එක් ආත්මයක අගුටු මිටි පුද්ගලයෙකුව ඉපදී සිටි අපේ බෝසතුන් |

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    තව පැත්තකින් ගත්තොත් දුක්ඛ ආර්‍ය සත්‍යයේ මොන කොටසද දැනෙන දුක වෙන්නේ කියල තමයි මෙතන පෙන්නන්නෙ.

    මේකෙන් ඔබතුමා කියන්නෙ, දුක්ක (ආර්යා සත්යේ ), දුක දැනෙන කොටසක් තියෙනව සහ දුක නෝදැනෙන කොටසක් තියෙනව කියල ද?

    මීට වඩා දෙයක් නැහැ මහත්තය, හැබැයි මේක කුලක වලට ගැලපෙන දෙයක් නෙමෙයි, ඔබතුමා කිව්ව හින්ද දැම්මේ.

    View attachment 196027

    මේක හරියටම කුලක වලට සෙට් වෙනව මහත්තය හරියට ඉන්ටෙප්‍රිට් කර ගත්තනම්...යමකයෙ තියෙන අනිත් එවත් එහෙමයි..

    දැන් ඔය කුලක දෙක වියුක්තයි ද නැති ද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මෙතන රොෂ් මහත්තය උද්දේශය සහ නිද්දේශය යන දෙකම ගන්න ඕනි, මම හිතුවේ මුල ඉඳන්ම ඔබතුම එහෙම කලේ කියලා. sorry මම මේක confuse කලානම්.
    මෙතන වචන 3ක් තියෙන බව ඇත්ත, ඒවා තේරුම් වශයෙන් මෙන්න මෙහෙමයි...
    දුක්ඛ = දුක්ඛ ආර්‍ය සත්‍ය නොවූ ඕනෑම දුකක්
    දුක්ඛය = දුක්ඛ සත්‍ය
    දුක්ඛ සත්‍ය = දුක්ඛ ආර්‍ය සත්‍ය

    නිද්දේශයෙන් කියනව, දුක්ඛ ආර්‍ය සත්‍යට දැනෙන දුක අයිතියි කියල වගේම දුක්ඛ කියන්නේ දුක්ඛ ආර්‍ය සත්‍යට අයිති නැති ඕනෑම දුකක් කියල.
    උද්දේශයෙන් කියනව, දුක්ඛ සත්‍ය ද දුක්ඛ ආර්‍ය සත්‍ය හැරුණු කොට කිසිවක් දුක්ඛ වෙන්නෙ නැහැ කියල සහ දුක්ඛ ආර්‍ය සත්‍ය නොවුණු දුක්ඛ සත්‍යක් නැහැ කියල.

    එතකොට:
    මේකෙන් ඔබතුමා කියන්නෙ, දුක්ක (ආර්යා සත්යේ ), දුක දැනෙන කොටසක් තියෙනව සහ දුක නෝදැනෙන කොටසක් තියෙනව කියල ද?
    ඔව්

    මේක හරියටම කුලක වලට සෙට් වෙනව මහත්තය හරියට ඉන්ටෙප්‍රිට් කර ගත්තනම්...යමකයෙ තියෙන අනිත් එවත් එහෙමයි..

    ඔව් මහත්තය යාමකය එකට කියවන්න, තැනින් තැනින් ගත්තොත් පැටලෙනව

    දැන් ඔය කුලක දෙක වියුක්තයි ද නැති ද?
    ඔව් abstract
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    මෙතන රොෂ් මහත්තය උද්දේශය සහ නිද්දේශය යන දෙකම ගන්න ඕනි, මම හිතුවේ මුල ඉඳන්ම ඔබතුම එහෙම කලේ කියලා. sorry මම මේක confuse කලානම්.
    මෙතන වචන 3ක් තියෙන බව ඇත්ත, ඒවා තේරුම් වශයෙන් මෙන්න මෙහෙමයි...
    දුක්ඛ = දුක්ඛ ආර්‍ය සත්‍ය නොවූ ඕනෑම දුකක්
    දුක්ඛය = දුක්ඛ සත්‍ය
    දුක්ඛ සත්‍ය = දුක්ඛ ආර්‍ය සත්‍ය

