එලකිරි කවිමඩුව

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    හැම තැන ඇසෙන්නේ අය වැය ගැනම කතා
    කිරියේ තියෙන්නෙත් වෙනසේ තතු විමසා...
    කෙලියොත් කෙලින්නේ පොඩි මිනිහටම නිසා....
    වාහන සිහිනයත් මගේ දැන් ගගේ ගියා...

    දුරුතු මහේ අට වෙනිදා මෙම වසරේ...
    අපි මුල පිරුවේ වෙනසකටය කිටි කිටියේ...
    එකලත් බෙරේ බැදගත් පසු අපි ගැසුවේ...
    ලයිසන් එකේ පන්දහසත් නැත දැනුනේ....

    අල වල ළුණු වල ගානත් හරි වැඩිලු...
    දුප්පත් මිනිහා කන බොන හැටි අහනවලු...
    එක එක හැදී වලින් කාටත් බෙදනවලු...
    අද වාගේම එකලත් මෙය තිබුනාලු....

    එන හැම එකමයි හැදුනේ හැම වාරේ....
    රටට කරන්නට එයි මෙච්චර නැහුනේ...
    අප්පා පසුව පුත්, සහ පුලයි හැදුනේ...
    එකලත් මේකමයි මෙරටට හෙන ගැහුනේ...

    හිටියා දුටු ගැමුණු වැනි රජ පෙර දවසේ...
    සාදවා වැව් අමුණු රට එක සේසත් කෙරුවේ....
    මෙකලත් කල හැකිය එලෙසට හරි හරියේ....
    හිතුවොත් බඩ ගැනම නැත රටකට හරියන්නේ....

    හාල් කිලෝ එකකට ලක්ෂයක් උනත්...
    අල සහ ළුනු ලංකාවේ නැති උවත්...
    පර සුද්දන්ගේ පරිප්පු උන් නැවැත්තුවත්...
    කොස් දෙල් තිබේ තාමත් පින් බිමේ උපන්...

    කැමට ඕන දෙය ගෙදරම වවන්නට...
    පෙර වැඩිහිටියෝ කල ලෙසටම කරන්නට....
    එනමුත් අපි බිසී නැත ඉඩකඩ කරන්නට...
    සිහි ගනු මිතුර තම හිසමත, තමඅතමය සෙවනැල්ල...
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මට හැකි උනත් මහා රෑ මඩුවට එන්න...
    සැමටම නොහැක එලෙසින් ඇවිදින් යන්න...
    මඩුවේ පැවැත්මට මගේ අසිරි මෙන්න...
    ගොස් මම නැවත උදයේම එන්නම් ඔන්න...
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හැම තැන ඇසෙන්නේ අය වැය ගැනම කතා
    කිරියේ තියෙන්නෙත් වෙනසේ තතු විමසා...
    කෙලියොත් කෙලින්නේ පොඩි මිනිහටම නිසා....
    වාහන සිහිනයත් මගේ දැන් ගගේ ගියා...

    දුරුතු මහේ අට වෙනිදා මෙම වසරේ...
    අපි මුල පිරුවේ වෙනසකටය කිටි කිටියේ...
    එකලත් බෙරේ බැදගත් පසු අපි ගැසුවේ...
    ලයිසන් එකේ පන්දහසත් නැත දැනුනේ....

    අල වල ළුණු වල ගානත් හරි වැඩිලු...
    දුප්පත් මිනිහා කන බොන හැටි අහනවලු...
    එක එක හැදී වලින් කාටත් බෙදනවලු...
    අද වාගේම එකලත් මෙය තිබුනාලු....

    එන හැම එකමයි හැදුනේ හැම වාරේ....
    රටට කරන්නට එයි මෙච්චර නැහුනේ...
    අප්පා පසුව පුත්, සහ පුලයි හැදුනේ...
    එකලත් මේකමයි මෙරටට හෙන ගැහුනේ...

