එක් ආත්මයක අගුටු මිටි පුද්ගලයෙකුව ඉපදී සිටි අපේ බෝසතුන් |

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,259
    467
    83
    ඔව්, ඒක තමයි කිව්වෙ, දෙන්නගෙන කවුරු කරත් කායික දුක් වේදනාව ඒ විදිහට තියෙනව...හැබයි මානසික දුක වෙනස්...මානසික දුක සෙට් වෙන්නෙ, සිටුවේශන් එක අනුව...රහතන් කෙනෙකුට නැති වෙන්නෙ, ඔන්න ඔය මානසික දුක.. කායික දුක එයාලටත් දැනෙනව..
    කලින් නූලෙ මාව පතුරු ගැහුවෙ මානසික දුක ආර්‍ය දුකේ effect එකක් නමෙයි කියල, රහතන් වහන්සේට මානසික දුක නැතිඋනේ කොහොමද දන්නෙ නෑ නේද රෝෂ් මහත්තය :rofl: :rofl: :rofl:
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,342
    1,437
    113
    ඉතින් බන් ඔතන බුදුහාමුදුරුවෝ කොන්දේ අමාරුව කියන ශරිරියට දැනෙන දේ, අපහසුවක් විදියට ගත්තේ මනස ඒක අල්ලගත්ත විදියට තමයි.. ඒක ඉවසන්නත් බැරි නිසා තමයි විවේක ගන්නේ..දුක දැනෙනවා. ඔය අමාරුවට නේ ඉතින් අපි ලෙඩවීම දුකක් කියන්නේ.

    නැහනෙ බන්, මම කලින් කිව්ව වගේ..ශරිරය කියන ඉන්ද්‍රියට, ඊට අදාල වින්නානය තුලින් දුක සුක උපේකශා වේදනාව තියෙනවනෙ...ඊට අමතරව, මානසික සුක දුක උපෙක්ශා තියෙනවනෙ..

    සම්මුති වශයෙන් රහත්න් වහනේසෙ කෙනෙක් ගෙ කකුලට කවුරු හරි ගැහුව කියන්නකො...දැන් ඉන්ඩ්‍රහිය වින්නානයට අදාල, වේදනාව ඇතිවෙනව...ඒ කියන්නෙ, කකුල රිදෙනව..යන්න අමාරුයි රිදෙන නිසා...දැන් මාන ඉන්ඩ්‍රහියට දුකක් ආවද, අනේ මු ගැහුව, මගේ කකුලනෙ කැඩුනෙ...නැ.. ඒක ඇතිවෙන්නෙ නැ...වේදනාව කියන්නෙ එකක්, මානසික දුක කියන්නෙ තව එකක්..

    ඉපදීම , ලෙඩවීම, මහලු වීම , මරණය කියන ඒවා දුකක් නම්,
    දුක නැති කරා කියන කෙනාටත් , මහලු වීම , ලෙඩවීම , මරණය කියන දේවල් අනිත් අයට වගේම සිද්ද උනා නම් ,
    ඉපදීම විතරක් සිද්ද උනේ නෑ කියන්නේ කොහොමද ?

    දුක, නැති කරාට පස්සෙ, ඔය කියන කෙනෙක් කියල දෙයක් පෙන්න ගන්න බැරිනම් කාටද දුක තියෙන්නෙ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    53,919
    137,533
    113
    එකමත් එක රටක
    දුක, නැති කරාට පස්සෙ, ඔය කියන කෙනෙක් කියල දෙයක් පෙන්න ගන්න බැරිනම් කාටද දුක තියෙන්නෙ?
    කෙනෙක් නැත්නම් කාටද දැන් කොන්දේ අමාරුව හැදිලා අකුසල් පල දුන්නේ ??? දුක නැති කරා කිව්වට අකුසල් පල දෙන්න කෙනෙක් හිටිය..