    නිද්දේශයෙන් කියනව, දුක්ඛ ආර්‍ය සත්‍යට දැනෙන දුක අයිතියි කියල වගේම දුක්ඛ කියන්නේ දුක්ඛ ආර්‍ය සත්‍යට අයිති නැති ඕනෑම දුකක් කියල.
    උද්දේශයෙන් කියනව, දුක්ඛ සත්‍ය ද දුක්ඛ ආර්‍ය සත්‍ය හැරුණු කොට කිසිවක් දුක්ඛ වෙන්නෙ නැහැ කියල සහ දුක්ඛ ආර්‍ය සත්‍ය නොවුණු දුක්ඛ සත්‍යක් නැහැ කියල.

    එතකොට:

    ඔව්

    ඔව් මහත්තය, සුත්‍ර දෙකෙන් ම තමයි ඉන්ටෙප්‍රිට් කලේ...හැබයි, හරියට කල්පනා කලොත් එකෙකුනුත් ඔක කරන්න පුලුවන්..

    හොදයි, එතකොට, ඔබතුමා කියනව, දුක්ක සත්ය තියෙනව, ඒකෙ දැනෙන කොටසකුත් තියෙනව (කායික, මානසික ), නොදැනෙන කොටසකුත් තියෙනව (එක ආර්ය දුක්කය කියල ගනිමුකො ), හරිනෙ?

    ඔව් මහත්තය යාමකය එකට කියවන්න, තැනින් තැනින් ගත්තොත් පැටලෙනව

    ඔව් abstract

    මහත්තය, වියුක්ත නම්, දැනෙන දුක, දුක්ක සත්යෙ උපකුලකයක් වෙන්නෙ කොහොමැයි? උද්දෙශයෙ මුල්ම පේලියෙ කියල තියෙනවනෙ, දුක්කය දුක්ක සත්යෙ කොටසක් කියල...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔව් මහත්තය, සුත්‍ර දෙකෙන් ම තමයි ඉන්ටෙප්‍රිට් කලේ...හැබයි, හරියට කල්පනා කලොත් එකෙකුනුත් ඔක කරන්න පුලුවන්..

    හොදයි, එතකොට, ඔබතුමා කියනව, දුක්ක සත්ය තියෙනව, ඒකෙ දැනෙන කොටසකුත් තියෙනව (කායික, මානසික ), නොදැනෙන කොටසකුත් තියෙනව (එක ආර්ය දුක්කය කියල ගනිමුකො ), හරිනෙ?
    නැහැ මහත්තය දුක්ඛ ආර්‍ය සත්‍ය තියෙනව එකේ දුක්ඛ සත්‍ය (කායික + මානසික) කියල දැනෙන කොටසක් තියෙනව, හැබැයි දුක්ඛ සත්‍ය කියන්නේ දුක්ඛ ආර්‍ය සත්‍ය නෙමෙයි .
    මහත්තය, වියුක්ත නම්, දැනෙන දුක, දුක්ක සත්යෙ උපකුලකයක් වෙන්නෙ කොහොමැයි? උද්දෙශයෙ මුල්ම පේලියෙ කියල තියෙනවනෙ, දුක්කය දුක්ක සත්යෙ කොටසක් කියල...
    sorry මහත්තය මම not abstract කියලා ලියන්න ගියේ English, සිංහල පැටලුනා
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    නැහැ මහත්තය දුක්ඛ ආර්‍ය සත්‍ය තියෙනව එකේ දුක්ඛ සත්‍ය (කායික + මානසික) කියල දැනෙන කොටසක් තියෙනව, හැබැයි දුක්ඛ සත්‍ය කියන්නේ දුක්ඛ ආර්‍ය සත්‍ය නෙමෙයි .

