එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒත් මචං රට උශ්න වුනාට එන්ජින් බ්ලොක් එක ඇතුලේ තියන වතුර අඩුම තරමේ යන්තං වත් රත් වෙලා නෑ. ඉතිං හිතපංකෝ මුලු සිස්ටම් එකේම තියන වතුර රත් කරනවට වඩා බ්ලොක් එක ඇතුලේ තියන වතුර විතරක් මුලින් රත් කරන එකේ වාසියක් ඇත්තෙම නැද්ද කියලා. ඉතිං කොහොමද ඔය තර්කයට එකග වෙන්නේ. එය කියන විදිහට නම් අරාබිය වගේ ටැප් එකෙන් එන වතුරෙන් දුම් දාන සයිස් එකට රට උනුසුම් වෙන්න ඕනේ. ඕක ඇති සහ නැති වාහන දෙකක් ස්ටාට් කරපු මොහොත ඉදලා ඔය වෙනස දැනෙනවා.

    :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ කාර් එකේ සහ වෑන් එකේ දැම්මා..

    තර්මෝස්ටැට් එක අවුල් වෙලා තියෙද්දි හීටරේ නගින්නේ කාලක් විතර. සමහර වෙලාවට හයිවේ එකේ වගේ දිගට යනකොට හීට් එක නගිනවා.

    දැම්මට පස්සෙ නම් කටුව බාගෙ තියෙන්නේ මොකක් කලත්.:yes:

    ඕක ගැන තව ටිකක් ලියන්නම්
    සාමාන්‍යයෙන් ඔය තර්මස්ටැට් වෑල් එක ඇරෙන්නේ සෙල්සියස් අංශක 85 දි විතර. ඉතිං හිතපංකෝ අපේ පරිසරයේ තියන වතුර ඔය තරම් රත් වෙලාද තියන්නෙ කියලා. එහෙනම් ඉතිං තේ හදන්න කෙලින්ම ටැප් එකෙන් වතුර ගත්තම ඇති. එන්ජිම ස්ටාට් කරපු ගමන් බ්ලොක් එක ඇතුලේ සහ සිස්ටම් එකේ තියන වතුර කොහොමත් සීතලයි. තර්මස්ටැට් වෑල් එක තියනව නම් ඉක්මනින් බ්ලොක් එක ඇතුලේ තියන වතුර ටික රත් වෙනවා. මේ රත්වීම සෙල්සියස් අංශක 85 විතර උනාට පස්සේ තමයි වෑල් එක ඇරිලා ටික ටික වතුර සංසරනය වෙන්නේ. මේකත් එකපාරම වෙන්නෙ නෑ. ඉතිං ඒකෙන් ලැබෙන මුල්ම වාසිය තමයි එන්ජිම රත් වෙනකන් රේස් කර කර ඉන්න ඕනෙ නැති එක. දෙවෙනි වාසිය තමයි එන්ජිමෙන් හොද කාර්යක්ෂම තාවයක් ලැබෙන නිසා පැට්‍රල් හෝ ඩිසල් හොදට වැඩ කිරීම.
    අනික එන්ජින් එකේ කූලන්ට් වල උෂ්නත්වය බලපාන්නේ එන්ජිම ක්‍රියාත්මක වෙන්නම විතරක් නෙවෙයි. අයිඩිල අප් සිස්ටම් එක, ඔටෝමැටික් චෝක් සිස්ටම් එක, කාබ් එක හෝ ඊඑෆ්අයි වැඩ කරන්නත් ඔය පද්ධතියේ උෂ්නත්වය නිසි විදිහට තියෙන්න ඕනේ ඉතිං තර්මස්ටැට් වෑල් එක අයින් කරහම ඔය සිස්ටම් එකේම ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා. ඊලගට තමයි රටේ නැති ලෙඩ ටික ටික වාහනේට එන්නේ. අනික බ්‍රෙක් බයින්ඩ් වෙලා වාහනේ දිව්වත් ඩ්‍රයිවර් දන්නෙ නෑ මොකක්ද සීන් එක කියලා. ගොඩක් අය රත් වෙනවට හේතුව හොයන්නේ නැතුව ඕක අයින් කරහම ඔක්කොම හරි කියල තමයි හිතන්නේ. ඒක හරියට ඩෙංගු ලෙඩෙක්ට ඇස්ප්‍රීන් දුන්න වගේ තමයි. ලෙඩේ එහෙමමයි රෝග ලක්ෂනය යට යනවා.
     
    You must spread some Reputation around before giving it to Mr.Tom again.:sorry:
     
    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    මචන් මගේ තියෙන්නේ වියෝස් එකක්. ඒකෙ ඒසී දාලා යද්දි හීට් වෙනව. ෆෑන් එකත් ළගදි අලුතින් දැම්ම ඒත් හරිගියේ නෑ. ත‍ර්මෝස්ටැට් අවුලක්ද ????
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් මගේ තියෙන්නේ වියෝස් එකක්. ඒකෙ ඒසී දාලා යද්දි හීට් වෙනව. ෆෑන් එකත් ළගදි අලුතින් දැම්ම ඒත් හරිගියේ නෑ. ත‍ර්මෝස්ටැට් අවුලක්ද ????

    මචං මේ ප්‍රශ්නේ අපේ කටු ත්‍රෙඩ් එකේ දාන්න. හරිම උත්තරයක් අනිවාර්යෙන් ලැබෙයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1684798
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ජ්පන් බයික් වල තියෙනවනෙ වැඩිපුර රත් වෙන කෑල්ලක්. ඕකත් ගලවල අයින් කරන්න හොද නැද්ද??