අඩෝ දැන් කෑම දෙන්නේ අල්ලපු ගෙදරින්නේ. උදේට නම් චූන් පාන් පිහිටයි. දවල්ටයි රෑටයි අල්ලපු ගෙදරින් දෙනවා. එක පාර දවල්ට දෙනවා රෑටත් එක්ක. සමහර දවස් වලට උදේටත් දෙනවා ඔය කොස් දෙල් තැම්බුවම. රෑට එහෙම තෝසේ ආප්ප එහෙම හැදුවමත් දෙනවා. ආයේ සමහර දවස් වලට ඩෙසර්ට් එකත් දෙනවා. යෝගර්ට්, ගෙදර වටලප්පම් එහෙම හැදුවම. හම්මේ රජ බොජුන් වගේ දෙනවා සමහර දවස් වලට. මමත් ඉතින් බලෙන්ම වගේ හාල්, පොල්, පරිප්පු එහෙම දුන්නා එපා කියද්දී. මේක හැමදාමත් කරන්න බැරි නිසයි අනික කොටි වලිගෙ අල්ලගත්තා වගේ එයාලට නවත්තගන්න බැරුව ඉන්නවද දන්නෙත් නැති නිසා මම කිව්වා ඇන්ටිලටත් කරදරයිනේ මම හෙට ඉඳන් උයාගන්නම් කියල. දැන් දවස් 3 කට විතර කලින් එහෙම කිව්වේ. අපි හැමදාම උයනවනේ කිව්වා. මගෙන් ඇහුවා උයන්න පුලුවන්ද කියල. මම කිව්වා ඔව් කියල. මම හිතුවා පහුවෙනිදා ඉඳන් දෙන එකක් නැති වෙයි කියල උයන්න පුලුවන්ද අහපු නිසා. ඒත් නෑ දිගටම දෙනවා.
වැඩේ කියන්නේ ඒ ගෙදර දුවල දෙන්නෙක් ඉන්නවා. ලොකු කෙල්ල මට වඩා අවුරුද්දක් වැඩිමල්. අනිත් කෙල්ල අවුරුදු 5ක් බාලයි මට වඩා. බාල කෙල්ල සෞන්දර්ය විශ්‍යවිද්යාලේද කොහෙද යනවා. මම ඔය කෙල්ල මැසේජ් කළා 2018 එහෙම. ඒ දවස් වල මම නිකන් ඒකිට කඩේ ගියා වගේ වුනා ඒකි ගැන මගේ හිතේ කැමැත්තක් තිබ්බ නිසා. මම ඊට පස්සේ කැමැත්ත ඇහුවාම කිව්වා එහෙම හිතන්න බෑ කියලා. ඒ අතරේ මට කොල්ලෙක්ගේ ෆොටෝ එකක් එවල ඇහුවා මෙන්න මෙයාගේ නම මේකයි මෙයාගේ fb ප්‍රොෆයිල් එක හොයල දෙන්න කියල. මාතර කොල්ලෙක් යාලු වෙන්න ඇහුවා කියල. ඊට දවස් කීපෙකට පස්සේ තමා මම ඇහුවේ. මට අරහෙම කැමති නෑ කියල කිව්වා මාතර කොල්ලටත් කැමති නැහැයි කියනවා එයාවත් යාලුවෙක් වගේ ආශ්‍රය කරනවයි කියල. මම ඉතින් දෙපාරක් වගේ අහල ආයේ මැසේජ් කලොත් මම ආයෙත් ඕක අහලා ඒකිට වදයක් වෙන නිසා මමම ඒකිව බ්ලොක් කළා. මොකද මට වුනත් ගෑනු ෆ්‍රෙන්ඩ්සෝන් එකේ තියාගන්න වුවමනාවක් නෑ.
අනේ ඉතින් එක වෙලා සති දෙකකට විතර පස්සේ මම දැක්ක කළුතර ටවුන් එකේ අර යාලුවෙන්න ඇහුවයි කියපු මාතර කොල්ල එක්ක යනවා. කොල්ල අඩි ගානක් පිටිපස්සෙන් යනවා මෙකි ඉස්සරහින් යනවා. කොල්ලගේ පොටෝ එක එවලා තිබ්බ නිසා මම අඳුරගත්තා මේ අරූ කියල. මීකි මාව දැක්කේ නෑ මම දැක්කට. මටත් ඉතින් එපා වුනා එදායින් පස්සේ.
ඉතින් දැන් අවුරුදු 3කට පස්සේ තමා උන්ගේ අම්මා තාත්ත දැන් මට හෙනට සලකන්නේ. මට දැන් සාධාරණ සැකයක් එනවා කෙල්ලව මට සෙට් කරන්නද දන්නේත් නෑ කියල. කෙල්ලත් හෙනම කැබැල්ල. අර නිලියක් ඉන්නේ. දිලිනි ලක්මාලි කියල. ආන් ඒ ටයිප්.
බොලාට මොකද හිතෙන්නේ මේ සීන් එක ගැන? මේකිව මට සැට් කරන්නද ලයින් එක? ගෙදර ඉන්නෙත් කෙල්ලෝ දෙන්නයි. දෙන්නම බැඳලා ගෙදරින් ගියාට පස්සේ අම්මයි තාත්තයි විතරයි ගෙදර ඒක නිසා පොඩි දුවව ගේ ලඟින්ම තියාගන්න ඕන නිසා මට සැට් කරයිද?
නැත්තන් මෙව්වා මගේ ලිමිට් පැනපු ෆැන්ටසි ද? මට තියෙන අනුකම්පාවට සලකනවද? කළු කැත තට්ටේ තියෙන අපිට මොන කැබලිද කියල ආයේ සින්දුවක් අහගෙන පැත්තකට වෙලා ඉන්න එක හොඳයිද මෙව්වා ගැන හිතන්නේ නැතුව?
ඒකිව ඒ දවස් වල බ්ලොක් කරපු ගමන්ම අද වෙනකන් මැසේජ් කරලා නෑ. මගේ ළඟ නම්බරෙකුත් නෑ. අද වෙද්දී බ්ලොක් ලිස්ට් එකෙත් ඒකි නෑ. ඕන නම් ඉතින් මැසේජ් කරන්න පුළුවන් instagram එකෙන්. ඒත් ඕනද ආයේ මැසේජ් කරන එක? තේරුමක් නෑ නේද?