    හරි, එතකොට, දුක්ක ආර්ය සත්යයෙ තියෙන්නෙ, කයික, මානසික දුක කියන දැනෙන දුක විතරයි ද? ඔබතුමා ඉස්සෙල්ල කිව්ව, දුක්ක ආර්ය සත්යයෙ දැනෙන දුක කියල කොටසක් තියෙනව කියල...එතකොට නොදැනෙන කොටස මොකක්ද?

    sorry මහත්තය මම not abstract කියලා ලියන්න ගියේ English, සිංහල පැටලුනා

    හරි, දැන් දැනෙන දුක කුලකය තියෙනව, දුක්ක අර්ය සත්ය කුලකය තියෙනව...දුක කුලකය තියෙන්නෙත්, දුක්ක ආර්ය සත්ය කුලකය ඇතුලෙ..එතකොට සෙස්ස තියෙන්නෙ කොහෙද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හරි, එතකොට, දුක්ක ආර්ය සත්යයෙ තියෙන්නෙ, කයික, මානසික දුක කියන දැනෙන දුක විතරයි ද? ඔබතුමා ඉස්සෙල්ල කිව්ව, දුක්ක ආර්ය සත්යයෙ දැනෙන දුක කියල කොටසක් තියෙනව කියල...එතකොට නොදැනෙන කොටස මොකක්ද?
    නොදැනෙන කොටස තමයි දුක්ඛ ආර්‍ය සත්‍යයේ දුක්ඛ සත්‍ය නොවන ටික

    හරි, දැන් දැනෙන දුක කුලකය තියෙනව, දුක්ක අර්ය සත්ය කුලකය තියෙනව...දුක කුලකය තියෙන්නෙත්, දුක්ක ආර්ය සත්ය කුලකය ඇතුලෙ..එතකොට සෙස්ස තියෙන්නෙ කොහෙද?
    සෙස්ස කිව්වෙ මහත්තය ආර්‍ය දුක්ඛයෙන් පිට ටික, ඒ ආර්‍ය සැප
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    නොදැනෙන කොටස තමයි දුක්ඛ ආර්‍ය සත්‍යයේ දුක්ඛ සත්‍ය නොවන ටික

    හරි එතකොට, මේ නොදැනෙන කොටසයි, දැනෙන කොටසයි (කයික, චයිතසික ) දෙකම දුක්ක අර්ය සත්යට අයිති කොටස් දෙකක්..හරිනෙ?

    සෙස්ස කිව්වෙ මහත්තය ආර්‍ය දුක්ඛයෙන් පිට ටික, ඒ ආර්‍ය සැප

    ඔබතුමා දාපු කුලකයෙ, මේ සෙස්ස තියෙන්නෙ කොහෙද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හරි එතකොට, මේ නොදැනෙන කොටසයි, දැනෙන කොටසයි (කයික, චයිතසික ) දෙකම දුක්ක අර්ය සත්යට අයිති කොටස් දෙකක්..හරිනෙ?
    ඔව් හරි මහත්තය
    ඔබතුමා දාපු කුලකයෙ, මේ සෙස්ස තියෙන්නෙ කොහෙද?
    ඒක ඔය කුලක වලට අයිති වෙන්නෙ නැහැ මහත්තය ඒක තියෙන්නෙ බාහිරව (සෙස්ස)

    ඔබතුමා යමකයේ අනික් සත්‍ය 3ත් බලන්න මහත්තය, ඔබතුමාට මේක තව පැහැදිලි වෙයි
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඔව් හරි මහත්තය

    හරි මහත්තය, ඔය අදහසින් තමයි කොටස් තුනයි කිව්වෙ...
    1. දුක්ක අර්ය සත්ය
    2. දුක්ක (චයිතසික+මානසිකා
    3. නොදැනෙන දුක

    දුක්ක ආර්ය සත්ය = දුක්ක (ච+කා ) + නොදැනෙන දුක

    හරිනෙ?