    හිටියා දුටු ගැමුණු වැනි රජ පෙර දවසේ...
    සාදවා වැව් අමුණු රට එක සේසත් කෙරුවේ....
    මෙකලත් කල හැකිය එලෙසට හරි හරියේ....
    හිතුවොත් බඩ ගැනම නැත රටකට හරියන්නේ....

    හාල් කිලෝ එකකට ලක්ෂයක් උනත්...
    අල සහ ළුනු ලංකාවේ නැති උවත්...
    පර සුද්දන්ගේ පරිප්පු උන් නැවැත්තුවත්...
    කොස් දෙල් තිබේ තාමත් පින් බිමේ උපන්...

    කැමට ඕන දෙය ගෙදරම වවන්නට...
    පෙර වැඩිහිටියෝ කල ලෙසටම කරන්නට....
    එනමුත් අපි බිසී නැත ඉඩකඩ කරන්නට...
    සිහි ගනු මිතුර තම හිසමත, තමඅතමය සෙවනැල්ල...

    තමා හිසට තම අතමය සෙවනැල්ල
    අප අය කලොත් අප හට වෙයි සැනසිල්ල
    දින දින නැගෙයි මහ ජනයගෙ මැසිවිල්ල
    බඩු මිල වේය රජය නසන ලතැවිල්ල
     
    • Like
    Reactions: RIDER89

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ආවත් උදෙන් කවි මඩුවට එලි පැත්තේ...
    නැත කිසි කෙනෙක් හිත සැකයකි මට ඇත්තේ...
    එනමුත් ගොතන්නට කවි සිතුවිලි ඇත්තේ...
    බම්පුවෙන් පස්සේ එන්නම් මේ පැත්තේ....
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කවියන් නොමැත සිටි එක කිවිදියත් නැත
    ගාලු පුතා හැර මෙහි කිසිකෙනෙක් නැත
    ඉරිදා නිසා සැම නිමාඩු ගිහින් ඇත
    කවියනි එන්න කවිමඩුවම හිසව ඇත
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අමතක කර දමමු කොල්ලන් නැහැදිච්ච
    වාගේ ඔවුන්ගේ සිත් මල් පරවෙච්ච
    උත්තර බදිනෙපා උන් හට කුනුවෙච්ච
    රැකගමු අපි නූල කවියන් පැහැදිච්ච

    සුමුදු කොල්ල කොහෙ ගිහින්ද අද දිනයේ
    නෑ මම අද ඔහුගෙ කිසි කවියක් දුටුවේ
    කොල්ලෙකි රසට කවි පබදින කවි මඩුවේ
    එන්නකකො ඇවිත් කවි කියන්න එලකිරියේ
     
    Last edited:

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    කවියන් නොමැත සිටි එක කිවිදියත් නැත
    ගාලු පුතා හැර මෙහි කිසිකෙනෙක් නැත
    ඉරිදා නිසා සැම නිමාඩු ගිහින් ඇත
    කවියනි එන්න කවිමඩුවම හිසව ඇත

    ඇවිදින් විටින් විට බැලුවා කවි මඩුව
    නැහැ කවුරැවත් ඇවිදින් කවි ගොතන්නට
    මම නැහැ මගහැරියෙ කවි පද ලියන්නට
    කුමකට ඇවිත් ලතැවෙමි මෙහි මා තනිව
     
    • Like
    Reactions: prathapa89

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඇවිදින් විටින් විට බැලුවා කවි මඩුව
    නැහැ කවුරැවත් ඇවිදින් කවි ගොතන්නට
    මම නැහැ මගහැරියෙ කවි පද ලියන්නට
    කුමකට ඇවිත් ලතැවෙමි මෙහි මා තනිව
    කවි පද ගොතන කවි කිවිදියෝ මේ මඩුවේ...
    අද උන් නොමැත පාලුයි මඩුවම එළියේ...
    රැ බෝවෙලත් කවුරුත් නැ නේ මඩුවේ...
    තාමත් හයිය තියනවා මඩුවේ වහලේ...

