ඒලෙවල්_පේල්

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
554346_532696293431894_1558235033_n.jpg


මම මේ ෆේල් වෙනවා කියන එක විහිලුවකට ගත්තා නෙමේ. මමත් පලවෙනි සැරේ විෂයක් ෆේල් උන එකෙක් තමා. ඉතින් කියන්න දෙයක් තියෙනවා විහිළුවක් එක්ක මේක ඊයෙ රේඩියෝ ත්‍රෙඩ් එකේ කියපු දෙයක්. ආයේ කියන්න හිතුනා මේ ජෝක් එක හදන ගමන්. :cool:

ජීවත් වෙමු කොල්ලනේ, කෙල්ලනේ සතුටෙන් හැම වෙලාවෙම, දුක් නොවී.
ජීවිතේ ඉවර වෙන්නෙ නෑ. ඔය පොඩි පොඩි දේවල් වලින්.
අපිට මේ ලෝකෙ දුක් වෙවී ඉන්න වෙලාව මදි.
දුක් වෙන්න කාලෙ නාස්ති කරන්න එපා.
ආයෙ දුකක් නොවෙන්න වග බලාගන්න.
ඒක නිසා සන්තෝසෙන් ඉමු හැම වෙලේම.
දෙයක් වැරදුනත් ඒ දේ හදාගෙන ඉස්සරහට වෙන්න නොදී සන්තෝසෙන් ඉමු
ජීවිතේ පැය 24ක් නං තප්පරයක් දුක් වෙන්න.
දුක් උනා මට ඒ අත්දැකීමත් හම්බ උනා කියලවත් කවද හරි කියන්න පුලුවන්නෙ.
ඉතුරු පැය 23 විනාඩි 59 තප්පර 59ම සතුටින් ඉන්න
"තමන්ට තමන් ගැන විශ්වාසයක් තියේ නං ජීවිතේ හැමදාම සතුටින් "
මේ ඔයාලගෙ ජීවිතේ අවසානය නෙමේ. ආරම්භයයි!!!
අද ඉදන් තමයි ප්ලෑන් කරන්න ඕනෙ ජීවිතේ ජය ගන්න හැටි.​
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
සිරාම කතාවක් පූසෝ....
අ.පො.ස උ/පෙ වලදි ජීවිතේ හරියට පටන් අරගෙන වත් නෑ...
කට්ටිය කියයි කැම්පස් ගියෙ නැත්නම් උඹට අනාගතයක් නෑ ගෙදරට කාලකන්නි වෙන්නයි වෙන්නෙ කියලා....හැබැයි සැලෙන්න එපා
ඒ.ලෙවෙල් නෙවෙයි 8 වසරවත් පාස් නැති අය තමයි අද ලංකාවෙ උඩින්ම වැජඹෙන්නෙ....ඒ.ලෙවෙල් කරල ඩිග්‍රියකුත් අරන්,මාස්ටර්ස් කරපු ඔක්කොම වැඩ කරන්න යන්න වෙන්නෙ 8 වසර වත් පාස් නොවුනු අය ලඟට
හරි ඒක අමතක කරමුකො.... ඒ.ලෙවෙල් කියන්නෙ ජීවිතය කියලා හිතනවා නම් තව පාරක් ට්‍රයි කරන්න...W 3ක් අරන් දෙවෙනි පාර A3 ගහපු අයත් ඕන තරම් ඉන්නවා.
අනික ඒ.ලෙවෙල් කරලා කැම්පස් ගිහින් ගන්න ඩිග්‍රියට වඩා වටින professional qualifications තියෙනවා....අනික ඕනි නම් O/L වලිනුත් ඩිග්‍රියක් කරන්න පුලුවන් දැන්......

කොහොමින් කොහොමින් හරි මටත් කියන්න ඕනි වුනේ මෙච්චරයි.....උසස් පෙල ෆේල් වුනා කියන එක තඹ දොයිත්තුවකට මායිම් කරන්න ඕනි දෙයක් නෙවෙයි...ජීවිතය තවම හරියට පටන් ගන්නත් ඉස්සර උඹලා ඔය වගේ දේකටත් හිත කඩා ගන්නවා නම් උඹලට ඉස්සරහ ජීවිතේදි එන ප්‍රශ්න වලට මූන දෙන්නවත් බැරි වෙයි.....යාලුවනේ සැලෙන්න එපා පොඩ්ඩක් වත්.....
ජීවිතේ තියෙන්නෙ විඳින්න විඳවන්න නෙවෙයි
 
  • Like
Reactions: SSR@ and MNV

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
සමහර උන්ට පුදුම ඇති අම්මෝ මේ පූස් තඩියා හැම දාම මුල්ලෙරියාවෙන් පැනපු පිස්සෙක් වගේ දඟලන මේ පූස් ලොක්කාට මේ මොකෝ වෙලා තියෙන්නෙ කියල. ඉතින් පිස්සෙක් උනත් මේ පූසා ඔය කාලෙ පහු කෙරුව. ඔය කට්ට කෑවා. ඉතින් ඒකයි ඔහොම කිව්වෙ.:P
සමහර අය කියනව ඔය අම්මා නපුරුයි කියල. ඇත්තටම කිව්වොත් දැනටමත් සමහරුන්ට ඔයිට අන්ත විදියට ගෙවල් වලින් අමතල ඇති.:oo::P
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
පූස්;14378947 said:
සමහර උන්ට පුදුම ඇති අම්මෝ මේ පූස් තඩියා හැම දාම මුල්ලෙරියාවෙන් පැනපු පිස්සෙක් වගේ දඟලන මේ පූස් ලොක්කාට මේ මොකෝ වෙලා තියෙන්නෙ කියල. ඉතින් පිස්සෙක් උනත් මේ පූසා ඔය කාලෙ පහු කෙරුව. ඔය කට්ට කෑවා. ඉතින් ඒකයි ඔහොම කිව්වෙ.:P
සමහර අය කියනව ඔය අම්මා නපුරුයි කියල. ඇත්තටම කිව්වොත් දැනටමත් සමහරුන්ට ඔයිට අන්ත විදියට ගෙවල් වලින් අමතල ඇති.:oo::P

:yes: :yes: :yes: :yes: