සමාවෙන්න මහත්තය, මම ඔබතුමා කිව්ව දේ වැරදියට inteprit කලාද, නැත්නම් මට කොහේ හරි වැරදුනාද දන්නෙ නැහැ මෙතන නොපෙනෙන දුක, අර්යන්ට විතරක් පෙනෙන දුක (AD) කියන්නෙ මොන කොටසද?
කායික දුක්ඛය සහ චෛතසික දුක්ඛය හැරුනුකොට ඉතුරු ටික දුක්ඛ ආර්‍ය සත්‍ය
කායික දුක්ඛය සහ චෛතසික දුක්ඛය කියන්නෙ දුක්ඛය වන දුක්ඛ ආර්‍ය සත්‍යයේ කොටස කියල තමයි මම නම් ගත්තෙ
ඔතන කුලක තුනක් කතා කරනවනෙ මහත්තය...ඔය කියන්නෙ A කියන කුලකය ගැන, අපි මුලින්ම ගත්ත ඩයග්‍රම් එකේ. ඔතන A සහ B වල එකතුව තමයි දුක්ක සත්ය කුලකය වෙන්නෙ...නැතිනම් සර්වත්‍ර කුලකය..ඔක පොඩ්ඩක් කල්පනා කරන්න ඕනෙ..එක පාරට එන්නෙ නැ සමහර වෙලාවට..
දුක්කය, දුක්ක සත්යද යත්,: එසෙය - මේකෙන් කියන්නෙ දුක්ක කුලකෙ තියෙන එලෙමෙන්ට් ඔක්කොම්ම (කයික මනසික දුක ) - දුක්ක සත්යට අයිති.
දුක්කසත්ය දුක්ක ද යත්: කායික, මානසික තමා සෙස්ස දුක්ක සත්ය යි - මේ කියන්නෙ A එලෙමෙන්ට් එක ගැන...දුකට අයිති නැ, හැබයි දුක්ක සත්යට අයිති, තව විදිහකට කිව්වොත්, දුක්ක සත්යෙ තියෙන ඔක්කොම් එලෙමෙන්ට්, දුකට අයිති වෙන්නෙ නැ....
කයික ච්යිතසික දුක, දුක වුයෙම, දුක්ක සත්ය වේ - මේ කියන්නෙ B එලෙමෙන්ට් එක, කුලක දෙකටම අයිති. සහ, දුක කියන කුලකෙ, ච්යිතසික, මානසික දුකට අමතර දෙයක් නැ..
තව විදිහකට කිව්වොත්, අපි දුක්ක සත්ය කියන්නෙ, A හා B කියන වියුක්ත කුලක දෙකේ එකතුවට...
A - කායික මානසික දුකට අයිති නැති දුක ( ආර්ය දුක අපි ඉස්සෙල්ල කිව්ව විදිහට ) - තව විදිහකට කිව්වොත්, නොදැනෙන දුක
B - දැනෙන දුක (කායික මානසික දුක )
A හා B වියුක්තයි