    ඩි ඩි මැණික් නැහැ ඔබ මෙහි විත් ලතැවෙන්නේ...
    ඔබේ හැකියාව නැහැ මම සුළුවට ගන්නේ....
    ඇවිදින් බලන විට දොරකොඩ ලග සිට මඩුවේ...
    ඇයි නැවිදින් ඇතුලට ඔබ ඉදගන්නේ...

    ගලපා කවි හරබ පාන්න මේ මඩුවේ...
    ඕනා කෙනෙකු හට මෙහි අවසර ඇත්තේ...
    මම මෙහි එනවා ඇවිදින් බලලා යන්නේ...
    කොටලා තිබුනොතින්, කොටලයි මම යන්නේ...
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඇවිදින් විටින් විට බැලුවා කවි මඩුව
    නැහැ කවුරැවත් ඇවිදින් කවි ගොතන්නට
    මම නැහැ මගහැරියෙ කවි පද ලියන්නට
    කුමකට ඇවිත් ලතැවෙමි මෙහි මා තනිව

    හෙට දින විභාගය ඇත මට ලියන්නට
    වැඩ ගොඩ ගැහී ඇත පාඩම් කරන්නට
    එබැවින් කලක් නැතිවුණි කවි ලියන්නට
    යළි ගොඩ වදිමි කවි මඩුවට ඉක්මනට
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඇවිදින් විටින් විට බැලුවා කවි මඩුව
    නැහැ කවුරැවත් ඇවිදින් කවි ගොතන්නට
    මම නැහැ මගහැරියෙ කවි පද ලියන්නට
    කුමකට ඇවිත් ලතැවෙමි මෙහි මා තනිව
    ඇරඹුණි වැඩ සතිය අද සදුදා හින්දා
    බොහො අය ඔෆීසියේ දී ලොග්වෙන හින්දා
    ඇවිදින් යන්න කවි මඩුවේ නම රන්දා
    කවි පද බදිමු අපි හැමගේ මන බන්දා

    ඔබ එන විටදී අපි නෑ කවි මඩුව තුල
    අපි එන විටදී ඔබ නෑ කවි මඩුව තුල
    මැණිකෙ නගේ ඔබ ආ බව දුටුව කල
    කවි පද සිහිවේය මා සිත සතුටු කල
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කොල්ලනි හොදැහැටී මෙය අහ ..........................ගන්න.
    සුන්දර දේ පමණක් කවියෙන් අග .........................යන්න.
    වස් කවි උනත් හැකි මට තොල මතු.......................රන්න.
    මව් කිරී කට ගෑ එකෙකු නම් වාදෙට ......................එන්න.
    වස් කවි එපා සෙත් කවියක් කියමු අපි
    සුන්දර දේම කවියෙන් අගයමුකො අපි
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    ගලපා කවි හරබ පාන්න මේ මඩුවේ...
    ඕනා කෙනෙකු හට මෙහි අවසර ඇත්තේ...
    මම මෙහි එනවා ඇවිදින් බලලා යන්නේ...
    කොටලා තිබුනොතින්, කොටලයි මම යන්නේ...
    කවි පද බදින්නට කවි මඩුවේ ඉන්න
    ඔබේ කවි අහන්නට ආසයි පිලිගන්න
    උදයෙම ඇවිත් කවි මඩුවේ ඉදගන්න
    රස කර තවත් කවි පදයක් පවසන්න
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හෙට දින විභාගය ඇත මට ලියන්නට
    වැඩ ගොඩ ගැහී ඇත පාඩම් කරන්නට
    එබැවින් කලක් නැතිවුණි කවි ලියන්නට
    යළි ගොඩ වදිමි කවි මඩුවට ඉක්මනට
    ඔබ එන තුරා අප මග බලමින් උන්නා
    ආපසු එනු ඇතැයි අප පියවර මැන්නා
    විභාගේ නිසා කම්මැලිකම නම් පන්නා
    මිතුරේ ගොඩ යමන් ඔබෙ දස්කම් පෙන්නා
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඇන්නා ටොක්ක හිල්වෙන්නට බදු එක්ක...
    ඇම්ඩා වගේ ඉන්නා කැබිනට් උසට...
    ගංජා නොගහ කොහොමද මේ වැඩ වලට...
    ගෙවපන් පුතේ වාහන බදු අපෙ පවට...
    :frown:
    ටික ටික ඇවිත් කවිමඩුවේ ඉදගත්තා
    කවියනි කිවිදියනි ඔබ ලියු කවි දැක්කා
    බදු බර වැඩියි ඒ බව මම පිලිගත්තා
    මගේ කාරෙකේ මිල තව තව උඩ නැග්ගා
     