    දුක නිසා තමයි කොන්දේ අමාරුවට බෙහෙත් ගන්නේ විවේක ගන්නේ. සතුටට නෙවෙයි නේ.
    සාමන්‍ය තත්වය නිසාත් නෙවෙයි.

    ඔතන වෙන්නේ බන් දුක කියන එකට අපි හිතනවා මේක තමයි හේතුව කියල. ඊට පස්සේ ඒක අයින් කරා කියලා හිතනවා සාමාන්‍ය ජීවිතෙන් ඈත් වෙලා ... වැලකී සිටීම කරන්නේ ඔය.

    ඕක හරියට කෙල්ලෝ දැක්කාම උන්ට හිත යනවා කියන එක නැති කරන්න කෙල්ලෝ නැති ලෝකෙකට යනවා වගේ. වැලකි සිටීමෙන් හිත හදාගැනීම වගේ දෙයක් . ඔහොම හිතෙන්නේ අන්තෙට හිතන්න ගියාම. කොහොම කරත් අන්තිමටම වෙන්නෙත් හිතෙන මට දැන් දුකක් නෑ කියලා හිතන් ඉන්න එක විතරයි දේවල් වලින් ඈත් වෙලා ඉන්න නිසා.
    හැබැයි අර මුලින්ම දුකක් කියලා කියපු මහලුවීම්, ලෙඩවීම , මරණය කියන දේවල් නම් සාමන්‍ය කනෙක්ට වගේම වෙන්ව. එතනින් මිදෙන්න බැරි උනා.

    ඉතින් ආයිත් ඉපදෙනවා නම් ඒකත් වෙන්න පුලුවන්. එක් විතරක් උනේ නෑ කියන්න බෑ .

    සම්මුති වශයෙන් රහත්න් වහනේසෙ කෙනෙක් ගෙ කකුලට කවුරු හරි ගැහුව කියන්නකො...දැන් ඉන්ඩ්‍රහිය වින්නානයට අදාල, වේදනාව ඇතිවෙනව...ඒ කියන්නෙ, කකුල රිදෙනව..යන්න අමාරුයි රිදෙන නිසා...දැන් මාන ඉන්ඩ්‍රහියට දුකක් ආවද, අනේ මු ගැහුව, මගේ කකුලනෙ කැඩුනෙ...නැ.. ඒක ඇතිවෙන්නෙ නැ...වේදනාව කියන්නෙ එකක්, මානසික දුක කියන්නෙ තව එකක්..
    කකුලට ගැහුවම, "රිදෙනවා" කියන එක සාමන්‍ය ස්පර්ශයකින් වෙනස් වෙන්නේ ඒක ප්‍රිය නැති දෙයක් විදිය්ට අල්ලගත්තම තමයි.
    හිත හදාගන්න පුලුවන් රිදුනට මම ඒක ගැන හිතන්නේ නෑ කියලා. හැබැයි රිදීම නැතිවෙලා නෑ ..
    ලෙඩක් දුකක් වෙන්නේ වේදනාව නිසා තමයි බන්. නැත්නම් කොහොමද ලෙඩක් දුකක් වෙන්නේ .
    candidB කියපු ඉන්ද්‍රිය ටික ගලවපු එකෙක්ට නම් ඔය කියන දැනීම වත් නෑ . :rofl:
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,342
    1,437
    113
    කලින් නූලෙ මාව පතුරු ගැහුවෙ මානසික දුක ආර්‍ය දුකේ effect එකක් නමෙයි කියල, රහතන් වහන්සේට මානසික දුක නැතිඋනේ කොහොමද දන්නෙ නෑ නේද රෝෂ් මහත්තය :rofl: :rofl: :rofl:

    ඔබතුමා, මට ප්‍රශ්නයක් කරගන්න එපා කියල, වෙන කෙනෙකුට ලියපු එක ඔබතුමාම ප්‍රශ්නයක් කරගෙන වගෙ...:rofl::rofl::rofl:

    මානසික දුක ආර්ය දුකේ ඉෆෙක්ට් එකක් වෙන්න කොහොමද මහත්ටයො...මනසික දුක කියන්නෙ, අර්ය දුක දන්නෙ නැති එකේ ඉෆෙක්ට් එකක් නෙ...

