ඔව් මචන් මමත් කියන්නේ සාධාරණ ගාණක් දෙන්න ඕනේ කියලයි. උබ කිව්ව උදාහරණය ගාත්තොත්, ඔව් වැඩි පඩි දුන්නම, ජිවන මට්ටම උසස් වෙනවා, එතකොට මිනිස්සුන්ගේ මාන්නක්කාර බව වැඩි වෙනවා, ඒක වැඩි උනාම අතේ ඒවා මේවා ගාගන්න, බිම ඉදගෙන වැඩ කරන්න, එක එක් කෙනාගේ දේවල් අනුව වැඩ කරන්න හිතෙන්නේ නෑ, ඇයි සල්ලි වැඩියිනේ? එතකොට ටිකක් ඉදිමෙන ගතියක් තියෙනවා.
එතකොට වැඩේ හරියට කරන්නේ නෑ. මේක සමාජයේ තියෙන තව එක ප්‍රශ්ණයක්, නමුත් උබ අහලා ඇති ලංකාවේ මේ අධි මාන්නක්කාරයෝ පිටරට ගියාම කුණු හෝදන, පිගන් හෝදන වැඩ කරන්න උනත් අදිමදි කරන්නේ නෑ කියලා. උබේ ප්‍රශ්නයට උත්තරය මේකත් එක්ක තියෙනවා, ඒක මේ සමාජයේ වරදක්, ඒකත් හැදෙන්න ඕනේ, නමුත් ඒ වගේ දේවල් තනි තනි හදන්න පුලුවන් දේවල් නෙවෙයි, ඒක සමාජයම එකතුවෙලා හදාගන්න ඕන දේවල්. දියුණු රටවල මේ තත්වයක් නෑ, ඉතින් මම හිතන්නේ හැමෝගෙම ජීවන මට්ටම උසස් වුනාම මේ තත්වය වෙනස් වෙයි කියලයි.
ඒ වගේම උබේ ශොප් එකට ආයිත් එන්නේ නැති වෙන්න වෙනත් හේතුත් තියෙන්න පුලුවන්. සමහර විට අනෙක් ෂොප් වල උන් වැඩියෙන් ගෙවනවා ඇති, එතකොට වැඩියෙන් ගෙවන උන්ට වැඩි ප්‍රමුඛතාවක් උන් දෙනවා ඇති, සමහර වෙලාවට වෙන තැන් වල උබ ලගම කරන වැඩේ ටිකක් ලේසියෙන්, අඩු මහන්සියකින් කරලා උබේ ගාණම ගන්න පුලුවන් ඇති, සමහර විට උන් වෙන ලේසි වැඩ කරලා උබේ ගාණම හෝ ටිකක් අඩුවෙන් හොයනවා ඇති, යොදන මහන්සියට සාපේක්ෂව ලැබෙන ගාණ තමයි ගොඩක් මිනිස්සු බලන්නේ. ඒක නිසයි හොදට ඉගෙන ගත්තු උන් , හොද පළපුරුද්දක් තියෙන උන් වැඩියෙන් ඉල්ලන්නේ මොකද උන් වැඩේ ඉගෙන ගන්න වැඩි මහන්සියක් යොදලා තියෙන නිසා. පළපුරුද්ද අඩු වුන්ගේ කොලිටි එක අඩුයි, වැඩි කාලයක් වැය කරන්න ඕනේ එකම වැඩේ කරන්න, ඒ වගේම එකම කොලිටි එකට ගන්න පුලුවන් උනත් ඒකට වැඩි කාලයක් ගතවෙනවා. බිස්නස් එකකදි කාලය කියන්නේ මුදල්, පළපුරුද්ද තියෙන උන් දාලා ඉක්මනින්ම වැඩේ කරගන්න පුලුවන් උනොත් ලැබෙන ඕර්ඩස් ඉක්මනින්ම ඉවරකරන්න පුලුවන් වගේම, තව වැඩියෙන් ඕරඩ්ස් ගන්නත් පුලුවන්. උබට දවස් 30 ක් තියෙනව