    ඒක ඔය කුලක වලට අයිති වෙන්නෙ නැහැ මහත්තය ඒක තියෙන්නෙ බාහිරව (සෙස්ස)

    ඔබතුමා යමකයේ අනික් සත්‍ය 3ත් බලන්න මහත්තය, ඔබතුමාට මේක තව පැහැදිලි වෙයි

    2. දුක්ක සත්ය දුක්කද? කයික, චයිතසික දුක්කය තබා සෙස්ස දුක්ක සත්යයි. දුක්ක නොවේ.

    එලියෙ වෙන්න බැනෙ මහත්තය මේක අනුව..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හරි මහත්තය, ඔය අදහසින් තමයි කොටස් තුනයි කිව්වෙ...
    1. දුක්ක අර්ය සත්ය
    2. දුක්ක (චයිතසික+මානසිකා
    3. නොදැනෙන දුක

    දුක්ක ආර්ය සත්ය = දුක්ක (ච+කා ) + නොදැනෙන දුක

    හරිනෙ?
    නැහැනෙ මහත්ය දැනෙන දුකත් දුක්ඛ ආර්‍ය සත්‍යයේම කොටසක්, එතකොට තියෙන්නෙ දුක්ඛ ආර්‍ය සත්‍ය සහ ඒකටම අයිති වෙන දුක්ඛ සත්‍ය (මානසික + ශාරීරික), එතකොට 2යි (දුක්ඛ ආර්‍ය සත්‍ය නො වූයෙක් දුක්ඛ සත්‍ය ද නොවේ ද යත්: එසේ යි.)
    2. දුක්ක සත්ය දුක්කද? කයික, චයිතසික දුක්කය තබා සෙස්ස දුක්ක සත්යයි. දුක්ක නොවේ.

    එලියෙ වෙන්න බැනෙ මහත්තය මේක අනුව..

    ඔව් මේ දුක්ඛ ආර්‍ය සත්‍ය කියන්නේ මොකක්ද කියන තැනනේ, මෙතනින් නෙමයි උද්දේශයෙන් ගත්තොත් ඔය bold කරලා තියෙන අවශේෂය

    කායික දුඃඛය චෛතසික දුඃඛය තබා අවශේෂය දුක්ඛ සත්‍ය නො වෙයි, දුක්ඛ ආර්‍ය සත්‍ය වේ. දුක්ඛ සත්‍ය ද දුක්ඛ ආර්‍ය සත්‍ය ද තබා අවශේෂය දුකක් නො වූයේ ම දුක්ඛ ආර්‍ය සත්‍ය ද නොවේ. දුක්ඛ ආර්‍ය සත්‍ය නො වූයෙක් දුක්ඛ සත්‍ය ද නොවේ ද යත්: එසේ යි.
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    නැහැනෙ මහත්ය දැනෙන දුකත් දුක්ඛ ආර්‍ය සත්‍යයේම කොටසක්, එතකොට තියෙන්නෙ දුක්ඛ ආර්‍ය සත්‍ය සහ ඒකටම අයිති වෙන දුක්ඛ සත්‍ය (මානසික + ශාරීරික), එතකොට 2යි (දුක්ඛ ආර්‍ය සත්‍ය නො වූයෙක් දුක්ඛ සත්‍ය ද නොවේ ද යත්: එසේ යි.)

    එතකොට නොදැනෙන දුක කොටස?

    ඔව් මේ දුක්ඛ ආර්‍ය සත්‍ය කියන්නේ මොකක්ද කියන තැනනේ, මෙතනින් නෙමයි උද්දේශයෙන් ගත්තොත් ඔය bold කරලා තියෙන අවශේෂය

    කායික දුඃඛය චෛතසික දුඃඛය තබා අවශේෂය දුක්ඛ සත්‍ය නො වෙයි, දුක්ඛ ආර්‍ය සත්‍ය වේ. දුක්ඛ සත්‍ය ද දුක්ඛ ආර්‍ය සත්‍ය ද තබා අවශේෂය දුකක් නො වූයේ ම දුක්ඛ ආර්‍ය සත්‍ය ද නොවේ. දුක්ඛ ආර්‍ය සත්‍ය නො වූයෙක් දුක්ඛ සත්‍ය ද නොවේ ද යත්: එසේ යි.