    මහත්තයො ගුරුත්වය ගැන දන්නෙ නැති එකත් ගුරුත්වයෙ ඉෆෙක්ට් එකක් ද?


    පිස්සු නැත්තම් හොදයි...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    24,703
    1
    42,151
    113
    චූවගෙ රෑෂ් එකේ
    සම්මුති වශයෙන් රහත්න් වහනේසෙ කෙනෙක් ගෙ කකුලට කවුරු හරි ගැහුව කියන්නකො...දැන් ඉන්ඩ්‍රහිය වින්නානයට අදාල, වේදනාව ඇතිවෙනව...ඒ කියන්නෙ, කකුල රිදෙනව..යන්න අමාරුයි රිදෙන නිසා...දැන් මාන ඉන්ඩ්‍රහියට දුකක් ආවද, අනේ මු ගැහුව, මගේ කකුලනෙ කැඩුනෙ...නැ.. ඒක ඇතිවෙන්නෙ නැ...වේදනාව කියන්නෙ එකක්, මානසික දුක කියන්නෙ තව එකක්..
    ඒකට කියන්නෙ ඉවසීම කියල නෙමෙයිද ? අර මුගලන් හාමුදුරුවොන්ට ගමක සෙට් එකක් අතින් පයින් පහර දුන්නලු. ඉවසන් හිටියලු උන් මට පොලු මුගුරු වලින් පහර නොදුන්න නිසා. පස්සෙ පොලු වලින් පහර දෙන්න ගත්තම ඉවසන් හිටියලු තියුණු ආයුධ වලින් පහර නොදුන්න නිසා. මට හරියට සීන් එක මතක නෑ. මම නම් කියනේනෙ වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා. වඳන්න වඳන්න ගහන මිනිහත් මෝඩයා. :-)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,324
    83,538
    113
    මට තියන අවුල මේකයි. මහලු වීම, ලෙඩවීම, මරණය දුකක් කියලා දැකල හොයාගත්ත දුක නැති කිරීමේ මාර්ගයෙන් ඔය තුනෙන් එකක්වත් නැති උනේ නෑ ... හිත හදාගත්ත වගේ වැඩක් දැන් මට දුකක් නෑ කියලා.
    දුක්ඛ කියන්නෙ සරලවම ගත්තොත් අනිත්‍ය බව. දුක කියල දැනෙන හැගීම නෙවෙයි චතුරාර්ය සත්‍යයෙදි දුක්ඛ කියන්නෙ.
     
    • Like
    Reactions: dilann

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,460
    1
    12,952
    113
    Online Forum වල බණ දාන්න එපා. ඒව තනියම අහන්න. දාන එකත් සමහර විට වෙනස් අරමුණකින් දානව ඇති හැබැයි. අරුන්ට කෙලවන්නෙ කොහොමද මුන්ට කෙලවන්නෙ කොහොමද බලාගෙන ඉන්න ඇරියස් කාරයොනෙ වැඩි හරියක් ඉන්නෙ 🤣
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,342
    1,437
    113
    කෙනෙක් නැත්නම් කාටද දැන් කොන්දේ අමාරුව හැදිලා අකුසල් පල දුන්නේ ??? දුක නැති කරා කිව්වට අකුසල් පල දෙන්න කෙනෙක් හිටිය..

    දුක නිසා තමයි කොන්දේ අමාරුවට බෙහෙත් ගන්නේ විවේක ගන්නේ. සතුටට නෙවෙයි නේ.
    සාමන්‍ය තත්වය නිසාත් නෙවෙයි.