    blue_in_rio

    Well-known member
  • ටික ටික ඇවිත් කවිමඩුවේ ඉදගත්තා
    කවියනි කිවිදියනි ඔබ ලියු කවි දැක්කා
    බදු බර වැඩියි ඒ බව මම පිලිගත්තා
    මගේ කාරෙකේ මිල තව තව උඩ නැග්ගා

    අද නම් බිසි දවසක් ඔපිසිය පැත්තේ
    කවියන් සිටිනු දැක ආවෙමි හුය පැත්තේ
    ගුඩ් මොර්නිං කියන්න විතරයි හැක්කේ
    හවස් වෙලා එන්නම්කෝ මේ පැත්තේ :sorry::sorry:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    සුමුදු කොල්ල කොහෙ ගිහින්ද අද දිනයේ
    නෑ මම අද ඔහුගෙ කිසි කවියක් දුටුවේ
    කොල්ලෙකි රසට කවි පබදින කවි මඩුවේ
    එන්නකකො ඇවිත් කවි කියන්න එලකිරියේ


    ආවා........ ආවා..... කොල්ලා ආවා......;)

    ඇත්තයි සහෝ නුබ හයියකි අප සැමට..
    සත්තයි පුතෝ එනවා මම කවි ටැඹට.....
    තිත්තයි සුදෝ ඉරිදට බෑ නෙට් සැපට....
    සද්දයි මචෝ මම සතියේ දින සැරට....
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ආයුබෝවන් සුබ දවසක් ඔබ සැමට...
    උදැසනම මම ආවේ ගෙදර සිට...
    අදීවේගේ රථයක මම එන කලට....
    සිදු වුන අකරතැබ්බකි ආ රථය මග...

    තැන වැලිපැන්න හුවමාරුව පෙන දුර...
    නැවතුණි බස් රථය යාමට නොහැකි තැන...
    රියදුරු මහතා බැස බස් රථයෙන් බිමට..
    රෝදයේ හිලක් බව පැවසුවා සැමට.....

    ගතවිය මෙයට අඩ හෝරාවක් පමණ...
    සැදුවා බස් රථය යාමට හැකි ලෙසට....
    ඇගයිය යුතු දෙයක් ඇත මම අද දුටුව...
    පවසමි ඔබට මෙලෙසින් දැන ගනු පිණිස....

    කොල්ලෙක් තරුණ, ඔහු ලග නැත පොෂ් පෙනුම...
    එනමුත් හිටියේ ඔහු ඇද හරි පිළිවෙලට...
    බැස බස් රියෙන් රියදුරු හට දී සහය...
    ඉක්මන් කරා අප යෑමට මහරගම....

    ඔහු අත මජන් එනමුත් නැහැ ඔහු සැලුනේ...
    කලයුතු දේ නිසි කලට කරනට ඔහු බැදුනේ...
    හැදු මව් දෙමව්පියෝ ආඩම්බර වෙන්නේ...
    නැත සොහොයුරා නුබට කිසිදා වරදින්නේ...

    යන එන මගින් රකිනා රියදුරු දෑත...
    එහෙ මෙහෙ දුවන කොන්දොස්තර සහයකට...
    යන වැඩ පසෙකලා බස් රිය සැදීමට....
    ඇත දුන් සැමට පතනෙමි මම බුදුසරණ....