    "දුක්ඛ සත්‍ය ද දුක්ඛ ආර්‍ය සත්‍ය ද තබා අවශේෂය දුකක් නො වූයේ ම දුක්ඛ ආර්‍ය සත්‍ය ද නොවේ"

    මෙතන කියන්න ඉස්සෙල්ල කිව්ව සෙස්ස නෙවේ..ඉස්සෙල්ල සෙස්ස කිව්වෙ, කායික, මානසික ඇර ඉතුරු ටික.. මෙතන කියන්නෙ දුකටයි, දුක්ක සත්යට එලියෙන් මුකුත් නැ කීයල... ඒකෙ අවුලක් නැ නෙ...මම ඇහුව්, දුක්ක සත්යට අයිති වෙන සෙස්ස..කොහෙද තියෙන්නෙ කියල..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    එතකොට නොදැනෙන දුක කොටස?
    නොදැනෙන දුක් කොටස තමයි මහත්තය දුක්ඛ ආර්‍ය සත්‍යයේ ඉතුරු ටික. කුලක විදියට ගත්තොත්, ඔය රතු පාට ටික
    1675135357983.png

    "දුක්ඛ සත්‍ය ද දුක්ඛ ආර්‍ය සත්‍ය ද තබා අවශේෂය දුකක් නො වූයේ ම දුක්ඛ ආර්‍ය සත්‍ය ද නොවේ"

    මෙතන කියන්න ඉස්සෙල්ල කිව්ව සෙස්ස නෙවේ..ඉස්සෙල්ල සෙස්ස කිව්වෙ, කායික, මානසික ඇර ඉතුරු ටික.. මෙතන කියන්නෙ දුකටයි, දුක්ක සත්යට එලියෙන් මුකුත් නැ කීයල... ඒකෙ අවුලක් නැ නෙ...මම ඇහුව්, දුක්ක සත්යට අයිති වෙන සෙස්ස..කොහෙද තියෙන්නෙ කියල..
    ඔබතුමා කියන්නෙ මේ කොටසනේ?

    දුක්ක සත්ය දුක්කද? කයික, චයිතසික දුක්කය තබා සෙස්ස දුක්ක සත්යයි. දුක්ක නොවේ.

    මෙන්න මෙහෙම ගන්න මහත්තය;

    ප්‍රශ්නය: දුක්ක සත්ය දුක්කද? < මේ අහන්නෙ දුක්ඛ ආර්‍ය සත්‍ය දුකක්ද කියල
    උත්තරය: කයික, චයිතසික දුක්කය තබා සෙස්ස දුක්ක සත්යයි, දුක්ක නොවේ < මේ කියන්නේ මානසික දුක සහ කායික දුක හැරුණු කොට ඉතුරු ටික දුක්ඛ ආර්‍ය සත්‍යයි, ඒක දුකකට අයිති වෙන්නෙ නැහැ කියන එක.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    නොදැනෙන දුක් කොටස තමයි මහත්තය දුක්ඛ ආර්‍ය සත්‍යයේ ඉතුරු ටික. කුලක විදියට ගත්තොත්, ඔය රතු පාට ටික
    View attachment 196033

    ඉතින් මහත්තය, ඕක එන්ටිටි තුනක් විදිහට පෙන්න්න පුලුවන් නෙ..

    1. කොල පාට කොටස (දුක්ක ) - මේක දුක්ක අර්ය සත්යේ කොටසක්
    2. රතු පාට කොටස ( දුක නොවන දුක ) - මෙකත් දුක්ක අර්ය සත්යෙ කොටසක්.
    3. ඔය දෙකේම එකතුව (දුක්ක අර්ය සත්ය )

    ඔබතුමා කියන්නෙ මේ කොටසනේ?

