@ek_rosh
මම ශූන්‍යතාව ගැන කියද්දි අද්වෛතය ගත්තෙ මට ඒක පහදන්න ලෙහෙසි නිසා. මහායාන (මාධ්‍යමික) සම්ප්‍රදායේද ඒ අයුරින්ම තියනවා කියන විද්වත් මතය තියනවා. රෝශ්ට ඒක අපැහැදිලි හෝ සැක ඇතිවෙයි කියලා හිතුන නිසා ඒ කාරණය මහායානයේත් තියනවා කියන එක සනාථ කරන්න මට වඩා පිළිගැනීමක් ඇති මහාචාර්ය අසංග තිලකරත්න මහතාගේ "
මාධ්‍යමික ශූන්‍ය වාදයෙහි දාර්ශනික හා ආගමික අර්ථය" කියන ලිපියෙහි සඳහන් කොටසක් දාන්නම්.
"චතුර්විධ බෞද්ධ සම්ප්‍රදායට අයත් මාධ්‍යමික සම්ප්‍රධායෙහි ප්‍රවර්තකයාණන් වූ නාගාර්ජුන ආචාර්යපාදයන්ගේ දාර්ශනික චින්තාවෙහි මූලික සිද්ධාන්තයක් වන ශූන්‍යතා වාදය තරම් මෑත යුගයෙහි දී බෞද්ධ උගතුන් විසින් විචාරයට භාජනය කරන ලද වෙනත් විෂයක් නැති තරම්ය. ශූන්‍යතා වාදයෙන් සත්‍යවශයෙන්ම අදහස් කරනු ලබන්නේ කුමක්ද යන්න පිලිබඳව උගතුන් අතර ඒකමතික භාවයක් නැත. එහෙත් සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු විසින් පිළිගනු ලබන මතය නම් එය මූලික බුදුසමයට සාකල්‍යයෙන්ම පටහැනි බවත් මාධ්‍යමික දර්ශනය මගින් විශේෂයෙන් ම එහි මූලික ඉගැන්වීම වන ශූන්‍යතා වාදය මගින්, නාගර්ජුන හිමියන් කිසියම් උත්තරානුභූතික සත්තාවයක් (transcendental reality) තහවුරු කිරීමට උත්සහ දරන බවත්ය."
මෙන්න මේ ඉහත කොටසෙ කියවෙන කාරණය ගැන තමා මම සඳහන් කලේ. අද්වෛතවේදාන්තය විසින් බ්‍රාහ්මණ් කියන සත්තාවය පරම තත්වයකට ඔසවා තබනවා වගේ මාධ්‍යමක සම්ප්‍රදාය ශූන්‍යතාවය යම්කිසි පරම උතුම් සත්තාවයකට ආරෝපණය කරනවා කියන එක එක්තරා මතයක්. දැනට තිබෙන ප්‍රසිද්ධම මතය කීවාට වරදක් නැහැ.
හැබැයි මම මෙතනදි කියන්න ඕනෙ නාගර්ජුනපාදයන් ගැන ඔහොම මතයක් තියෙනකොට උන්වහන්සේ මුල් බුදු දහමට පටහැණි කිසිවක් නොකීවේය කියන මතවාදයත් අද පවතිනවා. ඒකෙදි උන්වහන්සේ අත්‍යන්ත ශූන්‍යතාවක් පනවනවා වෙනුවට, පටිච්චසමුප්පාදය තුල ඇති ශූන්‍යතා ලක්ෂණය ඉස්මතු කරා කියන එක තමා කියවෙන්නෙ. මේක ටිකක් නව්‍ය මතවාදයක්. මේ මතයත් අපිට බැහැර කරන්න අපහසුයි. මෙතනදි නාගර්ජුන රීඉන්ටර්ප්‍රිට් වීමක් සිදුවෙනවා. අසංග තිලකරත්න මහතා වුනත් ඉහත ලිපියෙන් කරන්නෙ ඒ දේ. මේ කාරණය සඳහන් කලේ ඒකත් හරි මේකත් හරි කියන්න නෙමෙයි. නාගර්ජුන වැනි ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක්ව හුදු ඔර්තොඩොක්සිය විනාශ කරපු කෙනෙක් විදිහට දක්වන්න අකමැති නිසා සහ ඒ මත වාදයෙහි සෑහෙන දුරට සත්‍ය බවක් මමත් දකින නිසා.
Edited - further clarification