    ඔතන වෙන්නේ බන් දුක කියන එකට අපි හිතනවා මේක තමයි හේතුව කියල. ඊට පස්සේ ඒක අයින් කරා කියලා හිතනවා සාමාන්‍ය ජීවිතෙන් ඈත් වෙලා ... වැලකී සිටීම කරන්නේ ඔය.

    ඕක හරියට කෙල්ලෝ දැක්කාම උන්ට හිත යනවා කියන එක නැති කරන්න කෙල්ලෝ නැති ලෝකෙකට යනවා වගේ. වැලකි සිටීමෙන් හිත හදාගැනීම වගේ දෙයක් . ඔහොම හිතෙන්නේ අන්තෙට හිතන්න ගියාම. කොහොම කරත් අන්තිමටම වෙන්නෙත් හිතෙන මට දැන් දුකක් නෑ කියලා හිතන් ඉන්න එක විතරයි දේවල් වලින් ඈත් වෙලා ඉන්න නිසා.
    හැබැයි අර මුලින්ම දුකක් කියලා කියපු මහලුවීම්, ලෙඩවීම , මරණය කියන දේවල් නම් සාමන්‍ය කනෙක්ට වගේම වෙන්ව. එතනින් මිදෙන්න බැරි උනා.

    ඉතින් ආයිත් ඉපදෙනවා නම් ඒකත් වෙන්න පුලුවන්. එක් විතරක් උනේ නෑ කියන්න බෑ .

    කම්මලී බන් දිහට සින්හල්න් ට්යිප් කරන්න...කෙටියෙන් කියන්නම්කො...දැන් ඔය වයසට යන දුක ගනින්කො...ඇත්තටම දුක තියෙන්නෙ, වයසට යන නිසාද? මම වයසට යන නිසාද? මම කියන එන්ටිටි එකක් මේන්ටෙන් කරන නිසානෙ ඔය කියන ඔක්කොම මාන්සික දුක් එන්නෙ...

    දැන් ඔතන, මම, මගේ කියන්නෙ, ශරීරයටයි, ආත්මයටයි නෙ...දැන් ඔතන, කෙනෙක් පෙන්නුවොත්, ඔතන, හේතු ටිකකුයි, පල ටිකකුයි අරෙන්න, මම කියල ගන්න එන්ටිටි එකක් නැ කියල...ඔය දුක ගැන කතා කරන්න පුලුවන්ද?

    කකුලට ගැහුවම, "රිදෙනවා" කියන එක සාමන්‍ය ස්පර්ශයකින් වෙනස් වෙන්නේ ඒක ප්‍රිය නැති දෙයක් විදිය්ට අල්ලගත්තම තමයි.
    හිත හදාගන්න පුලුවන් රිදුනට මම ඒක ගැන හිතන්නේ නෑ කියලා. හැබැයි රිදීම නැතිවෙලා නෑ ..
    ලෙඩක් දුකක් වෙන්නේ වේදනාව නිසා තමයි බන්. නැත්නම් කොහොමද ලෙඩක් දුකක් වෙන්නේ .
    candidB කියපු ඉන්ද්‍රිය ටික ගලවපු එකෙක්ට නම් ඔය කියන දැනීම වත් නෑ . :rofl:

    අන්න හරි, රිදෙන වේදනාව නැති කරන්න බැ...කකුල රිදෙන කෙනෙක් ඉන්නව කියන මුලාවෙ ඉන්නකල් මානසික දුකක් තියෙනව.

    ඒකට කියන්නෙ ඉවසීම කියල නෙමෙයිද ? අර මුගලන් හාමුදුරුවොන්ට ගමක සෙට් එකක් අතින් පයින් පහර දුන්නලු. ඉවසන් හිටියලු උන් මට පොලු මුගුරු වලින් පහර නොදුන්න නිසා. පස්සෙ පොලු වලින් පහර දෙන්න ගත්තම ඉවසන් හිටියලු තියුණු ආයුධ වලින් පහර නොදුන්න නිසා. මට හරියට සීන් එක මතක නෑ. මම නම් කියනේනෙ වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා. වඳන්න වඳන්න ගහන මිනිහත් මෝඩයා. :-)

