෙක්ට යි, සාමාන්‍ය කන වැඩ කරන කෙනෙක්ටයි එකපාර කතා කරාම නින්දේදී ප්‍රතිචාර දක්වන්නේ කවුද ?ඒකට හේතුව මොකද්ද ?

    ප්‍රතිචාරයක් දක්වන්න ඉඩ තියෙන්නෙ කන තියෙන කෙනා. නමුත් ඒක නින්දෙදි දක්වන ප්‍රතාචාරයක් නෙමෙයි. ඇහැරීම කියන ක්‍රියාවලිය හෝ ඇහැරීම නිසා සිදුවන්නක්.

    Edited

    ප්‍රතිචාරයක් දැක්වීම කියන්නෙම නින්දෙන් ඉවත්වීම.
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    24,553
    1
    41,812
    113
    චූවගෙ රෑෂ් එකේ
    ඔව්. මම කවුද කියන දැනීම විතරක් නෙවෙයි, මේ නිදාගෙන ඉන්නේ කියන දැනීම තියනව සමහර වෙලාවට.. මට නම් ඇවිත් තියනව.

    නෑ කවුද එහෙම කිව්වේ.

    ඔයා කිව්වා නේ නින්දේදී ශබ්දය නෑ කියලා .
    එහෙම එකක් නෑ . නින්දේදී ශබ්දය තියනවා ඉන්ද්‍රිය වැඩ නම්..
    @Candid-B කිව්වේ ඉන්ද්‍රිය ඉවත් කරපු එකෙක්ව. ඔය කිව්වා ඒ පුද්ගලයා නිදාගෙන ඉන්න කෙනෙක්ට සමානයි කියලා.
    එහම නෑ .
    කනක් නැති එකෙකුයි, කනක් තියන එකෙකුයි දෙන්නක් නිදාගෙන ඉද්දි කනක් තියන් එකා විතරක් අපි කතා කරාම ඇහැරෙන්නේ නිදාගෙන ඉද්දි ශබ්දය තියන නිසා.
    නින්දෙදි කියන වචනෙ අයින් කරල සිහිනැති අවස්ථාවක(unconscious) කියල ගත්තොත් නම් හරිනේද ? උදාහරණෙකට ඔපරේෂන් කරන්න සිහි නැති කරන කොට අවයව කපද්දි වේදනාව දැනෙන්නෙ නෑ. දතක් ගලවනකොට විදින injection එකෙන් පස්සෙ.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    53,586
    136,702
    113
    එකමත් එක රටක
    නින්දෙදි කියන වචනෙ අයින් කරල සිහිනැති අවස්ථාවක(unconscious) කියල ගත්තොත් නම් හරිනේද ? උදාහරණෙකට ඔපරේෂන් කරන්න සිහි නැති කරන කොට අවයව කපද්දි වේදනාව දැනෙන්නෙ නෑ. දතක් ගලවනකොට විදින injection එකෙන් පස්සෙ.
    ඔව් සිහිය නැති නම් හරි.
    නින්දෙන් නම් ශබ්දය කියන එක ඇහෙනවා. ඇහෙන නිසා තමයි නැගිටින්නේ.

    නැගිටින නිසා ඇහෙනවා නෙවෙයි.
    ප්‍රතිචාරයක් දැක්වීම කියන්නෙම නින්දෙන් ඉවත්වීම.
    වැරදි. නිදාගෙන අවදිවීම කියන්නේ එක ප්‍රතිචාරයක් විතරයි.
    නිදාගෙන ඉන්න එකෙක්ට කෙනිත්තුවම අවදිවෙන්න ඕන නෑ ප්‍රතිචාර දක්වන්න. නින්දෙන්ම ස්පර්ශය ප්‍රිය එකක්ද , ප්‍රිය නැති එකක්ද කියලා තීරණය කරල ප්‍රතිචාර දක්වනවා .

    හැබැයි candid කිව්වා වගේ ඔය ඉන්ද්‍රිය ඉවත් කරල , දනීම නැතිවෙන්නත් මොකක් හරි කරපු එකෙක්ට ඔය දේවල් නෑ .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,238
    3,753
    113
    වැරදි. නිදාගෙන අවදිවීම කියන්නේ එක ප්‍රතිචාරයක් විතරයි.නිදාගෙන ඉන්න එකෙක්ට කෙනිත්තුවම අවදිවෙන්න ඕන නෑ ප්‍රතිචාර දක්වන්න. නින්දෙන්ම ස්පර්ශය ප්‍රිය එකක්ද , ප්‍රිය නැති එකක්ද කියලා තීරණය කරල ප්‍රතිචාර දක්වනවා .

    මේ කියන්නෙ නින්ද ගැන නෙමෙයි. නින්දට කලින් හෝ නින්දට පසුව ඇතිවෙන තත්ව ගැන. මම කිව්වෙ නින්ද ගැන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    53,586
    136,702
    113
    එකමත් එක රටක
    මේ කියන්නෙ නින්ද ගැන නෙමෙයි. නින්දට කලින් හෝ නින්දට පසුව ඇතිවෙන තත්ව ගැන. මම කිව්වෙ නින්ද ගැන.
    ඔය කියන නින්දේ දී කවුරු හරි කෙනිත්තුවම , මදුරුවෙක් කෑවම අත අහකට ගන්නේ නැද්ද ?????? :rofl:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,238
    3,753
    113
    ඔය කියන නින්දේ දී කවුරු හරි කෙනිත්තුවම , මදුරුවෙක් කෑවම අත අහකට ගන්නේ නැද්ද ?????? :rofl:

    ගැනීම සිදු වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්. ඩිලාන්ට තේරුම් ගන්න පහසු වෙන්න ගැනීම සිදු වෙනවා කියමුකො. ඔව්, ගැනීම සිදුවෙනවා.