එජාප ප්‍රේමදාස පාලන සමයේ පොලිස් විරුවන් 600
එජාප ප්‍රේමදාස පාලන සමයේ පොලිස් විරුවන් 600 ක් කොටින්ට බිලි දී වසර 21 යි
නැඟෙනහිර පළාතේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් හයසියයකට ආසන්න පිරිසක් එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබීමේ ශෝචනීය සිද්ධියට 11 දා වසර 21 ක් පිරිණ. මේ නිමිත්තෙන් ඔවුන්ට පින් අනුමෝදන් කිරීමේ ආගමික පින්කම් රැසක් ක්‍රියාත්මක කෙරිණ.
1990.06.11 දා අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ කිහිපයක දී නිරායුධ පොලිස් නිලධාරීන් 600 දෙනකු එල්.ටී.ටී.ඊ. ය විසින් මරා දැමූ සිද්ධිය මෙරට දේශපාලන ඉතිහාසයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නකි. එවකට පාලනයේ පැවති එජාප ආණ්ඩුව එල්.ටී.ටී.ඊ. ය සමඟ ගිවිසුමක් අස්සන් තැබූ අතර, එහි එක් ප්‍රතිඵලයක් ලෙස සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පැමිණ සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට භාරවන ලෙස නියෝග ලැබුණි.
මෙහිදී අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් එල්.ටී.ටී.ඊ. ය නිරායුධ සිටි පොලිස් නිලධාරීන් 600 දෙනෙක් අමු අමුවේ ඝාතනයට ලක් කළේය. වර්තමාන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එදා සභා නායකයාව හා ප්‍රේමදාස පාලන සමයේ ආරක්ෂක පාර්ශවයේ දැවැන්තයෙක්ව සිටි අතර, අද විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් ද මේ සඳහා මූලිකත්වය ගෙන කි‍්‍රයා කළේය. 1990 ජුනි 11 දින කොටින් අතින් මිය ගිය 600 කට ආසන්න පොලිස් නිලධාරින්ගේ සැමරුම් දිනය ජුනි 11 ට යෙදී තිබිණි. උදෑසන සියලුම පොලිස් ස්ථාන ඉදිරිපිටට රැස්වූ උසස් නිලධාරින් ඇතුළු සියලුම පොලිස් නිලධාරිහු පොලිස් කොඩිය අඩ කුඹු කොට මිය ගිය සිය සගයන් සැමරූහ.
විහාරස්ථානවලට රැස්වූ නිලධාරිහු ද පොල්තෙල් පහන් දල්වා මිය ගිය නිලධාරින්ට පිං පැමිණවූහ.

..