    දුක්ක සත්ය දුක්කද? කයික, චයිතසික දුක්කය තබා සෙස්ස දුක්ක සත්යයි. දුක්ක නොවේ.

    මෙන්න මෙහෙම ගන්න මහත්තය;

    ප්‍රශ්නය: දුක්ක සත්ය දුක්කද? < මේ අහන්නෙ දුක්ඛ ආර්‍ය සත්‍ය දුකක්ද කියල
    උත්තරය: කයික, චයිතසික දුක්කය තබා සෙස්ස දුක්ක සත්යයි, දුක්ක නොවේ < මේ කියන්නේ මානසික දුක සහ කායික දුක හැරුණු කොට ඉතුරු ටික දුක්ඛ ආර්‍ය සත්‍යයි, ඒක දුකකට අයිති වෙන්නෙ නැහැ කියන එක.

    නැ මම ගත්තෙ, ඔබ තුමා බොල්ඩ් කරල දාපු එකෙන්

    "දුක්ඛ සත්‍ය ද දුක්ඛ ආර්‍ය සත්‍ය ද තබා අවශේෂය දුකක් නො වූයේ ම දුක්ඛ ආර්‍ය සත්‍ය ද නොවේ"

    උත්තරය: කයික, චයිතසික දුක්කය තබා සෙස්ස දුක්ක සත්යයි, දුක්ක නොවේ < මේ කියන්නේ මානසික දුක සහ කායික දුක හැරුණු කොට ඉතුරු ටික දුක්ඛ ආර්‍ය සත්‍යයි, ඒක දුකකට අයිති වෙන්නෙ නැහැ කියන එක.

    ඉතින් ඒක තමයි, සෙස්ස, දුක්ක අර්ය සත්යට අයිති වෙන්න ඕනෙ... කිසි කුලකයකට අයිති නැති වෙන්න විදිහක් නැ..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඉතින් මහත්තය, ඕක එන්ටිටි තුනක් විදිහට පෙන්න්න පුලුවන් නෙ..

    1. කොල පාට කොටස (දුක්ක ) - මේක දුක්ක අර්ය සත්යේ කොටසක්
    2. රතු පාට කොටස ( දුක නොවන දුක ) - මෙකත් දුක්ක අර්ය සත්යෙ කොටසක්.
    3. ඔය දෙකේම එකතුව (දුක්ක අර්ය සත්ය )
    ඒ මහත්තය ඔබතුමා මේක කුලක විදියට දකින නිසා, ඇතටටම තියෙන්නෙ දුක්ඛ ආර්‍ය සත්‍ය කියන ධර්මතාවය (ප්‍රඥා ගොචරයි), දුක්ඛ සත්‍ය කියන්නේ ඔය ධර්මතාවය නිසා ඇතිවෙන දුක (වේදනා ගොචරයි) . හරියට අඳුරේ තියෙන petrol ගොඩක් වගේ. petrol පෙනෙන්නෙ නැහැ නමුත් ගිනි ගත්ත ගමන් ගින්න පෙනෙනව.

    දුක්ඛ සත්‍ය, දුක්ඛ ආර්‍ය සත්‍යට හේතු වශයෙන් ප්‍රත්‍යයි
    නැ මම ගත්තෙ, ඔබ තුමා බොල්ඩ් කරල දාපු එකෙන්

    "දුක්ඛ සත්‍ය ද දුක්ඛ ආර්‍ය සත්‍ය ද තබා අවශේෂය දුකක් නො වූයේ ම දුක්ඛ ආර්‍ය සත්‍ය ද නොවේ"

    උත්තරය: කයික, චයිතසික දුක්කය තබා සෙස්ස දුක්ක සත්යයි, දුක්ක නොවේ < මේ කියන්නේ මානසික දුක සහ කායික දුක හැරුණු කොට ඉතුරු ටික දුක්ඛ ආර්‍ය සත්‍යයි, ඒක දුකකට අයිති වෙන්නෙ නැහැ කියන එක.