නම්, පළපුරුද්ද නැති උන් දැම්මොත් ඕරඩ්ස් 10 ක් වගේ දවස් 30 කින් ඉවරකරන්න පුලුවන් නම්, පළපුරුද්ද තියෙන උන් ඉන්නවා නම් මේ ඔරඩ්ස් 10 දවස් 15 වෙන් වගේ ඉවරකරන්න පුලුවන්, ඊට පස්සේ තව වැඩියෙන් ඕරඩ්ස් අරගන්න පුලුවන් ඉතුරු කාලේට, පළපුරුද්ද තියෙන උන්ට වැඩියෙන් ගෙවන්න ඕනේ නිසා, අවස්ථා දෙකේම යන ගාණ එකම වෙන්න පුලුවන් වගේ පෙනෙයි, නමුත් සාධාරණ ගාණක් සේවකයෙක්ට ගෙව්වොත් (වැඩියෙන් ගෙවන්නේ නැතුව), අර පළපුරුද්ද තියෙන උන් ඉන්න අවස්ථාවේදි ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන්, අනික පළපුරුද්ද තියෙන උන්ට වැඩේ කරන්න ලේසියි, නැති උන් වරද්දනවා, හරියට කරන්නේ නෑ, අදිමදි කරනවා, පළපුරුද්ද තියෙන උන්ට ඒක ඉබේම වෙනවා, හරියට දත් මදින එක උදේට නැගිට්ට හැටියේ කරනවා වගේ.
තව හේතුව ගොඩක් තියෙන්න පුලුවන්, මේක දැනගන්න තියෙන හොදම ක්‍රමේ තමයි.... උබ දැකලා තියෙනවද සමහර කොම්පැනි වල සයිට් වල තියෙනවා ෆීඩ්බැක් කියලා එකක්, සයිට් එකට එන උන්ට උන් අදාල සයිට් එක ගැන, කොම්පැනි එක ගැන, උන්ගේ ප්‍රඩක්ට් ගැන හිතන විදිය, ඒවා මොනවගේ විදියටද දියුණු වෙන්න ඕනේ කියලා ෆීඩ්බැක් ගන්නවා, උබටත් පුලුවන් නම්, ගම් අහන්නේ නැතුව මේ වගේ ෆීඩ් බැක්, උබේ කස්ටර්මස්ලගේ වගේම, සේවකයන්ගෙන් ගන්න, ඊට පස්සේ උන්ගේ තියෙන ඉල්ලීම්, යෝජනා අනුව උබේ බිස්නස් එක ටිකක් මොඩිෆයි කරලා ගන්න. පෙට්ටියක් තියන්න කඩේ ඉස්සරහාම වගේ පොතකුත් එක්ක, ඊට පස්සේ එන උන්ට කියන්න උන්ගේ අදහස් ලියලා ඒකට දාන්න කියලා නම් ගම් දාන්නේ නැතුව, උබ ටිකක් ඈතින් වගේ හිටපන්, ඊට පස්සේ හැමදාම රෑට උබ ඒකේ තියෙන ඒවා කියවලා බලපන් උබේ බිස්නස් එක, ප්‍රඩක්ට් ගැන මිනිස්සු හිතන විදිය, මේකෙන් ලොකු දෙයක් කරන්න පුලුවන් මචන්. මිනිස්සු හිතන විදිය වෙනස්, ඒවා ගෙස් කරන්න අමාරුයි, මේ ක්‍රමයෙක් උබට පුලුවන් උන් හිතන හැටි දැනගන්න, ඊට පස්සේ උබ හැමෝටම සාධාරණයක් වෙන විදියට බිස්නස් එක මොඩිෆයි කරලා ගත්තම, ඒකෙන් කස්ටර්ස්ලා සතුටු වෙනවා, සේවකයෝ සතුටු වෙනවා, එතකොට උබට බිස්නස් වැඩි වෙනවා.