ජිවිත ඔරුව පැද උඩුගං බලා යති...
ඇති කම්කටොලු දුක් විසදන ගමන් අපි...
මොනදේ තිබුන මුත් සිහියට ගන්න සකි....
වැදු මව් දෙමව්පියෝ අපි සුරකින්න නීති...
කලේ ගුණ නොදත් දරුවන් ඉන්න ලෝකේ ....
මට අද ඇසුනේ හද කම්පා කරනා දේ....
අසරණ තාත්තෙක් මහා මග දාමා ගියේ....
බෙහෙත් තුන්ඩුවක් පමනයි ලග තිබුනේ....
කල හැකි එකම දෙයකිය සිහියට අවේ...
තුන්දුවේ බහෙත් ටික ම අරගෙන දුන්නේ...
බසයක් නවත්තා තාත්තා එහි නගවා...
යැව්වා ගම බලා අත මුදලකුත් තියා...
හැදුවේ දෙමව්පියෝ අප සිටි පොඩි කාලේ...
සෙව්වේ බැලුවේ යැව්වේ පාසල් බාලේ...
කර දඩු උස මහත්වී දරුවන් මේ කාලේ...
පන්නයි ගසා තම මව්පියවරු පාරේ...
නැත මින් කියවෙන්නේ සැම දරුවන් ගැනම...
ඇත දු දරුවෝ රකිනා මව්පියෝ හෝදට....
මතු බුදු වන්න පෙරුමන් පුරන ඒ සැමට...
මගේ හද වතින් පතනෙමි ජය අත් වෙන්න...