    ඔව්, ශරිරික වේදනාව ඉවසීම...මානසික නෙවේ....ගල් පතුර වැදුන වෙලාවෙත්, බුදුන්ටත්, ශාරිරික වෙදනාව ඇති උනානෙ..මේ කතා කරන්නෙ සම්මුති මට්ටමෙන්..
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,259
    467
    83
    ඔබතුමා, මට ප්‍රශ්නයක් කරගන්න එපා කියල, වෙන කෙනෙකුට ලියපු එක ඔබතුමාම ප්‍රශ්නයක් කරගෙන වගෙ...:rofl::rofl::rofl:
    ඔව්මයි sorry! my bad! :D :D :D

    මානසික දුක ආර්ය දුකේ ඉෆෙක්ට් එකක් වෙන්න කොහොමද මහත්ටයො...මනසික දුක කියන්නෙ, අර්ය දුක දන්නෙ නැති එකේ ඉෆෙක්ට් එකක් නෙ...

    මහත්තයො ගුරුත්වය ගැන දන්නෙ නැති එකත් ගුරුත්වයෙ ඉෆෙක්ට් එකක් ද?


    පිස්සු නැත්තම් හොදයි...
    එතකොට apple වැටෙන්නෙ .... එක්කො ඕනි නැහැ... ඔබතුමා බිත්තියට හේත්තු උනහම මට ආයිත් මෝඩය කියල අහගන්න වෙනව. :rofl::rofl::rofl::rofl:
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,727
    9,015
    113
    ජාතක කතා පොතේ හොඳම ප්‍රින්ට් එක කොහෙන්ද ගන්න පුලුවන්?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,260
    37,092
    113
    එතකොට ඔය විපාකේ පලදිල තියන්නේ ශරීරයට විතරද ??
    ඔය කියන කොන්දේ අමාරුව මනසට දැනෙන්නේ නැත්නම් විඩාව ක් දැනෙන්නේ නෑ නේ බන්.
    ඕක දැනෙන නිසා නේ විවේක ගන්නේ.

    මට තියන අවුල මේකයි. මහලු වීම, ලෙඩවීම, මරණය දුකක් කියලා දැකල හොයාගත්ත දුක නැති කිරීමේ මාර්ගයෙන් ඔය තුනෙන් එකක්වත් නැති උනේ නෑ ... හිත හදාගත්ත වගේ වැඩක් දැන් මට දුකක් නෑ කියලා.
    පවත්තං දුක්කං. පැවැත්ම දුකක්. නොපැවැත්ම සැපක් කියලා දේශානා කරලා තියෙනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    53,919
    137,533
    113
    එකමත් එක රටක
    පවත්තං දුක්කං. පැවැත්ම දුකක්. නොපැවැත්ම සැපක් කියලා දේශානා කරලා තියෙනවා.
    ලෝකෙ නියුක් වෙලා මේකෙ ඉන්න සියලුම ජීවීන් නැතිවුනොත් ඔය කියන පැවැත්මට මොකද වෙන්නේ
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,238
    3,753
    113
    @ek_rosh

    මම ශූන්‍යතාව ගැන කියද්දි අද්වෛතය ගත්තෙ මට ඒක පහදන්න ලෙහෙසි නිසා. මහායාන (මාධ්‍යමික) සම්ප්‍රදායේද ඒ අයුරින්ම තියනවා කියන විද්වත් මතය තියනවා. රෝශ්ට ඒක අපැහැදිලි හෝ සැක ඇතිවෙයි කියලා හිතුන නිසා ඒ කාරණය මහායානයේත් තියනවා කියන එක සනාථ කරන්න මට වඩා පිළිගැනීමක් ඇති මහාචාර්ය අසංග තිලකරත්න මහතාගේ "මාධ්‍යමික ශූන්‍ය වාදයෙහි දාර්ශනික හා ආගමික අර්ථය" කියන ලිපියෙහි සඳහන් කොටසක් දාන්නම්.