    ඉතින් ඒක තමයි, සෙස්ස, දුක්ක අර්ය සත්යට අයිති වෙන්න ඕනෙ... කිසි කුලකයකට අයිති නැති වෙන්න විදිහක් නැ..
    දුක්ඛ සත්‍ය ද දුක්ඛ ආර්‍ය සත්‍ය ද තබා අවශේෂය දුකක් නො වූයේ ම දුක්ඛ ආර්‍ය සත්‍ය ද නොවේ

    මේකේ මහත්තය දුක්ඛ ආර්‍ය සත්‍යට අයිති නැහැ කියල කෙලින්ම කියල තියනවනෙ. මේ බලන්නකො:

    දුක්ඛ සත්‍ය ද දුක්ඛ ආර්‍ය සත්‍ය ද තබා අවශේෂය < මේ කියන්නෙ දුක්ඛ සත්‍ය[කායික සහ මානසික දුක] සහ දුක්ඛ ආර්‍ය සත්‍ය [ප්‍රඥා ගෝචර ආර්‍ය දුක] නැතුව ඉතුරු ටික

    දුකක් නො වූයේ ම දුක්ඛ ආර්‍ය සත්‍ය ද නොවේ > මේ කියන්නෙ ඔය ඉතුරු ටික කිසිම දුකකට වත් දුක්ඛ ආර්‍ය සත්‍යට වත් අයිති වෙන්නෙ නැහැ කියල, ඒ කියන්නෙ ඒ ටිකේ මොන යම්ම දුකක් නැහැ කියන එකනෙ. එහෙනම් ඒ ටික සැප වෙන්න ඕනි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඒ මහත්තය ඔබතුමා මේක කුලක විදියට දකින නිසා, ඇතටටම තියෙන්නෙ දුක්ඛ ආර්‍ය සත්‍ය කියන ධර්මතාවය (ප්‍රඥා ගොචරයි), දුක්ඛ සත්‍ය කියන්නේ ඔය ධර්මතාවය නිසා ඇතිවෙන දුක (වේදනා ගොචරයි) . හරියට අඳුරේ තියෙන petrol ගොඩක් වගේ. petrol පෙනෙන්නෙ නැහැ නමුත් ගිනි ගත්ත ගමන් ගින්න පෙනෙනව.

    දුක්ඛ සත්‍ය, දුක්ඛ ආර්‍ය සත්‍යට හේතු වශයෙන් ප්‍රත්‍යයි

    ඔතන මහතය, දුක්ක අර්ය සත්යම ප්‍රජ්නා ගෝචරයි කියන්න අවශ්ය නැනෙ. මොකද, දුක්ක අර්ය සත්යයෙ, දැනෙන දුක කොටස (ච+කා ) ගෝචරයි. දුක්ක අර්ය සත්යයෙ, නොදැනෙන දුක කොටස තමයි ප්‍රජ්නා ගෝචර...

    ඔබතුමාට කියන්න පුලුවන්ද, ඔතන නොදැනෙන දුකට අදාල එලෙමෙන්ට් ටික මොකක්ද කියල?

    දුක්ඛ සත්‍ය ද දුක්ඛ ආර්‍ය සත්‍ය ද තබා අවශේෂය දුකක් නො වූයේ ම දුක්ඛ ආර්‍ය සත්‍ය ද නොවේ

    මේකේ මහත්තය දුක්ඛ ආර්‍ය සත්‍යට අයිති නැහැ කියල කෙලින්ම කියල තියනවනෙ. මේ බලන්නකො:

    දුක්ඛ සත්‍ය ද දුක්ඛ ආර්‍ය සත්‍ය ද තබා අවශේෂය < මේ කියන්නෙ දුක්ඛ සත්‍ය[කායික සහ මානසික දුක] සහ දුක්ඛ ආර්‍ය සත්‍ය [ප්‍රඥා ගෝචර ආර්‍ය දුක] නැතුව ඉතුරු ටික

    දුකක් නො වූයේ ම දුක්ඛ ආර්‍ය සත්‍ය ද නොවේ > මේ කියන්නෙ ඔය ඉතුරු ටික කිසිම දුකකට වත් දුක්ඛ ආර්‍ය සත්‍යට වත් අයිති වෙන්නෙ නැහැ කියල, ඒ කියන්නෙ ඒ ටිකේ මොන යම්ම දුකක් නැහැ කියන එකනෙ. එහෙනම් ඒ ටික සැප වෙන්න ඕනි.

