ගෙවල් ළඟ නම්කියෙක් පැනලා ගිහින්.අද උදේ දැක්කා ගේ ළඟින් යනවා. ( 26 A/L ) පංති යනවා කියලා ගෙදරින් ගිහින් තියෙන්නේ.
හවස එනකන් බලන් ඉන්නවා එයාලගේ අම්මා.එන්න පරක්කු හින්දා මගට ගිහිල්ලත් බලන් හිටියා.ආවේ නෑ.අනිත් උන් ආවා.උන්ගෙන් ඇහුවාම අද පංතියට එනවා දැක්කේ නෑ කිව්වා.
සර් ට call කරාම බලලා කිව්වා අද ඇවිත් නෑ කියලා.ගෙදර මිනිස්සු බය වෙලා බන්. ඊට පස්සේ පොලීසියට ගිහින් කියලා ලමයා නෑ කියලා.මීට කලින් o/l කාලේ ලව් එකක් ඒකිට තිබිලා.ගෙවල් වලින් ඕක දැන්ගෙන නතර කරපු එක මුන් ආපහු පටන් අරන්. ඒකි ළග phone එකක් තිබුනා ඒකත් අරන් ගිහින් තියෙන්නේ.( ඒක ඕෆ් ) ඒ කරලා ඒකිගේ තාත්තා සැකේට අරූට call කරාම තමයි ඌ කිව්වේ කෙල්ල ඌ එක්ක ඉන්නේ කියලා.මුන් පැනලා ගිහිල්ලා.කෙල්ලත් ඒ ගමන් කතා කරා. කොල්ලා මේ අවුරුද්දේ කොරියන් යන්නලු ඉන්නේ.ඒක හින්දා දෙන්නා එක ගෙදරකට ආවලු.කොල්ලාගේ අම්මත් වැඩේට support. කෙල්ලගේ පවුලේ උන් නම් හවස අඩ අඩ හිටියට දැන් පරල වෙලා ඉන්නේ.අරුන් දෙන්නට හෙට පොලීසියට එන්න කියලා.ගම පුරාම සීන් එක ගිහින් තියෙන්නෙ. අරකිට තව මල්ලිලා දෙන්නෙකුත් ඉන්නවා .උන් පව් බන් සීන් එක උන් දෙන්නාට තේරෙන්නෙ නෑ. එකෙක් 5හේ අනිත් එකා 3 වසරේ.උඹලාගෙත් නංගිලා එහෙම ඉන්නවනන් චුට්ටක් alert එකේ ඉඳපම් දැන් ඉන්න කෙල්ලෝ යටි කූට්ටු ගේම් ගහන්න ඔස්තාර්ලා.ඒ කෙල්ලට පෙනුමෙන් අවුලක් නෑ ලස්සනයි.අරූගේ සීනී බෝල කතා වලට අහු වෙලා වගේ. ( පැනලා යන සීන් මේ ටිකේම තුන හතරක් උනා.ඔක්කොම වගේ 17,18 වයසෙ උන් )
මේ රෙද්දවල් අස්සේ දැන් ගෙදර මිනිස්සුන්ට සැකයි මමත් මොකෙක් හරි පන්නගෙන අරන් එයි කියලා

)