    "චතුර්විධ බෞද්ධ සම්ප්‍රදායට අයත් මාධ්‍යමික සම්ප්‍රධායෙහි ප්‍රවර්තකයාණන් වූ නාගාර්ජුන ආචාර්යපාදයන්ගේ දාර්ශනික චින්තාවෙහි මූලික සිද්ධාන්තයක් වන ශූන්‍යතා වාදය තරම් මෑත යුගයෙහි දී බෞද්ධ උගතුන් විසින් විචාරයට භාජනය කරන ලද වෙනත් විෂයක් නැති තරම්ය. ශූන්‍යතා වාදයෙන් සත්‍යවශයෙන්ම අදහස් කරනු ලබන්නේ කුමක්ද යන්න පිලිබඳව උගතුන් අතර ඒකමතික භාවයක් නැත. එහෙත් සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු විසින් පිළිගනු ලබන මතය නම් එය මූලික බුදුසමයට සාකල්‍යයෙන්ම පටහැනි බවත් මාධ්‍යමික දර්ශනය මගින් විශේෂයෙන් ම එහි මූලික ඉගැන්වීම වන ශූන්‍යතා වාදය මගින්, නාගර්ජුන හිමියන් කිසියම් උත්තරානුභූතික සත්තාවයක් (transcendental reality) තහවුරු කිරීමට උත්සහ දරන බවත්ය."

    මෙන්න මේ ඉහත කොටසෙ කියවෙන කාරණය ගැන තමා මම සඳහන් කලේ. අද්වෛතවේදාන්තය විසින් බ්‍රාහ්මණ් කියන සත්තාවය පරම තත්වයකට ඔසවා තබනවා වගේ මාධ්‍යමක සම්ප්‍රදාය ශූන්‍යතාවය යම්කිසි පරම උතුම් සත්තාවයකට ආරෝපණය කරනවා කියන එක එක්තරා මතයක්. දැනට තිබෙන ප්‍රසිද්ධම මතය කීවාට වරදක් නැහැ.


    හැබැයි මම මෙතනදි කියන්න ඕනෙ නාගර්ජුනපාදයන් ගැන ඔහොම මතයක් තියෙනකොට උන්වහන්සේ මුල් බුදු දහමට පටහැණි කිසිවක් නොකීවේය කියන මතවාදයත් අද පවතිනවා. ඒකෙදි උන්වහන්සේ අත්‍යන්ත ශූන්‍යතාවක් පනවනවා වෙනුවට, පටිච්චසමුප්පාදය තුල ඇති ශූන්‍යතා ලක්ෂණය ඉස්මතු කරා කියන එක තමා කියවෙන්නෙ. මේක ටිකක් නව්‍ය මතවාදයක්. මේ මතයත් අපිට බැහැර කරන්න අපහසුයි. මෙතනදි නාගර්ජුන රීඉන්ටර්ප්‍රිට් වීමක් සිදුවෙනවා. අසංග තිලකරත්න මහතා වුනත් ඉහත ලිපියෙන් කරන්නෙ ඒ දේ. මේ කාරණය සඳහන් කලේ ඒකත් හරි මේකත් හරි කියන්න නෙමෙයි. නාගර්ජුන වැනි ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක්ව හුදු ඔර්තොඩොක්සිය විනාශ කරපු කෙනෙක් විදිහට දක්වන්න අකමැති නිසා සහ ඒ මත වාදයෙහි සෑහෙන දුරට සත්‍ය බවක් මමත් දකින නිසා.

    Edited - further clarification
     
    Last edited:
    • Love
    Reactions: ek_rosh

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,259
    467
    83
    නින්ද නොවන්නෙ ඇහෙරන අවස්ථාව සිහින දකින අවස්ථාව වගේ ඒවා. ඉන්ද්‍රිය වැඩකිරීම්ක හෝ නොකිරීමක් ගැන මම සඳහන් කලේ නැහැනෙ.