    මේකේ අවුලක් නැ මහත්තය, මම කිව්වෙ, උද්දෙශයෙ, සෙස්ස කියන එකයි, නිඩ්දෙශයෙ, අවශෙශය කියන එකයි, දෙකක්... හරි, ඕක ලොකුවට ඔනෙ නැ..උඩ එක ප්‍රමානවත් දැනට..

    තව එකෙක් මතක් උනා..පටිච්ච සමුපාදයෙ දුකට..එකොලොස් ගින්න විතරක් කියල...දුක්ක සත්ය විග්‍රහයෙදි, ඒ දුකට අමතරව උපාදන ස්කන්දයත් දුකයි කියල කියන එකට ඔබතුමාට අදහසක් තියෙනවද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔතන මහතය, දුක්ක අර්ය සත්යම ප්‍රජ්නා ගෝචරයි කියන්න අවශ්ය නැනෙ. මොකද, දුක්ක අර්ය සත්යයෙ, දැනෙන දුක කොටස (ච+කා ) ගෝචරයි. දුක්ක අර්ය සත්යයෙ, නොදැනෙන දුක කොටස තමයි ප්‍රජ්නා ගෝචර...

    ඔබතුමාට කියන්න පුලුවන්ද, ඔතන නොදැනෙන දුකට අදාල එලෙමෙන්ට් ටික මොකක්ද කියල?
    දෙකම ප්‍රඥා ගොචරයි මහත්තය, එකක් වේදනාත් ගොචරයි.

    නොදැනෙන දුකට අදාළ elements කියල ගන්න දෙයක් නැහැ මහත්තය, දුක්ඛ ආර්‍ය සත්‍ය කියන ධර්මතාවය තමයි තියෙන්නෙ. ඒක වේදනා ගෝචර දුක්ඛ සත්‍ය ගොඩනගන සුලුයි, හරියට petrol වහා ගිනි ඇවිලෙන සුළුයි වගෙ

    මේකේ අවුලක් නැ මහත්තය, මම කිව්වෙ, උද්දෙශයෙ, සෙස්ස කියන එකයි, නිඩ්දෙශයෙ, අවශෙශය කියන එකයි, දෙකක්... හරි, ඕක ලොකුවට ඔනෙ නැ..උඩ එක ප්‍රමානවත් දැනට..

    තව එකෙක් මතක් උනා..පටිච්ච සමුපාදයෙ දුකට..එකොලොස් ගින්න විතරක් කියල...දුක්ක සත්ය විග්‍රහයෙදි, ඒ දුකට අමතරව උපාදන ස්කන්දයත් දුකයි කියල කියන එකට ඔබතුමාට අදහසක් තියෙනවද?
    හොඳමයි මහත්තය.

    උපාදන ස්කන්ධය කියන්නෙ ඔය එකොලොස් ගින්නට ප්‍රත්‍ය වෙන එකක්නෙ මේක දුක්ඛය සැදීමේ යාන්ත්‍රණයේ කොටසක්, ඒ කියන්නේ සමුදය සත්‍ය. මගේ අදහස නම් උපාදානය කියන්නේ ඔය අභ්‍යන්තර - බාහිර වෙන් වුන මොහොත, එතකොට මෙතන කියන්නේ මේ වෙන්වීමම දුකයි කියල. ඒ කියන්නේ අර ජෝතිෂ්‍ය කියන දේ සහ ඒක හරි හෝ වැරදි කියන මම වගෙ.

    p.s. යමකයේ සමුදය සත්‍යත් මේ විදියටම විස්තර කරල තියනව මහත්තය.