    මම කිව්වෙ නින්ද ගැන. නින්දෙදි කැන්ඩිඩ්බීට වෙන්නෙ මොකද්ද කියන එකනෙ.

    මුලු නින්ද පුරාම "මම කැන්ඩිඩ්බී වෙමියි" කියන දැනුමෙන් යුතුව හිටියාද...

    නින්දත් සමග කැන්ඩිඩ්බී මැරිලා ඇහැරීමත් සමග ඉපදුනාද...

    නින්දෙදි ලස්සනට වැතිරිලා ඉන්නෙ කැන්ඩිඩ්බී ඒ මොහොතෙදි පරම ශාන්ත පාරිශුද්ධ වූ බ්‍රහ්මාත්මය හා සමවුනාද...

    නින්දෙදි කැන්ඩිඩ්බී නිවනට වැටිලා අවදිවීමෙදි කැන්ඩිඩ්බී නිවනෙන් ඉවත් වුනාද...
    greenthunder මහත්තය, පැහැදිලි අවදිව සිටීම හැරුනුකොට ඔබතුමා නින්දත් නිවනත් අතර දකින වෙනස මොකක්ද?

    p.s. වාද කරන්න නෙමෙයි, ඔබතුමාගෙ මතය දැනගන්න අසුවෙ 🙂
     
    • Like
    Reactions: S_M_S

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,238
    3,753
    113
    greenthunder මහත්තය, පැහැදිලි අවදිව සිටීම හැරුනුකොට ඔබතුමා නින්දත් නිවනත් අතර දකින වෙනස මොකක්ද?

    මම එතනදි බුදුදහමක් ගාවගෙන කතා කලේ නැහැ. හුදු ස්පිරිචුවල් සිතිවිල්ලක් විතරයි කියුවෙ.
     
    • Like
    Reactions: MalSeven and S_M_S

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,259
    467
    83
    මම එතනදි බුදුදහමක් ගාවගෙන කතා කලේ නැහැ. හුදු ස්පිරිචුවල් සිතිවිල්ලක් විතරයි කියුවෙ.
    ස්තුතියි මහත්තය, මම එහෙම ඇහුවෙ රේරුකානේ ස්වාමින් වහන්සේගේ පොතක මේ නින්ද ගැන අභිධර්මය ඇසුරෙන් විස්තර කරලා තියනව. පොතකින්නෙ, ඒ හින්ද වැඩි විස්තර දැම්මොත් රෝෂ් මහත්තය ඇඟට ගොඩවෙයිද දන්නෙ නැහැ :D , නමුත් ඔය Candid-B මහත්තය කියන නින්දෙන් අවදිවීමේ සංසිද්ධිය එකේ විස්තර කරල තිබුන.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,660
    11,067
    113
    Colombo
    එතකොට ඔය විපාකේ පලදිල තියන්නේ ශරීරයට විතරද ??
    ඔය කියන කොන්දේ අමාරුව මනසට දැනෙන්නේ නැත්නම් විඩාව ක් දැනෙන්නේ නෑ නේ බන්.
    ඕක දැනෙන නිසා නේ විවේක ගන්නේ.

    මට තියන අවුල මේකයි. මහලු වීම, ලෙඩවීම, මරණය දුකක් කියලා දැකල හොයාගත්ත දුක නැති කිරීමේ මාර්ගයෙන් ඔය තුනෙන් එකක්වත් නැති උනේ නෑ ... හිත හදාගත්ත වගේ වැඩක් දැන් මට දුකක් නෑ කියලා.
    දුක නෑති කලා කියන්නෙ අයේ උපතක් නෑහ නිවන් දෑකපු කෙනාගේ. ඉතින් අයේ මෙ වගෙ දුක් විදින්න වෙන්නේ නෑහ නිවන් දෑකපු කෙනාට
     
    • Like
    Reactions: S_M_S